ආරම්භක ගීතිකාව
අහෝ මාගේ අමෘතබරවූ ජේසුනි, මාගේ එකම ප්‍රේමයෙනි! අපගේ පාපවලින් සහ නොසැලකිලිමත්කමින් ද ඔබගේ ශ්‍රී හෘදයට දෙන්නාවූ දුක් කණගාටු වලින් පිරි සුසුම්ලමින් “මා සමග දුක් ශෝක වීමට යමෙකු බලා සිටියෙමි. එහෙත් කිසිවෙක් නොසිටියේය. මා සනසන්නෙකු සෙව්වෙමි. නමුත් කිසිවෙක් සම්මුනුණේය” යි (ගීතා 69:20) ඔබවහන්සේ වදාළ සේක් වේද? ඔබගේ මේ කන්නලව්ව අසා මාගේ හෘදය ශෝකයෙන් දැල්වී, මාගේ ප්‍රේමයෙන් සත්ප්‍රසාදයෙහි රෑ දවල් දෙක්හිම වැඩ සිටින්නා වූ ඔබවහන්සේගේ දයාබර දිව්‍ය හෘදයට සැනසීම දෙන්නට ආශාවෙමි.
අනේ මාගේ දුක්බරිත ජේසුනි, ඔබගේ මේ දුක් ශෝකයට හේතු වූ මාගේ ගණන් නැති පව් වන්නේ වේද? නමුත් මාගේ පෙම්බර ජේසුනි, මාගේ පාපවලට කෝප නොවී ඔබ මා උදෙසා වින්දාවූ දුක් ප්‍රාප්තිය සිහිකර, දයාවන්ත පියාණෝ ඔහුගේ නාස්තිකාර පුත්‍රයා භාරගත්තාක් මෙන් (ශු. ලූක් 15: 20-21) මා වෙත කරුණා බැල්ම ලා වදාළ මැනව. පාපිෂ්ඨ මරිය මග්දලේනා කෙරෙහි කරුණාවෙන් බලා “නුඹේ පව් නුඹට ක්ෂමා වූවාය” (ශු. ලූක් 7: 48) වදාළාක් මෙන් මාගේ පාපවලුත් මට ක්ෂමා වුව මැනව. අනේ මාගේ පෙම්බර ජේසුනි, ඔබගේ දිව්‍ය හෘදයේ ප්‍රේම දූෂණිය වන මර්ගරීතා මරියතුමීට “මාගේ හෘදයට සැනසිලිදායක බිලි පඬුරක් සොයන්නෙමි මම නුඹ තෝරා ගත්තෙමි” යි වදාළාක් මෙන් අසරණ පවුකාර වූ මාත් ඔබවහන්සේට සැනසීමක් කොට ඔබ දිව්‍ය හෘදයට භාරගත මැනව. එලෙස ජීවිතය පසුකිරීමට මට වරප්‍රසාද දුන මැනව. ඔබගේ දිව්‍ය ප්‍රේමයෙන් මාගේ හෘදය දැල්වුව මැනව. (සියල්ලෝම) ජේසු තුමන්ගේ මධුර වූ හෘදයෙනි, මාගේ ප්‍රේමය වුව මැනව.
(300 දවස් පූර්ණඵලයයි)
මාගේ පෙම්බර ජේසුනි, මාගේ පාපවලට මනස්තාප වී ඔබ කෙරෙහි ප්‍රේමයෙන් දැල්වී ඔබගේ ආදරණීය දූවණියගෙන් ඉල්ලූ ප්‍රකාර ඔබ මල් උයනේදී වින්දාවූ කඳුළු දුක් ගායනාවලට පංගුකාරයන් වීමට ද, “ඔබට සැනසීම දීමටද, මමත් මේ පැයේදී ඔබ සමග මල් උයනේදී ඔබ කළාවූ යාච්ඤාවට සහ වින්දාවූ දුකටද එකඟ වීමට මට වරම් දුන මැනව. මා භාරගත මැනව. මට ආශීර්වාද කළ මැනව.**
අහෝ වික්පෝප මෑණියෙනි, ඔබ ප්‍රිය පුත්‍රවූ ජේසුස් ස්වාමි දරුවෝ මල් උයනේදී තනිව මරණය දක්වා දුකින් සිටින විට උන්වහන්සේට සැනසිලි වචනයක්වත් කියන්නට නොහැකිව, ඔබ වින්දාවූ දුක් සාගරය සිහිකර මේ පැයේදී මාගේ හෘදය ඔබගේ වික්ෂෝප හෘදයට එකගකර, ඔබ සමග අඩා වැලපී, ඔබගේ ප්‍රේමයට මාගේ ප්‍රේමය එකගකර, උන්වහන්සේට සැනසීම දෙන්ට මට පිහිට වුව මැනව.
(සියල්ලෝම) මාව මවා රක්ෂා කරන්නාවූ මාගේ ඒකාන්ත පක්ෂ ප්‍රේමවූ දෙවි ස්වාමිනි, ඔබගේ අනන්ත දයා යහපත්කම් මම නොබලා ඔබට අනාදර කළ නිසා බොහෝ සේ වික්ෂෝප වෙමි. මින්මතු පව් නොකරන සැටියට ඔබවහන්සේගේ පිහිටෙන් සහතික වෙමි. මම කළ සියලු පාපවල් ක්ෂමා වෙනවා සොඳේ. ඔබගේ අනන්ත දයාබර කමුත් ක්‍රිස්තු ස්වාමිදරුවන්ගේ අප්‍රමාණ පින් හේතුවන් බලා මාගේ සියලු පව් ක්ෂමා වෙතෙයි කියා අදහා ගනිමි. - ආමෙන්.
ප්‍ර: ක්ෂමාවුව මැනව. ස්වාමිනි, ඔබගේ ජනයාට ක්ෂමාවුව මැනව. උ: සදාකාලයටම අප කෙරෙහි කෝප නොවෙනවා සොඳේ.
“මා මැරෙන තරම් මාගේ ආත්මය ශෝකයෙන් පීඩිත වන්නේය.” (ශු. මතෙව් 26:38)
අහෝ ප්‍රේමබර ජේසුනි, ඔබ අප කෙරෙහි තිබෙන මහත් ප්‍රේමය නිසා අප සමග ලෝකාන්තිමය දක්වා වාසය කරන පිණිසද, අප ආත්මික භෝජනය කොටද, අප හෘද ඔබ ප්‍රේමයෙන් දල්වන පිණිසද, ශුද්ධවූ සත්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කළ සේක.
ඉන්පසු එම රාත්‍රියේදීම අප පාපයෙන් සහ යක්ෂයාගේ වහල්කමින් ගලවාගන්නා පිණිස මල් උයනට වැඩම කොට මුහුණින් වැටී ඔබවම බිලිපූජාවක් කොට ඔප්පු දුන් සේක.
අහෝ! මාගේ ආත්මයෙනි, පාපයේ ද්‍රෝහිකම මෙයින් තේරුම්ගන්නට පුළුවන. ජේසු ස්වාමිදරුවෝ අපගේ සියලු පාපවලට වන්දි ගෙවීම පිණිස ඒ සියල්ලම උන්වහන්සේගේ පිටම පවරා ගත් සේක. එකල්හි පාපවල පිළිකුළකම සහ අපිරිසිදුකම්වලින් අශුද්ධව කුෂ්ඨ රෝගයකින් වැසී සිටින දේව ද්‍රෝහියෙක් මෙන් භයානක දුක් කණගාටු වලට පත්වූ සේක. එකල්හි දැරිය නොහැකි දුක් ශෝකයෙන්, උන්වහන්සේ මුහුණින් වැටී “මා මැරෙන තරම් මාගේ ආත්මය ශෝකයෙන් පීඩිත වන්නේය” යි (ශු. මතෙව් 26:38) වදාළ සේක. එය උසුලාගන්නට බැරිවාක් මෙන් “උන්වහන්සේගේ දාඩිය පොළොවෙහි ලේ බිංදුමෙන් ගලා ගියේය.” (ලූක් 22/44) ජේසුස් ස්වාමිදරුවෝ මේ වින්දාවූ දුක් ගැන ශුද්ධවූ මර්ගරීතා මරියතුමීට මෙසේ වදාළ සේක. “පාපයේ ද්‍රෝහිකම සහ පිළිකුල් කමද මනුෂ්‍යයා නොදන්නා බැවින්, මම මල් උයනේදී වින්දාවූ දුක ඔහුට තේරුම් ගන්නට බැරිවිය.”
එපමණක් නොව, මෙපමණ කදුරුවූ දුක් ගාවිනා වින්දායින් පසුත් සදාකාලික නරකාදියට යන්නාවූ මනුෂ්‍ය රාශිය සිහිකර තවත් දුක් ශෝකයට පත්වී වඩ වඩා යාච්ඤා කළ සේක. (ලූක් 22:43)
අනේ! සර්වදයාබර වූ ජේසුනි! අප පාපවල් ඔබ පිට පවරාගෙන ඊට වන්දි ගෙවීමට කුරුසියේ එල්ලී සිටිද්දී ඔබ පියාණන්ගේ රෞද්‍ර බැල්ම ඉවසන්නට බැරිව, “මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මන්ද?” යි කියා මොරගැසුවෙහි නම් (මතෙව් 27: 46) පාපයෙහි ගිලී මරණාසන්නව සිටින්නන්ට එය කොපමණ භයානක වේද?
ප්‍ර: ජේසුස් ස්වාමිදරුවන්ගේ මරණාසන්නව සිටි හෘදයෙනි. උ: මරණාසන්නව සිටින්නන්ට කරුණා කළ මැනව.
අහෝ මාගේ ආත්මයෙනි, මා කෙරෙහි මෙපමණ ප්‍රේමය පෙන්වන්නාවූ දෙවියන් වහන්සේට විරුද්ධව කෙසේ පව් කළෙම්ද? නිව ලෙස සහ නැවත නැවතත් කොපමණ වාරයක් පව් කළෙම්ද? අනේ ජේසුනි, මට ක්ෂමා වුව මැනව. ඔබවහන්සේගේ පිහිටෙන් මින්මතු පාපයක් නොකරන්නට පොරොන්දු වෙමි.
වික්තෝප මාතාවෙනි, මාගේ පෙම්බර මැණියෙනි, මට පිහිට වුව මැනව.
(කැමතිනම් මේ වෙනුවට මෙහි අග උපග්රන්යයෙහි සඳහන් යාච්ඤාවක් කිය හැකිය)
අහෝ මාගේ සෙනඟෙනි, තට මම කුමක් කළෙම්ද? කුමකින් තට මම පීඩා කළෙම්ද? මට උත්තර දෙව?
ඊජිප්තු දේශයෙන් මම තා පිටතට ගෙනා නිසා තගේ ගැලවුම්කාරයාණන්ට කුරුසියක් තෝ පෝඩු කළෙහිය.
අහෝ ශුද්ධවූ දෙවියන්වහන්ස,
අහෝ ශුද්ධවූ දෙවියන්වහන්ස
අහෝ ශුද්ධවූ ශක්ති සම්පන්නයාණන් වහන්ස,
අහෝ ශක්ති සම්පන්නයාණෙනි,
අහෝ ශුද්ධවූ අමරණීයයාණන් වහන්ස, අපට කරුණා කළ මැනව.
අහෝ ශුද්ධවූ අමරණීයයාණන් වහන්ස, අපට කරුණා කළ මැනව.
සතළිස් අවුරුද්දක් මුල්ලේ කාන්තාරයෙන් තා ගෙන ගොස් මන්නා භෝජන කවා ඉතා යහපත් දේශයකට තා පැමිණෙවූ නිසා තගේ ගැලවුම්කාරයාණන්ට කුරුසියක් තෝ පෝඩු කළෙහිය.
අහෝ ශුද්ධවූ දෙවියන්වහන්ස,
අහෝ ශුද්ධවූ දෙවියන්වහන්ස
අහෝ ජේසු ස්වාමීන්වහන්සේ වන්නීය,
අහෝ ශක්ති සම්පන්නයෙනි,
අහෝ ජේසු අමරණීයයන් වන්නීය, අපට කරුණා කළ මැනව.
අහෝ ජේසු අමරණීයයන් වන්නීය, අපට කරුණා කළ මැනව.
මා විසින් කරන්නට බැරි දෙයින් ඉවත් නොකර හැරියෙම් ද? මාගේ ඉතා රුදු ඇති මිදි වත්ත තව වඩා දනිමි. එහෙත් මාගේ පිපාසයේදී තේ මට කාඩි බොන්නට දුන් බැවින් තෝ මට ඉතා තිත්ත වුනයෙය. හෙල්ලයකින් තෝ ගැළවුම්කාරයාගේ ඇලය පෑරු මැනෙහිය.
අහෝ ජේසු දෙවියන්වහන්සේය,
අහෝ ජේසු දෙවියන්වහන්සේය
අහෝ ජේසු ශක්ති සම්පන්නයෙක් වන්නීය,
අහෝ ශක්ති සම්පන්නයෙනි,
අහෝ ජේසු අමරණීයයන් වන්නීය, අපට කරුණා කළ මැනව.
අහෝ ජේසු අමරණීයයන් වන්නීය, අපට කරුණා කළ මැනව.
තා නිසා මිසරයට කුලුදුලන්ට පහර දුනිමි. එහෙත් තා මට පහරදී මා පාවා දුන්නෙහිය.
අහෝ මාගේ සෙනෙහේ, තව මම කුමක් කෙළෙම්ද? කුමක් තව මම විධා කෙළෙම්ද? මට උත්තර දෙව?
ඊජිප්තු දේශයෙන් මම තා පිටතට ගෙනා නිසා තෝ ගැළවුම්කාරයන්ට තුච්ඡයක් හෝ ජේද්ය කළෙහිය.
පාරාවෝන් රජ මුහුදෙහි ගිල්වා තා මිසරයෙන් පිටතට මම ගෙනාමි. එහෙත් තෝ මා නායක පූජකයන්ට අල්ලා දුන්නෙහිය.
අහෝ මාගේ සෙනෙහේ, තව මම කුමක් කෙළෙම්ද? කුමක් තව මම විධා කෙළෙම්ද? මට උත්තර දෙව?
ඊජිප්තු දේශයෙන් මම තා පිටතට ගෙනා නිසා තෝ ගැළවුම්කාරයන්ට තුච්ඡයක් හෝ ජේද්ය කළෙහිය.
තා ඉදිරියෙහි මුහුද ඇරියෙමි. එහෙත් තෝ හෙල්ලයකින් මාගේ ඇලය ඇරියෙහිය.
අහෝ මාගේ සෙනඟෙනි, තට මම කුමක් කෙළෙම්ද? කුමකින් තට මම පීඩා කෙළෙම්ද? මට උත්තර දෙව?
ඊජිප්තු දේශයෙන් මම තා පිටතට ගෙනා නිසා තගේ ගැලවුම්කාරයාණන්ට කුරුසියක් තෝ පෝඩු කෙළෙහිය.
තම පෙරටුව මේඝ ටැඹකින් මම ගියෙමි. එහෙත් තෝ මා පිලාත්ගේ නඩු ශාලාවට ගෙන ගියෙහිය.
අහෝ මාගේ සෙනඟෙනි, තට මම කුමක් කෙළෙම්ද? කුමකින් තට මම පීඩා කෙළෙම්ද? මට උත්තර දෙව?
ඊජිප්තු දේශයෙන් මම තා පිටතට ගෙනා නිසා තගේ ගැලවුම්කාරයාණන්ට කුරුසියක් තෝ පෝඩු කෙළෙහිය.
කාන්තාරයේදී මන්නා බොජුනෙන් මම තා පෝෂ්‍ය කෙළෙමි. එහෙත් තෝ මට බැට දුන්නෙහිය.
අහෝ මාගේ සෙනඟෙනි, තට මම කුමක් කෙළෙම්ද? කුමකින් තට මම පීඩා කෙළෙම්ද? මට උත්තර දෙව?
ඊජිප්තු දේශයෙන් මම තා පිටතට ගෙනා නිසා තගේ ගැලවුම්කාරයාණන්ට කුරුසියක් තෝ පෝඩු කෙළෙහිය.
පර්වතයෙන් ගැලවීමේ වතුර මම තට පෙව්වෙමි. එහෙත් තෝ මට තිත්ත කාඩි දුන්නෙහිය.
අහෝ මාගේ සෙනඟෙනි, තට මම කුමක් කෙළෙම්ද? කුමකින් තට මම පීඩා කෙළෙම්ද? මට උත්තර දෙව?
ඊජිප්තු දේශයෙන් මම තා පිටතට ගෙනා නිසා තගේ ගැලවුම්කාරයාණන්ට කුරුසියක් තෝ පෝඩු කෙළෙහිය.
තා නිසා කානානීය රජුන්ට මම පහර දුනිමි. එහෙත් තෝ මාගේ සිරසට බට දණ්ඩකින් ගැසුවෙහිය.
අහෝ මාගේ සෙනඟෙනි, තට මම කුමක් කෙළෙම්ද? කුමකින් තට මම පීඩා කෙළෙම්ද? මට උත්තර දෙව?
ඊජිප්තු දේශයෙන් මම තා පිටතට ගෙනා නිසා තගේ ගැලවුම්කාරයාණන්ට කුරුසියක් තෝ ජෝඩු කෙළෙහිය.
මම තට රාජකීය ඔටුන්නක් දුනිමි. එහෙත් තෝ මගේ හිසට කටු ඔටුන්නක් දුන්නෙහිය.
අහෝ මාගේ සෙනඟෙනි, තට මම කුමක් කෙළෙම්ද? කුමකින් තට මම පීඩා කෙළෙම්ද? මට උත්තර දෙව?
ඊජිප්තු දේශයෙන් මම තා පිටතට ගෙනා නිසා තගේ ගැලවුම්කාරයාණන්ට කුරුසියක් තෝ ජෝඩු කෙළෙහිය.
මහත් බලයෙන් මම තා උසස් කෙළෙමි. එහෙත් තෝ මා කුරුසිය නම් එල්ලුම් ගහේ එල්ලුවෙහිය.
අහෝ මාගේ සෙනඟෙනි, තට මම කුමක් කෙළෙම්ද? කුමකින් තට මම පීඩා කෙළෙම්ද? මට උත්තර දෙව?
ඊජිප්තු දේශයෙන් මම තා පිටතට ගෙනා නිසා තගේ ගැලවුම්කාරයාණන්ට කුරුසියක් තෝ ජෝඩු කෙළෙහිය.
ස්වාමීනි අපි ඔබගේ කුරුසියට නමස්කාර කරමු. ඔබගේ ශුද්ධවූ නැවත නැගිටීමට ස්තුති ප්‍රශංසා කරමු. කුමක් හෙයින්ද නම් මුළු ලෝකයට මෙයින්දෙන් ප්‍රීතිය පැමිණුන සෙයින්.
දෙවියෝ අපට කරුණා කොට ආශිර්වාද කරන සේක්වා! උන්වහන්සේගේ ශ්‍රී වත එළිය අප පිට ඔබන සේක්වා!
(සියල්ලෝ) ස්වාමීනි, අපි ඔබගේ කුරුසියට නමස්කාර කරමු. ඔබගේ ශුද්ධවූ නැවත නැගිටීමට ස්තුති ප්‍රශංසා කරමු. කුමක් හෙයින්ද නම් මුළු ලෝකයට මෙයින්දෙන් ප්‍රීතිය පැමිණුන සෙයින්.
ගීතිකාව
“පියාණෙනි, මේ දුක් පාත්‍රය මාගෙන් අහක්විය හැකි නම් එසේ වේවා. නමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ අභිප්‍රාය සිදුවේවා.” (ශු. ලූක් 22:42)
අනේ ප්රේම්බර ජේසුනි, මනුෂ්‍යයාගේ උඩඟුවෙන් සහ අකීකරුකමින් පාපය පැමිණුණ බැවින්, ඔබගේ බැගෑපත් කීකරු කමින් ඊට වන්දි ගෙවීමට සහ එයින් අප මුදාගන්නට කරුණා අභිප්රා කළ සේක්වේද? ඔබගේ ශ්‍රී ශරීරයෙන් ලේ දහදිය වැගිරී ඔබගේ හෘදය දුකෙන් පොඩිවී, වෙවුලමින් බියපත්වී, “මාගේ ආත්මය මැරෙන තරම් ශෝකයෙන් පීඩිත වී, පියාණෙනි, මේ දුක් පාත්‍රය මාගෙන් අහක්විය හැකි නම් එසේ වේවා” යි වදාළ සේක්වේද?
ඔබගේ මනුෂ්‍ය ස්වභාවයට භයානක කෲර වූ දුක් වේදනා පමුණුවා ගනිමින් ඔබ බැගෑපත් ලෙස සජ්ඣාංගයෙන් වැඳවැටී සිටින විට, මෙම දුක් පාත්‍රය සතුටින් වැළඳ ගත් සේක්වේද!
අහෝ මාගේ ආත්මයෙනි, අපේ සියලු දුක් කණගාටුවලදී, ජේසුස් ස්වාමිදරුවෝ අප කෙරෙහි පෙන්වන්නා වූ ප්‍රේමය බලා, මෙපමණ අපට ප්‍රේම ඇත්තා වූ දෙවියෝ, අපේ යම් යහපතකට හැර අයහපතක් හෝ යම් දුකක් හෝ, අපට පැමිණෙන්ට ඉඩනාරින බව විශ්වාස කරමු. ජේසුස් ස්වාමිදරුවෝ අප උදෙසා වින්දාවූ දුක් සිහිකර, අපේ වේදනා උන්වහන්සේගේ දුක් ප්‍රාප්තියට එකතු කරමු. උන්වහන්සේ මල් උයනේදී යාච්ඤා කළාක් මෙන් උන්වහන්සේ සමග අපිත් යාච්ඤා කරමු. “මාගේ පියාණෙනි, මෙම දුක්පාත්රය මාගෙන් අහක්විය හැකි නම් එසේ වේවා, එහෙත් මාගේ කැමැත්ත ලෙස නොව ඔබවහන්සේගේ කැමැත්ත ලෙස සිදුවේවා...... මාගේ පියාණෙනි, මෙම පාත්‍රය පානය කිරීමෙන් මිස එය මාගෙන් අහක් නොවේ නම්, ඔබවහන්සේගේ අභිප්රායම සිදුවේවා.” (මතෙව් 26: 39-42)
අනේ මාගේ මෑණියනි, ඔබ දිව්‍ය කුමාරයාණන්ගේ ශ්‍රී රුධිරයෙන්, මාගේ සියලු පාපවල් දෝවනය කළ මැනව. උන්වහන්සේගේ දුක්ප්‍රාප්තිය උදෙසා සියලු පාප පරීක්ෂා වලින් මා ගලවා ගත මැනව. උන්වහන්සේගේ මහිමතාවයෙන් මා පලඳවනු මැනව. ඔබගේ ගුණධර්මවලින් මා සැරසුව මැනව. ඔබගේ ශ්‍රී හස්තවලට මා රැගෙන අනේ වික්පෝප මෑණියනි, මාගේ ජීවිතය උන්වහන්සේගේ අභිප්‍රාය සැටියට පසුකරන්නට මට පිහිටවී, මා ප්රේම්බර ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයට ප්‍රසන්න බලිබඳුරක් මෙන් මා ඔප්පු කළ මැනව.
යහපත් මරණයක් ලැබීමට යාච්ඤාව
ජේසුස් ස්වාමිදරුවෙනි, යහපත නමැති දෙවියනි, කරුණාව නමැති පියාණෙනි, ලැජ්ජාවුනා වූ බැගෑපත් තැවුණු සිතින් ඔබවහන්සේට මා අභිමුවට, මාගේ අන්තිම වේලාව සහ ඊට පසු ලංවෙන්නා වූ දෙයත් ඔබවහන්සේට බාර කරමි.
මාගේ පා සොලවන්නට බැරිවීමෙන් මාගේ මෙලොව ජීවිතයේ අන්තිමය ලංවන බව දක්වන කල්හි, අනේ! සර්වදයාබරිත වූ ජේසුනි, මා ගැන අනුකම්පා වුව මැනව.
මාගේ ජේසුනි, මට අනුකම්පා කළ මැනව.
මාගේ වෙව්ලන අත්බරා බැරිවී, කුරුසිය ප්‍රතිමාව තදින් අල්ලාගන්නට බැරිවී, මාගේ වේදනාව නමැති ඇඳ උඩ අකමැත්තෙන් වැටෙන්නට අරින කල්හි, අනේ! සර්වදයාබරිත වූ ජේසුනි, මා ගැන අනුකම්පා වුව මැනව.
මාගේ ජේසුනි, මට අනුකම්පා කළ මැනව.
මාගේ ඇස් දෙකම අඳුරු වී, ලංවෙන මරණයට භයවී, ඔබ දෙසට හැරී බලන කල්හි, අනේ! සර්වදයාබරිත වූ ජේසුනි, මා ගැන අනුකම්පා වුව මැනව.
මාගේ ජේසුනි, මට අනුකම්පා කළ මැනව.
මාගේ කම්මුල් සුදුමැලිව නිල්වී, ලඟ සිටින්නන් අනුකම්පා බියපත් කරවන කල්හිත් මාගේ හිසකෙස් ඇල්බහදියෙන් කෙලින් වී මාගේ අන්තිමය ලංවුණ බව දක්වන කල්හි, අනේ! සර්වදයාබරිත වූ ජේසුනි, මා ගැන අනුකම්පා වුව මැනව.
මාගේ ජේසුනි, මට අනුකම්පා කළ මැනව.
මාගේ කන් දෙක මනුෂ්‍යයින්ගේ කථාවලට නිරන්තරයෙන්ම බිහිරිවෙන්නට ආසන්න වී, සදාකාලයටම වෙනස් කළ නොහැකි වූ තීන්දුව කියන්නා වූ ඔබගේ හඬ ශබ්දය අසන්නට නමා තිබෙන කල්හි, අනේ! සර්වදයාබරිත වූ ජේසුනි, මා ගැන අනුකම්පා වුව මැනව.
මාගේ ජේසුනි, මට අනුකම්පා කළ මැනව.
මාගේ සිත භයානක විහිළු ඡායාවලින් කැළඹී, මරණීය වූ ශෝකයෙහි ගිලී තිබෙන කල්හිත්, මාගේ ආත්මයද මාගේ නපුරුකම් දැක්මෙන් සහ ඔබගේ නීතියට බියෙනුත් වංවල වී, ඔබගේ කරුණා සැනසීමේ දර්ශනය මාගෙන් දුරුකොට, මා ප්‍රාර්ථනා නැතිකමට අසුකරන්නට වෑයම් කරන්නාවූ අන්ධකාරයේ දූතයා සමඟ පොර අල්ලන කල්හි, අනේ! සර්වදයාබරිත වූ ජේසුනි, මා ගැන අනුකම්පා වුව මැනව.
මාගේ ජේසුනි, මට අනුකම්පා කළ මැනව.
මාගේ දුර්වලවූ හෘදය රෝග වේදනාවලින් පීඩිතවී, මරණයේ හීතවලින් ගැස්සී, මාගේ ගැලවීමේ සතුරන්ට විරුද්ධව කළ වෑයම්වලින් කෙඩෙත්තු වේගන යන කල්හි, අනේ! සර්වදයාබරිත වූ ජේසුනි, මා ගැන අනුකම්පා වුව මැනව.
මාගේ ජේසුනි, මට අනුකම්පා කළ මැනව.
මාගේ ජීවිතය අන්තිම වන බව දක්වන්නාවූ මරණාසන්න කඳුළු වගුරන කල්හි පශ්චත්තාප විලක් මෙන් මා මැරෙන පිණිස, ඔබවහන්සේ මාගේ පව් ගෙවීමේ පූජාවක් කොට ඒ පිළිගෙන, අනේ! සර්වදයාබරිත වූ ජේසුනි, මා ගැන අනුකම්පා වුව මැනව.
මාගේ ජේසුනි, මට අනුකම්පා කළ මැනව.
මට සිහිය නැතිවීමෙන් මුළු ලෝකය නොපෙනී ගොස් මා මරණ වේදනාවලින් කෙඳිරිගාන කල්හි, අනේ! සර්වදයාබරිත වූ ජේසුනි, මා ගැන අනුකම්පා වුව මැනව.
මාගේ ජේසුනි, මට අනුකම්පා කළ මැනව.
මාගේ හෘදයේ අන්තිම සුසුම්ලෑම් වලින් මාගේ ආත්මය මේ කයෙන් පිටවෙන්ට දඟලන කල්හි, ඔබවහන්සේ වෙතට එන්ට මාගේ ආශාවේ ලකුණක් කොට ඒවා පිළිගෙන, අනේ! සර්වදයාබරිත වූ ජේසුනි, මා ගැන අනුකම්පා වුව මැනව.
මාගේ ජේසුනි, මට අනුකම්පා කළ මැනව.
ශීතලවූද, පණ නැතිවූද, මේ ශරීරයෙන් මාගේ ආත්මය පිටවී, මෙලොවින් සදාකාලයටම තුරන්වෙන කල්හි, මාගේ ජීවිතය නැතිවීමෙන් ඔබට මම කරන නමස්කාරයක් මෙන් ඒ පිළිගෙන, අනේ! සර්වදයාබරිත වූ ජේසුනි, මා ගැන අනුකම්පා වුව මැනව.
මාගේ ජේසුනි, මට අනුකම්පා කළ මැනව.
මගේ බන්ධු මිත්‍රයන් මාගේ යහන වටේ සිටිමින්, මා වෙත දයාවෙන් කඳුළු වගුරා මා උදෙසා යාච්ඤා කරන කල්හි, අනේ! සර්වදයාබරිත වූ ජේසුනි, මා ගැන අනුකම්පා වුව මැනව.
මාගේ ජේසුනි, මට අනුකම්පා කළ මැනව.
හදිසියෙන් හෝ නොදැනුවත්ව වත් මට මරණය පැමිණුණත් මාගේ එම භයානක මොහොතේදී, පමා නොවී කල්හි, අනේ! සර්වදයාබරිත වූ ජේසුනි, මා ගැන අනුකම්පා වුව මැනව.
මාගේ ජේසුනි, මට අනුකම්පා කළ මැනව.
අන්තිමකොට මාගේ ආත්මය ඔබවහන්සේට අභිමුඛවී, ඔබවහන්සේගේ මහෝත්තම කමේ අමරණීය වූ දිව්‍ය ප්‍රභා වතාවට දකින කල්හි, අනේ මා ඔබවහන්සේගේ සම්මුඛයෙන් නොපන්නා ඔබට සදාකාලයටම වන්දනා කරන පිණිස ඔබගේ කරුණාව නැමති සෙනෙහවන්තවූ ශ්‍රී කුමාරයාට මා එක්වෙන්නට සැලැස්සුව මැනව. කල්හි, අනේ! සර්වදයාබරිත වූ ජේසුනි, මා ගැන අනුකම්පා වුව මැනව.
මාගේ ජේසුනි, මට අනුකම්පා කළ මැනව.
යාච්ඤා කරම්හ
අහෝ! මාගේ දෙවියනි, ඔබවහන්සේ අපේ මරණ දින, පැය, වේලාව රහස්කර අප මරණ අඩුවට පත් කළාවේද! ඒ නිසා සාධාරණකමෙන් හා ශුද්ධ කමෙනුත් අපේ ජීවිතය සෑම දිනවලම පසුකර, යහපත් හෘදය සාක්ෂියේ සමාදානයෙන් මෙලොවින් තුරන්දු වෙන්ටත්, ඔබගේ ප්‍රේමය ඇතිව මැරෙන්ටත්, අපි හේතුකාරයන් වන ලෙස වරම් දෙනවා සොඳේ.
මේ කී දේ ඔබ ප්‍රිය පුත්‍ර වූ ජේසු ස්වාමිදරුවන්ගේ ශුද්ධ වූ දුක්ප්‍රාප්තිය උදෙසා ද, උන්වහන්සේගේ දිව්‍ය රුධිරය සහ ශ්‍රී වණ කැළැල් උදෙසා ද, උන්වහන්සේ මල් උයනේදී වින්දාවූ මරණාසන්න දුක සහ කුරුසයෙහි උකුත්වීම උදෙසාද, අපට ලැබේන මෙන් ජේසු ස්වාමිදරුවන්ගේ ශ්‍රී නාමයෙන් සහ උන්වහන්සේ සමගද ඉල්ලා සිටිමු. ආමෙන්!
“මා සමග එක පැයක්වත් පිබිද සිටින්නට නුඹලාට බැරි උනාද? (මතෙව් 26:40)
අහෝ මාගේ ආත්මයෙනි! ජේසු ස්වාමිදරුවෝ උන්වහන්සේගේ ප්‍රිය දියණියට සුසුම්ලා වදාල කන්නලව්වට ඇහුම්කන් දෙනු.
මාගේ මුළු දුක්ප්‍රාප්තියෙහි වින්දාවූ ශාරීරික වේදනාවලට වඩා මල් උයනේදී මා හෘදය තුළ දුක් වින්දෙමි...... මනුෂ්‍යයන්ගේ පාප මා කෙරෙහි ගෙන, දේව ශුද්ධත්වය ඉදිරිපිට මම සිටියෙමි. උන්වහන්සේද මාගේ නිදොස්කම නොසලකා, තමන්වහන්සේගේ කෝපය මා පිට පමුණුවා උන්වහන්සේගේ සාධාරණ විනිශ්චයෙන් නියමවූ කටුක කසට සහ තිත්ත පාත්‍රය පානය කරන්නට මට නියම කළ සේක. මා වින්දාවූ අධික දුක් වේදනාව යම් මනුෂ්‍යයෙකුට තේරුම් ගන්නට නොහැකිය.
අහෝ මේ ඉවසිය නොහැකි දුක් ශෝකයේදී, උන්වහන්සේ තෝරා ගත් මිතුරන් වන ගෝලයන් වෙත තුන්වරක් හැරී ආ සේක! එවිට ඔවුන් උන්වහන්සේ ගැන කල්පනාවක්වත්, උන්වහන්සේගේ දුක්ප්‍රාප්තිය ගැන කිසි අනුකම්පාවක්වත් නැති ආකාරයෙන් නිදා ඉන්නා දැක උන්වහන්සේ කොපමණ දුක් කණගාටුවට පත්වූ සේක්ද කිවහොත්, “මාගේ අපෝස්තුළුවරුන් විසින් ඒ පැයේදී මා අත්හැරීමෙන් දුක් ශෝකයට පැමිණ ‘මා සමග පැයක්වත් පිබිද සිටීමට නුඹලාට බැරිද?’ යි අවවාද කිරීමට පවා හේතුවූ දුකට මෙම ශුද්ධවූ පැයේ ශක්තියෙන් සැනසීම දෙන පිණිස උන්වහන්සේ මාගරීතා මරිය තුමියගෙන් ඉල්ලූ සේක.
(සියල්ලෝ) “ජේසුනි, ඔබ උදෙසා ජීවත් වෙමි. ජේසුනි, ඔබ උදෙසා නසින්නෙමි. ජේසුනි, ජීවිතයෙහිදී ද, මරණයෙහිදී ද, මම ඔබවහන්සේගේ වෙමි. (100 දවස් පූර්ණ ඵල)
අහෝ! මාගේ ජේසුනි, මල් උයනේදී ඔවුන් නිදා ඉන්නා දැක ඔබ මෙපමණ ශෝකයට පැමිණි සේක් නම් ඔබ අප උදෙසා සප්රසාදයෙහි රෑ දවල් දෙකෙහිම සිරකාරයෙක් මෙන් සිටිමින්, මනුෂ්‍යයන්ගෙන් ලබන්නාවූ නොසලකීම් සහ අවමාන ද්‍රෝහිකම් ද ඔබගේ දිව්‍ය හෘදයට කොපමණ ශෝක හටගන්නා කරුණු වේද?
“මනුෂ්‍යයන්ට මෙපමණ ප්‍රේම කලාවූ හෘදය බලනු...... ඊට සැලකීමක් වශයෙන් මනුෂ්‍යයන් වැඩි කොටසෙන් මට ලැබෙන්නේ මේ මාගේ ප්‍රේමයේ ප්‍රසාද නිධානය කෙරෙහි ඔවුන් දක්වන ඇල්මැරුණු ගතියෙන් සහ අපහාස කිරීමෙන් පෙන්වන්නාවූ නොසැලකිලි සහ දේව ද්‍රෝහිකම වේ. මාගේ දුක්ප්රාප්තියේදී වින්දාවූ සියලු දුක් ගාවිනාවලට වඩා මේ කරුණු මට වඩා දුක් සහිත වන්නේ, ඔවුන් යම්..... ස්වල්ප වශයෙන්වත් මාගේ ප්‍රේමයට ප්‍රති ප්‍රේමය දෙන්නේ නම්..... ඔවුන් උදෙසා හැකිනම් තවත් වඩා දුක් ගාවිනා විඳින්නට මම ආශාවෙමි” යි ඔබවහන්සේ වදාල සේක් වේද?
අනේ මාගේ පෙම්බර ජේසුනි, යම් විටක යාච්ඤා කිරීමට හෝ දේව මෙහෙයෙහි කොයි යම් කාරණාවකදී හෝ ඒ නොසැලකිල්ලට යම් පරීක්ෂාවක් හට ගත්තොත් ඔබවහන්සේ දුක් ශෝකයෙන් පිරි “මා සමග එක පැයක්වත් පිබිද සිටින්නට නුඹලාට බැරිවුනාද” යි (මතෙව් 26:40) වදාලා වූ කන්නලව්ව සිහිකර, ඔබවහන්සේව තව වඩා ප්‍රේමයෙන් ජවලිතව අදහා ගැනීමට මට පිහිට වූව මැනව.
අහෝ මාගේ අත්යන්තබර වූ ජේසුනි, මින්මතු මම කොතැන්හිදීත්, රාත්‍රියේ පිබිදෙන වේලාවලදීත්, මා උදෙසා සත්ප්‍රසාදයෙහි වැඩසිටින්නාවූ ඔබ නිතර සිහි කර ඔබට මාගේ ආදරය ඔප්පු කරන්නත්, ඔබ ආත්මික වශයෙන් මාගේ හෘදය තුලට කැඳවා ගන්නත්, දේවස්ථානය ඉදිරිපිටින් යන විට ඔබ සිහි කර ඔබට ගෞරව කරන්නත් පහසු තිබෙන සැටියට දේවස්ථානයට ඇතුල් වූ ඔබට සුළු යාච්ඤාවක් ඔප්පු කරන්නත්, නිතර නිතර ඔබවහන්සේ සත්ප්‍රසාද මාර්ගයෙන් මා හෘදය තුලට ලබා ගන්නත් මට පිහිටාශීර්වාදය කළ මැනව.
ආ ජේසුස් ස්වාමිදරුවනි! දිව්‍ය ගැළවුම්කාරයාණෙනි! ඔබ දිව්‍ය හෘදයේ බිලිපූජාවක් වන ඔබවහන්සේගේ දරුවන් පිට කරුණා බැල්මලා වදාරණවා සොඳේ. ඔවුන් විශ්වාසයෙන් ප්‍රතිකර්මයෙන්, ප්‍රේමයෙන් එකම සිත් අභිප්‍රායෙන් එක්මුතුව තමුන්ගේද කාලකණ්ණි සියලු පව්කාරයින්ගේද, අවිශ්වාසවන්තකම ගැන දුක්මනස්තාපයෙන් තැවී සිටිති. අප විසින් කරන්නට යන එක්සින්වුද, ප්රසිද්ධවුද, වාග්දාන වලින් ඔබවහන්සේගේ දිව්‍ය හෘදය දයානුකම්පා වී අපටද, ලෝකයාටද, ඔබවහන්සේට ප්‍රේම නොවන අවාසනාවන්තවූ සියල්ලන්ටද ඔබට ප්‍රේම වෙන්ට කරුණාව ලැබේවා.
මින්මත්තට අපි සියල්ලෝ වාග්දානයක් දෙමු. එනම්:-
මනුෂ්‍යයන්ගේ මතක නැතිකමත් කෙළෙහි ගුණ නැතිකමත් උදෙසා,
ස්වාමිනී අපි ඔබවහන්සේට සැනසීම දෙමු
දිව්‍ය සත්ප්‍රසාද මණ්ඩපයෙහි ඔබවහන්සේ ප්‍රතික්ෂේප කරනු ලැබීම උදෙසා,
පව්කාරයන්ගේ අපරාධ උදෙසා,
අහකතිවූවන්ගේ වෛරය උදෙසා,
ඔබවහන්සේට කියන ලද අපහාස වචන උදෙසා,
ඔබවහන්සේගේ දේවිකයට කරන ලද අනාදර උදෙසා,
ඔබවහන්සේගේ ප්‍රේමයේ ප්‍රසාද නිධානය දූෂ්‍ය කරන ද්‍රෝහිකම් උදෙසා,
ඔබවහන්සේගේ දිව්‍ය සම්මුඛයෙහි සිද්ධකරන ලද අගෞරවාචාරයත්, අවමානයත් උදෙසා,
වන්දනීය වූ බිලිපූජාවක් වන ඔබවහන්සේට කරන ලද තද අනාදර උදෙසා,
ඔබවහන්සේගේ දරුවන්ගෙන් මහත් කොටසක් දක්වන අලසකම උදෙසා,
ඔබවහන්සේගේ ප්‍රේමවන්ත අවවාද සුන්කිරීම උදෙසා,
ඔබවහන්සේගේ මිත්‍රයෝය කියමින් මග හරින ඔවුන්ගේ අවිශ්වාසය උදෙසා,
ඔබවහන්සේගේ වරප්‍රසාද නිරර්ථක කිරීම උදෙසා,
අපේ අවිශ්වාසවන්තකම උදෙසා,
අපේ හෘදයන්ගේ අවින්තවූ දැඩිකම උදෙසා,
ඔබවහන්සේට ප්‍රේම කිරීමට අපේ දීර්ඝ ප්‍රමාද කිරීම උදෙසා,
ඔබවහන්සේගේ දේව මෙහෙයෙහි අපේ ඇල්මැරුණු ගතිය උදෙසා,
ආත්මයන් විනාශ වෙන නිමිත්තෙන් ඔබවහන්සේගේ තිත්ත දුක්කනගාටු උදෙසා,
ඔබවහන්සේ අපේ හෘද ද්වාරය ළඟ ආසාවෙන් බලා වැඩ සිටීම උදෙසා,
ඔබවහන්සේගේ සිත වේදනා කරවන දුෂ්ට හෙළාදැකීම් උදෙසා,
ඔබවහන්සේගේ ප්‍රේමවන්ත සුසුම්ලෑම් උදෙසා,
ඔබවහන්සේගේ ප්‍රේමවන්ත කඳුළු උදෙසා,
ඔබවහන්සේගේ ප්‍රේමවන්ත සිරගතවීම උදෙසා,
ඔබවහන්සේගේ ප්‍රේමවන්ත උකුත්වීම උදෙසා,
යාච්ඤා කරමු
ජේසු ස්වාමිදරුවනි, දිව්‍ය ගැලවුම්කාරයාණෙනි, ඔබවහන්සේගේ දිව්‍ය හෘදයෙන්ම දූඃඛිත වූ මැසිවිල්ලක් නික්මුණේය. එනම්: “මා සනසන්නෙකු බලා සිටි නමුත් කිසිවෙක් සම්භනුවීය.” අපි ඔබවහන්සේට ඔප්පුකර සිටින සුළු සැනසීම කරුණාවෙන් පිළිගත මැනව. මින්මතු ඔබවහන්සේට අප්‍රසන්න සියල්ලෙන් වැඩි වැඩියේ අහක්වී යන්නටත්, සියල්ලෙහි ද සෑම තන්හිදී සහ සදාකල්හිත් අපි ඔබවහන්සේගේ දිව්‍ය හෘදයේ අති විශ්වාසවන්තවූද, ජීවලිත ශක්තිවූද, දරුවන් බව ප්‍රකාශ කරන සැටියට ඔබවහන්සේගේ වරප්‍රසාද අපට දෙනවා සොඳේ. එකම දෙවි වූ පියාණන් වහන්සේ සමගද, ස්ප්‍රීතු සාන්තුන් වහන්සේ සමගද, සදාකාලයටම ජීවත් වන්නාවූද, රජකම් කරන්නාවූද, ඔබවහන්සේගේ දිව්‍ය හෘදය බලා එසේ ලැබෙන මෙන් උදක්ම ඉල්ලා සිටිමු.
ආමෙන්.
ගීතිකාව
“මනුෂ්‍ය කුමාරයා පව්කාරයන් අතට අසුවන වේලාව පැමිණුණේය. මෙතැනින් නැගිට යමුහ. (මතෙව් 26:46)
මාගේ අමාත්යබරවූ ජේසුනි, අප විසින්ම පාප ප්රස්ථාවල් සොයමින් කැමැත්තෙන්ම පාපයට වැටෙන නිසා ඊට ප්‍රතිකාර වශයෙන් ඔබ පාවා දෙන්නට එන්නාවූ ජුදාස් සහ ඔබට මෙපමණ දුක් දී කුරුසියෙහි ඇණ ගැසීමට පවා ලැස්තිව සිටින්නාවූ ජුදාස්වරුන් වෙතට ඔබවහන්සේම මෙපමණ ප්‍රීතියෙන් යන සේක් වේද?
අනේ මාගේ මධුරවූ ජේසුනි, යම් පාප පරීක්ෂාවක් හෝ පාපිෂ්ඨ ආශාවක් මා තුළ හටගන්නා විට, එය කොපමණ සුළු පාපයක් වූ නමුත්, එම පාපයට බිලිපූජාවක් මෙන් මෙපමණ දුක් විඳ කුරුසියෙහි ඔප්පු වුනාවූ සහ ලෝකාන්තිමය වන තුරු සක්‍රමේන්තුවෙහි සිට ඔප්පුවෙන්නාවූ, ඔබගේ දුක්ප්‍රාප්තිය සිහිකරන්නට මට පිහිට වුව මැනව. මෙම සක්‍රමේන්තුවෙහි වාසය කරමින්ම මුළු ලෝකයේම සියල්ලන් විසින් කරන්නාවූ සියළු පාපවල් ඔබ දකිනා බවද මම කල්පනා කර, “මනුෂ්‍ය කුමාරයාණෝ පව්කාරයන් අතට අසුවෙන වේලාව පැමිණුණේය. මෙතැනින් නැගිට යමුහ” යි යන ඔබවහන්සේගේ කන්නලව් ඉල්ලීමට ඇහුම්කන් දීමට මට ආශිර්වාද කළ මැනව.
ඔබවහන්සේ මා සමග සිටින බව සිහිකර, ඔබවහන්සේ කෙරෙහි මා විශ්වාසය තබා ඔබවහන්සේ සමග එම පාප පරීක්ෂාව අත්හැර දැමීමට මට වරප්‍රසාද දුන මැනව. “අපි එනම්, ජේසුස් ස්වාමිදරුවෝ මා සමගද, මම උන්වහන්සේ සමගද, අපි ‘මෙතැනින්’ එනම්, මෙම පාප පරීක්ෂාව දුරු කර නැගිට යමුහ” සැබවින්ම මා ශක්තිමත් කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියල්ලම කරන්නට පුළුවන. (පිලිප්පි 4: 13)
(සියල්ලෝම) සුපරිශුද්ධ පරම දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට සෑම මොහොතකදීම ස්තුති ප්‍රශංසා කරනු ලබන සේක්වා.
(දවස් 100 පූර්ණඵල)
අහෝ මාගේ ආත්මයෙනි, අපි යම් විටෙක යම් පාපයකට වැටී හෝ යම් පාප පරීක්ෂාවක යෙදී සිටින්නෙමු නම් උන්වහන්සේ ශු. පේදුරු තුමන්ගේ මෙන් අපේ හෘදවල් ද පශ්චත්තාප ප්‍රේමයෙන් දැල්වීමට අප වෙතට බලන සේක.
උන්වහන්සේගේ මේ කරුණා බැල්ම නොසලකා අපි සිටින්නෙමු නම් ජූදාස්ට කීවාක් මෙන් ඉතා දයානුකම්පාවෙන් "මිත්‍රය, නුඹ කුමකට පැමිණියෙහිද" (මතෙව් 26: 50) "ජූදාස් නුඹ සිඹීමින් මනුෂ්‍ය පුත්‍රයාණන් පාවා දෙන්නෙහිද" යි (ලූක් 22: 48) අපටත් කියන සේක.
අප පෙම්බර ජේසු ස්වාමිදරුවෝ පිතාවන දෙවියන් ඉදිරියෙහි, මල් උයනේද සහ කුරුස ගසේද මෙන්, දැනුත් ස්වර්ගයෙහි සහ සත්ප්‍රසාදයෙහි ද වැඩ සිට අප ශාරීරික දුර්වලකම පියාණන් වහන්සේට පෙන්වා දෙන සේක. "ආත්මය කැමතිය එහෙත් ශරීරය දුර්වලය" තවද අපි පාපයෙහි රෞද්‍රකම නොදැන පාපයට වැටෙන බව කියා "පියාණෙනි, මොවුන් කරන වරද නොදැන කරන සෙයින් මොවුන්ට ක්ෂමා වුව මැනව" යි උන්වහන්සේ අප උදෙසා යාච්ඤා කරන සේක.
"යක්ෂ පරීක්ෂාවලට අසුනොවන ලෙස සැලකීමෙන් සිට යාච්ඤා කරපල්ලා" යි අපට අවවාද කර, අප සහෝදර ප්‍රේමයෙන් මෙලොව එක්මුතු කර, දේව ත්‍රිත්වයට සදාකාලයටම අප එකඟ කරගන්නා පිණිස මෙසේ යාච්ඤා කරන සේක. "ශුද්ධවූ පියාණෙනි, ඔබවහන්සේ මට භාරකළාවූ ඔවුන් ඔබවහන්සේගේ නාමයෙන් රක්ෂා කළ මැනව. ඔවුන් සියල්ලන් එකත්වයට සිටින පිණිස පියාණෙනි, ඔබ මා තුළද මා ඔබ තුළද සිටින්නාක් මෙන්, ඔවුන්ද අප තුළ එකඟ කළ මැනව." (ජොහාන් 17: 11-21)
(සියල්ලෝම) අනේ පෙම්බර ජේසුනි, අපෙන් සියලු ආකාර කෝප, ද්‍රෝහි සිත් දුරුකර අපේ සතුරන්ට ක්ෂමාකර, ඔබ උදෙසා සියල්ලන් සමග ප්‍රේමයෙන් සිටින්නට අපට පිහිට වූව මැනව. ඔබ දිව්‍ය හෘදය තුළ අප එකඟ කරගත මැනව.
අති අමාප්තබරවූ ජේසුනි! මනුෂ්‍ය ජාතීන්ගේ ගැලවුම්කාරයාණෙනි, ඔබගේ පූජාසනය හමුවෙහි බැගෑපත්ව වැඳ වැටී සිටින අප වෙත දයා බැල්මලා වදාල මැනව. අපි ඔබට අයිති වෙමු. සැමකල්හිත් අපි ඔබට අයිතිවෙන්ට කැමැත්තෙමු. තවද ඔබ හා සමග වඩා ස්ථිරව එකඟ වෙන පිණිස අද දිනදී ස්වකීය කැමැත්තෙන්ම අපෙන් එක එකා ඔබගේ දිව්‍ය හෘදයට තම තමා කැප කරයි.
(කැමති නම් මේ වෙනුවට 25 වෙනි පිටේ පෙන්වන්නාවූ "ජේසුස් ස්වාමිදරුන්ගේ දිව්‍ය හෘදයට ප්‍රතිකර්ම ආරාධනාව" ඔප්පු කරනු).
බොහෝ ජනයෝ කවදාකවත් ඔබ අඳින නොගන්නෝය. බොහෝ දෙනාද ඔබගේ පණත් හෙළා දැක ඔබ ප්‍රතික්ෂේප කළෝය. අති දයාබර ජේසුනි! ඔවුන් සමස්තයන්ට ඔබ දයානුකම්පාවී ඔබගේ දිව්‍ය හෘදය කරා ඔවුන් ගෙන්වා වදාළ මැනව.
ස්වාමිනි, කොයිකලකදීවත් ඔබගෙන් ඉවත්ව නොගිය විශ්වාසිකයන්ට පමණක් නොව, ඔබට පිටුපා ගිය අකීකරු දරුවන්ටත් ඔබ රජාණන් වන සේක්වා. ඔවුන් කාලකන්නි කමින්ද, සාගින්නෙන්ද විනාශ නොවන සැටියට ස්වකීය දෙවිපියාණන්ගේ ගෘහයට වහාම නැවත හැරී එන මෙන් කරුණා කළ මැනව.
වැරදි මත වලින් රවටනු ලැබූ නොහොත් ස්වකීය ඇල්මවලින් මුළාවී ගියවුන්ටත් ඔබ රජාණන් වන සේක්වා! එකම බැටළු රැලක්ද, එකම එඬේරෙක්ද වෙන සැටියට සත්‍යතාවයෙන් විශ්වාස ඒකත්වයෙන් වරායට ඔවුන් ගෙන්වූ මැනව.
ස්වාමිනි! ඔබගේ ශුද්ධවූ සභාවට ස්ථිරවූද, බාධා නැතිවූද, නිදහස දුන මැනව. සියලු දේශ ජනයන්ට නිසි ක්‍රමය හා සමාදානය දේවා වදාළ මැනව. මේ ලෝකයේ සීමාවෙන් සීමාවට සෑම තැන්හි අපට ගැලවීම සම්පාදනය කළ දිව්‍ය හෘදයට ප්‍රශංසා ලැබේවා. උන්වහන්සේට මහිමයත් ගෞරවයත් සදාකල්හි ලැබේවායි සමස්තයෝ එකම ශබ්දයෙන් කියත්වා.
ආමෙන්.
ගීතිකාව
මාගේ පෙම්බර ජේසුනි! ඔබ සමග මේ පැයේදී අඬා වැලපී දුක් ශෝකයෙන් පිරී සිටින්නාවූ ඔබගේ දිව්‍ය හෘදයට සැනසීම දීමට ඔබ මා භාරගත් හෙයින්, මාගේ මුළු හෘදයෙන් ඔබට ස්තුති කර මාගේ ප්‍රේමය ඔබට ඔප්පු කරමි.
අනේ මාගේ ජේසුනි! ඔබවහන්සේගේ දුක්ප්‍රාප්තිය ගැන මාගේ හෘදය තුළ නිතර සිහිකර, සත්ප්‍රසාදයෙහි වැඩ සිටින්නාවූ ඔබ සමග එකගව දෙවියන් වහන්සේ විසින්ම මට දෙන්ට යෙදෙන්නාවූ සැප සහ දුක්ද, ලෝක සුව සැප වස්තු මාන්‍යාදිය හා රෝග පීඩාදිය සියල්ලම ඔබවහන්සේට ස්තුති කොට භාරගැනීමට මට වරම් දැන මැනව. ඔබ සමඟ ප්‍රීතියෙන් ඒ සියල්ලම දරමින් මාගේ මුළු ජීවිතය ඔබ කෙරෙහි ප්‍රේමයෙන් පසුකරන්නට මට පිහිට වූ මැනව.
මාගේ පෙම්බර ජේසුනි! ඔබවහන්සේගේ පිහිටාශීර්වාදයෙන් මේ පැයේදී, ඔබ මල් උයනේදී මරණාසන්නව වින්දාවූ දුකට සහ සත්ප්‍රසාදයේදී ඔබ ලබන්නාවූ දුක් අවමානවලටද, මම දෙන්නාවූ සැනසීම උදෙසා මා කෙරෙහි කරුණා බැල්මලා මාගේ ඉල්ලීමට ඇහුම්කන් දුන මැනව. එනම්......
(මෙහි නුඹලාට උවමනාවූ විශේෂ පිහිට උපකාර, විශ්වාස ඒකාන්තයෙන්ම ඉල්ලනු. නුඹලා විසින් මෙම පැයේදී උන්වහන්සේට ඔප්පු කලාවූ සැනසීම උදෙසා උන්වහන්සේගේ ශ්‍රී හෘදය නුඹලා කෙරෙහි අධික ප්‍රේමයෙන් දැල්වී, නුඹලාට දෙන්නට ඉතා ආදරයෙන් සිටින සේක.)
තවද අනේ ජේසුනි, අයහපත් සහ සදි මරණයෙන් මා ගලවා ගත මැනව.
මම මේ පැයේදී ඔබවහන්සේ සමඟ සිට ඔබවහන්සේට මාගේ ප්‍රේමය සහ සැනසීමද ඔප්පු කරන්නාක් මෙන්, මාගේ මරණාසන්න මොහොතේදී ඔබ මා සමග සිට මා සැනසුව මැනව. සත්ප්‍රසාද මාර්ගයෙන්ද ඔබ මා හෘදය තුලට වඩවාගෙන කුරුසයෙහි උකුත්වූවාවූ ඔබ සමග, "පියාණෙනි, මාගේ ආත්මය ඔබවහන්සේගේ ශ්‍රී හස්තවලට භාරකරමි" යි කියා මාගේ ප්‍රාණය ඔප්පු කිරීමට මට පිහිට වූ මැනව. "මාගේ ජේසුනි, මම ඔබට ආදරේ වෙමි" යි කියමින් ඔබගේ දිව්‍ය හෘදයට එක්මුතු වීමට මට පිහිටාශීර්වාද කළ මැනව. ඔබගේ ශ්‍රී මුඛයෙන් "අද දින නුඹ මා සමග ස්වර්ගයෙහි සිටින්නෙහිය" යි යන වාක්‍යය අසන්නට මා වාසනාවන්තයෙක් වෙන ලෙස, ඔබගේ ප්‍රසාද උපකාරය මට දෙවා වදාළ මැනව.
වික්ෂෝප මාතාවෙනි, මාගේ පෙම්බර මැණියෙනි, ඔබ ප්‍රේම පුත්‍රයා මල් උයනේදී ඔබවහන්සේගෙන් වෙන්වී මරණාසන්නව සිටින විට, උන්වහන්සේට යම් සැනසීමක් දීමට නොහැකිව සිටිය බැවින් ඔබවහන්සේගේ හෘදය තුල හටගත්තාවූ දුක්ගෝකය සිහිකර, මාගේ මරණාසන්නයේදී මා අත්නෑරිය මැනව. උන්වහන්සේ කුරුසියේ එල්ලී උකුත්වූ විට, උන්වහන්සේ ළඟ සිට, උන්වහන්සේගේ මාත ශරීරය ඔබ ශ්‍රී හස්ත වලට ගත්තාක් මෙන් ඔබ මාද තුරුල්කරගෙන, මෙම භයානක මොහොතේදී මගෙන් යක්ෂයා සහ උගේ පරීක්ෂාත් දුරුකර, මාගේ සැනසීමද, මාගේ ගැලවීමද වුව මැනව.
ආමෙන්.
ආ උතුම් මේ අභිරහස දෝත් මුදුන් දී වඳිමු බැහැර වේ පුරාණ නේවා දැන් පිදේ පිදුම් අමා දුබල වූ ඉඳුරන්ට පිහිට වේ විශ්වාසය
දෙව්පියට දෙව්පුත්නට වේ පසස් මගුල් ගොසා වන්දනා ගරු විකුම්ද ආසිරි සිරිත් වේවා මෙතුමන් කෙරෙන් නිකුත් වූ සා වැනුම් සුදත් මටා
ඔබවහන්සේ ස්වර්ගයෙන් පූපය ඔවුන්ට දෙවා වදාල සේක සෑම ප්‍රබෝධයක්ම එහි අඩංගු වී ඇත්තේය
ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි, ඔබවහන්සේගේ දුක්ඛ ප්රාප්තියේ හා මරණයේ සිහිවීම ලෙස මේ පුදුමාකාර ප්‍රසාද නිධානය අපට දානය කලසේක් වේද! ඔබගේ ගැලවීමේ ඵල අප සිතට නිතර දැනෙන ආකාරයෙන් ඔබවහන්සේගේ ශ්‍රී ශරීරයට හා ශ්‍රී රුධිරයට කිසි ගෞරවයෙන් වන්දනාචාර කිරීමට ද ඔබවහන්සේගේ රාජ්‍යයේ සාමය අත්දැකීමට ද අපට වරම් දුන මැනව. ඔබවහන්සේ සදහට ම වැජඹෙන සේක! රජකම් කරන සේක! ආමෙන්.
දෙවියන් වහන්සේ!
ආශිර්වාධිත වේවා!
උන්වහන්සේගේ ශ්‍රී නාමය,
සැබෑවූ දෙවියන් වහන්සේද, සැබෑවූ මනුෂ්‍යයාද වන ජේසුස් ක්‍රිස්තු ස්වාමිදරුවෝ
ජේසුස් ස්වාමිදරුවන්ගේ ශ්‍රී නාමය
උන්වහන්සේගේ ශ්‍රී හෘදය
උන්වහන්සේගේ අමල වූ ශ්‍රී රුධිරය
සැනසිලිදායකයාණන්වූ ස්ප්‍රීතු සාන්තු වහන්සේ
උත්තම දේවමාතාවන්වූ අති ශුද්ධවූ මරියවහන්සේ
උන්වහන්සේගේ ප්රතාපවත් ස්වර්ගාරෝපණය
කන්‍ය මාතාවන්ගේ මරිය යන ශ්‍රී නාමය
උන්වහන්සේගේ පතිවූ ශුද්ධවූ ජුසේතුමා
දෙවියන් වහන්සේ තමන් දූතයන් හා ශුද්ධවන්තයන් කෙරෙහි,
ගීතිකාව