විශ්ව විද්‍යාලය නැරඹීම
විශ්ව විද්‍යාලය නැරඹීම
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලෝකයේ කීර්තිමත්ම හා සුන්දරතම විශ්වවිද්‍යාල වලින් එකකි. මහනුවර දිස්ත්‍රික්කයේ පේරාදෙණිය නගරයට ඉතා ආසන්නව හන්තාන කඳු පන්තියේ බටහිර බෑවුම හා මහවැලි නදිය අතර ඉතා මනරම් පරිසරයක පිහිටා තිබෙන මෙම විශ්වවිද්‍යාලයේ කටයුතු වලට බාධා නොවන පරිදි එය නැරඹීමට ඉඩ පහසුකම් සලසා දෙනු ලැබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැරඹීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පහත දැක්වේ.
විශ්වවිද්‍යාලය නැරඹීම සදහා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් සඳහා අවසර දෙනු ලැබේ.
එක් වරකට උපරිම සිසුන් 200 දෙනෙකුට අවසර ලබාදෙනු ලැබේ.
රජයේ පාසලේ/අධ්‍යාපන ආයතනයේ හෝ රජය විසින් අනුමත කරන ලද වෙනත් ආයතනයක ලිපි ශීර්ෂයක් යටතේ වගකිවයුතු අයකුගේ අත්සන සහිතව ඒ සදහා ලිඛිත ඉල්ලීමක් කළයුතුය.
පෞද්ගලික ආයතනයකින් ඒ සඳහා රුපියල් 3000.00 ක් අයකරනු ලැබේ. එම ගාස්තුව විශ්වවිද්‍යාල සරප් කවුන්ටරය වෙත ගෙවිය යුතු අතර රිසිට්පත උක්ත ඉල්ලීම් ලිපියට අමුණා තිබිය යුතුය.
ඔබට විශ්වවිද්‍යාලයට පැමිණීමට සැලසුම් කළ දිනට අවම වශයෙන් දින 10කට පෙර එම ඉල්ලීම් ලිපිය විශ්වවිද්‍යාලයට එවිය යුතුය.
විශ්වවිද්‍යාලය නැරඹීම සදහා නියෝජ්‍ය උපකුලපතිවරයාගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතු අතර ආරක්ෂක හේතූන් මත විශ්වවිද්‍යාලයට පැමිණෙන විට පූර්ව අනුමැතිය ලබා ගත් එම ලිපිය ළඟ තබා ගැනීම අනිවාර්ය වේ.
මෙම අවසර ලිපියට අමතරව පීඨ පරිශ්‍රයට පැමිණීම සඳහා අදාළ පීඨාධිපතිවරයාගේ අවසරයද ලබාගත යුතුය.
පුද්ගලික ඉල්ලීම් සලකා බලනු නොලැබේ.
ඉල්ලීම් ලිපි තැපෑල මගින් හෝ ඊ මේල් මගින් හෝ ෆැක්ස් මගින් එවිය හැක. එමෙන්ම, ඉල්ලීම් ලිපි කාර්යයාලයට පැමිණද භාරදිය හැක.
ඉල්ලීම් ලිපි යැවිය යුතු ලිපිනය, විද්‍යුත් තැපෑල ලිපිනය හා ෆැක්ස් අංකය :
මහජන සම්බන්ධතා නිලධාරි මගින්,
නියෝජ්‍ය උපකුලපතිතුමා,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
පේරාදෙණිය
විද්‍යුත් තැපෑල : visituop@gs.pdn.ac.lk
ෆැක්ස් : 081 238 8102
දුරකථනය : 081 239 2307
එක් දිනකට අවසර දිය හැකි සීමාවක් පවතින බැවින් විශ්වවිද්‍යාලයට ලැබෙන ඉල්ලීම් ලිපි සලකා බලා ප්‍රමුඛතා පදනම මත අදාළ අනුමැතිය ලබා දෙනු ඇත.
විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ පොලිතින් මුක්ත කලාපක් බැවින් සංචාරයේදී විශ්වවිද්‍යාල පරිශ්‍රයට පොලිතින් රැගෙන ඒමෙන් වළකින්න.
කුණු දැමීම සදහා වෙන්කරන ලද ස්ථානවල පමණක් කුණු දැමීම සිදුකළ යුතුය.
විශ්වවිද්‍යාලය තුළ පිටතින් පැමිණෙන පිරිස් සදහා ආහාර ගැනීමේ පහසුකම් නොමැත.
වාහන නැවැත්විය යුත්තේ අවසර ලත් ස්ථානවල පමණි.
විශ්වවිද්‍යාලය තුළ ගීත ගායනා කිරීම, බස් රථවල උස් හඩින් ගීත වාදනය කිරීම, අධ්‍යයන හා පරිපාලන කටයුතුවලට බාධා නොකළ යුතුය.