ශුද්ධික ගිනිස්ථානයේ සිටන ආත්මයන් මුදාගැනීම සඳහා උත්තම භාරය
ජපමාලය භාවිතා කළ හැකි.
ප්‍රදානියා: පියාණන්ගේ ද, පුත්‍රයාණන්ගේද, ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන්.
ජනතාව: ආමේන්.
- කුරුසියට
ප්‍රදානියා: ජේසුතුමන්ගේ ශ්‍රී හෘදයෙනි
ජනතාව: මම ඔබ කෙරෙහි විශ්වාසය තබමි.
- ලොකු ඇටට
ප්‍රදානියා: අහෝ මාගේ දෙවිඳුනි, ඔබ සත්‍යමය බැවින්
ජනතාව: ඔබ කෙරෙහි විශ්වාස කරමි.
ප්‍රදානියා: ඔබ පොරොන්දු සම්පූර්ණ කරන බැවින්,
ජනතාව: ඔබ කෙරෙහි බලාපොරොත්තු වෙමි.
ප්‍රදානියා: ඔබ අනන්ත දයා ගුණාන්විත බැවින්,
ජනතාව: සියලු දේට වැඩියෙන් ඔබට දයා වෙමි.
- කුඩා ඇට 3ට
ප්‍රදානියා: ජේසුනි, මරියනි
ජනතාව: ජේසු මරිය ජූසේ තුමෙනි
තුන් වරක්
- තුන් වරකට පසු
ප්‍රදානියා: ජේසු තුමානන්ගේ මධුර වූ හදවතින්,
ජනතාව: ඔබ මාගේ ආදරය වේවා.
ප්‍රදානියා: මරිය තුමියන්ගේ මිහිරි වූ හදවතින්,
ජනතාව: ඔබ මාගේ ගැලවීම වේවා.
- පළමුවන පන්තිය
- ලොකු ඇටට
ප්‍රදානියා: අහෝ මාගේ දෙවිඳුනි, ඔබ සත්‍යමය බැවින්
ජනතාව: ඔබ කෙරෙහි විශ්වාස කරමි.
ප්‍රදානියා: ඔබ පොරොන්දු සම්පූර්ණ කරන බැවින්,
ජනතාව: ඔබ කෙරෙහි බලාපොරොත්තු වෙමි.
ප්‍රදානියා: ඔබ අනන්ත දයා ගුණාන්විත බැවින්,
ජනතාව: සියලු දේට වැඩියෙන් ඔබට දයා වෙමි.
- කුඩා ඇට 10ට
ප්‍රදානියා: ජේසුනි, මරියනි
ජනතාව: ජේසු මරිය ජූසේ තුමෙනි
දස වරක්
- දස වරකට පසු
ප්‍රදානියා: ජේසු තුමානන්ගේ මධුර වූ හදවතින්,
ජනතාව: ඔබ මාගේ ආදරය වේවා.
ප්‍රදානියා: මරිය තුමියන්ගේ මිහිරි වූ හදවතින්,
ජනතාව: ඔබ මාගේ ගැලවීම වේවා.
- දෙවන පන්තිය
- ලොකු ඇටට
ප්‍රදානියා: අහෝ මාගේ දෙවිඳුනි, ඔබ සත්‍යමය බැවින්
ජනතාව: ඔබ කෙරෙහි විශ්වාස කරමි.
ප්‍රදානියා: ඔබ පොරොන්දු සම්පූර්ණ කරන බැවින්,
ජනතාව: ඔබ කෙරෙහි බලාපොරොත්තු වෙමි.
ප්‍රදානියා: ඔබ අනන්ත දයා ගුණාන්විත බැවින්,
ජනතාව: සියලු දේට වැඩියෙන් ඔබට දයා වෙමි.
- කුඩා ඇට 10ට
ප්‍රදානියා: ජේසුනි, මරියනි
ජනතාව: ජේසු මරිය ජූසේ තුමෙනි
දස වරක්
- දස වරකට පසු
ප්‍රදානියා: ජේසු තුමානන්ගේ මධුර වූ හදවතින්,
ජනතාව: ඔබ මාගේ ආදරය වේවා.
ප්‍රදානියා: මරිය තුමියන්ගේ මිහිරි වූ හදවතින්,
ජනතාව: ඔබ මාගේ ගැලවීම වේවා.
- තුන්වන පන්තිය
- ලොකු ඇටට
ප්‍රදානියා: අහෝ මාගේ දෙවිඳුනි, ඔබ සත්‍යමය බැවින්
ජනතාව: ඔබ කෙරෙහි විශ්වාස කරමි.
ප්‍රදානියා: ඔබ පොරොන්දු සම්පූර්ණ කරන බැවින්,
ජනතාව: ඔබ කෙරෙහි බලාපොරොත්තු වෙමි.
ප්‍රදානියා: ඔබ අනන්ත දයා ගුණාන්විත බැවින්,
ජනතාව: සියලු දේට වැඩියෙන් ඔබට දයා වෙමි.
- කුඩා ඇට 10ට
ප්‍රදානියා: ජේසුනි, මරියනි
ජනතාව: ජේසු මරිය ජූසේ තුමෙනි
දස වරක්
- දස වරකට පසු
ප්‍රදානියා: ජේසු තුමානන්ගේ මධුර වූ හදවතින්,
ජනතාව: ඔබ මාගේ ආදරය වේවා.
ප්‍රදානියා: මරිය තුමියන්ගේ මිහිරි වූ හදවතින්,
ජනතාව: ඔබ මාගේ ගැලවීම වේවා.
- හතරවන පන්තිය
- ලොකු ඇටට
ප්‍රදානියා: අහෝ මාගේ දෙවිඳුනි, ඔබ සත්‍යමය බැවින්
ජනතාව: ඔබ කෙරෙහි විශ්වාස කරමි.
ප්‍රදානියා: ඔබ පොරොන්දු සම්පූර්ණ කරන බැවින්,
ජනතාව: ඔබ කෙරෙහි බලාපොරොත්තු වෙමි.
ප්‍රදානියා: ඔබ අනන්ත දයා ගුණාන්විත බැවින්,
ජනතාව: සියලු දේට වැඩියෙන් ඔබට දයා වෙමි.
- කුඩා ඇට 10ට
ප්‍රදානියා: ජේසුනි, මරියනි
ජනතාව: ජේසු මරිය ජූසේ තුමෙනි
දස වරක්
- දස වරකට පසු
ප්‍රදානියා: ජේසු තුමානන්ගේ මධුර වූ හදවතින්,
ජනතාව: ඔබ මාගේ ආදරය වේවා.
ප්‍රදානියා: මරිය තුමියන්ගේ මිහිරි වූ හදවතින්,
ජනතාව: ඔබ මාගේ ගැලවීම වේවා.
- සිව්වන පන්තිය
- ලොකු ඇටට
ප්‍රදානියා: අහෝ මාගේ දෙවිඳුනි, ඔබ සත්‍යමය බැවින්
ජනතාව: ඔබ කෙරෙහි විශ්වාස කරමි.
ප්‍රදානියා: ඔබ පොරොන්දු සම්පූර්ණ කරන බැවින්,
ජනතාව: ඔබ කෙරෙහි බලාපොරොත්තු වෙමි.
ප්‍රදානියා: ඔබ අනන්ත දයා ගුණාන්විත බැවින්,
ජනතාව: සියලු දේට වැඩියෙන් ඔබට දයා වෙමි.
- කුඩා ඇට 10ට
ප්‍රදානියා: ජේසුනි, මරියනි
ජනතාව: ජේසු මරිය ජූසේ තුමෙනි
දස වරක්
- දස වරකට පසු
ප්‍රදානියා: ජේසු තුමානන්ගේ මධුර වූ හදවතින්,
ජනතාව: ඔබ මාගේ ආදරය වේවා.
ප්‍රදානියා: මරිය තුමියන්ගේ මිහිරි වූ හදවතින්,
ජනතාව: ඔබ මාගේ ගැලවීම වේවා.
- අන්තිමට
ජනතාව: ජේසු මරිය ජූසේ මාගේ හෘදයත්, ජීවිතයත්, ආත්මයත් ඔබවහන්සේලාට ඔප්පු කරමි.
ජනතාව: ජේසු මරිය ජූසේ මාගේ මරණාසන්නයේදී උදව් වූව මැනව.
ජනතාව: ජේසු මරිය ජූසෙෆ් ඔබවහන්සේලා ඉදිරියෙහි මා සමාදානයෙන් කිදීමට සැලැස්වූව මැනවි.
- මළවුන් වෙනුවෙන් ප්‍රාර්ථනාව
ස්වාමීනි කරුණා කළ මැනව.
- ස්වාමීනි, ඔවුන්ට කරුණා කළ මැනව.ක්‍රිස්තුනි කරුණා කළ මැනවි.
- ක්‍රිස්තුනි, ඔවුන්ට කරුණා කළ මැනව.ස්වාමීනි කරුණා කළ මැනව.
- ස්වාමීනි, ඔවුන්ට කරුණා කළ මැනව.
ක්‍රිස්තුනි, ඔවුන්ගේ දුක් බැලූව මැනවි.
- ක්‍රිස්තුනි, ඔවුන්ගේ හඬ ඇසූව මැනවි.පරමකණ්ඩලවල වැඩ සිටින පිතාවන දෙවියනි
- ඔවුන්ට දයා කළ මැනවලෝකය නිදහස් කළාවූ පුත්‍රවන දෙවියනි
- ඔවුන්ට දයා කළ මැනවස්ප්රීතු සාන්තුවන දෙවියනි
- ඔවුන්ට දයා කළ මැනවසුපරිශුද්ධ ත්‍රිත්වය වූ එක දෙවිඳුනි
- ඔවුන්ට දයා කළ මැනව
ශුද්ධවූ මරියනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
ශුද්ධවූ දේව මෑණියනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
කන්‍යාති කන්‍යාවෙනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
ශුද්ධවූ මිඛායෙල් තුමෙනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
ශුද්ධවූ සියලු දේවදූතයිනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
මෝක්ෂසම්පන්නවූ ශුද්ධවූ සියලු සුරතාවයන්ගේ පංක්ති සියල්ලෙනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
ශුද්ධවූ ස්නාපක ජුවාම්තුමෙනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
ශුද්ධවූ ජූසෙතුමෙනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
ශුද්ධවූ සියලු ආදීපිතෘවරුන් හා දිවස්ප්රසාදිවරුනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
ශුද්ධවූ පේදුරුතුමෙනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
ශුද්ධවූ පාවුලුතුමෙනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
ශුද්ධවූ ජුවාම්තුමෙනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
ශුද්ධවූ සියලු අපෝස්තුළුවරයන් හා සුවිශේෂකවරුනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
ශුද්ධවූ ස්තේවන්තුමෙනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
ශුද්ධවූ ෆ්රැන්සිස්තුමෙනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
ශුද්ධවූ සියලු ප්රාණපරිත්යාගිවරුනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
ශුද්ධවූ ග්රිගෝරිතුමෙනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
ශුද්ධවූ අම්බ්රෝසිතුමෙනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
ශුද්ධවූ අගුස්තීනුතුමෙනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
ශුද්ධවූ ජෙරෝම්තුමෙනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
ශුද්ධවූ සියලු රාජගුරු ප්‍රසාදිවරුන් හා වන්දනාදිවරුනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
ශුද්ධවූ සියලු ආගම පණ්ඩිතවරුනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
ශුද්ධවූ සියලු පූජාප්රසාදිවරයන් හා තේවාචාරියනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
ශුද්ධවූ සියලු තපස්වරයන් හා ආරණ්යවාසියනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරියනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
ශුද්ධවූ කතරිනා මුනිශ්වරියනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
ශුද්ධවූ බාර්බරා මුනිශ්වරියනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
ශුද්ධවූ සියලු කන්‍යා ස්ත්‍රීයන් හා විධවියනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
දෙවියන්ගේ සියලු ශුද්ධවන්තයන් හා ශුද්ධවන්තියෙනි - මළාවූ ක්‍රිස්තියානීන් වෙනුවට යාච්ඤා කළ මැනව
ප්‍රසන්නව - ඔවුන්ගේ පව් ක්ෂමා කළ මැනව ස්වාමි
ප්‍රසන්නව - අපේ ප්‍රාර්ථනා ඇසූව මැනව ස්වාමී
සියලු නපුරෙන් - ඔවුන් ගලවා ස්වාමි
ඔබගේ උදහසයෙන් - ඔවුන් ගලවා ස්වාමි
ඔබගේ නීතියෙහි අමාරුකමින් - ඔවුන් ගලවා ස්වාමි
යක්ෂයාගේ බලයෙන් - ඔවුන් ගලවා ස්වාමි
සිත් හාරන කෘමියාගෙන් - ඔවුන් ගලවා ස්වාමි
නිත්‍ය කාංසාවෙන් - ඔවුන් ගලවා ස්වාමි
කඨුරවු ගිනිජ්වාලවලින් - ඔවුන් ගලවා ස්වාමි
ඉවසිය නොහැකි සීතලෙන් - ඔවුන් ගලවා ස්වාමි
භ්රාන්තික කලුවරයෙන් - ඔවුන් ගලවා ස්වාමි
භයංකර ඇඬුම් විලාපයෙන් - ඔවුන් ගලවා ස්වාමි
ඔබගේ ආශ්චර්යමත්වූ ගර්භවාසය බලා - ඔවුන් ගලවා ස්වාමි
ඔබගේ ශුද්ධවූ උපත බලා - ඔවුන් ගලවා ස්වාමි
ඔබගේ අති මධුරවූ නාමය බලා - ඔවුන් ගලවා ස්වාමි
ඔබගේ ප්‍රසාද ස්නානය හා ශුද්ධවූ නිරාභාරවීම බලා - ඔවුන් ගලවා ස්වාමි
ඔබගේ අති ගැඹුරු වූ බැහැපත්වීම බලා - ඔවුන් ගලවා ස්වාමි
ඔබගේ යුහුසුලු කීකරුවීම බලා - ඔවුන් ගලවා ස්වාමි
ඔබගේ අප්‍රමාණ දයා ප්‍රේමය බලා - ඔවුන් ගලවා ස්වාමි
ඔබගේ චිත්තශෝක වේදනාව බලා - ඔවුන් ගලවා ස්වාමි
ඔබගේ රුධිරය හා ඩහදිය බලා - ඔවුන් ගලවා ස්වාමි
ඔබගේ සිරවීම බලා - ඔවුන් ගලවා ස්වාමි
ඔබගේ කසපහර විඳීම බලා - ඔවුන් ගලවා ස්වාමි
ඔබගේ කටුඔටුන්න පැළඳීම බලා - ඔවුන් ගලවා ස්වාමි
ඔබගේ කුරුසිය උසුලාගෙන යාම බලා - ඔවුන් ගලවා ස්වාමි
ඔබගේ කඨුතරවූ මරණය බලා - ඔවුන් ගලවා ස්වාමි
ඔබගේ ශුද්ධවූ වණකැළල් පය බලා - ඔවුන් ගලවා ස්වාමි
ඔබගේ කුරුසිය හා අති උග්රවූ දුඃඛප්‍රාප්තිය බලා - ඔවුන් ගලවා ස්වාමි
ඔබගේ ශ්‍රී භරිත මළඉපදීම බලා - ඔවුන් ගලවා ස්වාමි
ඔබගේ විස්මපත්වූ අහස් නැඟීම බලා - ඔවුන් ගලවා ස්වාමි
අභිවෘද්ධිදායක ස්ප්රීතුසාන්තු තුමන්ගේ ආගතය බලා - ඔවුන් ගලවා ස්වාමි
නඩු තීන්දු දිනේදී - ඔවුන් ගලවා ස්වාමි
පවිටුකාර වූ අප - ඔබට කරන යාච්ඤා ඇසූව මැනව
මරිය මග්දලේනාගේ පව් ක්‍ෂමාකොට දකුණේ සොරාගේ ප්‍රාර්ථනාව ඇසූවාවූ ඔබ - ඔබට කරන යාච්ඤා ඇසූව මැනව
පෙර නිර්මිතයන් උපකාර වශයෙන් ගලවා ගන්නා වූ ඔබ - ඔබට කරන යාච්ඤා ඇසූව මැනව
මරණයෙහි හා අපායෙහි යතූරු ඇති ඔබ - ඔබට කරන යාච්ඤා ඇසූව මැනව
අපේ මවුපිය නෑ සහෝදරයන් හා උපකාර කාරයන් නිරුදුකින් ගලවා වදාරණ පිණිස - ඔබට කරන යාච්ඤා ඇසූව මැනව
මළාවූ ක්රිස්තියානිවරුන් අනන්ත දඬුවමින් ගළවා වදාරණ පිණිස - ඔබට කරන යාච්ඤා ඇසූව මැනව
මෙලොවෙහි කිසි පිහිටක් නැති ආත්මවලට දයාබරකම් කර වදාරණ පිණිස - ඔබට කරන යාච්ඤා ඇසූව මැනව
මේකී සෑම අයට පවුත්, දඬුවමුත් ක්ෂමාකර වදාරණ පිණිස - ඔබට කරන යාච්ඤා ඇසූව මැනව
ඔවුන්ගේ අදහස් සම්පූර්ණකොට දේවා වදාරණ පිණිස - ඔබට කරන යාච්ඤා ඇසූව මැනව
මෝක්ෂවාසීවරු සමූහයට ඔවුන් එකතුකර වදාරණ පිණිස - ඔබට කරන යාච්ඤා ඇසූව මැනව
භ්රාන්තික මහිමතාව ඇති රාජකෙනි - ඔබට කරන යාච්ඤා ඇසූව මැනව
දෙවියන්ගේ පුත්‍රයනි - ඔබට කරන යාච්ඤා ඇසූව මැනව
ලෝක පාපවල් හරින දේවාජබාලකවූ ජේසුනි
- ඔවුන්ට නිත්‍ය සැතපීම දේවා වදාරනවා සොඳේ
ලෝක පාපවල් හරින දේවාජබාලකවූ ජේසුනි
ඔවුන්ට නිත්‍ය සුව සන්තර්පන්ය දේවා වදාරනවා සොඳේ
ලෝක පාපවල් හරින දේවාජබාලකවූ ජේසුනි
- ඔවුන්ට නිත්‍ය සුව සන්තර්පනය දෙවා වදාරනවා සොඳේ
ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව
ස්වාමීනි කරුණා කළ මැනව
- ස්වාමීනි කරුණා කළ මැනවක්රිස්තුනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනවස්වාමිනි කරුණා කළ මැනව
- ස්වාමීනි කරුණා කළ මැනව
පරමකණ්ඩල කියන්න
අපායේ දොරටුවෙන් ඔවුන්ගේ ආත්ම ගලවනවා සොඳේ ස්වාමි
ස්වාමිනී අපේ ප්‍රාර්ථනා ඇසූව මැනව
- අපේ හඬ ශබ්දය ඔබට හේතුවූව මැනව
යාච්ඤා කරමු
ස්වාමිදරුවෙනි!
ඔබගේ දැසිදස්වූ අයගේ ආත්මවලට අනන්ත දයාබරකම් පෑව මැනව. ඔවුන් විශ්වාසව අදහස්කර සිටිය දේ ඔවුන්ට සැමකල් සඵල වේවා!
මේ කී දේ අපේ ස්වාමිවූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම ලැබේවා. ආමේන්.
ඔවුන්ට නිත්‍ය සැතපීම දේවා වදාළ මැනව ස්වාමී
- නිත්‍යා ලෝකය ඔවුන් පිට බැබලේවාඔවුහු සමාදානයෙහි සැතපේවා
- ආමේන්.