කදුරුගොඩ විහාරය | Kadurugoda Viharaya
යාපනය ප්රදේශය ප්රාග් ඓතිහාසික යුගයේ සිටම මානව ජනාවාසයක්. කන්දෙරෝඩේ යනුවෙන් වර්තමානයේ හැඳින්වෙන ප්රදේශය හඳුනාගෙන ඇත්තේ ලංකාවේ හතරවන මානව ජනාවාසය ලෙසයි.
එමෙන්ම එය වර්තමානයේ යාපනය ප්රදේශයේ වැදගත්ම පුරාවිද්යා භුමිය වෙනවා. බුදුරජානන්වහන්සේ දෙවන වර ලංකාවට වැඩමකරන ල ද්දේද මේ ප්රදේශයටයි. ශ්රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය අනුරාධපුරය කේන්ද්ර කරගනිමින් නැවත පැතිර යද්දී යාපනයේද බෞද්ධ සංස්කෘතික පිබිදීමක් නැවත ඇති වෙලා තියෙනවා.අනුරාධපුරයට ඉන්දියාවේ සිට ශ්රී මහා බෝධි අංකුරය වැඩමවීම
යාපනය අර්ධද්වීපය හරහා සිදිවීම මෙයට හොදම නිදසුනක් ලෙස පෙන්නල දෙන්න පුලුවන්.
සංඝමිත්තා තෙරණින් වහන්සේ ශ්රී ලංකාවට ශ්රී මහා බෝධි අංකුරය වැඩමකරද්දී
වැඩම කළ බව කියන රහතන් වහන්සේලා හැට නමක් වැඩසිට අපවත්වූ බව කියන විහාරය මෙම විහාරයයි.
යාපනයේ චුන්නාකම් මංසන්ධියෙන් බටහිර දෙසට කිලෝ මීටර් තුනක් පමණ ගියවිට
කන්දෙරෝඩය හෙවත් කදුරුගොඩ විහාරය හමුවෙනවා . මෙහි විශේෂත්වය වන්නේ
ලංකාවේ වෙනත් කිසිම තැනක දක්නට නොමැති ආකාරයෙන්
එකම ආකෘතියකට විවිධ ප්රමාණයේ කුඩා දාගැබ් රාශියක් එකලඟ ගොඩනගා තිබීමයි.
මේ දාගැබ් මෙහිදී අපවත්වූ රහතන් වහන්සේලා හැට නමගේ ධාතු නිදන්කොට තැනු ඒවා බවට විශ්වාස කරනවා.
(රහතන් වහන්සේලාට දානයට පිරිනැමූ හතු ව්යංජනයක් විෂ වීමෙන් හැට නමම අපවත්වූ බවට ජනප්රවාදයක් පවතිනවා) බුදුරජාණන්වහන්සේගේ දෙවන ලංකාගමනේදී උන්වහන්සේ මේ විහාරස්ථාන පරිශ්රයටද වැඩමකොට සමවත් සුවයෙන් ගතකල බව ජනප්රවාදයේ සදහන් වෙනවා.
ශ්රී ලංකාවේ රජ කළ පළමු පැරකුම්බා, නිශ්ශංකමල්ල. ලීලාවතී, බුවනෙකබාහු ආදී රජවරුද මෙම විහාරයට අනුග්රහකොට ඇති බව විශ්වාස කෙරෙනවා. එමෙන්ම (ක්රි.ව. 898 – 914) හතර වැනි කාශ්යප රජු විසින් කරන ලද අන්තාණි කරඬු ලිපියෙහිද මෙම විහාරස්ථානය පිළිබඳ දක්වා තිබේ.
එවැනි ඉතිහාසයක තොරතුරු අනුව කදුරුගොඩ විහාරය සියවස් ගණනාවක් තිස්සේම ජනප්රියව පැවැති බව තහවුරු වෙනවා.දෙවැනි සංගිලි රජු යාපනයේ පාලකයාව සිටියදී මෙම විහාරය විනාශකරලා තියෙනවා.
(1617 – 1619)පෘතුගීසීන් සමග සංගිලි සටන් වැදුනා.
එහිදී සංගිලි පරාද වුනා.එතැන් සිටම කදුරුගොඩ විහාරය පිළිබඳ සියවස් තුනක් ගතවන තුරු කිසිවකුගේත් අවධානයට ලක්වුනේ නැ. කදුරුගොඩ පෘතුගීසීන් විසින් හඳුන්වා ඇත්තේ "කන්දරකුඩිඩෙයි" ලෙසින්.
බුද්ධ සහ බෝධිසත්ව ප්රතිමා ද ශිලා ලේඛන හා කාසි ද මෙම ස්ථානයේ පුරාවිද්යා කැණිම්වලදී හමුවී තිබෙන අතර ඒවා දැනට යාපනය පුරාවිද්යා කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා.