සේනාසනයට දානයක්දීම

මාසික /වාර්ෂික දාන

ඓතිහාසික සිළුමිණිසෑය භාවනා වන සෙනසුනෙහි පිංවත් ස්වාමින් වහන්සේලා හා භාවනායෝගීන් උදෙසා මාසිකව හෝ වාර්ෂිකව පැමිණ හෝ නොපැමිණ දානය පුජා කර ගැනීමට අවස්ථාව ….2024

පැමිණෙනවා නම්  විස්තරය  ….

වැඩසටහන් විස්තර ය…

 නියමිත දිනට පෙර දින සවස 5 ට පෙර සේනාසනයට පැමිණීම

එදින සවස 5:30 ට සිළුමිණිසෑ චෛත්‍යය රාජයාණන් වහන්සේ උදෙසා සවස ගිලන්පස පූජාව සමගින් පිරිත් සජ්ජායනය

සවස 7:00 ට පින්වත් ස්වාමීන් වහන්සේලාට ගිලන්පස පූජාව

රාත්‍රී  8 ට ඔබ වෙනුවෙන් භාවනාවක් ,ධර්ම දේශනාවක් , අභිධර්ම සාකච්ඡාවක් සිදුකරගත හැකිය .

උදේ 5:30 ට කැද පූජා කර ගැනීම

7:00 ට මීපැණි විළඳ  සහිත කිරි ආහාර පූජාව චෛත්‍ය උදෙසා හා සිව් බුදු රජාණන් වහන්සේලා උදෙසා

7:45 ට උදේ හීල් දානය පූජා කිරීම

11:00 ට භාග්‍යවතුන් වහන්සේ සහ අගසව් දෙනම උදෙසා දහවල් පුජාව

11:30 ට පිංවත්   මහා සංඝයා උදෙසා සාංඝික දානය .


පැමිණීමට නොහැකි දෙස් විදේස් අය සදහා

එක් දාන වේලක් සඳහා උදේ දවල් වේල් දෙකක් ද ගිලන්පස වේල් දෙකක් ද පවතින අතර ස්වාමින් වහන්සේලා 10  නමකට ආසන්නව හා  පිරිස 15 කට පමණ දානය සකස් කරනු ලබයි . 

ඓතිහාසික සිළුමිණිසෑ චෛත්‍ය රාජයාණන් වහන්සේට හා සිව් භාග්‍යවතුන් වහන්සේලා උදෙසා ආහාර පුජාව, සාරිපුත්ත මහ රහතන් වහන්සේට හා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේට  ජීවමාන සෙයියාවෙන් හා කැපසරුප් ආකාරයෙන් දානය සකසා මැනවින් පූජා කරන අතර , දානය සාංඝික කර, පැන් වඩා පින් අනුමෝදන් කරනු ලබන අසිරිමත් පිංකම දැකබලා සතුටු වීම සඳහා සියල්ල  ෆොටෝ හා වීඩියෝ මගින් ඔබට දැක බලා ගැනීමට  අවස්ථාව සලසා දෙනු ලබයි .

දානය බාරගත් දින සවස අප මහා භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත්, දුටුගැමුණු මහ රජතුමා විසින් ඉදිකළ, රහතන් වහන්සේලා වැඩ සිටි සිළුමිණිසෑය පින්බිමේ පින්වත් ඔබගේ විශේෂ අරමුණු වෙනුවෙන් ආශීර්වාද පතා අධිෂ්ඨාන ඖෂධ ගිලන්පස පූජාවක් පවත්වන අතර එය සජීවීව නැරඹීමට ද අවස්ථාව ලබා දෙනු ලබයි.

සාදූ සාදූ සාදූ පතන්නාවු නිවන බොහෝ දුර නොවේවා!


විස්තර දැනගන්න  Whatsapp සමග සම්බන්ධ වන්න https://wa.me/94772921859 

ඓතිහාසික සිළුමිණිසෑය

භාවනා වන සෙනසුන