日本語 - "Nihon go" Japan Language - is the Japanese word for the Japanese language
World fastest Language
There are Three Writing Systems https://chinthananga.wixsite.com/japanese
ජපන් භාෂාවේ ඇති අක්ෂරයන් ලිවීමේදී සැලකිලිමත් වියයුතු රීති.
一 යම් ජපන් අකුරක තිරස් අතට යම් රේකාවක් ඇත්නම් එය වමේ සිට දකුණට ඇදිය යුතු වේ.
| සිරස් අතට රේකාවක් ඇත්නම් එය උඩ සිට පහලට ඇදිය යුතු වේ.
レ යම් අක්ෂරයක කෝණාකාර ස්වභාවයේ ඉරක් ඇත්නම් එය එය තනි ඉරක් සේ ඇදිය යුතු වේ.
ア නිදහස් රේකා සහ ස්ථිර රේකා ලෙසද අක්ෂර ලියනු ඇත.
ඉහත පෙන්වා දී ඇති කරුණු සැම රූපාක්ෂරයකම, හිරඟනා හෝඩියේ මෙන්ම කතකනා හෝඩියේ අක්ෂරයන් ලිවීමේදී භාවිතකලයුතු වේ.මීට අමතරව අක්ෂරයේ හැඩය පවත්වා ගැනීමේදී පහත දී ඇති කරුණු ගැන සලකීමත් විය යුතු වේ.
හිරගනා ひらがな Hiragana - 46 Letters
පහත පෙන්වා දී ඇති හිරගනා හෝඩිය ජපානයට අවේනික තොරතුරු ලිවිම සදහා යොදාගනී.
උදා : ජපන් ජාතිකයන්ගේ නම් , ජපානයේ ඇති ස්ථාන, ජපානයේ නිෂ්පාදිත ද්රවයනාම, ජපානයට අවේනික වූ සත්ව හා ශාක නාම, ජපන් භාෂාවේ ඇති සියලුම ව්‍යාකරණ රටාවන්. උදා: ජපානය - にほん「නිහොන්」 ටෝකියෝ - ときよ
ජපන් භාෂාවේ තවත් විශේෂ ලක්ෂණයක් නම්, වෙනත් භාෂාවල භාවිතා වන ප්‍රධානතම අක්ෂරයන් ත්‍රිත්වයක් සදහා ජපන් භාෂාවේදී ආදේශක අක්ෂරයන් භාවිතා කිරීමයි.
A I U E O
あ い う え お
Ka か き く け こ
Sa さ し す せ そ
Ta た ち つ て と
Na な に ぬ ね の
Ha は ひ ふ へ ほ
Ma ま み む め も
Ya や ぬ よ
Ra ら り る れ ろ
Wa わ を
N ん
කතකනා カタカナ- Katakana - 46 Letters
කතකනා හෝඩිය විදේශිකයන්ට ආවේනික වූ තොරතුරු ලිවිම සදහා භාවිතා කරනු ලබයි.
උදා : විදේශිකයන්ගේ නම්, විදේශ රටවල් වල නම්, විදෙස් රට වල ඇති විවිධ ස්ථානවල නම්, වෙනත් භාෂාවන් තුල උච්චාරණය වන වචනයන්, විවිධ උපුටාගැනීම්, විවිධ සතුන් නිකුත් කරන ශබ්ධයන්, විදේශ රටවල ඇති ශාක සහ සත්ව නාමයන්. මෙම හිරගනා සහ කතකනා හෝඩි වල දැකිය හැකි සමානතා සහ අසාමාන තා පහත දක්වා ඇත.
හෝඩි යුගලයේ ඇති අක්ෂර ප්‍රමාණය එක හා සමානය. [අක්ෂර 46]
එම අක්ෂරයන්ගේ උච්චාරණය සමනය.
තෙන්තෙන් [ " ] සහ මරුතෙන් [ 。] සහිත අක්ෂර ප්‍රමාණය සමානය.
බැදී අක්ෂර නිර්මාණය කරනු ලබන ආකාරය සමනය. [අක්ෂර 33]
දීර්ග ස්වරයන් නිර්මාණය කරගනා අකාරය අසමානය.
හල් අක්ෂර නිර්මාණය අසමානය.
A I U E O
ア イ ウ エ オ
Ka カ キ ク ケ コ
Sa サ シ ス セ ソ
Ta タ チ ツ テ ト
Na ナ ニ ヌ ネ ノ
Ha ハ ヒ フ ヘ ホ
Ma マ ミ ム メ モ
Ya ヤ ユ ヨ
Ra ラ リ ル レ ロ
Wa ワ ヲ
N ン
漢字 - Kanji රූපාක්ෂර 漢字 かんじ
රූපාක්ෂරයන් හි ආරම්භය චීන දේශයෙන් අසන්නට ලැබේ. ජපානයේ සිටි භික්ෂුන් වහන්සේලා විසින් ධර්මප්රචාරන කටයුතු සදහා චීනයට වැඩම කල අවස්ථාවන් හිදී මෙම රුපාක්ෂරයන් අධ්‍යයනය කර තිබේ. එසේ අධ්‍යයනය කල රුපාක්ෂරයන් ජපානයට පැමිණියේ බෞද්ධාගම ප්‍රමුක භික්ෂුන් වහන්සේලා මුල්කරගෙනය.
ජපන් භාෂාවේදී රුපාක්ෂර 6000 ට අධික සංඛ්‍යාවක් දක්නට ලැබේ. මෙම රුපාක්ෂරයන් ප්‍රධාන කොටස් 02කින් යුක්ත වේ.
くんよみ (ජපන් ජාතිකයන් රුපාක්ෂරයන් හදුන්වනු ලබන ආකාරය) සහ
おんよみ (චීන ජාතිකයන් රුපාක්ෂරයන් හදුන්වනු ලබන ආකාරය) යන්න වේ. මෙහිදී ,
くんよみ සෑම වචනයකටම (කන්ජි) නිශ්චිත අර්ථයක් දැකිය හැක.
おんよみ කන්ජි අක්ෂරයට නිශ්චිත උච්ඡාරන ක්‍රමයක් නැත, උච්චාරණ ක්‍රමය මත අර්ථය වෙනස්විය හැක,
(සැ.යු. | おんよみ උච්චාරණ සහිත අක්ෂරයකට නිශ්චිත අර්ථයක් සදහා තවත් රුපාක්ෂරයක් සමග හෝ හිරගනා අක්ෂරයක් සමග සම්බන්ධකල යුතුවේ)
The Japanese language has three types of characters: Hiragana, Katakana, and Kanji. Katakana is mainly used for foreign words, Kanji is the set of adopted Chinese characters, and Hiragana is a Japanese syllabary or Japanese phonetic lettering system. Modern Japanese writing uses a combination of logographic Kanji and syllabic kana (consisting of katakana and Hiragana).
හිරු 日 く ~ ひ / か お ~ にち
සද 月 く ~ つき / お ~ がつ / げつ
ගග 川 く ~ かわ
කන්ද 山 く ~ やま
ගින්දර 火 く ~ か / ひ
ගස 木 く ~ き お ~ もく
වතුර 水 く ~ みず / すい
මුදල් 金 く ~ かね / きん
පොළව 土 く ~ つち / ど
くんよみ = く おんよみ = お
https://worldpopulationreview.com/alphabets/kanji