එකතු කරන්නන් සඳහා
එකතු කරන්නන් සඳහා
මුදුවේ අධිපති සහ මධ්‍ය-ලෝක ලෝලීන්ගෙන් සමහරෙක් එයට සම්බන්ධ විවිධ කලා නිර්මාණ (ප්‍රතිමා, ආයුධ ආදී) එකතු කරන්නෝද වෙති. 2001 වර්ෂයේ සිට මුදුවේ අධිපති චිත්‍රපට නිර්මාණය කිරීමට මූලිකවම දායක වූ නවසීලන්ත සමාගම වන 'වෙටා', කලා නිර්මාණ පෙළක් නිෂ්පාදනය කළේය. පසුව අනෙක් බොහෝ සමාගම් පවා මේ නිර්මාණ නිෂ්පාදනය කිරීමට ඉදිරිපත් වූහ. මෙම නිර්මාණ හැකිතාක් දුරට පෙළ ගැස්වීමට මම මෙම පහත සඳහන් කර ඇති වෙබ් අඩවිය නිර්මාණය කරන ලද්දෙමි. මධ්‍ය-ලෝක ලෝලී එකතු කරන්නන් හට එය මහඟු තොරතුරු සම්පතක් වනු ඇත.