ප්‍රථමයෙන් SL Education for GCE A/L මෘදුකාංගය බාවිතා කිරීම සම්බන්ධයෙන් ඔබට අපගේ විශේෂ ස්තූතිය පුදකර සිටිමු.
වර්තමාන වන විට පාසල් සිසුන්ට තම ඉගෙනුම් කටයුතු පහසුවෙන් කරගැනීම සඳහා පහසුවන වෙබ් අඩවි හා මෘදුකාංග දහස් ගණනක් පවතී.
එනමුදු ඒ එකකින්වත් තොරතුරු තාක්ෂණය පිළිබඳව සාමාන්‍ය දැනුමක් පවතින් පුද්ගලයකුට උවද පහසුවෙන් යමක් සොයාගත නොහැකි අවස්ථා ඕනෑ තරම් ඇත.එබැවින් සැමට බාවිතා කළ හැකි පහසු මෘදුකාංගයක අවශ්‍යතාව තදින්ම අපහට දැනුණි.එයට පිළියමක් වශයෙන් අප විසින් මෙම මෘදුකාංගය නිර්මාණය කරන ලදී.
සාමාන්‍යයෙන් මෙවැනි මෘදුකාංගයක් නිර්මාණය කිරීමේ පටන් නඩත්තු කිරීම සඳහාත් බොහෝ කාලයක් මෙන්ම වැඩි මුදලක්ද වැයවේ. එබැවින් දැයේ දරුවන් වෙනුවෙන් අප නිර්මාණය කරන ලද මෙම මෘදුකාංගයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා මෙන් ඉල්ලා සිටිමු.
එයට මත්තෙන්ම අප විසින් විශේෂ වශයෙන් සඳහන් කල යුතු පිරිසක් වෙති.
මෙම මෘදුකාංගය නිර්මාණය කරන ලද මම ජේ.කේ.චතුර ජනිත් නම් ශිෂ්යයයෙක්මි.මම දැනටත් මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටින අතර මෙවැනි කටයුත්තක් කිරීමට ඉතා අපහසුවෙන් කාලය සොයා ගතිමි.
ප්‍රථමයෙන් මා ඉගෙන ගන්නා සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මධ්‍යම විද්‍යාලයටත්, මා කණිෂ්ඨ අංශ තෙක් ඉගෙන ගත් ක.දොඩම්ගොඩ මහා විද්‍යාලයටත් මගේ හඳ රැඳි ගෞරවය පුදකර සිටිමි.
තවද මෙහිලා මට ඉමහත් ධෙර්යයක් සැපයූ මාගේ දෙමාපියන්වත්, නම් සඳහන් නොකලත් ඉතාමත් ඉහලින් සහයෝගය දැක්වූ යහළු මිත්‍රයන්වත්, මාගේ සෑම ගුරුවරයෙක් හා ගුරුවරියක්ද ඉතාමත් සෙනෙහසින් සඳහන් කර සිටිමු.
එපමණක් නොව මෙම කාර්යෙහිලා වචනයකින් හෝ සහයෝගයක් දැක්වූ සැමටත් මෘදුකාංගය බාවිතා කරන ඔබටත් මාගේ විශේෂ ස්තූතිය පුදකර සිටිමු.
ඔබ සැමට කන්නන්ගර පිය සරණයි!