ඉංග්‍රීසි ලෝකයේ හොඳම භාෂාව නොවේ. නමුත් ජාත්‍යන්තරව සන්නිවේදනය සඳහා ලෝකයේ වඩාත්ම වැදගත් වන භාෂාව ඉංග්‍රීසි ය. මා එසේ පවසන හේතුව නම් ජාත්‍යන්තර ව්‍යාපාර කිරීමේදී, විදේශ අධ්‍යාපනය හැදැරීමේදි, විදේශයන්හි සේවය කිරීමෙදී , තොරතුරු තාක්ෂණය සහ සංචාරක යන ක්ෂේත්‍රවල ඉංග්‍රීසි වැඩිපුරම භාවිතා කරනු ලබන බැවිනි. එබැවින් ඉංග්‍රීසි ඉගෙනීම සෑම කෙනෙකුටම වඩා වැදගත් වේ.
ඔබ කුමන වයසක සිටියද ඉංග්‍රීසි ඉගෙන ගැනීම හොඳය. මන්ද යත් එය ඔබට ඉදිරියේදී දැනටත් වඩා ප්‍රයෝජනවත් වන බැවිනි. මේ වීඩියෝව තුළ ඔබට නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගත හැකි හොඳම ‘You Tube Channels“ 10 ක් ඇතුලත් වේ. එහි පෙනෙන ‘URL’ ‘search’ කිරීමෙන් එම චැනල් වෙත පිවිසිය හැකිය.