දොර....
'දොරක්' යනුවෙන් අදහස් කරන්නේ යම්කිසි සීමාවක් සටහන් කර ඇති ප්‍රදේශයක් සඳහා ප්‍රවිශ්ට වීමට හෝ පිටවීම සඳහා භාවිතා කරනු ලබන චලනය කල හැකි බාධකයකි.
දොරටුවක මූලික අරමුණ වන්නේ "දොර" තුලින් පිවිසීම සහ පිටවීම පාලනය කිරීමෙන් ආරක්ෂාව සලසා ගැනීමයි.දොරවල් සාමාන්‍යයෙන් සාදනු ලබන්නේ දොරේ කාර්‍යයට ගැලපෙන ද්‍රව්‍ය භාවිතා කිරීමෙනි.එසේම වර්ථමානය වන විට දොරවල් සවි කිරීම සඳහා ක්‍රම ගණනාවක් භාවිතා කරනු ලබයි.
අවකාශයට හා ඉන් පිටතට ප්‍රවේශය සැපයීම හැරුණුවිට පිටස්තර පුද්ගලයින්ගේ අනවශ්‍ය අවධානය වලක්වා ගැනීම, අවකාශ තුලට ආලෝකය, වාතාශ්‍රය ලබා ගැනීම හා පාලනය කිරීම, රත්වීම හෝ සිසිල් වීම පාලනයට, ගිනි පැතිරීම පාලනය කිරීමට හෝ අවහිර කිරීම ආදී නොයෙකුත් කාර්‍යයන් රැසක් "දොර" මඟින් ඉටු කර ගත හැකිය.
නිවසක ඇති දොරවල් මඟින් සෞන්දර්‍යයාත්මක බවක් ලබා ගැනීම෴ සංකේතාත්මක, කලාත්මක හා චාරිත්‍රානුකූල බවක් ලබාදීම වැනි අරමුණු රාශියක් තිබිය හැකිය.
දොරක් තෝරා ගැනීමේදී සවි ශක්තිමත් බව, කල්පැවැත්ම, නිමාව සහ මිල ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. මෙම
ක්ෂේත්‍රය පිළිබඳව විශේෂ දැනුමක් සහිත පුද්ගලයින්ගෙන් හෝ ආයතන මඟින් තොරතුරු විමසන්න.
කථානරන්න අපිට . අපි දන්න හැම දෙයක්ම නොමිලේම ලබා දෙන්නම.