විඩියෝ දැන්වීමක් නිර්මාණය කර ගැනීමෙන් පසු
ඔබ වෙත අප විසින් විඩියෝ දැන්වීමට අදාල ඔරිජිනල් පිටපත වට්සඇප් හෝ ඊමේල් හරහා යොමුකරන අතර, මාසයක කාලයක් තුල අදාල පිටපතේ වෙනස්කමක් සිදු කර ගැනීමට හැකියාව ඇත
හඩකැවීමට අදාල වෙනස්කම් සදහා අදාල මුදල් වැය වන අතර, මාසයක කාලයක් තුල සෙසු වෙනස්කම් සදහා මුදල් අය නොවේ
මාසයක් ඉක්මවා ගිය මාස 03කට අවු විඩියෝ දැන්වීම් සදහා අමතර සේවා ගාස්තුවක් යටතේ වෙනස්කම් සිදුකර ගත හැකිය.
කිිසුද ලෙසකින් අදාල විඩියෝවේ සොෆ්ට් කොපි ඔබ වෙත ලබා නොදෙන බව කරුණාවෙන් සලකන්න.
සියලුම දැන්වීම් වලට අදාල ෆයිල් මාස 03ක් ඉක්මවා ගිය පසු ඉවත්කරනු ඇත.
මාස 03ක් ඉක්මවූ දැන්වීම් නැවත ලබා ගත නොහැක
ගෙවීම් සිදුකිරීම
අපගේ සේවා ලබා ගැනීමේදී පිටපත තහවුරු කල පසු අප විසින් ඇණවුම් අංකය ලබා දෙනු ලබයි. ඇණවුම් අංකය ලැබුනු පසු මුදල් ගෙවිය හැකි අතර, ඇණවුම් අංකය ලබාදීමට පෙර ඔබ විසින් මුදල් ගෙවීමක් සිදු කල හොත් එය අප විසින් නොසලකා හරින අතර පිටපත තහවුරු කල දින සිට ඇණවුම් කාර්යය ආරම්භ කරයි.
හැකි සෑම විටම ඇණවුම් අංකය ලැබුනු පසු ඒ අංකයද සටහන් කර ගෙවීීම් කරන්න
විශේෂ දීමනා කාලසිමාවකදී එම දීමනාව යටතේ වන ඇණවුම් සදහා සම්පූර්ණ මුදල ගෙවිය යුතු අතර සෙසු දැන්වීම් සදහා අදාල මුදලින් හරිඅඩක් හෝ සම්පූර්ණ මුදල ගෙවිය යුතුය.
ඇණවුම් අංකය නිකුත් කල පසු සතියක් තුල අදාල ඇණවුම ගෙවීම් කර තහවුරු කර නොමැතිනම් එම ඇණවුම් අංකය ඉවත් කරනු ලබයි.
ඇණවුම් අංකය නිකුත් කල පසුවද ගෙවීම් සිදුනොකළ විශේෂ දීමනා යටතේ ඇති ඇණවුම් අදාල දීමනා කාලය අවසන් වූ විට ඉවත් කරයි.
මුදල් ආපසු ලබාදීම
ඇණුවම් අංකය ලබාදුන් සහ ගෙවීම් සිදුකල ඇණවුමක් කිසියම් හේතුවක් මත නිර්මාණ කාර්යයෙන් ඉවත්කර ගැනීමේදී එය අදාල ඇණවුම ගෙවීම් කල දිනයේම ඉවත්කරගන්නේනම්, අදාල මුදලින් 10%ක් අපගේ පිටපත් නිර්මාණ සේවා ගාස්තු ලෙස රදවා ගෙන මුදල් ආපසු නිකුත් කරනු ඇත
ඇණවුම් අංකය ලබාදීමට පෙර යම් ගෙවීමක් සිදුකර ඇත්කම්, එලෙස වූ ගෙවීමට අදාලව විඩියෝ දැන්වීමක් සිදුනොකරන්නේනම්, එම මුදල් කිසිදු ලෙසකින් නැවත බැරකරගත නොහැක. එය ගිණුම් තහවුරු කල පසු අදාල ගණුදෙනුකාර බවතාට අයත් අපගේ සේවා අංකය හරහා සුරක්ෂිතව පවතී.
දැන්වීම් නිර්මාණ කාර්යය අප ආයතනය විසින් සේවා බිදවැටීමක් හමුවේ හෝ වෙනත් හේතුවක් මත ප්‍රමාධ වීමක් ඇතිව (විඩියෝ දැන්වීමේ සදහන් දිනයයන් හා ප්රමාධව) ඇණවුම බාර දී දින 4ක් ඉක්මවා ඇත්නම් සම්පූර්ණ මුදල නැවත ගෙවනු ඇත
ඇණවුම බාර දී දින 02ක් තුල නම් අදාල මුදලින් 50%ක් ගෙවනු ඇත
නිර්මාණය කරන ලද ඇණවුමකට අදාලව ඇණවුම ඉවත්කර මුදල් ආපසු ලබාගැනීමේදී අදාල මුදලින් 50%ක් අප සතුව තබා ගෙන මුදල් නිදහස් කරන අතර එලෙස නිදහස්කරනුයේ සතියක කාලයක් තුල පමණි