සතුන්ගේ සංධාරණය සඳහා විවිධ ව්‍යුහ නිර්මාණය වී පවතී පහත සතුන්ගේ ඇති සරල සැකිලි වල සිට පෘෂ්ඨවංශීන්ගේ දැකිය හැකි සංකීර්ණ සැකිලි පද්ධති දක්වා වූ විවිධත්වයක් මෙම ව්‍යුහයන් තුළ දැකිය හැකිය
දේහයට සංධාරණය සැපයීම
ගුරුත්වාකර්ෂණයට එරෙහිව භෞමික ජීවීන්ගේ බර දරා ගැනීමටත් බොහෝ විට භූමියෙන් දේහය ඔසවා තබා ගැනීමටත් සැකිල්ල ආධාර වේ
අභ්‍යන්තර අවයව වලට ආරක්ෂාව සැපයීම
සතුන්ගේ සංචරණයට ආධාර වේ/ සැකිලි කොටස් ලීවර ලෙස සකස් වී සංචරණය සඳහා උපකාරී වේ
කැල්සියම් ගබඩා කිරීම හා නිදහස් කිරීම
පොස්පේට් ගබඩා කිරීම හා නිදහස් කිරීම
රුධිර සෛල නිපදවන ස්ථානයක් ලෙස වැදගත් වීම (අස්ථි තුළ පවතින ඇටමිදුළු වල රුධිරාණු නිපදවේ)
පේශි සවි වීමටට පෘෂ්ඨ සැපයීම (කෘමීන්ගේ )
රේඩියෝලාරියාවන්
ස්පොන්ජීන් - පොරිෆෙරා වංශයේ ජීවීන්
දැල්ලන් වැනි මොලස්කාවන්
එකයිනොඩර්මාටාවන් - සම තුළ ගිලුනු CaCO3 තල වලින් සැදී ඇත
මිනිසාගේ සැකිල්ලට අයත් වන මුළු අස්ඨ්හි ගණන 206 කි. මිනිසාගේ සැකිල්ල ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත වේ. එනම්,
1.ආක්ෂක සැකිල්ල
2.ගාත්රා සැකිල්ල