STP9846
ඉගෙනුම් පිළිබඳ කාර්ය සාධන ගොනුව
Master of Teacher Education
STP9846
ඉගෙනුම් පිළිබඳ කාර්ය සාධන ගොනුව
ඉගෙනුම් පිළිබඳ කාර්ය සාධන ගොනුව සම්පාදනය කිරීම සඳහා සැලැස්මක් සකස් කිරිම
වැඩසටහනේ එක්එක් පාඨමාලාවල ඉගෙනුම් පල අත්කර ගැනීම පිළිබඳ ව ප්රත්යවේක්ෂණය කිරීම
ඉගෙනුම් කටයුතු සම්පූර්ණ කිරීමෙන් ලබාගත් ඉගෙනුම් අත්දැකීම් සහ එක් එක් පාඨමාලාවේ ඇගයීම් අවශ්‍යතා විවේචනාත්මකව ප්රත්යවේක්ෂණය කිරීම
ප්රත්යවේක්ෂණයන් සහ උපකාරක සාක්ෂි සම්පාදනය කර ගනිමින් ඉගෙනුම් පිළිබඳ කාර්ය සාධන ගොනුව සංවර්ධනය කිරීම
ගුරු අධ්යාපනඥෙයකු ලෙස තමාගේ වැඩ කටයුතුවලට අධ්‍යයන වැඩසටහනේ සමස්ත බලපෑම ගැන ප්‍රත්‍ය වෙික්ෂණ කිරීම
Mini Project 1 ඉදිරිපත් කිරීම
වර්තමාන අධ්‍යාපන ක්‍රියාවලිය තුළ තක්සේරුකරණය හා ඇගයීම සඳහා බහුලව විද්‍යුත්/ඉලෙක්ට්‍රොනික කාර්ය සාධන ගොනු පවත්වාගෙන යෑම දක්නට ඇති ප්රවණතාවයකි. විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන 21 වන සියවසේ තාක්ෂණ අධි ධාරිතාවය සමග ඩිජිටල් කළඹක් සඳහා බ්ලොග් අඩවියක් භාවිත කිරීමට පෙළඹී සිටීම දක්නට ලැබේ. මෙහි විශාල වාසියක් වන්නේ පුළුල් පරාසයක ඉගෙනුම් අත්දැකීම් උපයාගැනිම් ස්වයං සොයා ගැනිම් ගබඩා කර තබා ගැනීමේ හැකියාව යි. සිසුන්ට ඹවුන් ඉගෙන ගත් දේ ඔවුන්ගේ සාර්ථක්තවයන් සහ අසාර්ථකත්වය, ඔවුන්ගේ ගැටලු විසඳීමේ ක්‍රියාවලින් සහ ඔවුන්ගේ අනාගත සැලසුම් හෝ ඉලක්ක ගැන මෙනෙහි කළ හැකිය. e-portfolio මගින් සිසුන්ට වෙබය මත ඔවුන්ගේ ම ඉඩක් හැඩගස්වා ගැනිමට සහ පවත්වාගෙන යාමේ වගකිම පැවරී ඇති බැවින් ස්වාධීනත්වය වර්ධනය කර ගැනීමට උපකාරී වනු ඇත. මේ අනුව ශිෂ්‍යායාගේ උත්සාහයන්,ප්‍රගතිය හෝ ජයග්‍රහණ පිළිබඳ ස්වයං පරාවර්තන සහ සාක්ෂි ඇතුළත් එකතුවක් ලෙස විද්‍යුත් ඉගෙනුම් කළඹ හෙවත් e-portfolio හැඳින්විය හැකි ය.
සිසුන්ගේ අඛණ්ඩ ඉගෙනීම සඳහා කුසලතා, උපායමාර්ග, ආකල්ප සහ අවබෝධය වර්ධනය කරන අතර තම ඉගෙනීමේ වගකීම භාර ගැනීමට උනන්දු කරයි.සිසුන්ට සහයෝගයෙන් වැඩ කිරිමට හැකියාවක් ලැබෙන අතර ඉගෙනුම් අත්දැකීම් අන් අය අතර බෙදා ගැනීමට හැකිවේ. මේ අනුව මෙම ඉලෙක්ට්‍රොනික කළඹ ඉගෙනුම්ලාභීන් හට පහසුකම් සලසන බහුමාධ්යය මෙවලමක් වන්නේ ය.
මෙම ඉගෙනුම් කළඹෙහි මෙම පාඨමාලාවේ සමාසික දෙකකින් සමන්විත විෂයයන්හි ඉගෙනුම් පල සාක්ෂාත් කරගැනීම පිළිබඳ දත්ත අන්තර්ගත කර ඇත. එසේම STP9540 ගුරු අධ්‍යාපනඥයා ඉගෙනුම් ඉගැන්විම් විශේෂඥයකු ලෙස යන විෂයයට අදාළ ව සාක්ෂාත් කර ගන්නා ලද ඉගෙනුම් පල තුනක් සඳහා ලියන ලද ප්රත්යවේක්ෂණ වාර්තා මෙහි අන්තර්ගත කර ඇත.
ගුරු අධ්‍යාපනපති උපාධි පාඨමාලාවේ STP9846 - ඉගෙනුම් පිළිබඳ කාර්ය සාධන ගොනුව සඳහා ඉලෙක්ට්‍රොනික කළඹ සකස් කර ඇති අතර STP9540 සහ STP9846 විෂයයන් දෙකෙහි කුඩා පරිමාණ ව්‍යාපෘතිය අංක 1 අදාළ වන පිළිතුරු යාවත්කාලීන කර ඇත. ඉදිරියේ දී අනෙකුත් විෂයයන් යාවත්කාලීන කිරීමට අදහස් කරමි. මෙම පාඨමාලාවේ ඉදිරි කටයුතු අධ්‍යයන පෝෂිතවීම් අනුව යාවත්කාලීන කරමින් ඉගෙනුම් ක්රියාවලියෙහි යෙදීමට බලාපොරොත්තු වෙමි.
මා විසින් සැලසුම් කළ e-portfolio හි සබැඳිය (Link)) https://sites.google.com/view/mmgn-damayanthi
ඹබ වෙත ඉදිරිපත් කරමි.
එම්.එම්.ජී.එන්.දමයන්ති,
524639498
STP9846 - ඉගෙනුම් පිළිබඳ කාර්ය සාධන ගොනුව
ප්රත්යවේක්ෂණ ජර්නලය
2024.05.12
පළමුවන ඉගෙනුම් පලය - ඉගෙනුම් පිළිබඳ කාර්ය සාධන ගොනුව සම්පාදනය කිරීම සඳහා සැලැස්මක්
සකස් කිරීම.
කුමක්ද? - 2024 .05.12 දින උදේ 9.00 ට මාර්ගගත දේශන ක්‍රමය යටතේ කේ.ඩී.ආර්.එල්.ජේ.පෙරේරා කථිකාචාර්ය තුමිය විසින් මෙම විෂයට අදාළ පළමු දින පාසල පවත්වන ලදි. STP9846 ඉගෙනුම් පිළිබඳ කාර්ය සාධන ගොනුව විෂයය පිළිබඳ සාකච්ඡා කළාය. එම විෂයයට අදාළ වන පළමු වන ඉගෙනුම් පලය වන ඉගෙනුම් පිළිබඳ කාර්ය සාධන ගොනුව සම්පාදනය කිරීම සඳහා සැලැස්මක් සකස් කිරීම යන්න සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය මග පෙන්වීම කථිකාචාර්ය තුමිය විසින් සිදු කරන ලදි. එහිදී ඉගෙනුම් කාර්ය සාධන ගොනුුව යනු කුමක්ද? කාර්ය සාධන ගොනුවක් යනු එක් පැත්තකින් තක්සේරුකරණ ක්‍රියාවලියක් වුවද තවත් කෝණයකින් බලන කල අර්ථවත් සාර්ථක ඉගෙනුම් පෙළඹුමකි, යන්න මාගේ හැඟීම යි. විද්‍යුත් ඉගෙනුම් කළඹ (e-portfolio) විෂයය පිළිබඳ අවබෝධය සඳහා ඉගෙනුම් සම්පත් භාවිත කරන ආකාරය පිළිබඳ ව දැනුවත් කරන ලදි. ඉගෙනුම් පිළිබඳ කාර්ය සාධන ගොනුව නිර්මාණය කර ගන්නා ආකාරය පිළිබඳව පියවරෙන් පියවර සාකච්ඡා කළාය. කාර්ය සාධන ගොනු පිළිබඳ දැනුවත් ව සිටියත් විද්‍යුත් කාර්ය සාධන ගොනු පිළිබඳ අත්දැකීමක් නොමැති විය. එහිදී මෙම පාඨමාලාව තුළ එක් එක් විෂයන්ට අදාළ ඉගෙනුම් පල සාක්ෂාත් කර ගන්නා ආකාරය සංකල්ප සිතියමක් මගින් සැලසුම් කළ යුතු බව සහ සියළු ම විෂයයන් සඳහා ප්රත්යවේක්ෂණ ජර්නලය ලියන ආකාරය පිළිබඳ අවබෝධය ලබා දුන් අතර STP9540 ප්රත්යවේක්ෂණ ජර්නලය ලිවීමට පැහැදිලි අවබෝධයක් ලැබුණි. සංකල්ප සිතියම සකස් කිරීමේ දි සියලුම විෂයයන්වල ඉගෙනුම් පල සියල්ල ම සැලසුම තුළ එකතු කරනවාද යන්න ගැටලුවක් විය .
ඉතිං කුමක්ද? - STP9540 ප්රත්යවේක්ෂණ ජර්නලය ලිවිම සඳහා කණ්ඩායම් ක්‍රියාකාරකමක් ලබා දුන් අතර එය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සාකච්ඡාවට බඳුන් විය. එහිදී කණ්ඩායම් වශයෙන් ලියන ලද ප්රත්යවේක්ෂණ ජර්නල් කණ්ඩායම් ඉදිරිපත් කිරිම් සිදු වූ අතර එහි පැවති දුර්වලතා සාකච්ඡා කළ අතර කථිකාචාර්ය තුමිය විසින් එය පැහැදිලි ව සහ නිරවුල් ව ඉදිරිපත් කිරිම නිසාත් මා හට අවබෝධ කර ගැනීමට පහසු විය.ඉන්පසු ඉගෙනුම් කළඹ සැකසීම සඳහා අවශ්‍ය මග පෙන්වීම සිදු විය. ඉතාමත් ක්‍රියාකාරී දින පාසලක් වූ මෙම දිනය ඉගෙනුම් කාර්ය සාධන ගොනුව සකස් කරන ආකාරය සහ පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳ ව මනා දැනුමක් හා වැටහීමක් ලබා ගැනීමට හැකි විිය. එසේම මෙම විෂයය යටතේ කාර්ය සාධන ගොනුව හෙවත් e-portfolio සංකල්ප සිතියම නිර්මාණය කිරිමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නාය. කෙසේ වුවත් තාක්ෂණය පිළිබඳ දැනුම අඩු මට්ටමකින් පැවතීම නිසා ඉගෙනුම් කළඹ සකස් කිරීමේ දී ගැටලු මතුවිය .
දැන් කුමක්ද? -කාර්ය සාධන ගොනුව එනම් ඉගෙනුම් කළඹ සංකල්ප සිතියම ගොඩ නගමින් කුඩා පරිමාණ ව්‍යාපෘති 1 සම්පූර්ණ කිරීමට අවශ්‍ය ඉගෙනුම් සම්පත් භාවිත කරමින් අවශ්‍ය පෝෂණය ලබා ගැනීමට මග පෙන්වනු ලැබීය. සංකල්ප සිතියම ගොඩනගා ගන්නා ආකාරය පැහැදිලිව අවබෝධ කර ගැනිමට බාධා ගෙන දුන් කරුණක් වූයේ විෂයයන්වල සිියළුම ඉගෙනුම් පල ඇතුළත් කරනවාද යන්නය. සෑම විෂයකම සියලුම ඉගෙනුම් පල ඇතුළත් කර ඉගෙනුම් කළඹ සඳහා සැලැස්මක් සකස් කිරීම සුදුසු බව මම අවබෝධ කර ගත්තෙමි. ඉගෙනුම් කළඹ සකස් කර සියලුම විෂයයන්වල ඉගෙනුම් පල සාක්ෂාත් කරගන්නා ආකාරය සංකල්ප සිතියමකට ගොඩ නගා උඩුගත කිරීමට හැකියාව ලැබුණි. e-portfolio නිර්මාණය කිරීම පිළිබඳ විවෘත අධ්‍යාපන ඉගෙනුම් මෙවලමක් අධ්‍යයනය කිරිම තුළින් එම නොහැකියාව යම් තරමකින් විසඳා ගනිමින් Google Site එක මගින් විද්‍යුත් ඉගෙනුම් කළඹ නිර්මාණය කර ගැනීමේ හැකියාව ලැබුණි.
සාක්ෂි: ප්රත්යෙව්ක්ෂණ ජර්නල සහ ඉගෙනුම් කළඹ පිළිබඳ තොරතුරු අධ්‍යයනය කිරීම
https://www.youtube.com/watch?v=tJ-zJMFJIe
https://www.youtube.com/watch?v=tqiRRy48xo0
https://utah.instructure.com/courses/202492/pages/introduction-to-learning-portfolios
දෙවන ඉගෙනුම් පලය- වැඩසටහනේ එක් එක් පාඨමාලාවල ඉගෙනුම් පල අත්කර ගැනීම පිළිබඳව ප්රත්යවේක්ෂණය කිරීම
කුමක්ද? - විෂය අංක STP9540 ගුරු අධ්‍යාපනඥයා ඉගෙනුම් ඉගැන්වීම් විශේෂඥයකු ලෙස , STP9541 ගුරු අධ්‍යාපනඥයා විෂයමාලා සංවර්ධකයකු ලෙස , සහ STP9542 ගුරු අධ්‍යාපනඥයා අධ්‍යාපන තාක්ෂණඥයකු ලෙස , යන පළමු සමාසිකයට අයත් විෂයයන්වල ඉගෙනුම් පල අත්කර ගැනීම පිළිබඳ පරාවර්තන සටහන් ලිවිම සිදු කළ යුතු බව පළමු දින පාසලේ දී දැනුම් දෙන ලදි. ඒ අනුව ප්රත්යවේක්ෂණ ජර්නල් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉගෙනුම් සම්පත් භාවිත කළෙමි.එම ප්රත්යවේක්ෂණ සටහන් ලිවිමට පෙර ඉගෙනුම් සම්පත් අධ්‍යයනය කළෙමි. එහිදී දින පාසල තුළදි සාකච්ඡා කරන ලද පියවරයන්ට අදාළ වැඩිදුර අධ්‍යයනය කර Rolfe et al .’s (2010) Reflective Model අනුව අසන ලද ප්‍රශ්න තුනකට පිළිතුරු සපයන ආකාරයට සටහන් තැබිය යුතු බව අවබෝධ කර ගත්තෙමි .
ඉතිං කුමක්ද? - මෙම ඉගෙනුම් සම්පත් භාවිත කරමින් ලබාගත් දැනුම ප්‍රයෝජනයට ගනිමින් ප්රත්යවේක්ෂණ ජර්නල් පවත්වාගත යුතු බව අවබෝධ කර ගතිමි. මෙහිදී පරාවර්තන සටහන් තැබීමේ දී පර්යේෂණවලදී ප්රත්යවේක්ෂණ සටහන් තබන ආකාරයට වඩා වෙනස් ආකාරයකට සටහන් තබන ආකාරය නව අත්දැකීමක් ලබා ගැනිමට හැකි විය.
දැන් කුමක්ද? – STP9846 විෂයයේ ප්රත්යෙව්ක්ෂණ සටහන් තබා ගැනීම සිදු කළෙමි. e-portfolio - විද්‍යුත් ඉගෙනුම් කළඹ සැලසුම් කිරීම සඳහා අවශ්‍ය දැනුම ලබාගැනීමට ඉගෙනුම් සම්පත් පරිහරණය කළෙමි. එසේම විවෘත අධ්‍යාපනික සම්පත් ලෙස වීඩියෝ නැරඹීම් සහ වෙබ් අඩවි ලිපි අධ්‍යයනය කළෙමි. ඒ අනුව අවබෝධ කරගත් පරිදි ඉගෙනුම් කළඹ සැලසුම් කළෙමි.
සාක්ෂි: ප්රත්යෙව්ක්ෂණ සටහන් තැබීම හා ඉගෙනුම් කළඹ නිර්මාණය පිළිබඳ අධ්‍යයනය කිරිමt.ihmc.us/docs/theory-of-concept-maps.php#google_vignette
htthttps://cmap.ihmc.us/docs/theory-of-concept-maps.php#google_vignette
https://www.student.unsw.edu.au/reflective-writing
https://www.student.unsw.edu.au/how-do-i-write-reflectively
https://www.ukessays.com/lectures/education/best-practice/reflective/
https://www.youtube.com/watch?v=ZzD68UTOcU ps://www.student.unsw.edu.au/reflective-writing
https://www.student.unsw.edu.au/how-do-i-write-reflectively
https://www.ukessays.com/lectures/education/best-practice/reflective/
https://www.youtube.com/watch?v=ZuzD68UTOcU
කාර්ය සාධන ගොනු පිළිබඳ අධ්‍යයනය කිරීම
2024.07.14 - ප්රත්යවේක්ෂණ සටහන
STP9846 විෂයට අදාළ වන සංකල්ප සිතියම නිර්මාණය කිරීමට නියම වූ පරිදි සකස් කර උඩුගත කරන ලදී. මෙම සංකල්ප සිතියම නිර්මාණය කිරීමේ දී මූලිකව STP9540 සංකල්ප සිතියම ගොඩනැගීමට ලබාදුන් දැනුම මතකය අවදි කරමින් STP9846 කාර්ය සාධන ගොනුව සැකසීමේ සංකල්ප සිතියම නිර්මාණය කිරීමට හැකි විය. එය ද අභියෝගාත්මක කාර්යයක් වුවද ගැටලු බාධක ජයගනිමින් එය සකස් කිරීමට හැකියාව ලැබුණි. ඉන්පසු ඊළඟ අභියෝගය වූයේ STP9846 විෂයට අදාළ e -port folio ඉගෙනුම් කළඹ නිර්මාණය කිරීමයි. පළමුව මේ ගැන කිසිම අවබෝධයක් නොතිබුණු අතර අමතර ඉගෙනුම් අධ්‍යයනය කළ ද ගැටලුකාරී විය. ඒ අනුව web page හරහා පුතණුවන්ගේ උපකාර මත සකස් කළ ද එය මා හට යාවත්කාලීන කිරීම අපහසු විය. ඒ අතර සමපදස්ථ zoom meeting එකේදී සාකච්ඡා වූ පරිදි Google site එකේ සෑදීමට පහසු බව ප්‍රකාශ වූහ. එම උපදෙස් මත website එකක link එක අප බෙදා ගනිමින් අධ්‍යයනය කර සකස් කර ගත්තෙමු. එය සිංහල මාධ්‍යයෙන් උපදෙස් ලබා දෙන ඒ e -port folio නිර්මාණය කිරීමට උපකාරක පාඩමකි. එය අධ්‍යයනය කිරීම තුළින් e -port folio නිර්මාණය කිරීමට තිබූ ගැටලුව අභියෝගය ඉවත් වී ගිය අතර මනා ලෙස කාර්ය සාධන ගොනුව ඊ කළඹ නිර්මාණය කර ගතිමි. අද දිනය වන විට එය සාර්ථක ලෙස සකස්කර යාවත්කාලීන කිරීමේ තත්ත්වයට සැලසුම් කර ගනිමින් එහි STP9540 සහ STP9846 පිටු දෙක අවශ්‍ය පරිදි නිර්මාණය කරගත් අතර අනෙක් පිටු ඉදිරියේ දී යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමි. කෙසේ වුව ද නුපුරුදු අත්දැකීම් හමුවේ වඩා අභියෝගාත්මක වූ ගැටලුකාරී තත්ත්වයන්වලින් අත්මිදෙමින් සාර්ථක ලෙස ඉලෙක්ට්‍රොනික කළඹ හෙවත් කාර්ය සාධන ගොනුව සකස් කර ගැනීමට හැකිවීම පිළිබඳ සතුටු වෙමි. අවම තාක්ෂණය භාවිත හැකියාව ඇති මා දැන් ඒ සඳහා හුරු වීම ද සතුටට කරුණක් බව ප්‍රකාශ කරන්නේ සන්තෝෂයෙනි. වෘත්තීය ජීවිතය තුළ ගුරු පුහුණු අවශ්‍යතා සඳහා Presentation එකක් සෑදීම, භාවිත කිරීම වැනි පරිගණක තාක්ෂණ හැකියාව අවම මට්ටමක තිබූ බැවින් අපහසු තත්ත්වයක් දැනුණ ද ඒ සඳහා දරන ලද උත්සාහයන් සාර්ථක වීම පිළිබඳ සතුටු වෙමි. මෙම අවස්ථා වෘත්තීය සංවර්ධන උපයා ගැනීම් වන අතර අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් දායාද කළ හැකි වන්නේ ය.
සාක්ෂි: e -port folio නිර්මාණය කර ගැනීමට ආධාර කරගත් වීඩියෝව
https://www.youtube.com/watch?v=ZuzD68UTOcU
STP9846 - ඉගෙනුම් පිළිබඳ කාර්ය සාධන ගොනුව
ගුරු අධ්‍යාපනපති උපාධි පාඨමාලාවේ STP9846 - ඉගෙනුම් පිළිබඳ කාර්ය සාධන ගොනුව සඳහා ඉලෙක්ට්‍රොනික කළඹ සකස් කර ඇති අතර මෙම පාඨමාලාවේ ඉදිරි කටයුතු යාවත්කාලීන කරමින් ඉගෙනුම් ක්රියාවලියෙහි යෙදීමට බලාපොරොත්තු වෙමි.
මෙම ඉගෙනුම් කළඹෙහි මෙම පාඨමාලාවේ සමාසික දෙකකින් සමන්විත විෂයයන්හි ඉගෙනුම් පල සාක්ෂාත් කරගැනීම පිළිබඳ දත්ත අන්තර්ගත කර ඇත. එසේම STP9540 - ගුරු අධ්‍යාපනඥයා ඉගෙනුම් ඉගැන්විම් විශේෂඥයකු ලෙස, STP9541 ගුරු අධ්‍යාපනඥයා විෂයමාලා සංවර්ධකයකු ලෙස සහ STP9542 ගුරු අධ්‍යාපනඥයා අධ්‍යාපන තාක්ෂණඥයකු ලෙස යන විෂයන්ට අදාළ ව සාක්ෂාත් කර ගන්නා ලද ඉගෙනුම් පල සමග සැලසුම් කරන ලද ප්රත්යවේක්ෂණ වාර්තා වෙබ් පිටු වශයෙන් මෙහි අන්තර්ගත කර ඇත. එහි සබැඳිය මේ සමග ඉදිරිපත් කරමි.
Mini project 2
https://sites.google.com/view/mmgn-damayanthi/home
https://sites.google.com/view/mmgn-damayanthi/stp9540
https://sites.google.com/view/mmgn-damayanthi/stp9541
https://sites.google.com/view/mmgn-damayanthi/stp9542
තුන්වන ඉගෙනුම්පලය
3. ඉගෙනුම් කටයුතු සම්පූර්ණ කිරීමෙන් ලබාගත් ඉගෙනුම් අත්දැකීම් සහ එක් එක් පාඨමාලාවේ ඇගයීම් අවශ්‍යතා විවේචනාත්මකව ප්රත්යවේක්ෂණය කිරීම
ගුරු අධ්‍යාපනපති උපාධි පාඨමාලාව සමාසික දෙකකින් යුක්ත වූ විෂයයන් 6ක අධ්‍යයන කටයුතු සම්පූණ කිරීම වසරක් පුරා සිදුවිය. මේ යටතේ STP9540 - ගුරු අධ්‍යාපනඥයා ඉගෙනුම් ඉගැන්වීම් විශේෂඥයකු ලෙස, STP9541 - ගුරු අධ්‍යාපනඥයා විෂයමාලා සංවර්ධකයකු ලෙස සහ STP9542 - ගුරු අධ්‍යාපනඥයා අධ්‍යාපන තාක්ෂණඥයකු ලෙසයන විෂයයන් පළමු සමාසිකය යටතේ අවසන් කළෙමි. එම එක් එක් විෂයයන් ඇගයීම් අවශ්‍යතා සඳහා කුඩා පරිමාණ ව්‍යාපෘති 3ක් සම්පූර්ණ කළ අතර පළමු සමාසිකය අවසානයේ එක් එක් විෂය සඳහා වාචික ඉදිරිපත් කිරීමක් ද සිදු කරන ලදි. ඒ තුළින් ලබාගත් අත්දැකීම් තුළ වාචික ඉදිරිපත් කිරීම කාල කළමනාකරණය කර ගනිමින් ඉදිරිපත් කිරීමට හැකිවීම පිළිබඳ තෘප්තිමත් වෙමි. එසේම දෙවන සමාසිකයට අදාළ වන විෂයයන් වන STP9543 - ගුරු අධ්‍යාපනඥයා වෘත්තිකයෙකු ලෙස, STP9544 ගුරු අධ්‍යාපනඥයා අධ්‍යාපන කළමනාකරුවෙකු හා නායකයෙකු ලෙස සහ STP9545 - ගුරු අධ්‍යාපනඥයා පර්යේෂකයකු ලෙස යන විෂයයන්
දෙවන සමාසිකයට අදාළව සම්පූර්ණ කරන ලදි. එම විෂයයන්වල ඇගයීම් අවශ්‍යතා සඳහා කුඩා පරිමාණ ව්‍යාපෘති 3 ක් එක් විෂයයක් වෙනුවෙන් සිදු කර අවසන් කරන ලදි. මේ සමහර අවස්ථාවන්වලදී ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය තුළ ගැටලු ඇතිවී නැවත නැවතත් උඩුගත කිරීමට සිදුවිය. එසේම මෙම කාලය තුළ වර්ෂාව, ගංවතුර, විදුලිය බිඳවැටීම් නිසා සතියක් දෙකක් කුඩා පරිමාණ ව්‍යාපෘතිය කර ගැනීමට නොහැකි වී විවිථාකාර වූ අභියෝග වලට මුහුණ දීමට සිදුවිය. එවැනි අවස්ථාවල දී පාඨමාලා සම්බන්ධීකාරක මහත්මියගේ කාරුණික අවධානය යොමුවීම තුළින් එම ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීමට හැකිවිය. STP9545 - ගුරු අධ්‍යාපනඥයා පර්යේෂකයකු ලෙස විෂය යටතේ පර්යේෂණ වාර්තා වාචික ඉදිරිපත් කිරීම අවසානයේ මහාචාර්ය ශිරෝනිකා කරුණානායක මහත්මියගේ සමාලෝචන අදහස් ඉතා වැදගත් විය. මාගේ පර්යේෂණය තුළ මා හට අනවබෝධ අවස්ථා එතුමිය විසින් අවබෝධ කර දීම ඉතාමත් වැදගත් විය. මේ අනුව වසරක් තුළ ලබාගත් ඉගෙනුම් අත්දැකීම් මාගේ වෘත්තීය ජීවිතයට ආලෝකයක් විය. එම ආලෝකයෙන් තවත් දහස් ගණනක් ගුරු වෘත්තිකයන් හට ආලෝකයක් ලබා දීම මාගේ ඒකායන බලාපොරොත්තුව වන්නේය.
හතරවන ඉගෙනුම් පලය
4. ප්රත්යවේක්ෂණයන් සහ උපකාරක සාක්ෂි සම්පාදනය කර ගනිමින් ඉගෙනුම් පිළිබඳ කාර්ය සාධන ගොනුව සංවර්ධනය කිරීම.
ගුරු අධ්‍යාපනපති උපාධි පාඨමාලාවේ සමාසික දෙකකින් යුක්ත වූ විෂයයන් 06ක් සම්පූණ කළ අතර විෂය අංක STP9846 ඉගෙනුම් පිළිබඳ කාර්ය සාධන ගොනුව වසර පුරාම යාවත්කාලීන වෙමින් මා හට අපූර්ව අත්දැකීම් සමුදායක් ලබාදෙන්නට සමත් විය. එනම් මෙම විෂය නව අත්දැකීමක් එකතු කළ නව විෂයයකි.
මෙම පාඨමාලාවේ ප්‍රථමයෙන් ම ඉගෙනුම් පිළිබඳ කාර්ය සාධන ගොනුව හඳුන්වා දීම 2024.05.12 දින මාර්ගගත දින පාසල මගින් ආචාර්ය රුවින්දි පෙරේරා මහත්මිය විසින් සිදුකරනු ලැබීය. එම මගපෙන්වීම යටතේ විවෘත අධ්‍යාපනික සම්පත් අධ්‍යයනය කරමින් මූලිකව ම තිබූ ගැටලුව නිරාකරණය කර ගනිමින් කාර්ය සාධන ගොනුව සකස් කර ගැනීම සිදුවිය. එහිදී උපදෙස් පරිදි ප්‍රථමයෙන්ම STP9540 - ගුරු අධ්‍යාපනඥයා ඉගෙනුම් ඉගැන්වීම් විශේෂඥයකු ලෙස යන විෂය යටතේ ඉගෙනුම් පල සාක්ෂාත් කර ගැනීම පිළිබඳ ප්රත්යවේක්ෂණය කර අවැසි උපකාරක සාක්ෂි සම්පාදනය කර එම කුඩා පරිමාණ ව්‍යාපෘතිය 1 ඉගෙනුම් පිළිබඳ කාර්ය සාධන ගොනුව උඩුගත කිරීම සිදුකරන ලදි. මේ ආකාරයට මෙම වසර පුරාම සෑම විෂයකින් ම සාක්ෂාත් කර ගන්නා ඉගෙනුම් පල සඳහා සාක්ෂි ලබා දෙමින් කුඩා පරිමාණ ව්‍යාපෘති උඩුගත කරන ලදි. ඒ අනුව ඉගෙනුම් පිළිබඳ කාර්ය සාධන ගොනුව සංවර්ධනය කිරීම දෙවන කුඩා පරිමාණ ව්‍යාපෘතිය මගින් STP9541 - ගුරු අධ්‍යාපනඥයා විෂයමාලා සංවර්ධකයකු ලෙස සහ STP9542 - ගුරු අධ්‍යාපනඥයා අධ්‍යාපන තාක්ෂණඥයකු ලෙස යන විෂයයන්වල ඉගෙනුම් පල සාක්ෂාත් කර ගැනීම සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට හැකිවිය. මෙහිදී දින පාසල් සඳහා සක්‍රීය ලෙස සහභාගි වීම, ඉගෙනුම් සම්පත් භාවිත කිරීම, විවෘත ඉගෙනුම් සම්පත් භාවිතය, සමපදස්ථ අදහස්වලින් පෝෂණය වීම කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ කේවල අධ්‍යයන උපයාගැනීම් යනාදීන් හි සාක්ෂි සම්පිණ්ඩය කරමින් කුඩා පරිමාණ ව්‍යාපෘති උඩුගත කිරීම් සිදුවිය. මීළඟට මෙම ඉගෙනුම් පිළිබඳ කාර්ය සාධන ගොනුව සංවර්ධනය වූයේ කුඩා පරිමාණ ව්‍යාපෘතිය 3 මගිනි. එම ක්‍රියාවලිය දෙවන සමාසිකයට අයත් වන STP9543 - ගුරු අධ්‍යාපනඥයා වෘත්තිකයෙකු සහ STP9544 ගුරු අධ්‍යාපනඥයා අධ්‍යාපන කළමනාකරුවෙකු හා නායකයෙකු ලෙස යන විෂයයන්වල ඉගෙනුම් පල අත්කර ගැනීම් පිළිබඳ ප්රත්යවේක්ෂණ ඉදිරිපත් කිරීමය. මෙම කාර්ය සාධන ගොනුව කුඩා පරිමාණ ව්‍යාපෘතිය 4 සඳහා STP9545 - ගුරු අධ්‍යාපනඥයා පර්යේෂකයකු ලෙස යන විෂය ඉගෙනුම් පල අත්කර ගැනීම් පිළිබඳ උඩුගත කළ යුතුය. මෙම විෂය යටතේ ලබාගත් ඉගෙනුම් අත්දැකීම් ප්රත්යවේක්ෂණ ඉදිරිපත් කරමින් සමස්ත කාර්ය සාධන ගොනුව සම්පූර්ණ කරන ලදි. මෙම ඉගෙනුම් පිළිබඳ කාර්ය සාධන ගොනුව සම්පූර්ණ කිරීමේ දිී ඉගෙනුම් පලවලට අදාළ සාක්ෂි සැපයීම අවැසි අයුරින් සිදු කරන ලදි. කාර්ය සාධන ගොනුව සංවර්ධනය කිරීමේ මුලින්ම එය අපහසු වුවත් දෙවන තුන්වන ව්‍යාපෘතිය වන විට සාමාන්‍ය ලෙස සංවර්ධනය කිරීමේ හැකියාව ලැබුණි. කාර්ය සාධන ගොනුව සංවර්ධනය කිරීමේ දී බේදයකින් තොරව මාගේ පුතනුවන්ගෙන් සහ ස්වාමියාගෙන් සමපදස්ථ සොයුර සොයුරියන් සැමදෙනාගෙන් උදව් ලබාගනිමින් ඉගෙනුම් අත්දැකීම් ලබාගැනීමට පසුබට නොවීය. ඒ තුළින් සංවර්ධන අවස්ථා ළඟා කර ගැනීම අභියෝගයක් වුවද ඒ සෑම අවස්ථාවකදී ම සාර්ථකත්වයේ සතුට අත්කර ගැනීමට හැකි වූ බව සතුටින් පැවසිය යුතුය.
පස්වන ඉගෙනුම් පලය
5. ගුරු අධ්යාපනඥෙයකු ලෙස තමාගේ වැඩ කටයුතුවලට අධ්‍යයන වැඩසටහනේ සමස්ත බලපෑම ගැන ප්රත්යවේක්ෂණය කිරීම.
ගුරු අධ්‍යාපනපති උපාධි වැඩසටහනේ වසරක් ගෙවී ඇවිද ආ ගමන් මග පිළිබඳ ප්රත්යවේක්ෂණය කිරීම තුළ සමාසික දෙකක් තුළ විෂයයන් හයක් සහ වසර පුරාම සංවර්ධනය වූ ඉගෙනුම් පිළිබඳ කාර්ය සාධන ගොනුව පිළිබඳ ආවර්ජනය කරන්නේ අත්දැකීම් සමුදායක මතක සටහන් සමගිනි. ඉගෙනුම් පිළිබඳ කාර්ය සාධන ගොනුව සංවර්ධනය කළ ආකාරය ඉහත ඉගෙනුම් පලය තුළ සාකච්ඡා කළෙමි.
ගුරු අධ්‍යාපනඥයෙකු ලෙස මා ගුරු වෘත්තීය සංවර්ධනය මධ්‍යස්ථානයක දැනට සේවය කරමින් සිටිමි. මාගේ රාජකාරි වපසරිය තුළ වැඩි වශයෙන් සිදුවන්නේ සේවාස්ථ ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධන අවස්ථා සඳහා වැඩසටහන් සිදුකිරීම ය. මා හට තව වසර 8 ක් වැනි කෙටි කාලයක් සේවය කිරීමට තිබියදීත් මෙවැනි පාඨමාලාවක් අධ්‍යයනය කිරීමට අදහස් කරන ලද්දේ සේවාස්ථ ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධන අවස්ථා සඳහා වැඩසටහන් පැවැත්වීමේ දී වඩාත් ප්රශස්ත අන්දමින් එම කර්තව්‍යයන් ඉටු කිරීමටය. මේ අනුව මෙම පාඨමාලාව අධ්‍යයනය තුළින් නෙලාගත් අස්වැන්න පරිභෝජනය කිරීම ඉදිරි වෘත්තීය ජීවිතය තුළ සිදුවනු ඇත. ගුරු අධ්‍යපනඥයෙකු ලෙස වෘත්තිකයෙකු, ඉගෙනුම් ඉගැන්වීම් විශේෂඥයෙකු, විෂයමාලා සංවර්ධකයෙකු, අධ්‍යාපන තාක්ෂණඥයෙකු, වෘත්තිකයෙකු, අධ්‍යාපන කළමනාකරුවෙකු හා නායකයෙකු සහ පර්යේෂකයෙකු වශයෙන් විවිධ භූමිකා තුළ නිරත වීමේ දී ලබාගත් මෙම ඉගෙනුම් අත්දැකීම් පන්නරයක් වනු නොඅනුමානය. විශේෂයෙන් වසර පුරාම සංවර්ධනය වූ ඉගෙනුම් පිළිබඳ කාර්ය සාධන ගොනුව තුළින් ලද අත්දැකීම ඉතා විශිෂ්ට වේ. එය සාර්ථකවීමට වඩාත් හේතුවුයේ රුවන්දිකා මැඩම්ගේ කාරුණිකත්වය සහ සාර්ථක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ප්‍රතිපලයක් නිසා බව සතුටින් සිහිපත් කරමි. එය සංවර්ධනය කිරීම ප්‍රායෝගික ව්‍යවහාරය තුළින්ම ලද අත්දැකීමෙන් පෝෂණය වීම නිසා සුවිශේෂී වේ. විවිධ අභියෝග හමුවේ සොයාගන්නා ලද උපායමාර්ග තුළින් ලබාගත් සාර්ථකත්වයන් වෘත්තීය ජීවිතය තුළ මනාව හසුරුවමින් භාවිත කිරීමේ හැකියාවක් ඇති බව සතුටින් ප්‍රකාශ කරමි.