එහි උස අඩි 210 කි. එනම් මී 64කි. දිය ඇල්ල පාමුල පැතිර පවත්නා මීදුම (ජල වාෂ්ප ) මෙයට එම නම ලැබීමට හේතුවයි. (සින්හලෙන් "දුන්" යනු මීදුම හෙවත් දුම යන්නයි ) බදුලු නගරය හරහා ගලා බසින බදුලු ඔය මේ දිය මනරම් දිය ඇල්ල නිර්මාණය කරයි.
පිහිටීම - බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටයි .
දුන්හිද දිය ඇල්ල
Dunhida Waterfall
දුන්හිඳ යනු ශ්‍රි ලංකාවේ ඉතා ජනප්‍රිය දිය ඇල්ලකි. එය මීටර් 64 ක උසකින් යුක්ත වේ. එබැවින් එය උසින් වඩා ඉහල දිය ඇල්ලක් නොවේ. එහෙත්, එහි අලංකාරය සැලකිල්ලට ගත් විට, එය විශිෂ්ට දිය ඇල්ලකි. ජල බිඳිති මගින් සෑදෙන දුමක් වැනි ස්වභාවය නිසා මෙම දිය ඇල්ල දුන්හිඳ නමින් හැඳින්වේ.
මෙම දියඇල්ලේ මූලාශ්‍රය බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ වන බදුළු ඔය ලෙස හැඳින්වේ.
මෙම දිය ඇල්ලට ළඟා වීමට බදුල්ල – මහියංගන ප්‍රධාන මාර්ගයේ ගමන් කළ යුතුය. මෙම මාර්ගයේ බදුල්ලේ සිට කි.මී. 6 ක් පමණ දුරින් පිහිටි “Dunhinda Junction” නමින් හැදින්වෙන සන්ධියකි. එම මාර්ගයේ දකුණු පස ඇති දොරටුවක් සහිත සංඥා පුවරුව පහසුවෙන් හඳුනාගත හැකි අතර, එම මංසන්ධියෙන් ඇරඹෙන කුඩා අඩි පාර දිගේ කි.මි එකක් පමන පා ගමනින් යාමෙන් දිය ඇල්ලට ලඟා විය හැකිය.
ප්‍රධාන මාර්ගය අසල වාහන නවතා තැබීමට පහසුකම් ඇත. ඖෂධීය බීම සහ ධාන්‍ය අලෙවි කරන වෙළෙන්දෝ අඩිපාර දෙපස සිටිති. එබැවින් අඩිපාර පාළු නැත. එහෙත් සමහර අවස්ථාවලදී එය ඉතා පටු එකක් වන අතර ඔබ ගැන සැලකිලිමත් විය යුතුය.
අඩිපාර දෙපස සිටින රිලවුන්ට ආහාර දීමට යාමේ මෙන්ම ආහාර සහිත කවර රිලවුන්ට පෙනෙන පරිදි ගෙන යාමේ වලකින්න. දිය ඇල්ල අසල දිය නෑම ඉතා අනතුරුදායකය.
ප්‍රධාන දිය ඇල්ලට ළඟා වීමට පෙර ඔබට පුංචි දුන්හිඳ නමින් හැඳින්වෙන තවත් දිය ඇල්ලක් දැක ගත හැකිය. කෙසේ වෙතත්, එම දිය ඇල්ල අසලට ලඟාවීම ඉතා අසීරුය. ඒ සඳහා වනාන්තරය හරහා අසීරු මාර්ගයක ගමන් කළ යුතුය.