" Authentication කියලා කියන්නේ User කෙනෙක්ව Identify කරගන්න එක සහ ඒ User ව Verify කරගැනීමේ Process එකට."
මේ ගැන සරලව මෙහෙම කියලා දෙන්නම්. බලන්න මේ දීලා තියෙන රූපය දිහා. හිතන්න ඒකේ ඔය application එක කියල කියන්නෙ Building එකක් කියලා. ඒකට හැමෝටම යන්න බෑ අවසර තියෙන අයට විතරයි යන්න පුලුවන්. ඉතින් ඒක Manage කරගන්න Building එක ඉස්සරහ ඉන්නවා Guard කෙනෙක්. ඉතින් මේක ඇතුලට යන්න කවුරු හරි කෙනෙක් ආවම මේ Guard එන අයගෙන් ප්රශ්න අහනවා ඔයා කවුද ? මොකටද ආවේ කියල ? එතකොට ඔයා ඔයාගෙ මොකක් හරි ID එකක් ඉදිරිපත් කලාට පස්සෙ Security Guard Identify කරලා Verify කරගන්නවා ඔය කවුද කියල.
අන්න ඒ වගේ , අපි Application එකක් ගත්තම, උදාහරණයක් විදියට LinkedIn , Facebook ගැන හිතන්නකෝ. Users ලා මිලියන ගණනක් ඉන්නවනෙ. එතකොට Users ලා මිලියන ගණනක් ලොග් වෙනවා. එහෙම Log වෙන්න හදනකොට Security එකෙන් ඔයාගෙන් අහන ප්රශ්නය තමයි ඔයා කවුද ? මුලින්ම ඔයාගෙ User Id එක සහ Password එක අපිට දෙන්න කියලා. අන්න ඒක තමයි ඔයාට එන Login Page එක. ඔයාට ඔයාගෙ mail එක සහ password එක දෙන්න වෙනවා Application Server එකට. එතකොට Application Server එකෙන් Process කරලා ඔයාව Identify කරගන්නවා.
.
ඉතින් ඔන්න ඔය user කෙනෙක් Identify කරලා Verify කරගැනීම තමයි Authentication කියලා කියන්නෙ.
අපි application එකක් සඳහා ,
Password
Pin code
Answer to a secret / personal question
එකක් භාවිතා කරනවනම් ඒක හඳුන්වන්නෙ knowledge based authentication එකක් විදියට. මෙහි වාසිය තමයි මෙය ඉතා simple ක්රමයක් සහ implement කරන එක පහසු වීම. ඒ වගේම මෙහි අවාසිය තමයි fully safety නොවීම.
ඔයා දැකලා ඇති සමහර වෙලාවට application එකකට Log වෙනකොට අපිට security එකක් විදියට දෙන්න පුලුවන් අපේ mobile එකට pin number එකක් එන විදියට. ඊට පස්සෙ ඒ pin number එක Enter කලාට පස්සෙ අපිට application එකට ලොග් වෙන්න පුලුවන්.
එහෙමත් නැතිනම් මොකක් හරි Key Card එකකින් Badge එකකින් access ගන්න පුලුවන් ක්රම. තව Access Token device වගේ ක්රම.
ඉතින් මෙන්න මේ ක්රමයට තමයි අපි Possession based authentication කියලා කියන්නෙ.
ඉහත අපි සඳහන් කරපු Authentication දෙකම එකට භාවිතා කරන ක්රමයට තමයි අපි Multi Factor Authentication කියලා කියන්නෙ.