Spring Boot Academy
java spring boot academy
What is Spring Boot ?
" Spring boot කියන්නෙ Framework එකක් "
.
Examples ගත්තොත් ඔයා හිතන්න ඔයාට කේක් ශොප් එකක් තියෙනවා කියලා, ඒකට තියෙනවා pos system එකක්. එතකොට ඒ system එක use කරන්නෙ ඔයා විතරයි. Usersla ගොඩක් නෑ. Shop එකේ කිහිප දෙනෙක් වැඩකරගන්නවා විතරයි. අන්න ඒ වගේ applications වලට තමයි අපි standalone applications කියල කියන්නෙ.
.
ඉතින් මේ Enterprise Level Application එකක් කියන්නෙ Users ලා ගොඩක් එකතු වෙලා use කරන applications වලට.
Examples = E Commerce Applications
එතකොට මේ Java EE කියන්නෙ, Java SE වලම තව ටිකක් implements කරල හදපු එකක්. ඉතින් මේ Java EE වල පවතින ලොකුම ගැටලුව තමයි complexity එක වැඩියි. ඉතින් මෙන්න මේ Complexity එක අඩු කරලා තමයි අපිට Spring Framework එක ලැබෙන්නෙ.
Spring boot හැදෙන්නෙ Spring කියන Framework එකෙන්. එහෙනම් අපි බලමු , ඇයි Spring Framework එක තියෙද්දි Spring boot ආවෙ කියලා. ඒක වෙන්නෙ මෙන්න මෙහෙමයි, මේ කියන Spring Framework එක කියන්නේ, එක එක වර්ගයෙ Tools තියෙන Toolbox එකක් කියලා හිතන්න. අපිට විවිධ පරාසයන් තුල විවිධ Applications මේ tools භාවිතා කරලා හදාගන්න පුලුවන්. නමුත් Spring භාවිතයෙන් මේ දේවල් කරද්දි අපිට , ඒ කියන්නෙ Developers ලට සිදු වෙනවා Configurations Manually හදාගන්න. ඉතින් මේක තරමක් එපා වෙන වැඩක්. ඒ නිසා මෙන්න මේ Spring කියන Framework එක තව දුරටත් ඉතා හොඳින් Develop කරලා Common Use කරන්න පුලුවන් විදියට Preconfigured Settings සහ Dependencies ඇතුලත් කරලා Spring boot කියන Framework එක අපිට ලැබෙනවා. මේකෙදි අපිට මුල ඉදන් Configurations හදන්න ඕන වෙන්නෙ නෑ, Application එක Create කරලා Run කරගන්න විතරයි තියෙන්නෙ.
In summary :- Spring කියන්නෙ Powerful Framework එකක්. නමුත් Setup කරගන්න එක කරදරයි. Spring Boot කියන්නෙ features & configurations කලින් හදලා තියෙන ඉතා පහසුවෙන් භාවිතා කරන්න පුලුවන් Framework එකක්.