සංවේදී සහෘද වෙබ් අවකාශය
W.M.D.Bandara
මේ මම 2019 ජනාධිපති මැතිවරනයට හැදූ fb post එකතු කර තැනූ වීඩියෝවකි.
2019 ජනාධිපති මැතිවරනයේ පසු විපරම
දුර්වල පරිපාලනය, අක්‍රමවත් බෙහෙත් පොහොර යෙදීම හා අදූරදර්ශී අත්හදා බැලීම් හේතුවෙන් කනාටු වෙච්ච පොල් වත්තකින් කඩන පොල් වලින් හොඳ පොල් තියෙන්නෙ 3% ක් තමයි . 52% ක් පුහු 41% ක් කලටි ඉතිරි 4% කුරුම්බා. ඉතිං මේ සංසිද්ධියම පහුගිය ජනාධිපතිවරණයටත් අදාළයි.
අවුරුදු 71 ක දුර්වල ධනවාදී පාලනය,නොගැලපෙන ආර්ථික ප්‍රතිපත්ති හා අදූරදර්ශී අධ්‍යාපන අත්හදා බැලීම් හේතුවෙන් පරිහානියට පත් මිනිසුන්ගෙන් නිවැරදි තීරණ ගන්න අය සිටින්නේ 3% ක් තමයි. ඉතිං ජවිපෙ ඇතුළු ජාතික ජනබලවේගය වෙත ඡන්දය ලබා දුන්නෙ ඒ බුද්ධිමත් පිරිස තමයි. නමුත් පීඩාවට පත් වෙලා ඉන්න මිනිසුන්ට මේ අවුරුදු 71 ක දුර්වල ධනවාදී පාලනය,නොගැලපෙන ආර්ථික ප්‍රතිපත්ති හා අදූරදර්ශී අධ්‍යාපන අත්හදා බැලීම් වැරදියි කියල හිතනව නම් ඔවුන්ට මේ 3% ප්‍රතිශතය ඉහල නංවන්න පුළුවන්.
ඒත් ඔවුන් කැමති මේ ක්‍රමයටම නම් මේ ප්‍රතිශතය තවත් අඩුවෙයි. හැබැයි ඉතිං එහෙම වුනා කියල,මිනිසුන් පීඩාවට පත්වීමවත්, රට පරිහානියට යාමවත් නම් නවතින්නෙ නෑ.
ඒත් එකක් හරියටම කියන්න පුළුවන්. ජවිපෙ ඇතුළු ජාතික ජනබලවේගය ඡන්දෙ ඉල්ලන්නෙ ඔවුනගේ උවමනා එපාකම් පිරිමහ ගන්න නොවෙන නිසා ඔවුන්ට කියා විශේෂයෙන් දුක් වෙන්න දෙයක් නෑ. මොකද ඔක්කොම ඉන්නෙ එකම හිල් වෙච්ච බෝට්ටුවක. වෙනසකට තියෙන්නෙ ජවිපෙ ඇතුළු ජාතික ජනබලවේගය උත්සහ කරනව මේ සිදුර වහන්න. ඒත් ඒක ජවිපෙ ඇතුළු ජාතික ජනබලවේගයට තනියෙන් කරන්න බෑ. ඒකයි ඔවුන් ඔබේ සහය ඉල්ලන්නෙ.
පසුගිය ජනාධිපති මැතිවරණයේදී ජවිපෙ ලබාගත් ඡන්ද ප්‍රමානය අඩුවුනා කියල හැමෝම කියන්නෙ ජවිපෙ වෙනස් විය යුතුයි කියලයි. ඒකෙන් ඔවුන් අදහස් කරන්නෙ ජවිපෙත් අනෙක් පක්ෂ දෙක වගේම වෙන්න කියලයි. මම නම් ඒකට කොහෙත්ම එකඟ නෑ. ජවිපෙ වෙනස්විය යුතු නෑ. ජවිපෙ ඉන්නෙ නිවැරදි තැන. ගැටළුව වෙලා තියෙන්නෙ ජවිපෙ, මේ රටේ පවතින අසාධාරණ පාලනතන්ත්‍රය තුලින් සිදුවන විනාශය දැක්කට මිනිස්සුන්ට තාම දැනිල නෑ. ඔවුන් තාමත් ජවිපෙට වඩා ඒ ධනපකි පක්ෂ වලින් ඔවුන්ගේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ලැබෙයි කියල විශ්වාස කරනව. හැබැයි දැන් ඔවුන් ජවිපෙ ගැන විමසිලිමත්. ඒ නිසා තමයි පසුගිය ජනාධිපති මැතිවරණ කාලය තුළ ජවිපෙ මැතිවරණ රැස්වීම් වල සෙනඟ පිරිල හිටියෙ. ජවිපෙට රටේ පාලනය වෙනස් කරන්න උවමනාව තිබ්බට ජනතාවට ඒ උවමනාව නැත්තන්, ජවිපෙ කොච්චර දැනුවත් කලත් ඔවුන් එන්නෙ නෑ. බොහෝ දෙනා කියන්නෙ ජවිපෙ ජනතාව වෙත යනව අඩුයි, ගමට යන්නෙ නෑ. ගම්වල මිනිස්සු එක්ක ලඟින් ආශ්‍රය කරන්නෙ නෑ, මළගෙවල් මගුල් ගෙවල් වල යන්නෙ නෑ වගේ දේවල්. මම හිතන්නෙ මේව කරන පක්ෂ අපේ රටේ ඇති තරම් තියෙනව. ඒ පක්ෂ ඒව කරපුදෙන්. ඇත්තටම ජවිපෙ කියන්නෙ පීඩිත මිනිසුන් වෙනුවෙන් තියෙන පක්ෂයක්. ඔවුන් ජනතාව හොය හොයා යන්න ඕනෙ නෑ. ඔවුන් අසරනයි නම්, ඔවුන්ට අසාධාරණකම් වෙනව නම් ,ඔවුන්ට අගහිඟ කම් වැඩි නම්, රටේ නීතිය ඔවුන් හැමෝටම එක සමාන නැත්නම් , දුප්පත් නිසා ඔවුන්ට රැකිරක්ෂා ගන්න අමාරු නම්, ඒව දෙන්නෙ ඇතිහැකි අයට , බලවතුන්ට හා උන්ගෙ හෙන්චයියන්ට පමනක් නම්, මේ රටේ සාරධර්ම වැනසෙනව නම්, රට තුළ වංචා දූෂණ කුඩු එතනෝල් වැඩී නම්, කොටින්ම ඔවුන්ට ලැබෙන සොච්චම් ආදායමෙන් ජීවත් වෙන්න අමාරු නම්, ඇත්තටම ඔවුන් මේ රටේ පීඩිත පෑගෙන මිනිසුන් කියල පිළිගන්නව නම්, ඔවුන් යායුතු පක්ෂය තමයි ජවිපෙ. ඒත් ඒ මිනිස්සුන්ට එන්න, ඇවිල්ල තමන්ගෙ ගැටළු සාකච්චා කරන්න, ජවිපෙ ලබල දීල තියෙන අවස්ථා හරි අඩුයි. මම නම් හිතන්නෙ ජවිපෙ ඡන්ද කාලෙට විතරක් නොවෙයි පුරා දින 365 තුලම ඔවුන්ට ජවිපෙ හා සම්බන්ධ වියහැකි ආකාරයෙන් හැම නගරයකම සම්බන්ධීකරණ ආයතන (මැතිවරණ කාර්යාල නොවේ ) පිහිටවිය යුතුයි. මොකද ජවිපෙට ඔය ඉන්න සීමිත පිරිස යොදාගෙන ගෙයක් ගෙයක් ගානෙ යන්න අමාරුයි. ජවිපෙ එම ආයතන තුල ජනතාව ආකර්ෂනය කරන අළුත් ක්‍රමවේද අත්හදා බැලිය යුතුයි. අනෙක් එක තමයි ජවිපෙ ජනතාව වෙත ගියාට ජවිපෙට දෙන්න දෙයක් නෑ. හේතුව ජවිපෙ දේශපාලනයට ඇවිත් තියෙන්නෙ හම්බ කරගන්න නෙවෙයි. ඔවුන් එය භාවිතය තුළ ඔප්පු කලාට ඒක මාකට් කරනව අඩුයි. අවසාන වශයෙන් මම හිතන්නෙ ජවිපෙ එහි නායකත්වය හෝ එහි ආකෘතිය කිසිසේත්ම වෙනස් නොකළ යුතුයි. මිනිසුන් මේ ත්රමයට විරුද්ධව පෙළ ගැසෙන පළමු තත්පරයේ සිටම ඔවුන්ට නායකත්වය දිය යුතුයි.