Ongoing Projects
Kadol
All the updated informations of Kadol Project will be available here!
Stay Connected with Kadol !
🌱Plant A Tree🌳- 2023 කඩොල් ව්‍යාපෘතියේ ආරම්භය සනිටුහන් කරමින්,
M01 - අම්බලන්ගොඩ දෙල්දූව ආරණ්‍යය සේනාසනය පාදක කරගනිමින් ජුලි 22,23 දෙදිනේදී අති සාර්ථකව නිමාවට පත් වුණු බව 🌱Plant A Tree🌳අපි සතුටින් දැනුම් දෙමු.
මෙහිදී අප විසින් ආරණ්‍ය සේනාසනය චෛත්‍යය පිළිසකර කිරීම හා තීන්ත ආලේප කිරීම, කඩොල් පැළ 60ක් රෝපණය කොට නව කඩොලාන වනාන්තරයක් ස්ථාපනයට මුල පිරීම හා කඩොලාන වනාන්තර නිරීක්ෂණ කිරීම තුළින් කඩොලාන පිළිබඳ දැනුම එක් රැස් කරගැනීම සිදු කරන ලදී.
මෙහිදී 🌱Plant A Tree🌳 සභාපති නිරෝධ ප්‍රභාෂ්වර මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ කඩොල් ජාතික ව්‍යාපෘතියේ හි සම්බන්ධීකාරක සහෘද තාරක රන්දුනු , අයෝද්‍යා සත්සරණි හා කවිඳු පේෂළ සහෘදයින් තිදෙනාගේ ද "PAT කඩොල් මෙහෙයුම 01" නායක සන්දරු වීරසේකර හා දෙවන නායක චතුමිණී ගවේෂිකා යන සියලු සියළු සහෘදයින්ගේ නායකත්වයෙන් Nagenahiru Nature Foundation සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය විය.
මේ සදහා නිරෝධ,තිවාරා,සන්දරු, පේෂල,අයෝද්‍යා,චතුමිණි,තාරක,අයේෂා,නවෝද්,නලින්ද, ලකල්,ඉන්දූප හා වරුණි ලකීෂා යන සහෘදයන් සහභාගි විය.
චෛත්‍ය රාජයාණන් පිළිසකර කරමින් ද කඩොල් පැළ සිටවමින්ද මහාර්ග පුණ්‍ය සම්පත්තියක් රැස් කරගැනීම උදෙසා අපට අවස්ථාව ලබාදුන් අප ව තිසරණ සරණයෙහි පිහිටුවූත් අමිල ධම් දෙසුමකින් සතන් අවදි කරා වූද දෙල්දූව ආරණ්‍යය සේනාසනයේ නායක ස්වාමින් වහන්සේ ඇතුලු සියලුම මහා සංඝරත්නය ට නමස්කාර කරමින් ගෞරව පූර්වක ස්තූතිය පළකරන්නෙමු.
මෙහිදී කඩොල් පැළ සදහා දායකත්වය ලබාදුන් Nagenahiru Nature Foundation හි සභාපති ලාල් එමැනුවෙල් මහතා ඇතුලු කාර්යමණ්ඩල යටත් ව්‍යාපෘතිය සාර්ථකව සිදු කිරීම සදහා දායකත්වය ලබාදුන් දායක සභාවටත්, අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමිය හසන්ති නිරෝෂනි මහත්මියට හා එදින අප සමග සම්බන්ධ වෙමින් අපට මගපෙන්වීම හා උපදෙස් ලබාදුන් අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිසර අංශයේ නිළධාරි රුමේෂා මහත්මියටත්
🌱A🌳 අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙමු.
මෙම කටයුත්ත සාර්ථකව පැවැත්වීමට මූල්‍යමය දායකත්වය සැපයූ J.W.M.විජේසූරිය මි.ය., වෛද්‍ය ඩිල්ශාන් ද සිල්වා, වෛද්‍ය පුෂ්පිකා චන්ද්‍රසේකර, වෛද්‍ය මංජුලා ධර්මසේකර හා K.A. රමණී මි.ය. බෙහෙවින්ම ස්තුති වන්ත වෙමු.
මේ වෙනුවෙන් නන් අයුරින් සහාය දැක්වූ සියලුම දෙනාට අපගේ ගෞරවාන්විත ස්තුතිය.
මෙය 🌱Plant A Tree🌳 විසින් දියත් කළ සතරවන මෙහෙයුම වන අතර කඩොල් ව්‍යාපෘති යේ පළමු මෙහෙයුමයි.
කඩොලාන පැළ සිටුවමින් මේ ශ්‍රී ලංකා ධම්මද්වීප යේ වියැකී ගිය කඩොලාන වනාන්තර නැවත ප්‍රතිස්ථාපනය උදෙසා කඩොල් ව්‍යාපෘතිය ඉදිරියට ම දියත් වනු ඇත !
කඩොලාන සිටුවීමෙන් පමණක් නොනැවතී මිහිමව සනසා මනුලොව සරසනු වස් තවත් බොහෝ අනේකවිධ ව්‍යාපෘති 🌱Plant A Tree🌳 විසින් ඉදිරිකාලයේදී සංවිධානය කිරීමට බලාපොරොත්තු ව සිටිමු.
සැමට ස්තූතියි !
සටහන් කරන ලද්දේ 🌱Plant A Tree 🌳 ලේකම්,
තිවාරා රත්නායක
#PlantATree
#PATM04
#PATKadolM01
#PATMission04
#PATKadolMission01
#Kadol
#Savenature
#Mangrowes
#Motherearth
🌱Plant A Tree 🌳
මිහිමව සනසා-මනුලොව සරසා