ආහාර මාගයේ බිත්තිය සැකසී ඇත්තේ මූලික සැලැස්මකට අනුවය.
අන්නස්රෝතයේ සිට ගුද මාර්ගය දක්වා ආහාර මාර්ග බිත්තිය ප්රධාන වශයෙන් පටක ස්ථර හතරකින් සමන්විත වේ.
බාහිරින්ම පිහිටි පටක ස්ථරය වන මස්තු පටලය සමන්විත වනුයේ සරල ශල්කමය අපිච්ඡදයකින් (උදරච්ඡදයකින්) ආස්තරණය වූ තන්තුමය සම්බන්ධක පටකයකින් ය.
ආහාර ජීර්ණයේදී ආහාර මාර්ගය චලනය වන විට උදර බිත්තිය සමග ඇතිවන ඝර්ෂණය මෙමගින් අවම කරයි.
මස්තු පටලයට ඇතුළතින් පේශි චෝලය පිහිටයි.
පේශි චෝලය තැනී ඇත්තේ සිනිදු පේශි වලිනි.
පේශි චොලයේ බාහිරින්ම ඇත්තේ අන්වායාම පේශි ස්ථරය යි.
එහි ඇත්තේ අන්වායාමව සකස් වූ පේශි සෛලය.
අන්වායාම පේශි ස්ථරයට ඇතුළතින් වෘත්තාකාර පේශි ස්ථරය පිහිටයි.
එහි වෘත්තාකාරව සකස් වූ පේශි සෛල පිහිටයි.
මෙම පේශි ස්ථර අතර අවුර්බක් ප්රතානය පිහිටයි. මෙමගින් ක්රමාකුංචන චලන පාලනය කරයි.
මෙම පේශි ස්ථරවල සංකෝකනයෙන් ඇති වන තරංග නිසා ආහාර මාර්ගය ඔත්සේ ආහාර පරිවහනය වේ.
පේශි චෝලයට ඇතුළතින් පිහිටි අධඃශේෂ්මලකය තැනී ඇත්තේ ලිහිල් සම්බන්ධක පටකයකිනි (අරීයල පටකය)
එහි රුධිරවාහිනී,කොලැජන් තන්තු,ප්රත්යස්ත තන්තු සහ ස්නායු ප්රථානයක් වල මිස්නර් ප්රථානය පිහිටයි. මිස්නර් ප්රථානය මගින් අන්ත්ර බිත්තියේ ඇති ග්රන්ථි මගින් සිදු කරන ස්රාවයන් පාලනය කරයි.
අධඃශේෂ්මලකය තුල ග්රන්ථි සහ වසා පටකද පිහිටයි.
ආහාර මාර්ග බිත්තියේ අධඃශ්ලේෂ්මලකයට ඇතුළතින් ඇත්තේ ශ්ලේෂ්මලකයයි. එහි ස්ථර තුනක් ඇත. එනම්.
අපිච්ඡදය
නෛජය තලාව
පේශි ශ්ලේෂ්මලකය
💜අපිච්ඡදය -
ඇතුළතින්ම පිහිටන්නේ අපිච්ඡද ආස්තරයකි. ආහර මාර්ගයේ කුහරය ආස්තරණය වනුයේ මෙය මගිනි.
💜නෛජය තලාව -
අපිච්ඡද ආස්ථරයට පිටතින් ඇත්තේ ලිහිල් සම්බන්ධක පටකයකි. එය නෛජය තලාව ලෙස හදුන්වයි. මෙහි විවිධ ආකාරයේ ග්රන්ථි, රුධිර වාහීනී හා වසා වාහිනී පිහිටයි.
💜පේශි ශ්ලේෂ්මලකය -
පේශි ශ්ලේෂ්මලකය ලෙස හැදින්වෙන සිනිදු පේශි ස්ථරයක් නෛජය තලාවට පිටට්ත්හින් ශ්ලේෂ්මලකයේ ඇත. පේශ්හි ශ්ලේෂ්මලකයේ ඇති සිනිදු පේශිවල සංඔචනය නිසා ආහාර මාර්ගයේ අනිකුත් චලන වලින් ස්වාධීනව ශ්ලේෂ්මලකයට චලනය විය හැක.