අධ්‍යාපන ආයතනයක් තුළ පැනනගින ගැටලු හඳුනා ගැනීම, ඒවාට විසඳුම් සෙවීම සහ යෝග්‍ය තීරණවලට එළඹීම.
කළමනාකරණ ක්‍රියාවලියට අදාළ දැනුම හා කුසලතා භාවිතය.
වෙනස්වීම් සඳහා ඇති බලපෑම හා වෙනස්වීම් හඳුන්වාදීමට හා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කුසලතා හඳුනා ගැනීම.
සමීප පරිසරයේ ඇති පාරිසරික ගැටලු හඳුනා ගැනීම හා ඒවා සඳහා වැඩි දියුණු කිරීම් යෝජනා කිරීම.
STP9544 - ගුරු අධ්‍යාපනඥයා අධ්‍යාපන කළමනාකරුවකු සහ නායකයෙකු ලෙස
ප්රත්යවේක්ෂණ ජර්නලය
පළමු වන ඉගෙනුම් පලය
අධ්‍යාපන ආයතනයක් තුළ පැන නගින ගැටලු හඳුනා ගැනීම, ඒවාට විසඳුම් සෙවීම හා යෝග්‍ය තීරණවලට එළඹීම.
කුමක්ද?
විෂය අංක STP9544 - ගුරු අධ්‍යාපනඥයා අධ්‍යාපන කළමනාකරුවකු හා නායකයෙකු ලෙස යන විෂය යටතේ 2024.12.15 වන දින 9.00 ට පමණ ඩබ්.එම්.එස්.වීරකෝන් කථිකාචාර්ය තුමා විසින් දෙවන සමාසිකයට අදාළ පළමු දේශනය ආරම්භ කරන ලදි. දෙවන සමාසිකයේ අනෙකුත් විෂයයන් දෙක ආරම්භ වී සති තුනක් ගතවී ගියත් STP9544 විෂය සඳහා OULMS හි LOG වීමට නොහැකි වී තිබුණි. පළමු දින පාසල ආරම්භ වීමට පෙර දිනයේ දී STP9544 විෂය සඳහා OULMS හි LOG වීමට හැකි බව දැන ගන්නට ලැබුණි. එදින විෂය පිළිබඳ තොරතුරු අධ්‍යයනය කළෙමි. විෂය ගැන තවදුරටත් දැන ගැනීමට හැකිවුයේ කථිකාචාර්ය තුමාගේ දේශනය ආරම්භ වීමත් සමගිනි. අධ්‍යාපන ආයතනයක් තුළ පැන නගින ගැටලු හඳුනා ගැනීම, ඒවාට විසඳුම් සෙවීම හා යෝග්‍ය තීරණවලට එළඹීම යන පළමු ඉගෙනුම් පලයට අදාළව පළමු ඉගෙනුම් සිද්ධිමාලාව මූලික කරගනිමින් අධ්‍යයන කටයුතුවල නිරත වීමට අපව මෙහෙයවන ලදි. ඒ අනුව මූලික වශයෙන් කළමනාකරණය යනු කුමක්ද? සහ ඒ සඳහා නිර්වචන නිර්මාණය කරමින් සක්‍රිය ලෙස දින පාසල තුළ ඉගෙනුම් අත්දැකීම් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට කථිකාචාර්ය තුමා සමත් විය. සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම සහ පාලනය යන කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ මතකය අලුත් කරමින් සැලසුම් කිරීමේ දී ශදුඅත විශ්ලේෂණයක ඇති වැදගත්කම පිළිබඳ පෙන්වා දුන්නේය. එසේම ආයතනයක පැහැදිලි තීරණ ගැනීම සහ නායකත්වයේ ඇති වැදගත්කම පෙන්වා දුන් අතර තාර්කික න්‍යාය සහ කානජි න්‍යාය තීරණ ගැනීමේ දී භාවිත වන අවස්ථා පිළිබඳ අවබෝධය ලබා දුණි. මේ සෑම අවස්ථාවකදී ම බුද්ධිය හා අත්දැකීම මත නොරැඳී වෘත්තීය ජීවිතයේ දී ඉගෙන ගන්නා ලද විද්‍යාත්මක න්‍යාය භාවිත කළයුතු බව අවබෝධ කර ගැනීමට අපහසු නොවීය. මෙම න්‍යායන් පිළිබඳ අත්දැකීම් ලබාදෙන අතරතුරදී ම ඉගෙනුම් සිද්ධි මාලාව අධ්‍යයනය කරමින් කණ්ඩායම් වැඩ සඳහා අප ව සක්‍රීය කිරීමට එතුමා අමතක නොකළේය. ඒ අනුව ඉගෙනුම් සිද්ධි මාලාව අධ්‍යයනය කරමින් මතුවී ඇති ගැටලු සහ ගැටලු මතුවීමට හේතු අනාවරණය කළ අතර ඒ සඳහා සුදුසු උපායමාර්ග යෝජනා සමපදස්ථ සාකච්ඡා මගින් තීරණය විය. මේ සඳහා කළමනාකරණ ක්‍රියාවලිය, තීරණ ගැනීම විද්‍යාත්මක සහ න්‍යායාත්මක ක්‍රමවේද අනුව සකස් කිරීම සඳහාත් වෘත්තීය ව්‍යවහාරය සඳහා යොදාගන්නේ කෙසේද යන්නත් දේශකතුමන් විසින් සාකච්ඡා කරන ලදි. එතුමන්ගේ මග පෙන්වීම අනුව LMS අමතර කියවීම් හා අත්‍යවශ්‍ය කියවීම් මගින් දැනුම පෝෂණය කර ගැනීමට උත්සාහ කළෙමි. මේ අනුව කළමනාකරණ ක්‍රියාවලිය, නායකත්වය සහ තීරණ ගැනීම පිළිබඳ විද්‍යාත්මක න්‍යායන් වෘත්තීය තීරණ ගැනීමේ දී අත්‍යවශ්‍ය බවත් අත්දැකීම් හා බුද්ධියට ඉඩ විවර වන්නේ න්‍යායාත්මක දැනුමෙන් හා භාවිතයෙන් සන්නද්ධ වීම මත බවත් තහවුරු විය.
ඉතිං කුමක්ද?
ඉහත මාර්ගෝපදේශය යටතේ ලබාගත් අත්දැකීම් තවත් තහවුරු කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය හා අමතර ඉගෙනුම් අධ්‍යයනය කටයුතු ඉතා අපහසුවෙන් සිදු කිරීමට සිදුවූයේ සියලුම ඉගෙනුම් සම්පත් ඉංග්‍රීසි මාධ්‍ය යෙන් ලබා දී තිබූ බැවිනි. සමහර ඉගෙනුම් සම්පත් සිංහල මාධ්‍යයට පරිවර්තනය කිරීමේ අපහසුතා මතුවිය. එහෙත් කුඩා පරිමාණ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමටත් ඉගෙනගත් දෑ තහවුරු කරමින් අත්දැකීමක් බවට පත්කර ගැනීමටත් මහන්සි වූවෙමි. වෘත්තීය ජීවිතයේ ගුරු පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම තුළ ප්‍රායෝගික වශයෙන් කළමනාකරණ ක්‍රියාවලිය භාවිත අවස්ථා මතුවන බව අවබෝධ විය. අමතර කියවීම් සහ අත්‍යවශ්‍ය කියවීම් අධ්‍යයනයේ දී සමපදස්ථ කණ්ඩායම් සාකච්ඡා සහාය ලබා ගනිමින් අභියෝග මගහරවා ගනිමින් කටයුතු කිරීමට උත්සාහ කළෙමි. ලබාගත් ඉගෙනුම් අත්දැකීම් උදව් කර ගනිමින් කුඩා පරිමාණ ව්‍යාපෘතිය සාර්ථක ලෙස නිම කළෙමි.
දැන් කුමක්ද?
මෙම අත්දැකීම තුළින් මා තුළ ඇති වූ ප්රබෝධාත්මක හැඟීම වූයේ පශ්චාත් අපාධි අධ්‍යාපන කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ උගත් දෑ නැවත් සිහිපත් වීම හේතුවෙනි. අධ්‍යාපන පද්ධතියේ නායකයන් ලෙස කටයුතු කිරීමේ දී නායකත්වය සහ කළමනාකරණය ඉතාමත් අත්‍යවශ්‍ය වන සධකයන් වේ. සෑම අවස්ථාවක දීම පැහැදිලි තීරණ ගැනීම සඳහා මෙම සංකල්ප පිළිබඳ අවබෝධය අවශ්‍ය වනු ඇත. කළමනාකරණ මූලිකාංග මෙන්ම ඒ හා බැඳි විවිධ න්‍යායාත්මක කරුණු ප්‍රායෝගික වශයෙන් අත්හදා බැලීමට වෘත්තීය ජීවිතයේ විවිධ අවස්ථා තෝතැන්නක් කර ගත හැකිය. එසේම ගුරු පුහුණු අවස්ථා සඳහා දේශන සැලසුම් කිරිමේ දී උගත් පාඩම් මනා පිටිවහලක් වනු ඇත. මේ අනුව අධ්‍යාපන පද්ධතියේ බොහෝ අවස්ථාවලදී නායකත්වය සහ තීරණ ගැනීමේ හැකියාවේ සාර්ථකත්වය සඳහා ලබාගත් අත්දැකීම් වෘත්තීය ජීවිතයේ ප්‍රායෝගික භාවිතය තුළින් විද්‍යමාන කිරීමට හැකිවෙතැයි බලාපොරොත්තු වෙමි.
දින පාසලට සම්බන්ධ වීම
සහ
අත්‍යවශ්‍ය කියවීම්
STP9544 - ගුරු අධ්‍යාපනඥයා අධ්‍යාපන කළමනාකරුවකු සහ නායකයෙකු ලෙස
දෙවන ඉගෙනුම් පලය - කළමනාකරණ ක්‍රියාවලියට අදාළ දැනුම හා කුසලතා භාවිතය
කුමක්ද?
පළමු දින දින පාසල තුළ දී කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ අත්දැකීම් ලබාදීමට කථිකාචාර්ය තුමා කණ්ඩායම් ක්‍රියාකාරකම්වල සක්‍රීයව නිරත කරවමින් කළ උත්සාහය සාර්ථක ලෙස අත්වින්ඳෙමි. එම උත්සාහය සාර්ථක වීම සඳහා දේශනය අතරතුර දී විද්‍යුත් සමර්පණ (presentations) භාවිත කිරීම මනා පිටිවහලක් විය. එහිදී කළමනාකරණය හැඳින්වීම, කළමනාකරණ න්‍යාය, මූලධර්ම සහ සංකල්ප පිළබඳ නව ඉගෙනුම් අත්දැකීම් ලැබුවා සේම ඉගෙන ගත් අමතක වූ කරුණු මතකය අලුත් කිරීමට ද හේතුවිය. කළමනාකරණය යන්න පුළුල් සංකල්පය පිළිබඳ නිර්වචනයක් ගොඩ නැගීම සහ ඊට සරිලන භාවිතයන් පිළිබඳ අවබෝධය ව්‍යවහාරික වශයෙන් භාවිත කිරීම වෘත්තිකයන් ලෙස අපහට කොපමණ වැදගත් වන්නේද යන්න පැහැදිලි විය. මෙහිදී මූලික කළමනාකරණ න්‍යායන් අතර සම්භාව්‍ය සංවිධාන න්‍යාය, සම්බන්ධතා සිද්ධාන්ත න්‍යාය සහ පද්ධති සිද්ධාන්ත න්‍යාය යටතේ විවිධ න්‍යායවාදීන් විසින් ඉදිරිපත් කර ඇති දැනුම අත්දැකීමක් බවට පත්කර ගැනීමට විද්‍යුත් සමර්පණ (presentations) නැරඹීම සහ අධ්‍යයනය කිරීම පසුගිය සති කිහිපය තුළ සිදුවිය. ඒ යටතේ කළමනාකරණ ක්‍රියාවලියේ මූලිකාංග වන සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම සහ පාලනය යන කොටස් භාවිතය පිළිබඳ අත්දැකීම් සමග මුසුකර ගනිමින් අවබෝධ කරගැනීමට අපහසු නොවීය.
නායකත්වය ද කළමනාකරණ සංකල්පය සේම වැදගත් සංකල්පයකි. කළමනාකරණය පුළුල් සංකල්පයක් වන අතර නායකත්වය එ් යටතේ පවතින එක් කුලකයක් ලෙස ගත හැකිය. එනම් නායකත්වය යනු කළමනාකරණයෙහි එක් කුඩා කාර්යයක් හෝ ක්‍රියාවලියක් ලෙස ගත හැකිය. නායකත්ව න්‍යායයේ විකාශනය න්‍යායන් හතක් යටතේ අවබෝධය ලබාදීමට උදව් වී ඇත. සාර්ථක නායකත්වයක මූලිකාංග ලෙස දැක්ම, විශ්වාසය, බලය සහ සන්නිවේදනය යන කුළුණු වැදගත් වන ආකාරය අධ්‍යයනය කළෙමි. ඒ අනුව ගුරු අධ්‍යාපනඥයා අධ්‍යාපන කළමනාකරුවකු වශයෙන් හා නායකයෙකු වශයෙන් කටයුතු කිරීමේ දී අත්දැකීම් භාවිතයට ගැනීම පමණක් නොව අත්‍යවශ්‍යය වන්නා වූ මෙම සංකල්ප හා අදාළ වන්නා වූ විද්‍යාත්මක සහ න්‍යායාත්මක පදනම පිළිබඳ දැනුම්වත් වීම සහ ව්‍යවහාරයේ දී ඒවා භාවිත කිරීම අවශ්‍ය බව අත්දැකීම් ලැබුවෙමි. ඒ යටතේ කළමනාකරණය, නායකත්වය සහ තීරණ ගැනීම යන සංකල්ප පිළිබඳ අවබෝධය ලබා ගැනීමට ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය තුළ උඩුගත කරන ලද විද්‍යුත් සමර්පණ මනා පිටිවහලක් විය. මේ අනුව අවබෝධ කරගත් කළමනාකරණ සංකල්ප, නායකත්ව සංකල්ප සහ න්‍යායන් තීරණ ගැනීමේ නව සංකල්ප සහ න්‍යායන් අනාගත වෘත්තීය ගමන් මග පහසු කරවන අවස්ථාවන් වනු ඇත. කුඩා පරිමාණ ව්‍යාපෘතියේ දෙවන කොටස තුළ වෘත්තීය ජීවිතය තුළ ලබාගත් අත්දැකීම් ප්රත්යවේක්ෂණය කිරීමේ දී මෙම ඉගෙන ගත් කළමනාකරණ න්‍යායන් කොතෙක් දුරට භාවිත කර ඇති ද යන්න ගම්‍යමාන විය.
ඉතිං කුමක්ද?
පසුගිය සති කිහිපය තුළ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය තුළ අත්‍යවශ්‍ය කියවීම් අධ්‍යයනය කිරීම මගින් ඉගෙනුම් අත්දැකීම් මා සතු කර ගැනීමට වැඩි වෙහෙසක් දැරීමට සිදුවිය. අත්‍යවශ්‍ය කියවීම් ලිපි කිසිවක් Google Translating කර ගැනීමට අපහසු වීම ඊට හේතු විය. අධ්‍යයන පාඨමාලාව සඳහා සිංහල මාධ්‍යය ඉල්ලුම් කල ශිෂ්‍යයන් ලෙස අපහට එම ඉගෙනුම් අත්දැකීම් ලබා ගැනීමට වැඩි ප්රයත්නයක් දැරීමට සිදුවීමත් කාර්යබහුල අපහට වැඩි කාලයක් යෙදවීමත් ගැටලුවකි. නමුත් අවශ්‍ය ඉගෙනුම් අත්දැකීම් ලබාගැනීම සඳහා අවශ්‍ය බැවින් Google lens භාවිත කර සිංහල පරිවර්තන සිදුකර ගනිමින් එම අභියෝගයට විසඳුම් ලබා ගත්තෙමි. එසේම වෙනත් විෂයයන්හි බෝහෝ දුරට සියලුම ඉගෙනුම් සම්පත් ඉංග්රීිසි මාධ්‍යයෙන් ලබා දී තිබීම මහත් ගැටලුකාරී තත්ත්වයක් වුවද ඉන් ස්වල්ප වශයෙන් හෝ මිදීමට Google Translating භාවිත කර පරිවර්තනය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට උත්සාහ ගෙන තිබීම සතුටට කාරණයකි.
දැන් කුමක්ද?
දින පාසල තුළ දී සිද්ධි අධ්‍යයනය තුළින් ඉගෙනුම් ක්‍රියාකාරකම් සක්‍රීයව සිදුකරමින් කණ්ඩායම් වශයෙන් කටයුතු කිරීම සමපදස්ථ අදහස් තුළින් පෝෂණය වීමට යහපත් පදනමක් සපයයි. එසේම ඉගෙනුම් අත්දැකීම් එදිනෙදා වෘත්තීය ක්‍රියාකාරිත්වය තුළ ඉතාමත් වැදගත් වන බව කිව යුතුමය. ඉගෙනගත් දෑ වෘත්තීය අත්දැකීමක් බවට පත්කීරීමට අවශ්‍ය වන්නේ මා හට ගුරු අධ්‍යාපන ක්ෂේත්රය තුළ ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතුවල නිරත වීමට සිදුවන බැවිනි. එමනිසා මෙම ලබා ගන්නා ඉගෙනුම් අත්දැකීම් වෘත්තීය ජීවිතයේ පෝෂණය සඳහා මනා පිටිවහලක් වන්නේය.
සාක්ෂි
දින පාසලට ක්‍රියාකාරීව සම්බන්ධ වීම
Essential reading
Essential reading
file:///C:/Users/Nalika/Downloads/STP9544-Essential%20Reading_1%20(Leadership%20Role)%20(1).pdf
Essential reading
ගුරු අධ්‍යාපනඥයා අධ්‍යාපන කළමනාකරුවකු සහ නායකයෙකු ලෙස
තෙවන ඉගෙනුම් පලය
වෙනස්වීම් සඳහා ඇති බලපැම හා වෙනස්කම් හඳුන්වා දීමට හා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කුසලතා හඳුනා ගැනීම.
කුමක්ද?
විෂය අංක STP9544 - ගුරු අධ්‍යාපනඥයා අධ්‍යාපන කළමනාකරුවකු හා නායකයෙකු ලෙස යන විෂය යටතේ 2025.02.08 වන දින 9.00 ට පමණ ඩබ්.එම්.එස්.වීරකෝන් කථිකාචාර්ය තුමා විසින් දෙවන සමාසිකයට අදාළ දෙවන දේශනය ආරම්භ කරන ලදි.
ඉගෙනුම් සිද්ධි මාලාව අධ්‍යයනය කරමින් මායා විද්‍යා පීඨයේ අවශ්‍යතා අනුව ගුරු සංවර්ධන වැඩසටහන් සංවිධානය කිරීම සහ ඒ සඳහා ක්‍රියාකාරි සැලැස්ම සකස් කිරීම සඳහා අවශ්‍ය මගපෙන්වීම මෙම දින පාසල තුළින් ලබා ගැනීමට හැකිවිය. එසේම ඒ සඳහා අවශ්‍යතා විශ්ලේෂණ, ශදුඅත විශ්ලේෂණය සහ පරිසර විශ්ලේෂණය සිදු කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කළේය. එසේම වෙනස්වීම් කළමනාකරණය ආයතනයක පොදු දෙයක් වුව ද වෙනස් වීමට පවතින අපහසුතාවය පිළිබඳ සාකච්ඡා විය. ඒ සඳහා වෙනස්වීම් කළමනාකරණ න්‍යායන් කොතරම් දුරට වැදගත් වනවාද යන්න සාකච්ඡා කරන ලදි.
ඉතිං කුමක්ද?
වෙනස්වීම් කළමනාකරණය වෘත්තීය රාජකාරී කටයුතු සඳහා කොපමණ වැදගත් වන්නේ දැයි අවබෝධ කර ගැනීමට එදින දින පාසල මනා පිටිවහලක් විය. මෙම වෙනස්වීම් කළමනාකරණ න්‍යායන් වන ලෙවින්ගේ වෙනස්වීම් කළමනාකරණ න්‍යාය, Kotter’s කළමනාකරණ න්‍යාය, ADKAR Model සහ PDCA Model යන අකෘතීන් අධ්‍යයනය කිරීමේ දී වෘත්තීය ජීවිතයේ දී ඒවා භාවිතයට ගත යුතු ආකාරය අවබෝධ විය. එසේම වෙනස්වීම් කළමනාකරණය තුළදී ඒ සඳහා වන ප්රතිවිරෝදය පිළිබඳ අවබෝධය අත්‍යවශ්‍ය වන ආකාරය මැනවින් වටහා දීමට දේශක තුමන් සමත් විය.දේශකතුමන් විද්‍යුත් සමර්පණ භාවිත කරමින් ඉගෙනුම් අත්දැකීමක් බවට පත්කිරීමට සමත් වූවේය. මේ සඳහා ලබා දී ඇති ඉගෙනුම් සම්පත් අමතර කියවීම් සහ අත්‍යවශ්‍ය කියවීම් මෙම ලබාගත් ඉගෙනුම් අත්දැකීම් පෝෂණය කිරීමට මනා පිටිවහලක් වන්නේය. එහෙත් එම ඉගෙනුම් සම්පත් images ලෙස ලබාදී තිබු නිසා බාගත කර ගැනීමට නොහැකි වීම මාගේ නොදැනුවත්කම නිසා දෝයි මම සැකයෙන් පසුවීමි.ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබාදී තිබූ අත්‍යවශ්‍ය කියවීම් බාගත කර පරිවර්තනය කර ගැනීමට නොහැකි වීම නිසා සාර්ථක ලෙස ඉගෙනුම් අත්දැකීම් ලබාගැනීමට බාධාවක් විය.
දැන් කුමක්ද?
වෙනස්වීම් කළමනාකරණය පිළිබඳ අධ්‍යයනය කරමින් ලබාගත් ඉගෙනුම් අත්දැකීම් වෘත්තීය ජීවිතයට ඉතා වැදගත් බව අවබෝධ විය. ලබා දී ඇති ඉගෙනුම් සම්පත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබාදී තිබීම ගැටලුකාරි තත්ත්වයක් විය. සමහර ඉගෙනුම් සම්පත් සිංහල භාෂාවෙන් ලබා දී තිබීම ද අධ්‍යයන කටයුතු පහසු කිරීමට හේතුවක් වේ. ලබාගත් ඉගෙනුම් අත්දැකීම් වෘත්තීය ජීවිතයට පන්නරයක් කර ගැනීම තුළින් වඩාත් සාර්ථක කාර්යයන් හි නියැලිය හැකි බව සතුටින් සිහිපත් කරමි.
දින පාසල තුළ සක්‍රිය සහභාගිත්වය
හතරවන ඉගෙනුම් පලය
සමීප පරිසරයේ ඇති පාරිසරික ගැටලු හඳුනා ගැනීම හා ඒවා සඳහා වැඩි දියුණු කිරීම් යෝජනා කිරීම්.
විෂය අංක STP9544 - ගුරු අධ්‍යාපනඥයා අධ්‍යාපන කළමනාකරුවකු හා නායකයෙකු ලෙස යන විෂය යටතේ 2025.03.22 වන දින පෙ.ව. 9.00 ට පමණ ඩබ්.එම්.එස්.වීරකෝන් කථිකාචාර්ය තුමා විසින් දෙවන සමාසිකයට අදාළ තෙවන දේශනය ආරම්භ කරන ලදි.
කුමක්ද?
පළමුවෙන්ම දෙවන කුඩා පරිමාණ ව්‍යාපෘතිය ඉදිරිපත් කිරීම පිළිබඳ අදහස් දක්වමින් සියලු දෙනාගේ උත්සාහයන් අගය කරමින් තෙවන කුඩා පරිමාණ ව්‍යාපෘතිය සැලසුම් කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශය ලබාදීම සිදුවිය. දෙවන ඉගෙනුම් සිද්ධා මාලාව අධ්‍යයනය කිරීම තුළින් ලබාගත් ඉගෙනුම් අත්දැකීම් පෙරටු කරමින් මායා අධ්‍යාපන පීඨයේ වෙනස්වීම් කළමනාකරණය සඳහා ගුරු අධ්‍යාපනඥයා කෙසේ ක්‍රියා කළ යුතු ද යන්න අවබෝධ කරගැනීමට අපහට හැකි විය. එහිදී වෙනස්වීම් කළමනාකරණය පිළිබඳ සාකච්ඡා කරමින් ඒ පිළිබඳ දැනුවත් කිරීමට දේශක තුමන් සමත් විය . එදින පුද්ගල ක්‍රියාකාරකම් සිදුකර ඉදිරිපත් කිරීම සිදු කරන ලද අතර එම අත්දැකීම් සෑම දෙනාගේ ම පෝෂණය සඳහා මහඟු අත්වැලක් ලබාදීමට සමත් විය. ගුරු අධ්‍යාපනඥයා වෙනස්වීම් නියෝජිතයකු ලෙස (Change Agent) කටයුතු කළ යුතු ආකාරය අවබෝධ කර ගැනීමට එදින දින පාසල මනා පිටිවහලක් විය. එසේම තෙවන කුඩා පරිමාණ ව්‍යාපෘතිය සඳහා වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම ලබාදීමට අමතක නොකළේය. මෙම විෂය තුළින් ලබාගත් ඉගෙනුම් අත්දැකීම් වෘත්තීය ජීවිතයේ කාර්යයන් ඉටු කිරීමට පිටිවහලක් කර ගැනීමට හැකිවේ. මාගේ වෘත්තීය ජීවිතය තුළ ඇත්තේ ගුරුවරයාගේ වෘත්තීය සංවර්ධනය සිදුකිරීම ය. එනම් වෙනස්වීම් කාරකයකු ලෙස වැඩිහිටි අධ්‍යාපිතයන් සහ පාසල් පද්ධතිය තුළ වෙනස්වීම් කළමනාකරණය සඳහා මැදිහත් වීමය. එහිදී මෙම විෂය තුළ ඉගෙනුම් අත්දැකීම් ලැබූ වෙනස්කම් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා භාවිත කිරීමට සුදුසු උපායමාර්ගවල ශාස්ත්‍රීය විෂය දැනුම Kurt Lewin’s change Management Model ,ADKAR Model, AI Model, Kotter’s Change Model & PDCA Model වැනි ආකෘති ව්‍යවහාරික ලෙස යොදාගනිමින් හඳුනා ගන්නා පාරිසරික ගැටලු සඳහා විසඳුම් සෙවීමට ඇති හැකියාව අවබෝධ කර ගැනීමට හැකිවීම පිළිබඳ මා තුළ ඇත්තේ සන්තෝෂයකි.
ඉතිං කුමක්ද?
ආයතනයක වෙනස් කිරීම් සඳහා උපාය මාර්ග සෙවීමේ දී අභ්‍යන්තර හා බාහිර සාධක පිළිබඳ සැලකිලිමත් විය යුතු ආකාරයත් පරිසරයේ ඇති පාරිසරික ගැටලු හඳුනා ගැනීම හා ඒවා සඳහා වැඩි දියුණු කිරීම් සඳහා පරිසර විශ්ලේෂණ මගින් උපායමාර්ග තීරණය කළ යුතු බවත් අවබෝධ විය. ආයතනයක වෙනස්වීම් කළමනාකරණය කිරීමේ දී මතුවන ප්රතිරෝධයන් වෙත ප්‍රතිචාර දැක්විය යුතු ආකාරයත් මෙම වෙනස්වීම් කළමනාකරණය පිළිබඳ ඉගෙනුම් අත්දැකීම් ලබා ගැනීමට හැකිවීම පිළිබඳවත් සතුටු වෙමි. එසේම පාරිසරික ගැටලු හඳුනාගැනීමේ දී අභ්‍යන්තර සාධක ලෙස සංස්කාතික සාධක, සේවක කුසලතා හා නිපුණතා, ඵලදායී සන්නිවේදනය සහ පාර්ශවකරුවන්ගේ සහභාගිත්වය යනාදී කොන්දේසි කෙරෙහි මෙන්ම භාහිර සාධක වන තාක්ෂණික දියුණුව, සමාජීය හා සංස්කෘතික වෙනස්කම් සහ දේශපාලන සහ ගෝලීය වෙනස්කම් පිළිබඳ අවධානය යොමුවිය යුතු බව අවබෝධ විය. මේ අනුව කොතරම් බාධක හමුවේ වුවද මෙම අවස්ථා ලබාගැනීම පුද්ගලික සහ වෘත්තීය සංවර්ධනය සඳහා පිටිවහලක් වෙයි.
දැන් කුමක්ද?
වෙනස්කම් සිදුකිරීමේ දී වඩාත් සාර්ථකව සිදු කිරීම සඳහා බලපාන පාරිසරික ගැටලු පිළිබඳවත් ඒවාට සාර්ථකව විසඳුම් සොයා ගැනීමට න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාගැනීමට මෙම ඉගෙනුම් අත්දැකීම් සහාය වෙයි. වෙනස්වීමට ඇති බාධක ජයගෙන නායකයෙකු ලෙස කටයුතු කිරීමේ දි අවශ්‍ය කුසලතා සංවර්ධනය කරගනිමින් වෘත්තීය ජීවිතයට සාධාරණයක් ඉටුකිරීමට මෙම විෂය දැනුම මහඟු අත්වැලක් වන බව කිවයුතුමය. එසේම කථිකාචාර්ය තුමන්ගේ දේශන සාකච්ඡා අධ්‍යාපන වෘත්තිකයන් වන අප සැම උපස්ථම්භනය කිරීමටත් ඇගයීම් වටිනාකමක් ලබා දෙමින් මානසික සන්තුෂ්ටිය ගෙන දීමටත් සමත් වූවා යැයි කීම අතිශෝක්තියක් නොවන බව කිවයුතුම ය. එදින දින පාසල වෘත්තීය ජීවිතයට නව අත්දැකීම් සමූහයක් එකතු කරමින් සතුටු සිතින් නිමාවට පත්විය.
දින පාසල තුළ දී ලබාගත් අත්දැකීම් සමූහය අතරින් කිහිපයක්
කණ්ඩායම් ක්‍රියාකාරකම් අවස්ථාවක්
සමස්ත ප්රත්යවේක්ෂණය STP9544
ශ්‍රී ලංකා විවෘත විශ්වද්යාලයේ අධ්යාබන පීඨය මගින් මෙහෙයවනු ලබන ගුරු අධ්‍යාපනපති උපාධි පාඨමාලාවේ දෙවන සමාසිකයට අයත් විෂය අංක STP9544 - ගුරු අධ්‍යාපනඥයා අධ්‍යාපන කළමනාකරුවෙකු හා නායකයෙකු ලෙස යන විෂයය මාර්ගගත දින පාසල් 3ක් හා සම්බන්ධ වෙමින් ඉගෙනුම් අත්දැකීම් ලබාගත්තෙමි. කථිකාචාර්ය W.M.S. වීරකෝන් මහතාගේ සතුටු දිනපාසල් මානසික පීඩනයකින් තොරව මානසික ප්රබෝධයකින් යුතුව වැඩිහිටි වෘත්තිකයන් වන අපහට කටයුතු කිරීමට හැකියාව ලැබුණි. මෙම විෂයට ඉගෙනුම් පල 4 ක් අයත් වන අතර ඒවා සාක්ෂාත් කර ගැනීමට සිද්ධි අධ්‍යයන 02ක්, දින පාසල්, මාර්ගගත ඉගෙනුම් සම්පත් තුළින් ලබාදුන් අතිරේක සහ අත්‍යවශ්‍ය කියවීම් සහ විවෘත අධ්‍යාපනික සම්පත් මනා පිටිවහලක් විය. ඒවගේම සමහර අවස්ථාවල ලබාදී තිබූ අත්‍යවශ්‍ය කියවීම් Image වශයෙන් ලබා දී තිබූ නිසා Download කර ගැනීමට නොහැකි විය. ලබාදුන් දැනුම තක්සේරු කිරීම සඳහා කුඩා පරිමාණ ව්‍යාපෘති 3ක් යටතේ ලිඛිත පැවරුම් සහ වාචික ඉදිරිපත්කිරීම් මගින් එම අවශ්‍යතා සම්පූර්ණ කරන ලදි. ගුරු අධ්‍යාපනඥයින් අධ්‍යාපන පද්ධතියේ නායකයන් සහ කළමනාකරුවන් ලෙස කටයුතු කිරීමේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ශාස්ත්‍රීය දැනුමින් සහ ප්‍රායෝගික ව්‍යවහාරය තුළින් මැනවින් ඉගෙනුම් අත්දැකීම් ලබාදීමට එතුමා සමත් වූවා යැයි කීම නිවැරැදි ය. සමස්තයක් වශයෙන් ගත්කල ගුරු අධ්‍යාපනඥයා අධ්‍යාපන කළමනාකරුවෙකු හා නායකයෙකු ලෙස යන විෂයට සාදාරණත්වයක් ලබා දෙමින් අපගේ මනස වෙහෙසකර පීඩාවකින් තොරව තබා ගනිමින් අවශ්‍ය ඉගෙනුම් අත්දැකීම් ලබාදීමට අපේ සර් සමත් වූවා යැයි මා පවසන්නේ ඉතා සතුටිනි. මෙම විෂය ඉගෙනීම තුළින් ලබාගත් ඉගෙනුම් අත්දැකීම් වෘත්තීය ව්‍යවහාරයන් තුළට එකතු කර ගනිමින් අනාගත ගුරු වෘත්තිකයන් වෙනුවෙන් ලබාදීමට අපේක්ෂාවෙන් පසුවෙමි.