ඉගෙනුම් පල
1.විෂයමාලා සංවර්ධනය පිළිබඳ සංකල්ප, න්‍යායන් ආකෘති ප්‍රවේශ හා සංවිධාන මූලධර්ම අනුව පවත්නා පාසල් විෂයමාලාව විචාරාත්මකව සමාලෝචනය කිරීමට දනියි.
2.විෂයමාලා ඛණ්ඩයක් සැලසුම් කිරීමට,පිරිසැලසුම් කිරීමට හා සංවර්ධනය කිරීමට දනියි.
3.පිරිසැලසුම් කරන ලද විෂයමාලා වලංගු කිරීමට හා ඒවා ප්‍රතිශෝධනය කිරීමට දනියි.
4. විෂයමාලාවක් ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් පිළියෙල කිරීමට දනියි.
5.විෂයමාලා කටයුතුවලට අදාළ විවිධ ගැටලු විසඳීමට ද ඔබට හැකියාව ලැබෙනු ඇත.
ප්රත්යවේක්ෂණ ජර්නලය 2024.05.04
2024.05.04 දින උදෑසන 9.00 ට පමණ STP 9541- ගුරු අධ්‍යාපනඥයා විෂයමාලා සංවර්ධකයකු ලෙස යන විෂය හඳුන්වා දෙමින් ඩබ්.එම්.එස් .වනසිංහ කථිකාචාර්ය තුමා පළමු දින පාසල මාර්ගගත දේශනය ආරම්භ කළේය. එම අවස්ථාවේ දී මාර්ගගත දේශනය අතර තුරදී තමාව හඳුන්වා දී උඩුගත කිරීමට අපහට උපදෙස් ලබා දීම සිදුවිය. විෂය පිළිබඳ හඳුන්වා දෙමින් ඉගෙනුම් පල සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය මග පෙන්වීම සිදු කළේය.
පළමුවන ඉගෙනුම් පලය : විෂයමාලා සංවර්ධනය පිළිබඳ සංකල්ප, න්‍යායන්, ආකෘති, ප්‍රවේශ හා සංවිධාන මූලධර්ම අනුව පවත්නා පාසල් විෂයමාලා විචාරාත්මකව සමාලෝචනය කිරීම.
කුමක්ද?
ඉහත ඉගෙනුම් පලය සාක්ෂාත් කර ගැනීම සඳහා විෂයමාලා සංවර්ධනය පිළිබඳ විචාරාත්මක ව සමාලෝචනය කිරීමට අවශ්‍ය මග පෙන්වීම කථිකාචාර්ය තුමා විසින් සිදු කරන ලදි. කණ්ඩායම් ක්‍රියාකාරකම් මගින් විෂය සංකල්ප ඉදිරිපත් කිරිමේ අවස්ථා ලබා දීම සිදුවිය. එහිදී විෂයමාලාව යනු කුමක්ද? යන්න සාකච්ඡා කරමින් නිර්වචන ගොඩ නැගිම සිදු කළෙමු. විෂයමාලා ආකෘති පිළිබඳව සාකච්ඡා කිරිමෙන් අනතුරුව කණ්ඩායම් වශයෙන් පවතින විෂයමාලාවක් විශ්ලේෂණය සිදුකරමින් උඩුගත කිරීම සිදු කළෙමු. විෂයමාලාව යනු කුමක්ද යන්න සහ විෂයමාලා නිර්වචන විකාශනය වී ඇති ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මෙම අවස්ථාව මනා පිටිවහලක් විය. විෂයමාලාව නිර්වචනය කිරීමේ හැකියාව ලබා ගත්තෙමි. එසේම විෂයමාලාවේ විවිධ ස්වරූප, විෂයමාලා සංවර්ධනයේ අංග සහ සැලසුම් ආකෘති පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මෙම හෝරා කිහිපය වඩා ප්‍රයෝජනවත් විය.
ඉතිං කුමක්ද?
මෙම දින පාසලට සහභාගිවිමෙන් පසු විෂයමාලා සංවර්ධනයට අදාළ සංකල්ප පිළිබඳ අවබෝධයක් ලබා ගත්තෙමි. එසේම එ් පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමට පෙළඹුණෙමි. තවද විෂයමාලාවේ විවිධ ආකෘති, විවිධ ස්වරූප, විෂයමාලා සංවිධාන රටා පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට මෙම දිනය තුළ සිදුකළ ක්‍රියාකාරකම් පිටිවහලක් විය. වර්තමානයේ පවතින තෝරාගත් විෂයමාලාවක් විෂයමාලා ආකෘතියකට අනුව විශ්ලේෂණය කිරීමට හැකියාව ලබා ගත්තෙමි.
දැන් කුමක්ද?
ගුරු අධ්‍යාපනඥයා විෂයමාලා සංවර්ධකයකු ලෙස කටයුතු කිරීම සඳහා අවශ්‍ය මගපෙන්වීම යටතේ කුඩා පරිමාණ ව්‍යාපෘතිය සකස් කිිරීමට අවශ්‍ය දැනුම ලබා ගත්තෙමි. එහිදී ඉගෙනුම් සම්පත් භාවිතය පිළිබඳ දැනුම ලබා ගත් අතර වැඩිදුර අධ්‍යයනය කිරීම අවශ්‍ය බව මා හට අවබෝධ විය. මූලික හැඳින්වීම අනුව ඉගෙනුම් සම්පත් භාවිත කරමින් ඉදිරි විෂය කටයුතු කිරීමට කිරීමට බලාපොරොත්තු වෙමි.
ඉගෙනුම් අත්දැකීම් ලබාගත් අවස්ථා
දෙවන ඉගෙනුම් පලය - විෂයමාලා ඛණ්ඩයක් සැලසුම් කිරීම, පිරිසැලසුම් කිරීම, හා සංවර්ධනය කිරීම.
කුමක්ද?
මෙම විෂයට අදාළ දෙවන දින පාසල 2024.07.07 වන අද දින මහාචාර්ය ඩබ්.එම්.එස්.වනසිංහ මහතා විසින් පෙ.ව. 9.00 ට පමණ ආරම්භ කරන ලදි. ප්‍රථමයෙන්ම අප විසින් ඉදිරිපත් කරන ලද පළමු කුඩා පරිමාණ ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් එහි සිදු වූ අඩුපාඩු, දුර්වලතා සම්බන්ධයෙන් දැනුම්වත් කරන ලදී. ඉන් අනතුරුව දෙවන දින පාසලට අදාළ ව විෂයමාලාව ප්‍රතිසැලසුම් කරන ආකාරය පිළිබඳ ව සාකච්ඡා කරන ලදී.
ඉතිං කුමක්ද?
නව විෂයමාලාව හඳුන්වාදීමේ දී කඩිසර දේශීය අවශ්‍යතාවය හඳුනා ගෙන සිසුන් තුළ ධනාත්මක ආකල්ප ලබා දීමේ උවමනාව මත නව විෂයමාලාවක් සැලසුම් කිරීමට සාකච්ඡා කරන ලදී. නව විෂයමාලාවක් හඳුන්වා දීමේ දී තම විෂය සඳහා නමක් යෝජනා කිරීමට අවස්ථාව ලබා දුන් අතර අප විසින් නම් යෝජනා කරන ලදි. එහිදී එහි පවතින අඩුපාඩු හා සුදුසු නුසුදුසු තත්ත්ව පිළිබඳ කථිකාචාර්ය තුමා විසින් සාකච්ඡා කරන ලදි. එසේම නව විෂය සඳහා පරමාර්ථ අනුව අරමුණු, තේමා විෂය සන්දර්භය, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේද, ක්‍රම ශිල්ප සහ ඇගයීම හා තක්සේරු කරන ක්‍රම පිළිබඳ අවධානය යොමු කරමින් ක්‍රියාකාරී සැලසුම් කිරීම පිළිබඳ දැනුම්වත් කරන ලදී. කණ්ඩායම් ක්‍රියාකාරකම් වශයෙන් පළමුවැන්න ක්‍රියාකාරී සැලැස්ම සකස් කර කණ්ඩායම් විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාකච්ඡා කරන ලදී. කථිකාචාර්යතුමා විසින් එහි පවතින දුර්වලතා සාකච්ඡා කරමින් අපහට අත්දැකීම් බෙදා ගන්නට උපකාරී කළේය. එසේම නව විෂයමාලාව හඳුන්වාදීමේ දී අවශ්‍යතා විශ්ලේෂණයක් සිදු කළ යුතු බවත් එය සකස් කර ගතයුතු ආකාරය සහ දත්ත විශ්ලේෂණය සිදු කරන ආකාරය පිළිබඳ ව සාකච්ඡා කළේය.
දැන් කුමක්ද?
ඉහත ඉගැන්වීම් තුළින් ලබාගත් අත්දැකීම් අනුව නව විෂයමාලාව සැලසුම් කිරීමට අවශ්‍ය වන්නා වූ ලිපි ලේඛන සකස් කිරීම සහ සූදානම්වීමට අවශ්‍ය පසුතලය නිර්මාණය කර දෙමින් උපදෙස් ලබාදීමට දේශක තුමා අමතක නොකළේය. ඒ අනුව අවශ්‍යතා විශ්ලේෂණය ප්‍රශ්න සැලසුම් කර දිය යුතු අතර එම දත්ත විශ්ලේෂණය කර නව විෂයමාලාවේ සිසු අවශ්‍යතා තීරණය කිරීමට සිදුවේ. ඒ අනුව ඉදිරි වැඩ කටයුතු සැලසුම් කර ගනිමින් පසු වෙමි. මෙම පාඨමාලාවේ රැකියා නියුක්තිකයන් ලෙස ඉගෙනුම් සම්පත් පරිහරණය කිරීමට අවශ්‍ය කාලය මඳ බවක් දැනෙයි.මන්දයත් අප කණ්ඩායම සිංහල භාෂා මාධ්‍ය පාඨමාලාධාරීන් වුවත් අවශ්‍ය ඉගෙනුම් සම්පත් බොහොමයක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබාදීම කාලය වැඩිපුර වැය වී එය අධ්‍යයනය කිරීමට අපහසු අභියෝගයක් බවට පත්කර ඇත.
2024.08.04 - ඉගෙනුම් පලය 3 - පිරිසැලසුම් කරන ලද විෂයමාලා වලංගු කිරීමට හා ඒවා ප්‍රතිශෝධනය කිරීමට දනියි.
කුමක්ද?
අද දින පැවැත්වූ මාර්ග ගත දේශනය තෙවන දින පාසලට අදාළ වූ අතර එය ඩබ්.එම්.එස්.වනසිංහ කථිකාචාර්යතුමා විසින් 9.00- 4.15 දක්වා සිදු කරන ලදී. විෂයමාලා කෙටුම්පත සකස් කිරීම සඳහා ඉගෙනුම් අත්දැකීම් ලබාදීම මෙදින සිදු කරන ලදි.
ඉතිං කුමක්ද?
මෙම විෂයට අදාළ අවශ්‍යතා විශ්ලේෂණය පෙර දිනක සාකච්ඡා කළ අතර අද දින ද ඒ පිළිබඳ අත්දැකීම් ලබාදීමට දේශක තුමන් පියවර ගත්තේ ය. එහිදී කණ්ඩායමක් එක් විෂයකට අදාළ වන අවශ්‍යතා විශ්ලේෂණය සඳහා ප්‍රශ්නාවලියක් ගොඩනගා කණ්ඩායම් වශයෙන් ඉදිරිපත් කිරීම සිදුවිය. දෙවන කණ්ඩායම් ක්‍රියාකාරකම් විෂය මාතෘකා පිළිබඳ එනම් තේමා පිළිබඳ සාකච්ඡා කිරීමේ දී සමපදස්ථ අදහස් හා තර්ක විතර්ක හමුවේ තෝරාගත් එක් විෂයයක් සඳහා තේමා සකස් කර කණ්ඩායම් වශයෙන් ඉදිරිපත් කිරීම සිදු කරන ලදි. කඩිසර දේශයට අවශ්‍ය විෂයමාලාවක් සකස් කිරීමේ දී ඒ පිළිබඳ සොයා බැලීමට සිදුකරනු ලබන අවශ්‍යතා විශ්ලේෂණ සැකසීම සඳහා නැවතත් සාකච්ඡා වටයක් පවත්වන ලදී. කණ්ඩායම් ක්‍රියාකාරකම් ඉදිරිපත් කිරීම් හමුවේ සිදු කළ පැහැදිලි කිරීමක් ද ඒ පිළිබඳ වැඩි අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. LMS හි විෂයමාලා සංවර්ධනය පිළිබඳ ඉගෙනුම් සම්පත් අධ්‍යයනය තුළින් ලබාගත් දැනුම අත්දැකීමක් බවට පත්කර ගැනීමට හැකිවීම පිළිබඳ සතුටු වෙමි. ඒ අනුව විෂය අවශ්‍යතා විශ්ලේෂණය, විෂයය ක්‍රියාත්මක වන තත්ත්වයන් සහ ප්‍රශ්නාවලි සකස් කිරීම වැනි අවස්ථා සඳහා ඉගෙනුමක් ලබා ගැනීමට පිටිවහලක් විය. අනතුරුව යෝජිත විෂයමාලා කෙටුම්පත පිළිබඳ දැනුම්වත් කිරීම සිදු කරන ලද අතර විෂයමාලා කෙටුම්පතට ඇතුළත් විය යුතු අංග පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබුණි. විෂයමාලාවට ඇතුළත් කිරීම සඳහා විෂය තේමා ලැයිස්තු සකස් කිරීම, ඉගෙනුම් අත්දැකීම් තෝරා ගැනීම සහ ඒ අනුව තක්සේරුකරණ සහ ඇගයීම් ක්‍රියාමාර්ග තීරණය කිරීම සැලසුම් කිරීමට අවශ්‍ය පෝෂණය ලබා ගැනීමට එදින දින පාසල මහඟු පිටිවහලක් විය.
දැන් කුමක්ද?
කණ්ඩායම් හතරක් විසින් ඒ ඒ විෂයන්ට අදාළ විෂයමාලා තුළින් කෙටුම්පත් සකස් කර ඉදිරිපත් කළ අතර කථිකාචාර්යතුමාගේ විශේෂ අවධානයට ලක් වූ කරුණු සාකච්ඡා කිරීම තුළින් අප හට වැඩි අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගැනීමට මනා පිටිවහලක් විය. ඒවා තවදුරටත් සංශෝධන ඉදිරිපත් කරමින් සාකච්ඡාවට බඳුන් කිරීම තුළින් ඒ පිළිබඳ අවබෝධය පුළුල් විය. මෙම අත්දැකීම් හමුවේ නව විෂයමාලා කෙටුම්පත සකස් කිරීමට අවශ්‍ය දැනුම තවත් පුළුල් කර ගැනීම සඳහා ඉගෙනුම් සම්පත් අධ්‍යයනය කළ යුතු බව වැටහුණි. මෙම ක්‍රියාකාරකම් තුළ ලබාගත් පන්නරය වෘත්තීය අත්දැකීමක් බවට ද පත්කරමින් අධ්‍යාපන ක්ෂේත්රයේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරමි. මෙම ක්‍රියාවලිය තුළ දී ඉගෙනුම් සම්පත් පරිහරණය කිරීමේ දී ඒවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබාදීම නිසා එම දැනුම ලබාගැනීම අභියෝගාත්මක වේ. ඒ සඳහා වැඩි කාලයක් වැය කිරීමට සිදුවේ. කෙසේවුව ද ලබාගන්නා දැනුම බෙදා දීමටත් මෙසේ පෙළඹීමට අවස්ථා ලබාදීමට ඔබ තුමා ගන්නා උත්සාහයත් අගය කරන්නේ ඉමහත් සතුට ප්‍රකාශ කරන්නෙමි.
හතරවන ඉගෙනුම් පලය- විෂයමාලාවක් ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් පිළියෙළ කිරීම
2024.08.31
කුමක්ද?
අද දින දින පාසල පැවැත්වූ මාර්ග ගත දේශනය තෙවන දින පාසලට අදාළ වූ අතර එය ඩබ්.එම්.එස්.වනසිංහ කථිකාචාර්යතුමා විසින් 9.00- 4.15 දක්වා සිදු කරන ලදී. විෂයමාලාව ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් සකස් කිරීම සඳහා ඉගෙනුම් අත්දැකීම් ලබාදීම මෙදින සිදු කරන ලදි.
ඉතිං කුමක්ද?
විෂයමාලාවක් ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් පිළියෙළ කිරීමට අවශ්‍ය මගපෙන්වීම සිදුකරමින් ප්රායෝගි කව කණ්ඩායම් ක්‍රියාකාරකම් ලෙස ක්‍රියාත්මක වීම සිදුවිය. මෙම සැලැස්ම කෙටුම්පතක් ලෙස සකස් කර ඉදිරිපත් කළ යුතු අතර කණ්ඩායම් ක්‍රියාකාරකම්වල යෙදෙමින් සක්‍රීය දින පාසලක් ලෙස අත්දැකීම් බෙදා ගැනීමට සමත් වූවෙමි. අවශ්‍යතා සමීක්ෂණයේ ප්‍රතිපල මත නව විෂයයක් හදුන්වා දීමේ දී අවධානය යොමුකළ යුතු ප්‍රමුඛතා ක්ෂේත්‍ර සකස් කර ගැනීමේ හැකියාව ලැබුණු අතර ජාතික පොදු අරමුණු හා නිපුණා පදනම් කර ගනිමින් විෂය අරමුණු සකස් කර ගැනීමට හැකියාව ලැබිණි. ඒ අනුව සකස් කළ විෂයමාලා ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේ අවබෝධය, අත්දැකීම් මනා පිටිවහලක් විය.
දැන් කුමක්ද?
විෂයමාලාවක් සංවර්ධනය කර ක්‍රියාත්මක කිරීමේ දී ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම වන අවසාන අදියර හිමිවන්නේ ප්රමුඛ ස්ථානයක් බව අවබෝධ විය. එහිදී කාලසීමාව, ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව, ඉගැන්වීමේ උපාය මාර්ග තක්සේරුකරණ ක්‍රියාමාර්ග පිළිබඳ සැලකිලිමත් වෙමින් චක්‍රලේඛය ගොඩ නැගීමට හැකිවීම ඉතා අගයමි. ලබාගත් අත්දැකීම් පද්ධතියේ දියුණුව වෙනුවෙන් කැප කිරීමට අවස්ථා උදාකර ගැනීමට අපේක්ෂා කරමි.
පස්වන ඉගෙනුම් පලය - විෂයමාලා කටයුතුවලට අදාළ විවිධ ගැටලු විසඳීම
කුමක්ද?
විෂයමාලා කෙටුම්පත සකස් කර සමපදස්ථ අදහස් ලබා ගැනීමෙන් අනතුරුව සංශෝධන සකස් කරන ලදි.එම විෂයමාලාව ක්‍රියාත්මක කිරීමට පෙර පවතින තත්ත්වය, ප්රබලතා මෙන්ම සංවර්ධනය විය යුතු අවස්ථා හඳුනාගත යුතුය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කිරීමට උපදෙස් ලබාදීම අද දින සිදුවිය.
ඉතින් කුමක්ද?
විෂයමාලාව ඇගයීම සඳහා සැලැස්ම සකස් කිරීමෙන් අනතුරුව මෙම විෂයමාලාව විෂය ප්‍රවීණයන් හය දෙනකු මගින් ඇගයීමට ලක්කර විෂයමාලා වලංගුකරණය කිරීම සුදුසු බව මා හට වැටහුණි. එහි ප්‍රථම පියවර ලෙස මෙම විෂයමාලාව ඇගයීම සඳහා සුදුසු විෂය ප්‍රවීණයන් තෝරා ගැනීමට කටයුතු කළෙමි. ඒ යටතේ අත්දැකීම් සහ පළපුරුද්ද හා වෙනස් සුදුසුකම් සලකා බලමින් අධ්‍යාපන අමාත්‍යාංශය ජාතික අධ්‍යාපන ආයතනය, විශ්ව විද්‍යාලය නියෝජනය වන පරිදි විෂය ප්‍රවේණියන් තෝරා ගැනීම සිදු කළ යුතු බව කථිකාචාර්යතුමා විසින් ප්‍රකාශ කර සිටියේය. විෂය ප්‍රවීණයන් වෙත ලබා දීම ට සුදුසු ඇගයීම් ෂෙඩියුලයක් සංවර්ධනය කිරීම සඳහා උපදෙස් ලබාදීම සිදුවිය. ඒ අනුව කණ්ඩායම ක්‍රියාකාරකම් වශයෙන් ඇගැයීම් ෂෙඩියුලයක් ගොඩනැගීම සිදු විය. දින පාසලේ සිදුකළ කණ්ඩායම් ක්‍රියාකාරකම් මගින් විෂයමාලාවේ ඇතුළත් සියලුම අංශ ආවරණය වන පරිදි අනුගමනය කරමින් විෂයමාලා ඇගයීම් ෂෙඩියුලය සංවර්ධනය කිරීම සිදුවිය. ඒ අනුව මා විසින් සම්පාදනය කළ විෂයමාලාවට ගැළපෙන පරිදි ඇගයීම් ෂෙඩියුලයලක් සකස් කර සමපදස්ථ නිරීක්ෂණ ලබා ගැනීම සඳහා ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ අදාළ සාකච්ඡා මණ්ඩපයට ඇතුළත් කරන ලදී. මේ සඳහා සම්පදස්ථ නිරීක්ෂණ හා යෝජනා ලැබුණු අතර ඒ අනුව ඒවා තවදුරටත් සංවර්ධනය කර විෂයමාලා ඇගයීම් ආකෘතිය තෝරාගත් විෂය ප්‍රවීණයන් වෙත ඉදිරිපත් කිරීම කළෙමි. එම විෂය ප්‍රවීණයන් විසින් විෂයමාලාව අධ්‍යයනය කර සංශෝධනය විය යුතු තැන් දැනුම් දීමෙන් අනතුරුව ප්රතිශෝධන විෂයමාලාව සකස් කළෙමි. මා තෝරාගත් මාතෘකාව වන මූලික නීති සංකල්ප විෂයය ද වැඩි වටිනාකමකින් යුක්ත විෂයයක් ලෙස සිසුන්ට වැදගත් වනු ඇත.
දැන් කුමක්ද?
ප්‍රතිශෝධිත විෂයමාලාව සහ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය චක්‍රලේඛය සකස් කර අධ්‍යාපන අමාත්‍යාංශය වෙත භාරදීමට නියමිත ය. තෙවන කුඩා පරිමාණ ව්‍යාපෘතිය අවසන් කරන ලදි. මෙම විෂය සම්බන්ධයෙන් පළමු සමාසිකය තුළ ලබාගත් අත්දැකීම් විෂයමාලාවක් සකස් කිරීමට ස්වයං හැකියාව වර්ධනය වීම පිළිබඳ සතුටු වෙමි. බොහෝ ක්ෂේත්රයන් සම්බන්ධයෙන් අවබෝධය ලබාගැනීමට හැකිවීම, අත්දැකීමෙන් ම ඒවා විඳිමින් ඉගෙනීම තුළ ලබාගත් පන්නරය අපමණ ය.. මෙම අවබෝධය ලබාදීම සඳහා කථිකාචාර්ය තුමන්ගේ මග පෙන්වීම හුදෙක් ඉහළින්ම අගය කරමි. අනාගතයේ ලද දැනුම අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් පරිත්‍යාග කිරීම අපේක්ෂා වේ.
සමස්ත ප්රත්යවේක්ෂණය
ගුරු අධ්‍යාපනඥයා විෂයමාලා සංවර්ධකයකු යන විෂය යටතේ W.M.S.වනසිංහ කථිකාචාර්යතුමා දින පාසල හතරක් සිදු කරමින් අපහට ඉගෙනුම් අත්දැකීම් බෙදා දීම සිදු කළේය. ඉගෙනුම් ඵල පහක් යටතේ සංවර්ධනය වූ මෙම විෂය පාඨමාලාභීන් සඳහා විෂයමාලා සංවර්ධකයකු ලෙස ඉගෙනුම් පල අත්කරදීමට සමත් විය. පාඨමාලාව හදාරමින් දින පාසල් දිනවලදී පමණක් නොව අත්දැකීම් ලබා ගැනීමට ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය තුළින් අපාට ලබා දුන් සහාය විශිෂ්ට වේ. එම අධ්‍යයන හා හා සමගාමීව සිද්ධි අධ්‍යයනය හා සමගාමීව පළමුව විෂයමාලාවක් විශ්ලේෂණය කිරීම සිදු කරන ලදි. එහිදී විෂයමාලා න්‍යායන් විෂයමාලා ප්‍රවේශ ආකෘති පිළිබඳ අධ්‍යයනය කළෙමි. ඒ අනුව කඩිසර දේශයේ සඳහා නව විෂයමාලාවක් හඳුන්වාදීමට විෂයමාලාව විශ්ලේෂණය අත්දැකීමක් විය. එම සිදුවීම් අධ්‍යයනය සිදු කරමින් නව විෂය මාලාවක් සැලසුම් කිරීම සිදු විය. එය නව විෂයමාලාමාලාවක් සඳහා විෂය මාතෘකාවක් යෝජනා කිරීමේ දී මා විසින් මූලික නීතිය සංකල්ප යන විෂය තෝරගන්නා ලදී. එයට හේතුව සෑම පුරවැසියෙකුටම මෙම විෂය ජීවන චර්යාව සඳහා අත්‍යවශ්‍ය වන බැවිනි. නව විෂයමාලාව කෙටුම්පත් කර සමපදස්ථ අත්දැකීම් මගින් පෝෂණය කිරීම සිදුවිය. ඒ සඳහා ඉගෙනුම් අත්දැකීම් තේරීම තක්සේරුකරණය හා ප්‍රතිපෝෂණය සැලසුම් කිරීම යනාදිය පියවර වශයෙන් සිදු කරන ලදී. ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීම විෂය කෙටුම්පත සකස්කර විෂය ප්රවීණයන්ගේ අදහස් ලබා ගැනීම සිදු කිරීම අනතුරුව ප්රතිශෝධන විෂයමාලාව සමගින් විෂයමාලා ක්‍රියාත්මක චක්‍රලේඛය නිකුත් කිරීම සිදුකරන ලදි. අවසාන වශයෙන් දිගු ගමනක අභියෝග රාශියකට මුහුණ දෙමින් කුඩා පරිමාණ ව්‍යාපෘති තුනක් අවසන් කළෙමි. මේ ගමන් මග අතරතුර බාධක අභියෝග රැසක් මුහුණ දීමට සිදුවිය. රාජකාරී කටයුතු සමඟ කාලය ප්‍රමාණවත් නොවීම තුළ දින ගණනක් නිදි වරමින් මෙම කටයුතු සිදු කිරීමට සිදුවිය එසේම තවත් අභියෝගයක් වූයේ සියලුම ඉගෙනුම් සම්පත් ඉංග්‍රීසි භාෂාවෙන් ලබාදීමයි. අපගේ දැනුම ලැබීම සීමා කිරීමට ද එය හේතුවක් විය. මෙම පාඨමාලාව තුළින් ලබාගත් අත්දැකීම් අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් කැප කිරීමට බලාපොරොත්තු වෙමි.