ගුරුවරුන් සතුවිය යුතු ගති ලක්ෂණ හා නිපුණතා හඳුනා ගැනීමටත් ඒවා ඔබගේ ශිෂ්‍යයන් තුළ සංවර්ධනය කිරීමටත්
වෘත්තීය ආචාරධර්ම වර්ධනය කිරීම වැදගත් වන්නේ දැයි පැහැදිලි කර ගැනීමටත් ගුරුවරුන් සහ ගුරු අධ්‍යාපනඥයින් ලෙස ඔබේ වෘත්තියේ එවැනි ආචාරධර්ම ඇතුළත් කර ගැනීමටත්
ගුරු අධ්‍යාපනය ප්‍රධාන නීති සම්පාදනයේ හිඩැස් සහ ක්‍රියාත්මක කිරීමේ දී පවතින අඩුපාඩු හඳුනාගෙන මෙම හිඩැස් හඳුනා ගැනීම සඳහා උපාය මාර්ග යෝජනා කිරීම
අධ්‍යාපනයේ සමාජ, ආර්ථික සහ දේශපාලන සන්දර්භයන්ගෙන් පැන නගින අභියෝග විශ්ලේෂණය කර ඒවා කළමනාකරණය කිරීමට ඔබේ ශිෂ්‍ය ගුරුවරුන්ට මග පෙන්වීම
ගුරුවරුන්ගේ සවිබලකරණය සඳහා පාසල් පාදක ව්‍යාපෘතීන් හි ආකෘති සැකසීමේ හා සංවර්ධනය කිරීමේ කුසලතා විදහා දැක්වීමටත් ඔබට හැකියාව ලබාදෙනු ඇත.
STP9543 - පළමු වන ඉගෙනුම් පලය
ගුරුවරුන් සතු විය යුතු ගති ලක්ෂණ හා නිපුණතා හඳුනා ගැනීමටත් ඒවා ඔබගේ ගුරු ශිෂ්‍යයන් තුළ සංවර්ධනය කිරීම.
කුමක්ද?
ගුරු අධ්‍යාපනපති උපාධි වැඩසටහනෙහි දෙවන සමාසිකයට අදාළ විෂයයන් අතරින් STP9543 - ගුරු අධ්‍යාපනඥයා වෘත්තිකයකු ලෙස යන විෂය හඳුන්වා දීම ආචාර්ය ශාමින්ද වනසිංහ කථිකාචාර්ය තුමා විසින් 2024.11.23 දින පෙ.ව.9.00 ට පළමු දින පාසල ආරම්භ කරමින් සිදු කරන ලදි. එදින ලබාදුන් උපදෙස් අනුව ඉගෙනුම් සිද්ධිමාලාව අධ්‍යයනය කරමින් පළමුවන කුඩා පරිමාණ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා අධ්‍යයන කටයුතුවල නිරත විය. එහිදී අත්‍යවශ්‍ය කියවීම් සහ අමතර කියවීම් හැකි අයුරින් අධ්‍යයනය කළෙමි. මෙම අධ්‍යයනය කිරීම් තුළින් උපයා ගත් ඉගෙනුම් අත්දැකීම් මාගේ වෘත්තීය ගමන් මගේ ප්‍රත්‍යාවර්තනයක් ලෙසද සිතමි. ඉගෙනුම් සිද්ධිමාලාව අධ්‍යයනය තුළ ගුරුවරියගේ හැසිරීම තුළ අයහපත් චර්යාවන් කිහිපයක් හඳුනාගැනීමට හැකිවිය. එනම් ප්‍රමාද වී පාසලට පැමිණීම, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට කිසිඳු සූදානමකින් නොපැමිණීම, සිසුන්ට වැරදි ලෙස ආමන්ත්‍රණය කිරිම, සිසු-ගුරු අන්තර් සබඳතාවයට ගරු නොකිරීම සහ තමා නිවැරදි යැයි සිතීම යනාදී කරුණු ය. ඇය ගුරු වෘත්තිකභාවයට ගරු නොකරන ගුරු ආචාරධර්මවලට පටහැනි ලෙස චර්යාවන් ඇති ගුරුවරියක් බව හඳුනා ගත්තෙමි. මෙහිදී කුඩා පරිමාණ ව්‍යාපෘතියට අවශ්‍ය තොරතුරු ගවේෂණය කිරීමේ දී මෙම උගත් අත්දැකීම් ද මනා පිටිවහලක් විය.
පසුගිය සති කිහිපය තුළ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය හරහා ලබාදුන් අමතර කියවීම් සහ අත්‍යවශ්‍ය කියවීම් අපහසුවෙන් වුවද අධ්‍යයනය කළෙමි. ගුරුවරයා සතු නිපුණතා මොනවාද?, ගුරුවරයා වෘත්තිකයෙකු ලෙස ඔහු සතු ලක්ෂණ මොනවාද? යන්න සොයා බැලීමට වෙහෙසුණෙමි. ගුරුවරයා උගන්වන්නෙක් පමණක් නොව ඉගෙනගන්නෙක් ද විය යුතය. නිපුණතාවලින් සන්නද්ධ වීම සඳහා පශ්චාත් උපාධි හැදෑරීම සහ යාවත්කාලීන වීම සඳහා සුදුසු අවස්ථාවන් වේ. එසේම මහාචාර්ය සිල්වි සේනාධීර සහ චිත්‍රාංගනී හේවාපතිරණ යන දෙදෙනා විසින් රචිත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ සාර්ථකත්වය සඳහා ගුරු නිපුණතා ග්‍රන්ථය පරිශිලනය කළෙමි. එසේම සිල්වි සේනාධීර සහ ශාමින්ද වනසිංහ යන විද්වතුන්ගේ ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපනය ග්‍රන්ථයේ ගුරු අධ්‍යාපනයේ ඉතිහාසය හා වත්මන් තත්ත්වය පිළිබඳ අවබෝධය ලබා ගත්තෙමි. ගුරුවරයා වෘත්තියෙකු ලෙස ඔහු සතු කාර්යභාරය, වගකීම් සහ අයිතිවාසිකම් පිළිබඳ අවබෝධ කර ගැනීමට හැකිවිය. මේ අනුව ගුරුවරුන් සතුවිය යුතු වෘත්තීය ගතිගුණ හා නිපුණතා පිළිබඳ අධ්‍යයනය කළ අතර ගුරුවරුන් තුළ ඒවා වර්ධනය කිරීමට අවශ්‍ය වැඩසටහන් අනාගතයේ සැලසුම් කර ලබාදිය යුතු බව අවබෝධ කර ගත්තෙමි. එසේම ගුරු වෘත්තීය සංගම් සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳවත් වෙනත් රටවල පවතින තත්ත්වය පිළිබඳවත් අධ්‍යයනය කිරීමට හැකිවිය. මෙම සම්බන්ධතා අවබෝධ කර ගැනීම අපගේ රාජකාරි කටයුතු කිරීමේ දී අනාගතයේ දී උපකාර විය හැකිය.
ඉතිං කුමක්ද?
ගුරුවරයා වෘත්තිකයෙකු ලෙස වෘත්තීය සංවිධානවල පවතින බැඳීම් සමග කටයුතු කිරීමේ දි ගනුදෙනු කිරීමට අවශ්‍ය පසුබිම අවබෝධ කර ගැනීමට මෙම අවස්ථා මහඟු පිටිවහලක් විය. ගුරු නිපුණතා හඳුනා ගැනීම සඳහා සම්පත් පරිශීලනය කිරීම විශාල අභියෝගයක් විය. මක්නිසාදයත් අතිරේක කියවීම් සහ අත්‍යවශ්‍ය කියවීම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබාදීම සහ ඒවා සිංහල මාධ්‍යයට පරිවර්තනය කිරීමේ අපහසුවක් ද තිබුණි. එම අභියෝගය ජය ගැනීමට සමපදස්ථ කණ්ඩායම එකතු වී සාකච්ඡා කරමින් අවශ්‍ය දැනුම ලබා ගැනීමට උත්සාහ කළෙමි. එසේම පුස්තකාලය පරිහරණය කර පොත් කියවා අවශ්‍ය තොරතුරු ලබා ගත්තෙමි. සිංහල මාධ්‍යයෙන් පාඨමාලාව හදාරන අපහට සියලුම ඉගෙනුම් සම්පත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබාදීම බරපතල ගැටලුවකි. රාජකාරි බහුල වෘත්තිකයන් ලෙස වැඩි කාලයක් යෙදවීමට සිදුවීම නිසා ඉගෙනුම් අත්දැකීම් ලබාගැනීම ද ගැටලුවක් විය. කෙසේනමුදු මහන්සි වී එම අභියෝග ජයගනිමින් කුඩා පරිමාණ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට අවශ්‍ය දැනුම ලබාගනිමින් එය සම්පූර්ණ කළෙමි.
දැන් කුමක්ද?
ගුරුවරයා වෘත්තිකයෙකු වශයෙන් ගුරු ආචාරධර්ම පිළිපැදීය යුතු බවත් යාවජීව ඉගෙනුම්කරුවෙක් වීම සඳහා ඉගැන්වීම සේම ඉගෙනීම සිදුවිය යුතු බවත් වෘත්තිකභාවය ආරක්ෂා වීමට බොහෝ කරණු බලපාන බවත් අවබෝධ විය. ගුරු නිපුණතාවලින් යුක්ත ගුරුවරයෙකුට සාර්ථක ගුරු භූමිකාවක රඟ දැක්විය හැකි ආකාරය අවබෝධ කර ගත්තෙමි. සෑම ගුරුවරයෙකුම නිපුණතාවලින් සන්නද්ධ වීම අධ්‍යාපන ක්ෂේත්රයේ ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීමට හේතුවන බව අවබෝධ විය. මාගේ වෘත්තීය භූමිකාව තුළ ගුරු සංවර්ධන වැඩසටහන් කිරීම සඳහා මෙම ක්ෂේත්රය තුළ ලබාගත් අත්දැකීම් භාවිත කිරීමට අනාගත අවස්ථා තෝරා ගනිමි. පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධනය සඳහා වැඩසටහන් සිදුකිරීමේ දී ගුරු නිපුණතා සංවර්ධනය සඳහා වැඩසටහන් සැලසුම් කිරීමට උගත් අත්දැකීම් පන්නරයක් වේ යැයි සිතමි. එසේම ගුරුවරයාගේ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන් දෛනික රාජකාරි කටයුතුවල යෙදෙන මම මෙම ඉගෙනුම් අත්දැකීම් භාවිත කරමින් ඉදිරි කටයුතු සැලසුම් කිරීමට බලාපොරොත්තු වෙමි.
සාක්ෂි
දින පාසලට සහභාගි වීම
දින පාසලට සහභාගි වීම
අත්‍යවශ්‍ය කියවීම්
STP9543 –ගුරු අධ්‍යාපනඥයා වෘත්තිකයකු ලෙස
දෙවන ඉගෙනුම් පලය
වෘත්තීය ආචාරධර්ම වර්ධනය කිරීම වැදගත් වන්නේ ඇයි දැයි පැහැදිලි කර ගැනීමටත් ගුරුවරුන් සහ ගුරු අධ්‍යාපනඥයින් ලෙස ඔබේ වෘත්තියේ එවැනි ආචාරධර්ම ඇතුළත් කර ගැනීමටත්,
කුමක්ද?
ගුරු අධ්‍යාපනපති උපාධි වැඩසටහනෙහි දෙවන සමාසිකයට අදාළ විෂයයන් අතරින් STP9543 - ගුරු අධ්‍යාපනඥයා වෘත්තිකයකු ලෙස යන විෂය යටතේ දෙවන ඉගෙනුම් පලය සාක්ෂාත් කර ගැනීමට චන්ද්‍රකාන්ති කන්දගම කථිකාචාර්ය තුමිය විසින් 2025.01.25 දින පෙ.ව.9.00 ට දෙවන දින පාසල ආරම්භ කරමින් ගුරුවරුන්ගේ වෘත්තීය ආචාරධර්මවල වැදගත්කම පිළිබඳ සාකච්ඡාව සිදු කරන ලදි. ගුරුවරුන්ට වෘත්තීය ආචාරධර්ම වැදගත් වන ආකාරය පිළිබඳ සහ වෘත්තීය සංවිධානවල භූමිකාව පිළිබඳ ඉගෙනුම් සිද්ධිමාලාව 2ට අනුව අධ්‍යයනය කිරීමෙන් ගුරුවරයා සහ වෘත්තීය සංවිධාන අතර ඇති සබඳතාවයත් අවශ්‍යතාවයත් තේරුම් ගැනීමට හැකිවිම ගුරු අධ්‍යාපනඥයන් ලෙස ඉතා වැදගත් වේ. ගුරුවරුන් සඳහා වෘත්තීය සංවිධානයක් අවශ්‍ය වන්නේ ඔවුන්ගේ වෘත්තීය ජීවිතය හා සම්බන්ධ ගැටලු, අභියෝග, සහ අවශ්‍යතා සාර්ථකව කළමනාකරණය කර ආරක්ෂා කිරීම සඳහා බවත් ගුරුවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එකමුතුවක් ලෙස ක්‍රියා කිරීමට බවත් අවබෝධ කර ගැනීමට හැකියාවක් ලැබුණි. එසේම ආරක්ෂිත හා සාධාරණ සේවා නියමයන් පවත්වාගෙන යාමට, වෘත්තීය අසාධාරණ ගැටලු, විනය ගැටලු, හෝ සේවයේ අහිමිවීම්වලට එරෙහිව නීතිමය ආධාර සපයා ගැනීමට සහ ගුරුවරුන්ට සාධාරණ වැටුප් හා වරප්‍රසාද ලබා ගැනීමට වෘත්තීය සංවිධාන අවශ්‍ය බව ඉගෙන ගත්තෙමි. තවද ගුරුවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාව සඳහා වෘත්තීය සංවිධානයක් මැදිහත් විය හැකි බව වටහා ගත් කරුණු අතර ප්‍රධාන වේ.ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය තුළ ලබා දී ඇති අමතර කියවීම් සහ අත්‍යවශ්‍ය කියවීම් අධ්‍යයනය කළෙමි. එහි ගුරුවරුන්ගේ වෘත්තීය ආකල්ප සහ කුසලතා, ගුරුවරයාට අදාළ වෘත්තීය ආයතනවල කාර්යභාරය සහ කාර්යයන් සහ ගුරුවරයා වෘත්තිකෙයකු ලෙස යන කියවීම් තුළින් අත්දැකීම් ලබාගත්තෙමි. තවද වෘත්තියක් යනු කුමක්ද? වෘත්තිකයාගේ ස්වාධීනත්වය, වෘත්තීය වටිනාකම් වෘත්තියක් ලෙස ඉගැන්වීම සම්බන්ධ ගැටලු, වෘත්තීයභාවය සඳහා අවශ්‍ය කොන්දේසි සහ 2012/37 ගුරු ආචාර ධර්ම පද්ධතිය චක්‍ර ලේඛය ගුරුවරුන්ගේ භූමිකාවන්, වගකීම් සහ අයිතිවාසිකම් පිළිබඳ අධ්‍යයනය කරමින් ඉගෙනුම් අත්දැකීම් ලැබුවෙමි. ගුරු අධ්‍යාපනඥයින් ලෙස වෘත්තීය ජීවිතයේ දී ඉතා වැදගත් සංකල්ප පිළිබඳ ඉගෙනුම් අත්දැකීම් ලබාගැනීමට හැකි වූ බව සිහිපත් කරමි. ඉතිං කුමක්ද?
ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය තුළ ලබාදී ඇති අත්‍යවශ්‍ය කියවීම් සහ අමතර කියවීම් ඉංග්‍රීසි මාධ්‍ය යෙන් ලබාදීම තුළ ඒවා සිංහල මාධ්‍යයට පරිවර්තනය කිරීම අපසහු වන අතර එය ඉතා දුෂ්කර කාර්යයක් විය. එමනිසා ඉගෙනුම් අත්දැකීම් ලබාගැනීමේ දී වෙහෙසකර බව තදින්ම දැනුණි.
දැන් කුමක්ද?
අධ්‍යයනය කරන ලද ඉගෙනුම් අත්දැකීම් වෘත්තීය ජීවිතයේ ක්‍රියාත්මක වීම් සමග එකතු කර ගනිමින් භාවිත කිරීමට හැකියාව ලැබේ.
දිනපාසලට සහභාගි වීම
තෙවන ඉගෙනුම් පලය
ගුරු අධ්‍යාපනය ප්‍රධාන නීති සම්පාදනයේ හිඩැස් සහ ක්‍රියාත්මක කිරීමේ දී පවතින අඩුපාඩු හඳුනාගෙන මෙම හිඩැස් මගහරවා ගැනීම සඳහා උපායමාර්ග යෝජනා කිරීම.
කුමක්ද?
2025.01.25 වන දින පෙ.ව. 9.00 ට පමණ ආචාර්ය සී.කඳන්ගම මහත්මිය විසින් STP9543 අදාළ “ගුරු අධ්‍යාපනය ප්‍රධාන නීති සම්පාදනයේ හිඩැස් සහ ක්‍රියාත්මක කිරීමේ දී පවතින අඩුපාඩු හඳුනාගෙන මෙම හිඩැස් මගහරවා ගැනීම සඳහා උපායමාර්ග යෝජනා කිරීම“ වන තෙවන ඉගෙනුම් පලය සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය මගපෙන්වීම සිදු කරන ලදි. මෙහිදී අධ්‍යාපනය සම්බන්ධ පවතින නීතිරීති මොනවාද? එහි ක්‍රියාත්මක තලය පිළිබඳ විමසීම ඉගෙනුම් සිද්ධිමාලාව සම්බන්ධ කර ගනිමින් අත්දැකීම් ලබාදීමට උත්සාහ කළාය. අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින නීති සහ එම නීති සම්පාදනය කරන ආයතන පිළීබඳ අදහස් දක්වන ලදි.
ඉතිං කුමක්ද?
මෙම ඉගෙනුම් පලයට අදාළ ඉගෙනුම් අත්දැකීම් ලබාදීමට ඉගෙනුම් සිද්ධි මාලාව සම්බන්ධ කරගනිමින් කණ්ඩායම් ක්‍රියාකාරකම් දෙකක යෙදීමට අවස්ථාව උදාවිය. එහිදී සමපදස්ථ අදහස් හා යෝජනා මාහට ඉගෙනුම් ආධාරකයක් විය. මාහට ඉගෙනුම් අත්දැකීම් පෝෂණය කරගැනීමට එම අවස්ථා මනා පිටිවහලක් විය. එහිදී වෘත්තීය සංවිධානවල ක්‍රියාකාරිත්වය හා එම සංවිධානවල ගමන්මග පිළිබඳ සාක්ච්ඡාවට එකතු විය. එසේම පාසල්වල ගුණාත්මකභාවය මැනීම සදහා “අපේ පාසල කොතරම් ගුණාත්මකද? යන චක්‍ර ලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති අතර පාසල්වල ගුණාත්මක තත්ත්ව දර්ශකය මැන බැලීම සඳහා එම අවබෝධය අත්‍යවශ්‍ය වේ. පාසල් අධීක්ෂණ ක්‍රියාවලිය සඳහා මෙම චක්‍රලේඛ තොරතුරු ඉතා වැදගත් බව අවබෝධ විය. එසේම පාසලේ මූල්‍යමය අංශය, ප්‍රසම්පාදන ක්‍රියාවලි ආවරණය කරනු ලබන 54/2023 චක්‍රලේඛය පාසලට වැදගත් වන ආකාරය පිළිබඳ අවබෝධය ලබාගැනීමට හැකිවිය. එසේම වෘත්තීය සංවිධානවල වැදගත්කම සහ ගුරුවරයාට වෘත්තීය සංවිධාන අවශ්‍ය වන්නේ ඇයි? යන්න පිළිබඳවත් ශ්‍රී ලංකාවේ සහ රටවල් කිහිපයක ගුරු වෘත්තීය සංවිධානවල වගකීම පිළිබඳ සාකච්ඡා කළ අතර අත්‍යවශ්‍ය කියවීම් සහ අමතර කියවීම් මගින් එම දැනුම පුළුල් කරගැනීමට හැකියාව ලැබුණි. ශ්‍රි ලංකාවේ ගුරු වෘත්තීය සංවිධාන රාශියක් පවතින අතර ඒවා දේශපාලණිකරණය වූ රාමුවක් යටතේ ඒකාකාරී ගමන්මගක ගමන් කරන බවත් වෘත්තීය සංවිධාන ඉන් එහාගිය පුළුල් පරමාර්ථ ඔස්සේ සංවිධානය විය යුතු බව අවබෝධ කර ගැනීමට ඒ පිළිබඳ අධ්‍යයන කිරීම් තහවුරු කරන ලදි.
දැන් කුමක්ද?
පාසලක් අධ්‍යාපන ආයතනයක් වශයෙන් ගත්කළ එහි ක්‍රියාත්මක වීම් සඳහා අධ්‍යාපන නීතී රීති බලපැවැත්වෙන ආකාරය කොතරම් වැදගත් වේද යන්න පිළිබඳ එදින දින පාසල තුළ සාකච්ඡා කළ අතර ඒ පිළිබඳ ගවේෂණශීලී වෙමින් කරුණු සොයා බලන්නට මග පෙන්වන ලදි. එසේම ගුරුවරුන් සඳහා වෘත්තීය සංවිධාන අවශ්‍ය වන්නේ වැටුප් අරගලවලට පමණක් නොව පුළුල් වූ පරමාර්ථ ඇතිව බව ගුරු ශිෂ්‍යයන්ට අවබෝධ කරදීමට වෘත්තීය අත්දැකීම් තුළින් උත්සාහ කළ යුතු බව අවබෝධ කර ගත්තෙමි. එපමණක් නොව වෘත්තීය සංවිධානයක දී විවිධ පාර්ශවකරුවන් ලෙස ඇති වගකීම් හඳුනා ගනිමින් ඒ පිළිබඳ අවබෝධයක් ලබා දීමට වෘත්තීය සංවර්ධන වැඩසටහන් තෝතැන්නක් කර ගත යුතු බව අවබෝධ විය. 2012/37 ගුරු ආචාරධර්ම චක්‍රලේඛය, 45/2019 පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධනය සහ 54/2023 පාසල් පාදක ගුණාත්මක, ප්‍රමාණාත්මක හා ව්‍යූහාත්මක සංවර්ධනය සඳහා සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය පිළිබඳ චක්‍රලේඛය සහ මාර්ගෝපදේශ අත්පොත භාවිතය වැනි නීති රීති පාසලේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය උදෙසා පාසල් පාදකව තීරණ ගැනීම, මූල්‍ය කළමනාකරණය හා සැලසුම්කරණය පිළිබඳ විදුහල්පතිවරුන් වශයෙන් නායකත්වය දියයුතු ආකාරය පිළිබඳ භාවිතය අත්දැකීමක් කරගැනීමට එදින දින පාසල මනා පිටිවහලක් විය.
STP9543 - සිව්වෙනි ඉගෙනුම් ඵලය
අධ්‍යාපනයේ සමාජ ආර්ථික සහ දේශපාලන සන්දර්භයන්ගෙන් පැන නගින අභියෝග විශ්ලේෂණය කර ඒවා කළමනාකරණය කිරීමට ඔබේ ශිෂ්‍ය ගුරුවරුන්ට මග පෙන්වීම.
කුමක්ද?
STP9543 ගුරු අධ්‍යාපනඥයා වෘත්තිකයෙකු ලෙස යන විෂයට අදාළව සිව්වෙනි ඉගෙනුම් ඵලය වන “අධ්‍යාපනයේ සමාජ ආර්ථික සහ දේශපාලන සන්දර්භයන්ගෙන් පැන නගින අභියෝග විශ්ලේෂණය කර ඒවා කළමනාකරණය කිරීමට ඔබේ ශිෂ්‍ය ගුරුවරුන්ට මග පෙන්වීම යන්න සාක්ෂාත් කර ගැනීම සඳහා ආචාර්ය සී. කඳන්ගම කථිකාචාර්ය තුමිය විසින් 2025.03.16 වන දින පෙ.ව. 9.00 ට පමණ පවත්වන ලදි. එහිදී පාසලක සංවර්ධනය සඳහා සමාජ ආර්ථික හා දේශපාලන අභියෝග කළමනාකරණය වැදගත් වන බවත්, එමෙන්ම ආර්ථික අපහසුතාවලින් පෙළෙන ප්‍රදේශයේ දරුවන් පාසලට ගෙන්වා ගැනීම අභියෝගයට ලක්වන බවත් පැහැදිලි කරන ලදී. තවදුරටත් එවැනි ගැටලු සහිත පාසල් ගුණාත්මකභාවයෙන් පවත්වා ගැනීමට හා සංවර්ධනයට පාසලේ පරිපාලනය සෘජුවම බලපාන බව ඉස්මතු කර පෙන්වා දෙන ලදී.
ඉතිං කුමක්ද?
පාසලක අභිවෘද්ධියට හෝ පසුබෑමට හෝ පාසල් නායකත්වය සෘජුව බලපාන බව පාසල් සංවර්ධනය සඳහා සමාජ ආර්ථික හා දේශපාලන අභියෝග කළමනාකරණය යන මැයෙන් යුතු සිද්ධි මාලාව අධ්‍යයනය කිරීම මගින් තහවුරු විය. එමෙන්ම තවදුරටත් පාසල් නායකත්වය මගින් හෝ ගුරුවරුන්ගෙන් සුවිශේෂී දායකත්වයක් මත පාසලේ සංවර්ධනය සඳහා කටයුතු කළ හැකි ආකාරයත් ඒ පිළිබඳ අධ්‍යයනයට කණ්ඩායම් ක්‍රියාකාරකමක් සිදු කිරීමටත් අවස්ථාව ලැබිණි .අවස්ථාවේදී සමපදස්ථයින්ගේ අදහස් උදහස් අනුවද සුවිශේෂී කරුණු ටිකක් හා කතිකාචාර්යතුමියගේ වැඩිදුර පැහැදිලි කිරීම්වලදී ද තවදුරටත් ඒ පිළිබඳ අවබෝධය හා දැනුම පුළුල් කරගැනීමට හැකි විය. එමෙන්ම පාසල් තුළ විශිෂ්ට ව්‍යවහාර ලෙස හඳුනාගත හැකි සුවිශේෂී ක්‍රියාදාමයන් හරහා පාසලේ සංවර්ධනය දියත් කළ හැකි බවද මා හට එමගින් අවබෝධ විය.
දැන් කුමක්ද?
විදුහල්පතිවරයකුගේ භූමිකාව තුළ පාසල ගුණාත්මකභාවයෙන් වැඩි දියුණු කිරීම උදෙසා කළ යුතු කාර්යභාරය අති මහත් බව එම කාර්යභාරය ප්රශස්ත මට්ටමින් සිදු කිරීමේදී සියලු දෙනාගේම සහාය අවැසි බවත්, තවදුරටත් තහවුරු කර දෙන ලදී. එමෙන්ම ගුරුවරුන්ගේ සහයෝගය ඇතුව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ද විධිමත් ලෙසක්‍රියාත්මක කිරීම මගින් තවදුරටත් පාසල සංවර්ධනය කරා ගෙන යා හැකි බව ඒ සඳහා උපරිම දායකත්වයක් පාසල් පරිපාලනය ක්‍රියාත්මක කරන්නන් හට ලබා දිය හැකි බවත් පැහැදිලි විය . මේ අනුව පාසල් නගා සිටුවීම සඳහා සියලු දෙනා ම ඒකරාශී වී කැපවීම අත්‍යවශ්‍ය කරුණක් බව විශ්වාස කරමි.
අමතර කියවීම් තුළින් අත්දැකීම් ලබාගැනීම
STP9543 - පස්වන ඉගෙනුම් ඵලය
ගුරුවරුන්ගේ සවිබලකරණය සදහා පාසල් පාදක ව්‍යාපෘතීන්හි ආකෘති සැකසීමේ හා සංවර්ධනය කිරීමේ කුසලතා විදහා දැක්වීමටත් ඔබට හැකියාව ලබාදෙනු ඇත.
කුමක්ද?
STP9543 - ගුරු අධ්‍යාපනඥයා වෘත්තිකයෙකු ලෙස, යන විෂය යටතේ දින පාසල 2025.03.16 වන දින ආචාර්ය කේ.ජී. සී.කදන්ගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.00 ට ආරම්භ විය. මෙම දේශනය පස්වන ඉගෙනුම් සිද්ධිමාලාව පදනම් කර ගනිමින් සාකච්ඡාව ආරම්භ කරන ලදී. මෙහිදී කථිකාචාර්ය තුමිය විසින් ගුරු බලගැන්වීම සම්බන්ධයෙන් විද්‍යුත් සමර්පණය මගින් පියවරෙන් පියවර බල ගැන්වීම යනු කුමක් ද? ගුරු බලගැන්වීමේ ප්‍රධාන අංග , ගුරු බලගැන්වීමේ ප්රතිලාභ, ගුරු බලගැන්වීමේ උපාය මාර්ග පිළිබඳ කෙටියෙන් පැහැදිලි කරන ලදි.සමස්තයක් ලෙස මෙම ගුරුවරුන්ගේ සවිබලකරණය පිළිබදව සාකච්ඡා විය. පාසල් අධ්‍යාපනයේ ප්‍රධාන සාධකය ගුරුවරයා යන්න අවිවාදාත්මකව පිළිගතයුතු කරුණකි. දේශක තුමිය වන ආචාර්ය කදන්ගම මහත්මිය විසින් සිය දේශන තුළින් ලබාදුන් දැනුම මා තුළ තවදුරටත් තහවුරු කිරීමට සමත් විය. පාසලක් කොතරම් සම්පත්වලින් බහුල වුවද , පාසලේ ජනප්රියභාවය කෙතරම් ඉහළින් පැවතිය ද පාසලේ පැවැත්ම දිගින් දිගටම රදා පවත්වාගත හැකි වන්නේ ගුරුවරයාගේ දක්ෂතාවය හා හැකියාව මතයි. එබැවින් ගුරුවරු විවිධ අංශ ඔස්සේ සවිබල ගැන්විය යුතු බව පැහැදිලි විය. විශේෂයෙන්ම දින පාසල තුළින් මෙන්ම ක්‍රියාකාරකම් සහ සමපදස්ථයන් දැක් වූ අදහස් අනුවද ඉගෙනුම් අත්දැකීම් ලබාගැනීමට හැකි විය. ගුරුවරයා සවිබල ගැන්විය යුත්තේ කෙසේ ද? යන්න අධ්‍යයනය කිරීම සදහා මෙම පාඨමාලාව තුළ ලබා දී ඇති බොහෝ කරුණු අධ්‍යයනය කිරීමට හැකිවිය. මෙම ඉගෙනුම් සිද්ධිය ඉතාමත් අවධාරණයෙන් අධ්‍යයනය කිරීමෙන් පාසල් පාදකව පවතින ගැටලු හා අභියෝග හමුවේ ගුරු අධ්‍යාපනඥයින්ට සිතන්නට යමක් ඒ තුළ ගොඩනගා ඇත. දේශක තුමියගේ දේශන තුළින් මෙන්ම සමපදස්ථ සාකච්ඡාවලදී මේ බව වඩාත් හොදින් පැහැදිලි කරන ලදී. එසේම අතිරේක කියවීම් තුළද ඉගෙනුම් සම්පත් සපයා තිබූ අතර ඒවා පරිහරණය තුළින් ද අවබෝධය පුළුල්කර ගැනීමට මනා පිටිවහලක් විය. පාසලෙන් ඇදහැලෙන සිසුන් පිළිබඳ කරන ලද ව්‍යාපෘතිය තුළින් ලද අත්දැකීම් වාත්තීය ජීවිතයට ඉතා වැදගත් වේ.
ඉතිං කුමක් ද?
පාසලක ගුරු බලවන්තකරණය යනු අධ්‍යාපනයේ ගුණාත්මකභාවය රැකීම සඳහා පිටිවහලක් වන ක්ෂේත්රයකි. ගුරුවරයා සවිබල ගැන්වීමේ දී ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව අවධානය යොමුකළ යුතු බව මාගේ හැගීමයි. විශේෂයෙන්ම ගුරුවරයාගේ ආකල්ප සංවර්ධනය කිරීමෙන් ඉගෙනුම් ඉගැන්වීම් කුසලතා වර්ධනය කිරීමෙන් ගුරුවරයාගේ දැනුම යාවත්කාලීන කිරීමත් ඒ අතර ප්‍රධාන වේ. මේ සදහා පාසල් පාදකව ගුරු සංවර්ධන ව්‍යාපෘතීන් රිසිසේ සංවර්ධනය කළ හැකි බව අවබෝධ විය. සම්පත් කළමනාකරණය , ගුරුවරුන්ගේ වෘත්තීය අපේක්ෂණ සදහා ඉඩකඩ සැලසීම ද කළ යුතුය. මේ සදහා සැලසුම් සකස් කිරීමේ දී ද විවිධ කරුණු පිළිබදව අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය ඉදිරිපත්කොට ඇති ඉගෙනුම් සම්පත් තුළින් අවධාරණය කර ඇත. එහිදී පාසල ආශ්රිත භුගෝලීය සාධක , ආර්ථික , දේශපාලනික හා සමාජ සාධක ද සැලකිල්ලට ගනිමින් මෙම අරමුණ සඳහා ළඟා වීමට ගුරුවරයා සවිබල ගැන්වීම සඳහා කටයුතු කළයුතු බව සෑම අවස්ථාවක දීම පෙන්වා ඇත. මේ අනුව ගුරුවරුන් සවිබලකරණය සදහා පාසල් පාදකව ව්‍යාපෘතීන් සැකසීම හා සංවර්ධනය කිරීම සදහාත් අවශ්‍ය මගපෙන්වීමට ගුරු අධ්‍යාපනඥයින් ලෙස සංවර්ධනය කිරීමේ වැදගත්කම හා ඊට අවශ්‍ය නිවැරදි ක්‍රමවේද පිළිබඳ මෙමගින් අවබෝධ කරගත හැකිවීම සතුටකි. ගුරුවරුන් සංවර්ධනය කිරීමේ දි reskill සහ upskill සඳහා ගුරු වැඩසටහන් සංවිධානය කිරීමේ දී මෙම ඉගෙනුම් අත්දැකීම් මනා පිටිවහලක් වන්නේය.
දැන් කුමක් ද?
මෙම පාඨමාලාව තුළින් හඳුනාගත් ගුරුවරුන් සවිබල ගැන්වීම සදහා පාසල් පාදක ව්‍යාපෘතීන් හි ආකෘති සකස් කිරීමත් ඒවා සංවර්ධනය කිරීමත් පිළිබදව දැනුම ගුරු අධ්‍යාපනඥයින් ලෙස ඉදිරි කටයුතුවලදී සාර්ථකව යොදාගත හැකි බව මාගේ විශ්වාසය යි. දියුණු සමාජයක් කරා යොමුවීම අරමුණු කරගනිමින් පාසල් අධ්‍යයනය දියත් කිරීමේ අභිප්‍රාය පෙරටු කරගනිමින් හා කාලීන හා ප්‍රාදේශීය අවශ්‍යතා පිළිබදව අවධානය යොමු කරමින් පාසල් පාදක ගුරු සවිබල කරන ආකෘතියේ සැලසුම් කිරීමත් ඒවා සංවර්ධය කිරීමත් මගින් ගුරුවරයා වෙත නිසි මගපෙන්වීමක් ලබාදිමට වෘත්තීය ජීවිතය තුළ හැකියාව ඇති බව මා විශ්වාස කරමි.
The Teachers’ Standards can be found on the GOV.UK website:
https://www.gov.uk/government/publications/teachers-standards
අමතර කියවීම්
සමස්ත ප්රත්යවේක්ෂණය STP9543
ගුරු අධ්‍යාපනපති උපාධි පාඨමාලාවේ දෙවන සමාසිකයට අයත් විෂය අංක STP9543 - ගුරු අධ්‍යාපනඥයා වෘත්තිකයෙකු ලෙස යන විෂය දින පාසල් දින 3ක් මගින් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගෙනුම් අත්දැකීම් ලබා දෙන ලදි. මහාචාර්ය W.M.S.වනසිංහ මැතිතුමා සහ ආචාර්ය කදන්ගම මහත්මිය විසින් මෙම දින පාසල් තුළදී දේශන පවත්වන ලදි. මෙම විෂය ඉගෙනුම් පල පහකින් සමන්විත වූ අතර ඒවා සාක්ෂාත් කර ගැනීම සඳහා ඉගෙනුම් සිද්ධි මාලා පහක් තුළින් ඉගෙනුම් අත්දැකීම් ලබාදෙන ලදි. එසේම මාර්ගගත ඉගෙනුම් පරිසරය තුළින් අතිරේක කියවීම් සහ අත්‍යවශ්‍ය කියවීම් ලබාදෙමින් ඉගෙනුම් අත්දැකීම් පෝෂණය කර ගැනීමටත් විවෘත අධ්‍යාපනික සම්පත් ලබා දෙමින් ඒවා තවදුරටත් ශක්තිමත් සහ පෝෂණය කර ගැනීමටත් අවස්ථා සලසා දෙන ලදි .ඒ අනුව මෙම විෂය තක්සේරුව සඳහා කුඩා පරිමාණ ව්‍යාපෘති 3ක් ඉදිරිපත් කිරීමත් අවසාන තක්සේරුව සඳහා වාචික ඉදිරිපත් කිරීමත් සිදුකරන ලදි.
මෙම පාඨමාලාවේ දෙවන සමාසිකයට අදාළ මෙම විෂයයන් අපගේ ඉගෙනුම් අත්දැකීම් බවට පත්කිරීමට දේශන සාකච්ඡා පමණක් නොව සාකච්ඡා මණ්ඩප සමපදස්ථ අදහස් කාර්ය සාධන ගොනුව මනා පිටිවහලක් විය. සිංහල මාධ්‍යය පාඨමාලාව හැදෑරුවත් සියලුම අත්‍යවශ්‍ය කියවීම් සහ අතිරේක කියවීම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබාදීම බොහෝ විට අභියෝගයක් වී නමුදු ඒවා විසඳා ගනිමින් අවශ්‍ය අරමුණ ඉටු කර ගැනීමට වෙහෙසුණෙමි. කාලය, වෙහෙස, වෘත්තීමය රාජකාරී පැත්තෙන් මුහුණදීමට සිදුවූ අභියෝග ජය ගනිමින් පාඨමාලාවේ කටයුතු නිමාවට පත්කර ගැනීමට හැකිවීම පිළිබඳ සතුටු වෙමි. එසේම දැනුමින් අත්දැකීමෙන් අපව පෝෂණය කළ විද්වත් ඇදුරු මඩුල්ලටත් කෘතඥපූර්වක ස්තුතිය පුදකරමි. ලබාගත් ඉගෙනුම් අත්දැකීම් සෙවනැල්ලක් කර ගනිමින් ගුරුවරයා වෘත්තීයමය වශයෙන් ශක්තිමත් කිරීමට අවැසි ශක්තියට මෙම පාඨමාලාවේ උගත් දැනුම සහ ව්‍යවහාර තුළින් මාගේ වෘත්තීය ජීවිතයයට මෙන්ම අධ්ය්යාපන පද්ධතියේ ගුණාත්මක සංවර්ධනයක් සඳහා කැපකිරීමට අපේක්ෂා කරමි.