RESTful Services පිළිබඳව කතා කරද්දි අපිට මුලින්ම බලන්න වෙනවා Client Server Architecture එක ගැන.
මොකක්ද මේ Client Server Architecture එක කියන්නෙ? බලන්න ඔය තියෙන Photo එක. මෙතනදි ඔය Client කියන්නෙ අපේ Front End එක. එතකොට Server එක කියන්නෙ අපේ Back End එක. ඉතින් අපිට Data Save කරන්න හරි Data Get කරගන්න හරි Front End එකේ ඉඳන් Back End එකට කතා කරන්න වෙනවා.
මෙන්න මේ වැඩේ අපි කරගන්නෙ HTTP Protocol වලින්. ඉතින් Client ට පුලුවන් Server එකට කතා කරගන්න HTTP Request එකක් use කරලා.
මෙන්න මෙතනදී තමයි මෙන්න මේ කියන Rest (REpresentational State Transfer) අපිට උවමනා වෙන්නෙ.
මේක software architectural style එකක්. මේක හඳුන්වා දීලා තියෙන්නෙ Phd Student කෙනෙක්.
Rest වලදි වෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්. HTTP Protocol එකක් හරහා සිදුවෙන Request ටික ,
ඒ කියන්නෙ Create , Read, Update, Delete කියන Crud Operations ටික අරගෙන මේ කියන Crud Operations ටික කරගන්න
HTTP Methods හඳුන්වලා දීලා තියෙනවා.
දැන් අපි බලමු HTTP Methods මොනවද කියල.
අපිට අවශ්‍ය Data ටික Frontend එකට ගෙන්න ගන්න තමයි GET කියන method එක භාවිතා කරන්නෙ.
අපිට අවශ්‍යය ඩේටා Save කරගන්න තමයි අපි මේ POST method එක භාවිතා කරන්නෙ.
අපිට අවශ්‍ය Data Update කරගන්න තමයි අපි මේ PUT කියන method එක භාවිතා කරන්නෙ.
අපිට අවශ්‍ය Data Delete කරගන්න තමයි අපි මේ DELETE කියන method එක භාවිතා කරන්නෙ.