All of you are highly welcome to my Educational web site. This web allows you to learn many things that relate with technology for teachers and students. All content of this web sites are freely available, and belongs to me. My name is Chandana Wijekoon, currently working as lecturer at Mahaweli National College of Education, Polgolla.
මාගේ අධ්‍යාපනික වෙබ් සයිටය වෙත ඔබ සියලු දෙනාම සාදරයෙන් පිලිගනිමු. මෙම වෙබ් සයිටය අධ්‍යාපනික අරමුණු වෙනුවෙන්ම පමනක් වෙන් කෙරේ. මෙයට පිවිසෙන ඔබට පරිඝනකය සහ එහි යෙදුම් ඉගෙනීමට අවස්තාව හිමි වේ. විෂේශයෙන් ගුරු භවතුන්ට, අන්තර්ජාලය සහ පරිඝනකය පංති කාමරය තුල ඉගැන්වීමෙ ක්‍රියාවලිය සදහා භාවිතා කරන ආකාරය පිලිබදව අවබෝධයක් ලබා ගත හැක. තවද සාමාන්‍ය පෙල, උසස් පෙල මෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ට අවශ්‍ය පරිඝනක වැඩ සටහන් ලිවීම පිලිබද ඉගැන්වීමද මෙම වෙබ් සයිටය හරහා සිදු කෙරේ.මෙහි අඩංගු සියලුම කරුනු නොමිලේ ලබා දීම සිදු කෙරේ.
Teaching & Learning with NearPod
Nearpod යනු භෞතික සහ අථත්‍ය පන්ති කාමර දෙකෙහිම අන්තර්ක්‍රියාකාරී පාඩම්, තක්සේරු කිරීම් සහ සහයෝගී ක්‍රියාකාරකම් නිර්මාණය කිරීමට, ලබා දීමට සහ කළමනාකරණය කිරීමට අධ්‍යාපනඥයින්ට ඉඩ සලසන නව්‍ය ශිෂ්‍ය සම්බන්ධතා වේදිකාවකි. ඉගෙනුම් අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති Nearpod, පාඩම් වඩාත් ආකර්ශනීය සහ අන්තර්ක්‍රියාකාරී කිරීම සඳහා ප්‍රශ්නාවලිය, අතථ්‍ය යථාර්ථය (VR), සමාකරණ, වීඩියෝ සහ ක්‍රීඩා ක්‍රියාකාරකම් වැනි බහුමාධ්‍ය අංග ඒකාබද්ධ කරයි.
එය සමමුහුර්ත (සජීවී සහභාගීත්වය) සහ අසමමුහුර්ත (ශිෂ්‍ය-වේගවත්) ඉගෙනුම් ක්‍රම දෙකටම සහය දක්වයි, එබැවින් එය මිශ්‍ර ඉගෙනීම, දුරස්ථ අධ්‍යාපනය සහ පෙරළන ලද පන්ති කාමර(Flip Class Room) සඳහා වඩාත් සුදුසු වේ. එහි ශක්තිමත් විශ්ලේෂණ සහ තත්‍ය කාලීන ප්‍රතිපෝෂණ පද්ධතිය සමඟින්, ගුරුවරුන්ට සිසුන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට, ඒ අනුව උපදෙස් සකස් කිරීමට සහ වඩාත් දත්ත මත පදනම් වූ ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමට හැකිය.
Online Lesson Tools
මාර්ගගත ලෙස ඉගැන්වීමේදි භවිතා කල හැකි මෙවලම් කිහිපයක් මෙම විඩියෝ පට හරහා විස්තර කෙරේ. තව දුරටත් මෙවැනි ඉගැන්වීමෙදී භාවිතා කල හැකි මෙවලම් පිලිබද අධ්‍යයනය කිරීමට Teaching Aids දිගුව වෙත පිවිසෙන්න.
How planning an Online Lesson (SINHALA)
How planning an Online Lesson (ENGLISH)
How to create a Google Form (ENGLISH)
How create an E-Portfolio (SINHALA)
පහත විඩියෝ පට හරහා සංඛ්‍යායනය පැකේජයක් වන SPSS භාවිතය පිලිබද විස්තර කෙරේ.
SPSS 01 Introduction
SPSS 02
Data and Variable view
SPSS 03 Descriptive Statistics
SPSS 04
Custom Table
Quizizz.com
මාර්ග ගත ලෙස ඉගැන්වීමේ දී ඇගයීම් ක්‍රමයක් ලෙස භාවිතා කල හැකි ක්‍රම වේදයකි. මෙහිදී අගැයීම ලින්ක් එකක් හරහා සිසුන්ට ලබා දීම සිදු වේ. ලමුන් අතර තරගකාරිත්වයක් ඇති කිරීම තුලින් විෂය කරුනු අවබෝධ කර දීමට මෙවැනි ක්‍රම භාවිතා කල හැක.
How to Plan an Online Lesson
මාර්ගගත ලෙස පාඩමක් සැලසුම් කිරීම
මාර්ගගත ලෙස පාඩමක් සැලසුම් කිරීමේදී කරුනු තුනක් වෙතට අවධානය යොමු කල යුතුය. එනම් පාඩමට පෙර, පාඩම තුල සහ පාඩමට පසු ලෙසටය. මෙම එක් එක් අවධි සදහා ක්‍රියාකාරකම් සැකසීමේදී බ්ලූම්ගේ වර්ගීකරනයද සැලකිල්ලට ගත යුතුය. එනම් පාඩමට පෙර මතකය සහ අවබෝධ අවධි වන ලෙසත්, පාඩම තුල විශ්ලේෂන සහ යෙදීම් හැකියාවන් මතු වන ලෙසත්, පාඩමෙන් පසු නිර්මානශීලි චින්තනය අවධි වන ආකාරයටත් ක්‍රියා කාරකම් සැකසීම කල යුතු වේ. වැඩි දුර අධ්‍යයනයට මෙම විඩීයෝව නරබන්න.
Python
පරිඝනකය ලවා වැඩ කරවා ගැනීමට පරිඝනක වැඩසටහන් ලිවීම අත්‍යාවශ්‍ය වේ. Python යනු පරිඝනක වැඩ සටහන් ලිවීමට වර්තමානයේ භාවිතා කෙරෙන ඉතා ජනප්‍රිය පරිඝනක වැඩ සටහනකි. උසස් පෙල විෂය නිර්දේශය තුලද පරිඝනක වැඩ සටහන් ලිවීම Python මගින් සිදු කෙරේ. මෙම විඩියෝ පටය හරහ Python වැඩසටහන් ලිවීම පිලිබද දැනුම ඔබට ලබා ගත හැක.
Other programming Courses