" Java යනු high-level, class-based, object-oriented programming language එකක් "
ඉතින් ඔයාලට පුලුවන් මේ දාලා තියෙන YouTube වීඩියෝ එක බලලා Java කියන්නෙ මොකක්ද ? කොහොමද Java අපේ Computer එකට Install කරගන්නෙ කියල සිංහලෙන්ම ඉගෙන ගන්න. දිගටම ඔයාලට අපි නොමිලේ Java කියල දෙනවා. ඉතින් වීඩියො එක දානවත් එක්ක ඊට අදාල සිංහල Note එකක් මේ Website එකේ දාන්නත් අපි අමතක කරන්නෙ නැහැ.
ඇයි අපි Java ඉගෙන ගන්න ඕන ?
ඔයාට Java ඉගෙන ගත්තොත් ඕන තරම් Job Opportunities ලංකාවෙ සහ ලෝකෙ තියෙනවා. මොකද Java කියන්නෙ ඉහල ඉල්ලුමක් තියෙන සුපිරි programming language එකක් . එයට හේතුව තමයි, Java වලින් Desktop Applications, Web Applications සහ Mobile (android) Apps හදන්න පුලුවන්. අනිත් කාරණය තමයි ඔයාට ඕනෑම programming language එකක් ඊට පස්සෙ ඉතාම ඉක්මනින් ඉගෙන ගන්න පුලුවන් වීම.