භාවනා වැඩසටහන් විස්තර

භාවනා වැඩසටහන් කාලසටහන 

1.ජනවාරි 14/15-28/29

2.පෙබරවාරි 11/12-25/26

3. මාර්තු 11/12-25/26

4. අප්‍රේල්  08/09-29/30

5. මැයි 13/14-27/28

6. ජුනි 10/11-24/25

7. ජූලි 15/16-29/30

8. අගෝස්තු 12/13-26/27

9. සැප්තැම්බර් 09/10-23/24

10. ඔක්තෝබර් 07/08-21/22

11.නොවැම්බර් 04/05-18/19

12. දෙසැම්බර්  09/10-23/24


භාවනා වැඩසටහනකට සම්බන්ධ වීම 

ඓතිහාසික සිළුමිණි සෑයේ පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් මෙහෙයවනු ලබන අතිසාර්ථක මෙම භාවනා වැඩසටහන් මාලාව ක්‍රම හතරක් ඔස්සේ සිදු වේ .

1. සේනාසනයට පැමිණ ඉහත දිනවලදී භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වීම.

2. ලංකාවේ කවර ප්‍රදේශක වුවත් ඔබේ නිවසට උදේ වැඩම කරවා සවස් වනතෙක් ධර්ම සාකච්ඡාවක් වශයෙන් මෙම දේශනාවට සම්බන්ධ විය හැකියි.

3. ඔබේ ප්‍රදේශය තුළ එක් දිනක්, දින දෙකක්, ඇතුළත භාවනා වැඩසටහනක් සංවිධානය කර ගැනීම.

4. Zoom තාක්ෂණය හරහ සම්බන්ධ වීම .

දැනුමකට එහා ගිය අවබෝධයක් ලැබීමට කැමතිද?. පුරා දින දෙකක් භාවනා කරන්න පැමිණෙන්න. ඔබේ ජීවිතයේ වටිනාම දිනය මේය වනු නිසැකය .

සතර සතිපට්ඨානය කර්මය පුනර්භවය ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය ආදී දහම් කරුණු සමගින් අභිධර්මය , භාවනා ,ධර්ම සාකච්ඡා බොහෝ දෑ සිදු වන අතර තුනුරුවන් උදෙසා උපස්ථාන වතාවත් ආදී‍ය සිදුකර ජීවිතේ මෙතෙක් නොවින්ද අත්දැකීම් සහ කුසල් රාශියක් උත්පාදනය කර ගැනීමට පින්වත් ඔබට අවස්ථාව.

මෙම වැඩසටහනට සම්බන්ධ වන අය සඳහා මෙම අයදුම්පත පුරවා යොමු කරන්න.
https://surveyheart.com/form/62ff9fbf17b91066b1413c27
පැමිණෙන බව තහවුරු කරන්න.

https://chat.whatsapp.com/HkmLkS4ktmzCDkBPnmJvtE

Silumini Seya senasanaya google map
https://maps.app.goo.gl/qjyYfyiRDGr7DqKg7

තෙරුවන් සරණයි

භාවනා කිරීමට පැමිණීමට නොහැකි වුවත් මෙවැනි වැඩසටහන් සාර්ථක කර ගැනීමට සහයෝගය දිය හැකියි. භාවනායෝගීන් සඳහා දානයක් දීමට කැමති අය අයදුම්පත පුරවන්න
https://surveyheart.com/form/61d1ba3b727dcf5a23761373


0772921859
වට්ස්ඇප්
https://wa.me/94772921859

දන්දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න, ධර්මය සාකච්ඡා කරන්න, ඓතිහාසික සිළුමිණි සෑය චෛත්‍යරාජයාණන් වහන්සේ වන්දනාමාන කරන්න දිනෙක පැමිණෙන්න .

තෙරුවන් සරණින් යහපතක්ම වේවා.

වෙනත් ප්‍රදේශවල භාවනා වැඩසටහන්

පිංවත් ඔබේ ප්‍රදේශයේ හෝ නිවසේ විහාරස්ථානයේ හෝ භාවනා වැඩසටහනක් සිදු කර ගැනීමට පිංවත් ඔබට හැකියාව ඇත්නම් දින ගණන තීරණය කර විස්තර දැනගන්න  Whatsapp සමග සම්බන්ධ වන්න https://wa.me/94772921859 

පාසල්වල වැඩසටහන්

දිවයිනේ ඕනෑප තැනක පිහිටි පාසල් වෙත සේනාසනයේ පිංවත් ස්වාමින් වහන්සේලා වැඩම කරවා භාවනා වැඩසටහන් සිදු කර ගත හැකි අතර විස්තර දැනගන්න  Whatsapp සමග සම්බන්ධ වන්න https://wa.me/94772921859 


Zoom online භාවනා වැඩසටහන්

Zoom online

ක්‍රමය දැනගෙන නිදහස් වනු පිණිස සිළුමිණිසෑයේ පිංවත් ස්වාමින් වහන්සේලා විසින් මෙහෙය වනු ලබන සුන්දර zoom  online භාවනා වැඩසටහන..

ලංකා වේලාවෙන් අද රාත්‍රී 9.00ට .. බුද්ධ භාෂිත ධර්මය මුල සිට අග දක්වා දැන අවබෝධ කර ගැනීම පිණිස දහම් කතිකාවත...

Join Zoom Meeting

https://us05web.zoom.us/j/9537960167?pwd=QSt4SEZJbHR2dWJYR2RvUmNkQlg5Zz09


Meeting ID: 953 796 0167

Passcode: 123


වෙනදා වගේම අදත් 9 ට දේශනාව ආරම්භ කිරීමට නියමිත යි. 9 ට විනාඩි 5 කට පෙර ලින්ක් එක හරහා ඇඩ් වී සිටින්න . එසේම මෙම උතුම් භාවනා වැඩසටහනෙහි තවම ආරම්භය බැවින් දහම් අවබෝධය පිණිස මිතුරන් හා ඥාතීන් දැනුවත් කර සම්බන්ධ කර වන්න.


Join With Whatsapp group

https://chat.whatsapp.com/FPMfgnsGhit9201gVBZndH

 

භාවනා වැඩසටහනකට දාන වේලක් 

ඓතිහාසික සිළුමිණිසෑ භාවනා වන සෙනසුන පොලොන්නරුව අරලගන්විල ප්‍රදේශයේ පිහිටා ඇති ,භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා තැම්පත් කරමින් දුටුගැමුණු මහ නිරිඳුන් විසින් ඉදිකළ, රහතන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් පුණ්‍ය ස්ථානයක්.

එහි සෑම මසකම වැඩිහිටියන් උදෙසා හෝ තරුණ දරුවන් උදෙසා  භාවනා වැඩසටහන් සංවිධානය වන බැවින් පිංවත් ඔබටද වාර්ෂිකව හෝ මාසිකව දාන වේලක් භාර ගැනීමට අවස්ථාව….

මෙවැනි භාවනා වැඩසටහන් සෑම තැනකම සිදු විය යුතුය …ඒ සදහා හැකි පමණින් හෝ සහයෝගය ලබා දිය යුතුය …

දානය අප කැපකරුවන් විසින් සකසා භාවනායෝගීන් හා පිංවත් ස්වාමින්ව හන්සේලා වෙනුවෙන් පුජා කරන අතර පුජාවන් පැවැත්වීම , දානය පුජා කර ගැනීම , පුණ්‍යානුමෝදනාවන් හා මියගිය සැමට පැන් වඩා ආසිර්වාද කිරීම ඇතුළු සියලු කටයුතු පොටෝ හා විඩියො මගින් ද facebook  හරහා සජීවී විකාශයන් ද ලබා දෙනු ලබයි.

අයදුම් කරන්න https://surveyheart.com/form/61d1ba3b727dcf5a23761373


මේ සියල්ලෙන්ම ජනිත වන කුසල බලයෙන් ද, තුණුරුවන්ගේ  සරණින් හා දේවාශිර්වාද බලයෙන් ද , ඓතිහාසික සිළුමිණිසෑය චෛත්‍යරාජයාණන් වහන්සේගේ බලයෙන් ද නිදුක් වේවා … නිරෝගී වේවා…. සුවපත් වේවා , සියලු කායික මානසික  රෝග දුරින්ම දුරු වේවා ..


විස්තර දැනගන්න  Whatsapp සමග සම්බන්ධ වන්න https://wa.me/94772921859 

භාවනා වැඩසටහන් කරන සිළුමිණි සෑය මෙතරම් සුවිශේෂී ඇයි ?

 භාවනා වැඩසටහන් කරන සිළුමිණි සෑය මෙතරම් සුවිශේෂී ඇයි ?. .


ඝෝර කටුක සංසාරයෙන් වහ වහා එතෙර වීම පිණිස මාර්ගඵල අවබෝධය පිණිස ගෞතම බුදු සසුනේ පිහිට ලබන පිණිස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය තමා තුලින් අවබෝධ කරනු පිණිස බොහෝ පිරිසක් මඟ බලාගෙන සිටින එම උතුම් භාවනා වැඩසටහන් මාලාවේ 2023 ජනවාරි වැඩසටහන 28/29  යන දෙදින තුළ සිදු වේ.


අධිවේගී විඩාබර මනසට විවේකී මොහොතක් ගතකරමින්  ඔබ මෙතෙක් නොවින්ඳ අත්දැකීම් රැසක් ලබා ගනු නිසැකයි . ඒ සඳහා ලෝකයේ සිටින ඕනෑම අයෙකුට මේ සඳහා ඉදිරිපත් විය.


මේ සඳහා ඔබට කිසිදු වියදමක් නොවන අතර නවාතැන් පහසුකම් දානය ගිලන්පස ජල විදුලිය සියල්ල නොමිලේ ලබාදෙයි.


ඔබ හෝ ඔබ සමඟ යම් පිරිසක් පැමිණෙන බව දැනුවත් කරන්න . එසේම මෙම වැඩසටහන ඔබේ ප්‍රදේශයේ තුළද සිදුකරගත හැකිය .


මීට අමතරව භාවනා වැඩසටහන් සඳහා සහභාගි වීමට නොහැකි හෝ කැමති පින්වත් දායක පිරිසක් වේ ද  ඔවුනට මෙම වැඩසටහනට සහ සම්බන්ධ වන ඇත්තන් උදෙසා දානය භාරගත හැකිය .


මේ සම්බන්ධයෙන් ඔබට පැන නගින ඕනෑම ගැටලුවක් පහත ක්‍රම හරහා විසඳාගත හැකි අතර ඔබගේ පැමිණීම හෝ දානය භාර ගැනීම් මේ ක්‍රම හරහා තහවුරු කරන්න .


භාවනා වැඩසටහන් අයදුම්පත

https://docs.google.com/forms/d/e/1FAIpQLSeg54eOKko8MoQNVjkYtPISH3sI_yUDm9Gt0RWoec-MxwzcHQ/viewform


Whatsapp

https://chat.whatsapp.com/HULRvT93XzsAEUdkOGv83J



0772921859

වට්ස්ඇප්

https://wa.me/94772921859


#. දන් දෙන්නේ ඇයි?. නිවන් දකින්න. සිල් රකින්නේ ඇයි?. නිවන් දකින්න. භාවනා කරන්නේ ඇයි?. නිවන් දකින්න. ඒත් ඒ නිවන කියන්නේ මොකක් ද, කොයි වගේ දෙයක් ද කියලා දන්නේ නැතුවම හැමෝම මැරිලා යනවා නේද?. මෙතන ඒක ගැන කියලා දෙන තැනක් විතරක්ම නෙවෙයි. ඒක අවබෝධ කර ගැනීමට උපකාර කරන තැනක් වීම.


#. ධර්මය අවබෝධ වන තාක් කල් ඔබ දන්නා බුදු දහම නොදුටු දහමක්මයි. එකී නොදුටු දහම දුටු දහම බවට ප්‍රත්‍යක්ෂ කරන තැනක් වීම.


#. පර්‍යංක භාවනා, සක්මන් භාවනා කියා දෙන තැනකට වඩා කරන තැනක් වීම.


#. අතීත විපාකයන් දකිමින් අනාගතයට නව කර්ම විපාකයන් සකස් නොවන අයුරින් වර්තමානය තුළ සිත පිහිටුවා ගන්නා ක්‍රමය කියා දෙන තැනක් වීම.


#. භාවනා කරන අයට නීති රීති කිසිවක් නොමැති නිදහස් තැනක් වීම.


#. භාවනාවටම සුදුසු රමණීය පරිසරයක් හිමි ස්ථානයක් වීම.


#. අවශ්‍ය වෙලාවට උණු වතුර, දානය, ගිලන් පස, කැද, ආදිය ලැබෙන තැනක් වීම.


#. රාත්‍රී කාලයේ විදුලිය, ආරක්ෂාව, නවාතැන් පහසුකම් පවතින තැනක් වීම.


#. අසනීප, විවිද අවශ්‍යතා , කුමක්දැයි සොයා බලමින් සියල්ල සංවිදානය කර ස්වාදීනව උපකාර කරන උපස්ථායිකයින් සිටින තැනක් වීම.


#. ඔබෙන් යම් කිසි දෙයක් පිළිබද පූර්වයෙන් හා වැඩසටහනින් පසුව ද බලාපොරොත්තු නොවන තැනක් වීම. (ආධ්‍යාත්මික දියුණුව හැර)


#. කිසිදු මෙහෙයවන්නන් , අණ ලබා දෙන්නන්, නායකයින් කණ්ඩායමේ නොමැති බැවින් සිය අභිමතය පරිදි ස්වාමින් වහන්සේ කියා දෙන කමටහන් වැඩීමට පහසු තැනක් වීම.


#.අවශ්‍ය ඕනෑම ගැටලුවක් ඕනෑම මොහොතක අසා විමසා හිතේ ගැටලු නිදහස් කර ගත හැකි තැනක් වීම.

සත්පුරුෂ යාත්‍රා … (සෑම පිංකම් සදහා) https://surveyheart.com/form/61d1ba3b727dcf5a23761373

 

වැඩසටහන් කිහිපයක ඡායාරෑප