ඉගෙනුම් පල
1. ඉගෙනුම ඉගැන්වීම ඵලදායී සන්නිවේදන ක්‍රියාවලියක් බවට පත් කිරීම සඳහා උපාය මාර්ග ගවේෂණයට
2. තාක්ෂණික ශික්ෂණ ශාස්ත්‍රීය අන්තර්ගත දැනුම පිළිබඳ රාමුව (TPACK) යොදා ගෙන තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍යයක් සැලසුම් කිරීම
3. සුදුසු බහුමාධ්‍ය සමෝධානය කරමින් තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍යය සඳහා අර්ථාන්විත ඉගෙනුම් අත්දැකීම් නිර්මාණය කිරීමට
4. තෝරාගත් මෘදුකාංග භාවිත කර තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍යය සංවර්ධනය කිරීමට
5. තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍යය ඇගයීමට ඔබට හැකිවනු ඇත.
STP9542 - ගුරු අධ්‍යාපනඥයා අධ්‍යාපන තාක්ෂණඥයකු ලෙස
2024.04.28
පළමුවන ඉගෙනුම් පලය - ඉගෙනුම සහ ඉගැන්වීම ඵලදායී සන්නිවේදන ක්‍රියාවලියක් බවට පත් කිරීම සඳහා උපාය මාර්ග ගවේෂණය කරයි.
කුමක්ද?
2024.04.28 දින පෙ.ව.9.00 ට පමණ පැවති දින පාසල STP9542 ගුරු අධ්‍යාපනඥයා අධ්‍යාපන තාක්ෂණඥයකු ලෙස යන විෂයය අධ්‍යාපනය සඳහා තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කරන ලදි. එදින මා දින පාසලට සහභාගි වුවේ ජංගම දුරකථනය උදව් කර ගනිමිිනි. අධ්‍යාපනය සඳහා තාක්ෂණය භාවිත කිරීමට අවශ්‍ය මග පෙන්වීම දේශක තුමා විසින් සිදුකරන ලදි. ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලිය තුළ ගුරුවරයා හා ශිෂ්‍යයා අතර ඵලදායි සන්නිවේදන ක්‍රියාවලියක් පවත්වා ගැනීමට භාවිත කළ හැකි තාක්ෂණ ඒකාබද්ධ කිරීමේ නවෝත්පාදන උපාය මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමින් දේශනය ආරම්භ කළේය. මෙම පාඨමාලාව තුළ ඉදිරියට ඉගෙනුම් සම්පත් භාවිත කරමින් සිද්ධි අධ්‍යයනයන් අධ්‍යයනය කරමින් ගුරු අධ්‍යාපනඥයා අධ්‍යාපන තාක්ෂණඥයකු ලෙස කටයුතු කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කළේය. තමා පිළිබඳ හැඳින්වීමක් කිරීමට අවස්ථාව ලබා දුන්න ද එය මා හට අපහසු වූයේ දුරකථනය මගින් සම්බන්ධ වි සිටි නිසාය. එසේම OULMS හි තමාගේ නම පරිකෂා කිරිමට අවස්ථාව ලබා දුන්න ද ඒ අවස්ථාව ද මා අහිමි වූයේ දුරකථනය මගින් එය කර ගැනීමට නොහැකි වූ නිසාය. මෙම පාඨමාලාව හැදෑරීම සඳහා දේශක තුමන්ලාගේ මග පෙන්වීම අනුව මෙහි ලබා දී ඇති ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය ඇති සිද්ධි පාදක ඉගෙනුම් ප්‍රවේශය (Scenario-based Learning (SBL) approach), විවෘත අධ්‍යාපනික සම්පත් ( Open Educational Resources -OER) සහ මාර්ගගත ඉගෙනුම් පරිසරය භාවිතය (Online Learning Environment -OLE) කෙසේ ඵලදායී ලෙස භාවිත කළ යුතු ද යන්න උපදෙස් ලබාදීම සිදුවිය.
අද දින දේශනය තුළ සාකච්ඡා කළ කරුණු අනුව පළමුවන සහ දෙවන ඉගෙනුම් පල දෙකට ම අදාළව කරුණු සාකච්ඡා විය. මෙම පාඨමාලාවේ ඉගෙනුම් සම්පත් භාවිතය පිළිබඳ අවබෝධය ලබා දීමට අධ්‍යයන මාර්ගෝපදේශය පිළිබඳ සාකච්ඡා කළේය. ඉගෙනුම් පල සාක්ෂාත් කර ගැනිමට මාර්ගෝපදේශය අධ්‍යයනය කර ඉගෙනුම් සම්පත් භාවිත කිරීමට අවශ්‍ය මග පෙන්වීම සිදු කළේය තාක්ෂණික ශික්ෂණ ශාස්ත්‍රීය අන්තර්ගත දැනුම පිළිබඳ රාමුව (TPACK) යොදාගෙන තාක්ෂණයෙන් හෙබිි ඉගෙනුම් ද්‍රව්‍යයක් සැලසුම් කිරිම කරයි යන ඉගෙනුම් පලය කරා ළඟාවීමට මෙම රාමුව අධ්‍යයනය කළ යුතු විය.
ඉතිං කුමක්ද?
එසේම ගුරුවරයාට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා තාක්ෂණය යොදා ගැනීමට අධ්‍යාපන ශික්ෂණ විද්‍යාව, තාක්ෂණය සහ දැනුම අන්තර්ගතය (TPACK) ඉගෙනුම් ක්‍රම ශිල්ප සමග සම්බන්ධ වන ආකාරය අවබෝධ කර ගැනිමට හැකිවිය. එහිදී TPACK රාමුව පිළිබඳ වීඩියෝ නැරඹීම තුළින් ලද අත්දැකීම් වඩාත් ඵලදායී ඉගෙනුම් ඉගැන්විම් සඳහා යොදාගත හැකි තාක්ෂණික උත්පාදන ක්‍රම හඳුනාගැනිමට මහත් පිටිවහලක් වේ. අධ්‍යාපනය සඳහා තාක්ෂණය යොදාගැනීමේ ඒකක ලෙස ඩිජිටල් උපාංග, වලාකුළු තාක්ෂණය, වීඩියෝ ආධාරක, අධ්‍යාපනයට උදව් කරන සමාජ මාධ්‍යය ජාලා, මාර්ගගත අධ්‍යාපනය සහ සුහුරු පන්ති කාමර යොදා ගැනීමට හැකි අවස්ථා පිළිබඳ අත්දැකීම් ලබාගැනීමට වීඩියෝ නැරඹීම් උපකාරී විය. ඒ අනුව තෝරා ගත් පාඩම් සැලසුම සඳහා සංකල්ප සිතියම නිර්මාණය කර ගැනිමට මෙම ඉගෙනුම් සම්පත් අධ්‍යයනය දායක විය. තාක්ෂණික ක්‍රමවේද පිළිබඳ වීඩියෝ පටයක් ද නැරඹීමට හැකිවිය. TPACK රාමුව පිළිබඳ වීඩියෝව නැරඹීම හා කණ්ඩායම් ක්‍රියාකාරකමක නිරත වී ඉදිරිපත් කිරිම් සිදු කරන ලදි. සංකල්ප සිතියම ගොඩනගන ආකාරය පිළිබඳ අවබෝධය ලබා ගත්තෙමිි.
දැන් කුමක්ද?
මෙම ඉගෙනුම් සම්පත් අධ්‍යයනය කරමින් ලබා ගන්නා වූ අත්දැකීම් ඉවහල් කර ගනිමින් කුඩා පරිමාණ ව්‍යාපෘතිය 1 ට සූදානම් විය යුතු වන්නේ ය. සංකල්ප සිතියම නිර්මාණය කර එහි පැහැදුම් වාර්තාවක් සැලසුම් කළ යුතු අකාරය පිළිබඳ අධ්‍යයනය කිරීම සිදු කළ යුතුය. එහෙත් ඉදිරි ඉගෙනුම් සම්පත් භාවිතය අභියෝගයක් වන්නේ ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීම පිිිිිිිිිිිිිිිළිබඳ හිිඩැසක් පවතින බැවිනි. නමුත් සිංහල මාධ්‍ය පාඨමාලාවේ සිටිය ද සියලු අමතර ඉගෙනුම් සම්පත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් තිබීම නිසා අපහසුතාවයට පත් වූවෙමි. අමතර ඉගෙනුම් සම්පත් පරිශිලනයට යන කාලය ද වැඩි වශයෙන් යෙදවීමට සිදුවන බව මා හට හැඟී ගිය කරුණකි.
2024.06.08
දෙවන ඉගෙනුම් පලය - තාක්ෂණික ශික්ෂණ ශාස්ත්‍රීය අන්තර්ගත දැනුම පිළිබඳ රාමුව (TPACK) යොදාගෙන තාක්ෂණයෙන් හෙබිි ඉගෙනුම් ද්‍රව්‍යයක් සැලසුම් කිරිම කරයි.
කුමක්ද?
STP9542 - ගුරු අධ්‍යාපනඥයා අධ්‍යාපන තාක්ෂණඥයකු ලෙස විෂයට අදාළ ව දෙවන දින පාසල අද දින උදේ 9.00 ට පමණ එම්. එන්. චන්දන ප්‍රනාන්දු කථිකාචාර්ය තුමාගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්රියාකාරකම්පාදක දින පාසලක් ලෙස ආරම්භ විය. “දෙවන ඉගෙනුම් පලය වන තාක්ෂණික ශික්ෂණ ශාස්ත්‍රීය අන්තර්ගත දැනුම පිළිබඳ රාමුව (TPACK) යොදාගෙන තාක්ෂණයෙන් හෙබිි ඉගෙනුම් ද්‍රව්‍යයක් සැලසුම් කිරිම කරයි“ යන ඉගෙනුම් පලය සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය මග පෙන්වීම සිදුවිය. දෙවැනි කුඩා පරිමාණ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා ඉදිරියේ දී පැවත්වීමට නියමිත දෙදින වැඩසටහනට අවශ්‍ය පූර්ව සූදානම පිළිබඳ දැනුවත් වූවෙමි.
ඉතිං කුමක්ද?
ගුරු අධ්‍යාපනඥයා අධ්‍යාපන තාක්ෂණඥයෙකු ලෙස ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමේ ක්‍රමයක් ලෙස තාක්ෂණය යොදා ගැනීමටත් එහි ප්‍රතිඵලයක් ලෙස එහි ඇති වැදගත්කම පිළිබඳ සැලකිලිමත් වෙමින් සංවර්ධනය කළ තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය දක්වා සංවර්ධනය කර ගැනීමටත් අවශ්‍ය මග පෙන්වීම සිදු කළේය.
එහිදී තෝරා ගත් මාතෘකාව යටතේ පාඩම් සැලසුම් සකස් කිරීමට TPACK රාමුව යොදා ගැනීම සිදුකරන ලදි. එසේම TPACK රාමුව සංකල්ප සිතියම නිර්මාණය කිරීමට අවශ්‍ය විය. අනතුරුව සුදුසු බහු මාධ්‍ය සමෝධානය කර ගනිමින් තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය සඳහා අර්ථවත් ඉගෙනුම් අත්දැකීම් තේරීම පිළිබඳ අධ්‍යයනය කරමින් ඉගෙනුම් ඵල කෙරෙහි අර්ථාන්විත පෙළ ගැන්නුම සඳහා ඉගෙනුම් අත්දැකීම් සැලසුම් කිරීම සිදුවිය. ඒ අනුව සැලසුම් කරන ලද ඉගෙනුම අත්දැකීම් සමග තක්සේරුකරණ කාර්යයන් සැලසුම් කරන ලදී. දෙවන කුඩා පරිමාණ ව්‍යාපෘතිය අවසන් කර ඉදිරිපත් කිරීම සිදු කරන ලදි. දිනපාසල් කණ්ඩායම් ක්‍රියාකාරකම් සමග අධ්‍යයන කටයුතු කිරීම, සමපදස්ථ අත්දැකීම් බෙදා ගැනීම, අමතර ඉගෙනුම් සම්පත් භාවිතය මෙම කාර්ය සඳහා මනා පිටිවහලක් විය.
අප විසින් සකස් කර ඇති තාක්ෂණ ඒකාබද්ධ ඉගෙනුම් ද්‍රව්‍ය (TEL) සඳහා බහුමාධ්‍ය ඉගෙනුම් අන්තර්ගතය සකස් කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම සිදු කළේය. එහිදී ඉගෙනුම් සිද්ධි මාලාව D සහ E අදාළ ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් කරමින් TEL ද්‍රව්‍යක් සැලසුම් කිරීමට සැලසුම් උපකරණයක් ලෙස සංකල්ප සිතියමවල වැදගත්කම පිළිබඳ සාකච්ඡාවෙන් අනාවරණය කළේය. එසේම විශ්ලේෂණය, සැලසුම්කරණය, සංවර්ධනය, ක්‍රියාවෙහි යෙදවීම සහ ඇගයීම යන අවධි පහකින් යුත් උපදේශන සැලසුම් ආකෘතිය (ADDIE) පිළිබඳ විද්‍යුත් සමර්පණ යොදාගනිමින් කථිකාචාර්යතුමා විසින් දැනුම්වත් කිරීම සිදුකළ ද එය තරමක් වේගවත්ව සිදුකිරීම නිසා තේරුම් ගැනීම අපහසු විය. නමුත් ඉගෙනුම් සම්පත් පරිශීලනය කරමින් අධ්‍යයන කටයුතු සිදුකළ යුතු බව වටහා ගත්තෙමි. එසේම සැලසුම් කළ ඉගෙනුම් අත්දැකීම් පිළිබඳ සවිස්තරාත්මක වගුව පිළියෙළ කිරීම සඳහා කණ්ඩායම් ක්‍රියාකාරකමක නියැලෙමින් අත්දැකීම් බෙදා ගත්තෙමි. තවද විවිධ ආකෘති (ASSURE Model) වැනි දෑ සාකච්ඡාවට බඳුන් වුව ද පසුව ඉගෙනුම් සම්පත් පරිශීලනයෙන් ඒවා අවබෝධ කර ගැනීමට සිතා ගත්තෙමි. සංවිධානය කරන ලද ඉගෙනුම් අත්දැකිම් ගැලීම් සටහනකට (Flow Chart) ගළපන ආකාරයත් කතාරාමු පෙළක් (Story Board) සකසන ආකාරයත් සාකච්ඡා කළේය. ගැලීම් සටහනක් සකස් කිරීම කණ්ඩායම් ක්‍රියාකාරකමක් ලෙස සිදු කරමින් අත්දැකීම් බෙදා ගත්තෙමු. එසේම e-Learning presentation, open Educational resource භාවිතය පිළිබඳ සාකච්ඡා කළේය. සමස්තයක් ලෙස ගත්කල අද දින බොහොමයක් ඉගෙනුම් අවස්ථා පිළිබඳ අඩු වැඩි වශයෙන් දැනුම්වත් වූ අතර වේගවත් බව වැඩි යැයි මා හට දැනුණු සිතුවිල්ලකි.
දැන් කුමක්ද?
TEL ද්‍රව්‍යක් සැලසුම් කිරිමත් එ් සඳහා බහුමාධ්‍ය ඉගෙනුම් අන්තර්ගතයන් (OER) භාවිත කිරීමත් පිළිබඳ වැටහිමක් ලබාගැනිමට අද දින දිින පාසල ඉවහල් වූ අතර අධ්‍යයන මාර්ගෝපදේශට අනුව ඉගෙනුම් සම්පත් පරිශීලනය කිරිමටත් අදිටන් කර ගත්තෙමි. එහිදී කුඩා පරිමාණ ව්‍යාපෘතිය 2 සම්පූර්ණ කිරීමට අවශ්‍ය අවබෝධය ලබා ගැනීමට එම සම්පත් මනා පිටිවහලක් වේයැයි අපේක්ෂා කරමි.
3.දින පාසල තුළ කණ්ඩායම් ක්‍රියාකාරකම- සවිස්තරාත්මක ඉගෙනුම් අත්දැකීම් පිළිබඳ සවිස්තරාත්මක වගුව සැලසුම් කිරීම.
තෙවන ඉගෙනුම් පලය
සුදුසු බහුමාධ්‍ය සමෝධානය කරමින් තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය සඳහා අර්ථාන්විත ඉගෙනුම් අත්දැකිම් නිර්මාණය කරයි.
කුමක්ද?
2024.07.06 දින පැවති දින පාසල ක්‍රියාකාරකම් පාදක දින පාසලක් ලෙස සම්බන්ධ වූවෙමි. පන්ති කාමර සාම්ප්‍රදායික ඉගැන්වීම් ක්‍රියාවලියෙන් මිදී තාක්ෂණය භාවිත කිරීමට පෙළඹවීම වස් තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍යය නිර්මාණය කිරීමේ දී අප සංවර්ධනය විය යුතු අකාරය පිළිබඳ මෙම තෙවන දින පාසල තුළ දී සාකච්ඡාවට ලක් විය. මෙම තෙවන ඉගෙනුම් පලය සාක්ෂාත් කර ගැනීමට අදාළ සාකච්ඡා දෙවන දින පාසල තුළ දී ද සිදු වූ බව මාගේ හැඟිම විය. අද දින සාකච්ඡා කරන ලද්දේ ද ඊට අදාළ වන්නා වු ඉගෙනුම් සම්පත් භාවිතය සහ ක්රියාකාරකම්පාදක ව එම අත්දැකීම් භාවිතය පිළිබඳ ඉගෙනුමක් ඇති කිරීම ය.
ඉතිං කුමක්ද?
තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍යය නිර්මාණය කිරීමේ දී ADDIE model, ASSURE model සහ DESIGN Aspects පිළිබඳ පෙර සතියේ දී ඉගෙනුම් අත්දැකීම් ලබාගෙන අමතර ඉගැන්වීම් පරිශීලනය කිරීම් ද සිදු විය. අද දිනයේ දී එම ඉගෙනුම් අත්දැකීම් සැලසුම් කිරීම කණ්ඩායම් ක්‍රියාකාරකම් වශයෙන් සිදු කරන ලදි. මෙම සැලසුම්කරණ අංග යටතේ ඉගෙන ගත් තොරතුරු සැලසුම්කරණය, උපදේශන ක්‍රියාවලි සැලසුම, අනතර්ක්‍රියාකාරී සැලසුම සහ අන්තර් මුහුණත් සැලසුම තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය සැලසුම් කිරීමට උපකාරි විය. මෙහිදී එදින දින පාසල තුළ දී කණ්ඩායම් ක්‍රියාකාරකමක් ලෙස සැලසුම්කරණ අංග යටතේ තොරතුරු සැලසුම්කරණය සඳහා වගුව සම්පූර්ණ කිරීමට අවස්ථාව ලබා දෙන ලදි. දේශකතුමා විසින් දෙන ලද වීඩියෝ නරඹා වගුව සම්පූර්ණ කර ඉදිරිපත් කරන ලදි. එසේම විවෘත අධ්‍යාපනික සම්පත් ගවේෂණය කර තම TEL ද්‍රව්‍ය සඳහා භාවිත සම්පත් වගුව සම්පූර්ණ කර ඉදිරිපත් කරන ලදි. මෙම ඉදිරිපත් කිරීම්වලින් පසු දේශක තුමාගේ පැහැදිලි කිරීම් හමුවේ මා හට මතුවී තිබූ ගැටලුකාරී තත්ත්වයන් මග හරවා ගැනීමට හැකිවිය. මෙම ක්‍රියාකාරකම් මාගේ වෘත්තීය අත්දැකීම් පෝෂණය කර ගැනීමට පිටිවහලක් විය.
දැන් කුමක්ද?
අද දින පවත්වනු ලැබූ දේශනය තුළින් ඉගෙනුම් අත්දැකීම් සමුදායක් ලබා ගැනීමට හැකිවීමත් ඒවා ව්‍යවහාරයන් බවට පත් කිරීමට ගුරු පුහුණුවීම් අවස්ථා තෝතැන්නක් කර ගැනීමට හැකී විමත් පිළිබඳ සතුටට පත්වෙමි. මෙම භාවිතයන් තුළ තාක්ෂණය වැඩි වශයෙන් ඉගෙන ගැනීමට අවකාශ සැලසීම පිළිබඳවත් ඔබ තුමන්ගේ දේශන පිළිබඳවත් අගය කරමින් සතුට ප්‍රකාශ කරමි.
හතරවන ඉගෙනුම් පලය
තෝරා ගත් මෘදුකාංග භාවිත කර තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය සංවර්ධනය කරයි.
කුමක්ද?
2024 .07.06 දින පැවති තෙවන දින පාසල තුළ දී ලබා දුන් උපදෙස් අනුව තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය අත්දැකීම් ලබා ගැනීමට ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS) තුළ ලබා දී ඇති විවෘත අධ්‍යාපනික සම්පත් (OER) අමතර කියවීම් හා අත්‍යවශ්‍ය කියවීම් පරිශීලනය කළෙමි.
ඉතිං කුමක්ද?
සැලසුම් කරන ලද සංකල්ප සිතියම ගැන අවධානය යොමු කරමින් තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය සැලසුම් කිරීමට අවශ්‍ය පසුබිම අධ්‍යයනය කළෙමි. එහිදී මූලික අවශ්‍යතාවය වූ ඉගෙනුම් ද්‍රව්‍ය සඳහා තාක්ෂණය සමෝධානය කිරීම සඳහා අවශ්‍ය ඉගෙනුම් අත්දැකීම් සැලසුම් කර ගැනීම, කතා රාමු පෙළ නිර්මාණය කර ගැනීම සහ ගැලීම් සටහන නිර්මාණය කිරීම සිදුකර ගන්නා ලදි. ඒ අනුව තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය සැලසුම් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීමට අදාළ වන උපදේශන සැලසුම පිළිබඳ අධ්‍යයනය කෙළෙමි. Design Aspects සැලසුම් කරන අංග පිළිබඳ අවධානය යොමු කරමින් සැලසුම් කරන අංග හතර වන තොරතුරු සැලසුම්කරණය (information design), උපදේශන සැලසුම්කරණය (instructional design), අන්තර් ක්‍රියාකාරී උපදේශන සැලසුම (Interaction design) සහ අන්තර් මුහුණත් සැලසුම (interface design) පිළිබඳ අධ්‍යයනය කර අත්දැකීම් ලබාගැනීමට උත්සාහ කළෙමි. එම තොරතුරු අධ්‍යයනය කරමින් තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය සකස් කිරීම යථාර්ථයක් බවට පත් කර ගැනීමට වෙහෙසුණෙමි. තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය සැලසුම් කිරීමේ දී විවෘත අධ්‍යාපනික සම්පත්වලින් මෘදුකාංග ලබා ගැනීමට අවශ්‍ය උපදේශන අත්දැකීම් ලබා ගැනීමට හැකි විය. එහිදී තාක්ෂණය හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය සැලසුම් කිරීමේ දී අන්තර්ගත තොරතුරු සැලසුම් කරන්නේ කෙසේද යන්නත් ශිෂ්‍යයාට ඉගෙනුම් අත්දැකීම් ලබාදීමේ දී ස්වයං අධ්‍යයනය තුළින් ඵලදායී සන්නිවේදන ක්‍රියාවලියක් බවට පත්කිරීමට භාවිත කළ හැකි තාක්ෂණ ඒකාබද්ධ නවෝත්පාදන පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම පිළිබඳ සැලකිලිමත් වීම අවධාරණය විය. එසේම තෝරාගත් මාතෘකාවට අදාළ සංකල්ප සිතියම, තකාරාමු පෙළ සහ සැලසුම් කළ ඉගෙනුම් අත්දැකීම් අන්තර්ගතයට අදාළ විෂය කරුණු යනාදීන් සැලසුම් කර ගනිමින් තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය නිර්මාණය කිරීමට සූදානමින් 2024.09.28 සහ 29 යන දෙදින විවෘත විශ්ව විද්‍යාලයේ දින පාසලට සහභාගි වූවෙමි. TEL ද්‍රව්‍ය සංවර්ධනය කිරීම සඳහා Power point මෘදුකාංගය තෝරාගත් අතර ඇගයීම් ක්‍රියාකාරකම් සකස් කිරීම සඳහා Hot Potatoes මෘදුකාංගය තෝරා ගත්තෙමි. මෙම මෘදුකාංගය භාවිතයෙන් පහසුවෙන් ම සිසුන්ට අවබෝධ කර ගත හැකි පරිදි අභ්‍යාස සකස් කළ හැකි බැවින් ස්වයං අධ්‍යනයට පහසු වන බව මාගේ හැඟීම විය. සිසුන්ට පහසුවෙන් සහ අන්තර් ක්‍රියාකාරී ලෙස අධ්‍යයනය කළ හැකිවන පරිදි සමස්ත ඉගෙනුම් ද්‍රව්‍යම ආවරනය වන පරිදි අන්තර් ක්‍රියාකාරී බහු මාධ්‍ය අන්තර්ගත කරමින් මෙම පාඩම සකස් කිරීම සුදුසු බව මට හැඟී ගිය කරුණකි. ශ්‍රව්‍ය, දෘශ්‍ය ක්‍රියාකාරී වීඩි පට යනාදිය සමබන්ධ කිරීම තුළින් සිසුන්ගේ නිර්මාණශීලීත්වය දිරිගැන්විය හැකි බවද අවබෝධ විය. ඒ අනුව සිසු නිර්මාණශීලීත්වය වර්ධනය උදෙසා ක්‍රියාකාරකම් කිහිපයක් පාඩමට ඇතුළත් කිරීමට කටයුතු කළෙමි. ස්වයං අධ්‍යයනය පාඩමක් ලෙස ක්‍රියාත්මක වන බැවින් මෙම පාඩම ඉදිරිපත් කිරීමේ දී ඇගයීම හා තක්සේරුව සඳහා වැඩි අවධානයක් යොමු කිරීම සුදුසු බව මට වැටහුණි. ඒ අනුව Google Forms අනුසාරයෙන් සකස් කළ මාර්ගගත ක්‍රමය මගින් පාඩම පිළිබඳ තක්සේරුව ලබා ගත හැකි බව ත් අවබෝධ විය
දැන් කුමක්ද?
තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය නිර්මාණය කිරීම සඳහා විවෘත අධ්‍යාපනික සම්පත් පිළිබඳ අධ්‍යයනය කරමින් පාඩමට අදාළ වන්නාවූ ශ්‍රව්‍ය, දෘශ්‍ය වීඩියෝපට තොරාගන්නා ලදි. එසේම පාඩමට අඩංගු වන්නාවූ ඇගයිම හා තක්සේරුකරණය සඳහා අවශ්‍ය අභ්‍යාස සකස් කර ගැනීමට Hot Potatoes මෘදුකාංගය භාවිත කළෙමි. එම මෘදුකාංගය සමග ඉදිරියේ දී මෙම අත්දැකීම සේවාස්ථ ගුරුවරුන් වෙත විතැන් කළ යුතු බව සිතට ගත්තෙමි. පළමු වතාවට තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍යයක් නිර්මාණය කර ගැනීමට හැකිවීම පිළිබඳ සතුටු වෙමි. ඒ පිළිබඳ මගපෙන්වමින් නිරන්තරයෙන් අවැසි උපදෙස් ලබාදුන් කථිකාචාර්ය තුමන්ට ස්තුතිය සතුට ප්‍රකාශ කරමි. අනාගතයේ අධ්‍යාපන පද්ධතියේ අවශ්‍යතා වෙනුවෙන් මෙම දැනුම, අත්දැකිම් මනා පිටිවහලක් වේ.
මෙම කර්තව්‍ය කරගෙන යන අතරතුරදී නොයෙක් ආකාරයේ ගැටලු මතුවිය. බහුමාධ්‍ය භාවිත කිරීමේ දී අවශ්‍ය පරිදි සකස් කර ගැනීමට අප සතුව පැවති දැනුම ප්‍රමාණවත් නොවීය. ඉංග්‍රීසි භාෂාවේ ප්‍රමාණවත් දැනුමක් නොමැති වීම ද දැනුම අත්දැකිම් ලබා ගැනීමේ දී අභියෝගයක් විය. එවැනි අවස්ථාවල දී සමපදස්ථයන්ගේ උදව් ලබා ගැනීම, මාගේ ස්වාමියාගෙන් සහ පුතණුවන්ගෙන් උදව් ලබාගැනීමට සිදුවිය. එම අභියෝග ජය ගනිමින් තෝරා ගත් මෘදුකාංග භාවිත කර තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය සංවර්ධනය කර ගැනීමට හැකිවීම පිළිබඳ සතුටු වෙමි.
TEL_Materials.pdf-tel අධ්‍යයනය කිරීම
storyboard addie cc
https://oulms.ou.ac.lk/pluginfile.php/20523/mod_resource/content/1/Designing_Developing_
ගුරු අධ්‍යාපනඥයා අධ්‍යාපන තාක්ෂණඥයකු ලෙස විෂයයේ දෙවන කුඩා පරිමාණ ව්‍යාපෘතිය ඉදිරිපත් කිරීම සඳහා විවෘත විශ්වවිද්‍යාල පරිගණකාගාරයට පැමිණියෙමි. ක්රියාකාරකම්පාදක දින පාසල තුළදී තෝරාගත් පාඩමටට තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය ආධාර කර ගනිමින් සැලසුම් නිර්මාණය කිරීම පළමු දිනය පුරාවට ම සිදු කරන ලදි. power point මෘදුකාංගය භාවිත කරමින් තෝරාගත් පාඩමට තාක්ෂණයෙන් වැඩිදියුණු කළ පාඩමක් සැලසුම් කිරීමේ කටයුතු සිදුකරනු ලැබීය. අප කණ්ඩායමේ සමපදස්ථයන් එකිනෙකා අතර දැනුම හුවමාරු කර ගනිමින් කථිකාචාර්ය තුමන්ගේ උපදෙස් අනුව තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය නිර්මාණය කිරීම සිදු කරන ලදි. දෙවන දිනය උදෑසන 10 .00 පමණ වනවිට සාර්ථක TEL ද්‍රව්‍යය සැලසුම් කර උඩුගත කිරීමට හැකියාව ලැබුණි. එහිදී ප්‍රධාන බාධකයක් ලෙස පැවතියේ විශ්ව විද්‍යාල පරිගණකාගාරය තුළ අන්තර්ජාල පහසුකම් නොමැති වීම නිසා ජංගම දුරකථන හරහා අන්තර්ජාල පහසුකම් ලබාගැනීමටයි. එය අභියෝගයක් වුවද සමපදස්ථ උදව් ලබා ගැනීමෙන් එම තත්වයන් වළක්වා ගැනීමට හැකිවිය.මාගේ පරිගණකය තුළ පැවති දෝෂ සහගත තත්වයක් හේතුවෙන් වාර්තාව සම්පූර්ණ කිරීමේ අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවිය. එහෙත් අපහසුතා මධ්‍යයේ වාර්තාව සම්පූර්ණ කර සවස 4.00 පමණ වනවිට උඩුගත කිරීමට හැකිවිය. දෙදින දින පාසල ඉතා මිහිරි අත්දැකීම් ලබාදුන් අතර සමපදස්ථ අත්දැකීම් සහ කථිකාචාර්ය තුමාගේ උපදෙස් සහ විෂයෙන් ලද පෝෂණය වෘත්තීය ගමන්මග ඒකාලෝක කිරීමට මනා පිටිවහලක් වේ යැයි සිතමි.
පස්වන ඉගෙනුම් පලය
කුමක්ද?
2024.10.06 දින පෙ.ව. 9.00 පමණ එම්. එම්. චන්දන ප්‍රනාන්දු මැතිතුමා විසින් දින පාසල ආරම්භ කරන ලදී. සංවර්ධනය කරන ලද තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය ඇගයීම් ක්‍රියාවලිය සැලසුම් සකස් කිරිම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමට අද දින පාසල සක්‍රීය විය.
ඉතිං කුමක්ද?
එහිදී ප්‍රථමයෙන් තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය ඇගයීම සිදු කරන්නේ ඇයි? එහි වැදගත්කම කුමක්ද ?යන්න ස්වයං අධ්‍යයනය කර කරුණු ඉදිරිපත් කිරීමට උපදෙස් දෙන ලදී. ඇගයීම සඳහා අවශ්‍ය නිර්ණායක තනි තනිවම සකස් කර කණ්ඩායමක් වශයෙන් සාකච්ඡා කර අත්දැකීම් බෙදා ගැනීමට අවස්ථාව ලබා දුණි. අනතුරුව තක්සේරුකරණය කිරීමට අදාළ නිර්ණායක සකස් කිරීම සිදුකරන ලදි. එනම් ගුරුවරුන් සඳහා ප්‍රශ්නාවලි සකස් කිරීම, සම්මුඛ සාකච්ඡා ෂෙඩියුල සකස් කිරීම කණ්ඩායම් වශයෙන් සිදු කරන ලදි. ඉන් අනතුරුව සවස් වරුව තුළ තක්සේරු උපකරණ සකස් කර කණ්ඩායම් ක්‍රියාකාරකමක් ලෙස කණ්ඩායම් තුළ සාකච්ඡා කරමින් සමපදස්ථ අදහස් සමගින් පෝෂණය විමට අවස්ථාව ලබා දුනි. කථිකාචාර්යතුමා තක්සේරුකරණය පිළිබඳ අත්දැකීම ලබාදීමට උත්සාහ කළ අතර එය අපගේ මෙම ක්‍රියාවලිය සඳහා වැදගත් වන ආකාරය පැහැදිලි කළේය. එදින දවස පුරාම සක්‍රීයව සම්බන්ධ වෙමින් සක්‍රීය දින පාසලක් ලෙස අත්දැකීම් බෙදා ගැනීමට හැකියාව ලැබුණි.
දැන් කුමක්ද?
තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය ඇගයීම සඳහා ඇගයීම් උපකරණ සකස් කර උඩුගත කිරිමට අපි සූදානම් වූවෙමු. එහිදී ගුරුවරුන් සහ සිසුන් සඳහා ප්‍රශ්නාවලි සකස් කර උඩුගත කළෙමි. TEL ද්‍රව්‍ය ඇගයීම කර එහි සංවර්ධනය කළයුතු අවස්ථා වැඩි දියුණු කර ගැනීමට අපේක්ෂා කරමි. එසේම නව අත්දැකීමක් වෘත්තීය ජීවිතයට එකතුවීමත් මෙම අවස්ථා අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් යෙදවීමටත් අනාගත අවස්ථා තොතැන්නක් කර ගනිමින් මෙම TEL ද්‍රව්‍ය ගුරුවරුන් අතරට පත් කිරීමටත් බලාපොරොත්තු වෙමි. එසේම මා TEL ද්‍රව්‍ය තුළ අභ්‍යාස සකස් කිරීමට යොදාගත් Hot potatoes මෘදුකාංගය ගුරුවරයෙකු හට අභ්‍යාස සකස් කිරීම සඳහා මග පෙනවීමටත් හැකි වෙතැයි අපේක්ෂා කරමි.
ක්‍රියාත්මක සැලැස්ම සකස් කර ඉදිරිපත් කිරීම
9542 - සමස්ත ප්රත්යවේක්ෂණය
ගුරු අධ්‍යාපනඥයා අධ්‍යාපන තාක්ෂණඥයකු ලෙස විෂය යටතේ පළමු සමාසිකය තුළ කුඩා පරිමාණ ව්‍යාපෘති 3 ක් සාර්ථකව සංවර්ධනය අවසන් කරන ලදි. මූලිකව පළමු දින පාසල තුළදී ම ගුරු අධ්‍යාපනඥයා අධ්‍යාපන තාක්ෂණඥයකු ලෙස ඉගෙනුම් ඉගැන්වීම ඵලදායී සන්නිවේදන ක්‍රියාවලියක් බව හඳුනාගනිමින් තාක්ෂණික ශික්ෂණ ශාස්ත්‍රීය අන්තර්ගත දැනුම පිළිබඳ රාමුව -TPACK රාමුව පිළිබඳ අධ්‍යයනය කළෙමි. තෝරාගත් පාඩම වන 6 වන ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයයේ චීචෙං චුලඟෙං යමු කිරි නෑනෝ යන පාඩමට අදාළව සංකල්ප සිතියම ගොඩනැගීම සිදු කරන ලදි. සුදුසු පාඩමක් තෝරා ගැනීමට අනුව කතා රාමු පෙළ ගොඩ නැගීමසහ ඒ අනුව ගැලීම් සටහන හෙවත් ජලතරණ ව්‍යූහය
ගැලීම් සටහන නිර්මාණය කිරීම සිදුකරන ලදි. තාක්ෂණයෙන් වැඩිදියුණු කළ ඉගෙනුම් ද්‍රව්‍ය නිර්මාණය කිරීම ඉහත ක්‍රියාවලිය තුළ සිදුවිය. සකස් කරන ලද TEL ද්‍රව්‍ය ඇගයීම සඳහා පූර්ව අත්හදා බැලීමක් සිදුකරන ලදි. එය 2024.10 16 දින එක් සිසුවියක් සහ ගුරු උපදේශක තුමියක් සමග සිදු කරන ලදි. එහිදී සංශෝධන සඳහා ප්‍රතිචාර ලබානොදුන් අතර ශිෂ්‍ය කේන්ද්‍රීය මෙවැනි පාඩම් අගය කළ යුතු බව ඇය ප්‍රකාශ කළාය. නැවත මෙම TEL ද්‍රව්‍ය ක්‍රියාත්මක කිරීමේ කර්තව්‍ය 2024.10.22 වැනි දින මදුරාවල ම.වි.යේ දි සිදුවිය. සිසුන් 30 දෙනාටම පරිගණක යන්ත්‍ර නොමැති වීම නිසා දෙවාරයකදී පාඩම ක්‍රියාත්මක කිරීම සිදුවිය. 30 දෙනා අතරින් සිසුන් කිහිප දෙනෙකුට මිනිත්තු 40 දී සිදු කිරීමට නොහැකි විය. කාලය ලබා දීමෙන් අවසන් කළාය. ගුරුවරුන් තිදෙනෙකු නිරීක්ෂණ කාර්යයේ යෙදුණි. ඔවුනගේ අදහස් හා යෝජනා අනුව තාක්ෂණයෙන් ඉගෙනුම් ද්‍රව්‍ය තුළ පවතින දුබලතා අවම කර සංවර්ධනය කිරීමට උත්සාහ කරමි.
මෙම ක්‍රියාවලිය තුළින් අත්දැකීම් සමුදායක් ලබා ගතිමි. බහුමාධ්‍ය සොයා බලමින් අධ්‍යයනය කිරීමටත් නව මෘදුකාංග පිළිබඳ ඉගෙනීමෙන් අභ්‍යාස පැවරුම් තාක්ෂණ මෘදුකාංග මගින් නිර්මාණය කිරීමටත් හැකියාව ලබා ගත්තෙමි.
මුහුණ දීමට සිදුවූ අභියෝග අතර ප්‍රධානම කාරණය වූයේ මා හට ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ අඩු කුසලතාවය යි. සියලුම ඉගෙනුම් සම්පත් ඉංග්‍රීසි භාෂාවෙන් ලබාදීම නිසා ලබා ගැනීමට අවශ්‍ය සමහර ඉගෙනුම් අත්දැකීම් ලබා ගැනීමට නොහැකි විය. කෙසේ නමුත් නව අත්දැකීමක් වෘත්තීය ජීවිතයට එකතු කර ගනිමින් සතුටින් කටයුතු කළෙමි. විවිධ බාධක මැද වුවද ලබාගත් නව අත්දැකීම වෙනුවෙන් සතුට ප්‍රකාශ කරමි. මෙම අත්දැකීම් අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් කැප කිරීමට අපේක්ෂා කරමි.