නාම පරිවර්තන ගැන සටහනක්:
මධ්‍ය-ලෝකයේ බොහෝ නාම පැරණි එල්ව බසින් පබැඳි ඒවාය (උදාහරණ ලෙස Palantir, Lothlórien, Valinor ආදී). නමුත් තවත් බොහෝ නම් සාමාන්‍ය මිනිස් බසින් හැඳින්වෙන ඒවාය (Mount Doom, Lake Town, Lonely Mountain ආදී). ටෝල්කීන් සියලුම නාම වලට පාහේ එල්ව නාමය මෙන්ම සාමාන්‍ය වහරේ නාමද යෙදූහ (Amon Sûl යනු Weathertop හි සින්ඩරින් එල්ව නාමයයි). පැරණි එල්ව නාම සිංහලයට පරිවර්තනය කිරීම අසීරු නැත්තේ ඒවා මනඃකල්පිත නිර්මාණ නිසාය (Palantir, 'පලන්ටීරය' ආදී වශයෙන්). මෙම පරිවර්තන වලට ටෝල්කීන් විසින්ම විදේශික පරිවර්තකයන් උදෙසා පිළියෙළ කරන ලද නාම පරිවර්තක උපදෙස් මාලාව බොහෝ සේ උපකාරී විය. එනමුත් එහි සඳහන් සියලුම පරිවර්තන මේ වන විට සිදු කර නොමැති අතර සමහර ඉංග්‍රීසි නාම එලෙසම හෝ සිංහල හුරුවකින් යටපත් කරන්නට සිදු වී ඇත. මෙවැනි පරිවර්තන දුර්වලතා වෙනුවෙන් සහ වෙනත් දෝෂ ඇත්නම්, ඒවා පිළිබඳ මාගේ කණගාටුව පුද කරමි. අනාගතයේ සිදු කරන යාවත්කාලීන කිරීම් මෙම පිටුවෙන් දැකගත හැකිය. පහත ඇති ලැයිස්තුවට එක් කර ඇත්තේ චිත්‍රපට සයෙහි සඳහන් වන නම් පමණකි.