Hibernate කියලා කියන්නෙ Java framework එකක්. මෙය open source, lightweight, ORM (Object Relational Mapping) tool එකක්. මෙමගින් Java application එකක් database එකත් සමඟ interact කිරීම ඉතා සරලව කර ගැනීමට පුළුවන්.
උදාරණයක් ලෙස, Hibernate වලදි අපිට අපේ Java Application එකට අවශ්‍යය Database එකේ Tables Creations සඳහා වෙනම SQL Scripts හදාගන්න ඕන නෑ. අපේ Java Application එක Run වෙන අවස්ථාවේදීම අපේ Entity වලින් අපේ DB එකේ Tables සියල්ල Create-Update කරගන්නවා. ඉතින් මෙමගින් අපිට අවශ්‍යය column names, table names, column length, ආදී සියල්ලම annotations මගින් Java Object එකේම manage කරගන්න අපිට පුලුවන්.
Object Relation Mapping tool එක කියන්නෙ data create කරන්න data manipulate කරගන්න සහ data access කරගන්න භාවිතා කරන දෙයක්. මෙමගින් Java වල තිබෙන Object map කරගන්නවා Database tables වලට. ඒ වගේම මෙමගින් java objects translate කරගන්නවා DB tables වලට සහ columns වලට.
Hibernate වලදි entity එකක් කියලා කියන්නෙ database table එකක් සමඟ associate වෙලා තිබෙන java (POJO) object එකක්.