මිනිසාගේ හෘදය අතිශයින් පේෂිමය කේතු හැඩැති කුහරමය අවයවයකි. යමෙකුගේ හෘදය සාමාන්‍යයෙන් ඔහුගේ මිට මෙළවූ අත්ලේ ප්‍රමාණය ගනී. වැඩුණු මිනිසෙකුගේ හෘදය සාමාන්‍යයෙන් 12 cm පමණ ගනී.
උරස් කුහරය තුල මදක් වම් පසට බරව,
පෙනහළු දෙක අතර,
අන්නස්‍රෝතයට හා ස්වාසනාලයට පූර්වව,
මහා ප්‍රාචීරයට උත්තරව,
උරතලය සහ පර්ශු වලට අපරව හෘදය පිහිටයි.
මිනිසාගේ හෘදයේ අභ්‍යන්තර කුටීර හතරකට බෙදී ඇත. ඉහළ කුටීර හෘත් කර්ණිකා වන අතර පහළ කුටීර හෘත් කෝෂිකා වේ.
අන්තර් හෘත් කර්ණික ආවාරය මගින් වම් සහ දකුණු හෘත් කර්ණිකා වෙන් වී ඇත. වම් සහ දකුණු හෘත් කෝෂිකා එකිනෙක වෙන් වනුයේ අන්තර් හෘත් කෝෂික ආවාරය මගිනි.
එක් එක් පැත්තේ හෘත් කර්ණිකාව හා හෘත් කෝෂිකාව අතර හෘත් කර්ණික කෝෂික කපාට පිහිටයි.
දකුණු හෘත් කර්ණික කෝෂික කපාටය ත්‍රී තුණ්ඩ කපාටය යන නමින් ද, වම් හෘත් කර්ණික කෝෂික කපාටය ද්වී තුණ්ඩ කපාටය හෙවත් මයිටර් කපාටය නමින් ද හදුන්වයි.
දකුණු හෘත් කෝෂිකාවෙන් පුප්ඵුශීය ධමනිය ආරම්භ වේ. එම ස්ථානයේ පුප්ඵුශීය කපාටය පිහිටයි (අඩසඳ කපාට)
වම් හෘත් කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනිය ආරම්භ වේ. එම ස්ථානයේ මහා ධමනි කපාටය පිහිටයි (අඩසඳ කපාට)
හෘත් කර්ණිකා මගින් දේහයේ අවයව වල සිට ශිරා ඔත්සේ ගලා එන රුධිරය ලබාගන්නා අතර හෘත් කෝෂිකා මගින් දේහයේ අවයව වෙත ධමනි හරහා රුධිරය බෙදා හරියි.
දකුණු හෘත් කර්ණිකාවට විවෘත වන ශිරා වනුයේ උත්ට්තර මහා ශිරාව හා අධර මහා ශිරාවයි.
වම් හා දකුණු පුප්ඵුශීය ශිරා යුගල් දෙක වම් හෘත් කර්ණිකාවට විවෘත වේ.
හෘත් කෝෂිකා මගින් කෙරෙනුයේ රුධිරය පෙනහෑලි වලට හා දේහයේ අනිත් ප්‍රදේශ වලට පොම්ප කිරීමයි. හෘත් කර්ණිකා වලට වඩා හෘත් කෝෂිකා මගින් අධික කාර්යයක් සිදු කරන නිසා හෘත් කර්ණිකා බිත්ති වලට වඩා හෘත් කෝෂිකා බිත්ති පේශිමය වී ඇත.
මිනිස් හෘදයේ බිත්තියට රුධිරය සැපයෙන්නේ වම් සහ දකුණු කිරීටක ධමනි යුගල් මගිනි.