Thank You PAT TOP Leaders of the 1st term of 2023 ( March - Sep )
All You have been amazing TOP leaders
Thank you again & again for all your hard work!
1) Community Cordinator = Sewmini Thejani
2) locations Cordinator = Tharaka Randunu
3) Secretary = Thiwara Rathnayaka
4)Nucleus God = Kavindu Peshala
5) Tec God = Sandul Renuja
6)Media Cordinator = Savishka Premarathna
7) Innovative God = Manjitha Senanayaka
8)Camara Director = Nadun Sasanga
9) Nature Goddes = Ishara Madhumali
10 )Madam Standards = Punsara Yasarathna
11) Editing God = Minura Hansana
12) Graphic God = Pethum Dilhara
13) Treasurer = Nithila Salpadoru
14) Miss Explorer = Sakya Thilakarathne
It's a pleasure to memorize PAT accomplishments under your Leadership ;
1) Spreading Meththa
2) Spreading the message to save Mother Earth
3) Enhancing PAT Community
4) Celebrating the International water day
5) Organizing the grand online event "PAT Erabadu Wasanthaya" for Sinhala - Hindu New year
6) Motivating people to be blessed by Nature
7) Trying to make a precise,moral & professional social dialogue on the issue of " Exporting Sri Lankan monkeys " and expressing it's harmful side
8) Celebrating the International Earth Day
10) Celebrating the Most Sacred day the VESAK!
11) Spreading the Words Of Buddha on protecting Nature
12) Encountering the beauty of Nature
13) Tracking Climate change and initiating effective actions
14) Initiating the " PAT KADOL " Project
15) Under the mission "PATM04KADOLM01" Painting & reconstructing of a Sacred Stupa
16) Under the Missions " PATM04KADOLM01" , " PATM05KADOLM02" and " PATM06KADOLM03" Observing the Kadolana (mangroves ) environmental specifications
17) Under the Mission " PATM04KADOLM01" Planting about 70 kadol (mangrove) plants and initiating a new Kadol Forest
18) Gathering & spreading knowledge about Kadolana ( Mangroves )
19) Making better partnerships and bonds with other Government and Non Government Organizations.
20) Under the Mission " PATM05KADOLM02 " planting about 150 kadol(Mangrove) plants
21) Discussing about future of Kadolana in Sri Lanka with other government and non government organizations.
22) Under the Mission " PATM06KADOLM03 " planting 120 kadol ( mangrove ) plants
23) Initiating the " PAT MIHIMAW OWADAN " Project to spread the knowledge and message of Nature .
24) Under the " PATM07MIHIMAWOWADANM01" conducting a lecture to the government officers.
25) Continuing the Volunteering works and organizing the PAT Weekly General Meeting on every Saturday .
All these things will not be succeeded without your guidance !
All of you are great Volunteers for Mother Nature ! May Nature always appreciate & Bless you !
&
Congratulations for the newly appointed PAT TOP Leaders !
Introducing the newly appointed PAT TOP leaders for the term Sep - December 2023
1) Community Cordinator = Theneesha Erandi
2) locations Cordinator = Tharaka Randunu
3) Secretary = Thiwara Rathnayaka
4)Nucleus God = Nithu Ranmini
5) Tec God = Sandaru Weerasakara
6)Media Cordinator = Vishmi Mandakini
7) Innovative God = Dilsha Jayawardana
8)Camara Director = Pasindu Dinujaya
9) Nature Goddes = Maleesha Rasanjali
10 )Madam Standards = Jeewanthi Wickramasinghe
11) Editing God = Akila Ayomal
12) Graphic God = Bhashitha Eranda
13) Treasurer = Wasana Rajanayaka
14) Miss Explorer = Sandali Sachinthani
Let's do more beautiful things together !!
Let's strive to console the earth and Adorn Humanity !!!
🍃කඩොලාන සිටුවීමට , ව්‍යාප්ත කිරීමට නව ක්‍රමයක් අත්හදා බැලුවෙමු ❗
කඩොලාන වනාහි අතිශය සංවේදී සංකීර්ණ පරිසර පද්ධතියක්. ‼️
එම පරිසරයට කරන කුඩා බලපෑම වුව විශාල හානියක් කළ හැක.
🚫සමහරවිට කඩොලාන පිළිබඳ දැනුම නොමැතිව කරන කඩොලාන පැළ සිටුවීමක් වුව එකී කඩොලාන පරිසරයට හානියක් මිස වාසියක් නොවිය හැක. දේශීය හා ගෝලීය වශයෙන් බොහෝ ස්වේච්ඡා සංවිධාන කඩොලාන සිටුවීම් කළද කඩොලාන පරිසරය තවමත් අතිශය තර්ජනයට ලක්වූ පරිසරයක් ව ඇත්තේ ඒ ස්වේච්ඡා වෑයම් මනා සොයා බැලීමකින් හෝ විශේෂඥ දැනුමක් නොමැතිව කළ බැවිනි.
🍂කඩොලාන සිටුවීමට , ව්‍යාප්ත කිරීමට කටයුතු නොකළ සිටියහොත් මිනිසාගේ ඉරණම පමණක් නොව ලෝකයේ ම ඉරණම ඉන් තීන්දු විය හැක. කඩොලාන වූ කලී වෙසෙසින් ම ලෝකයේ පැවැත්ම තීරණය කරන පරිසර පද්ධතියකි. 🌍⁉️️
🦆🐸🐊🐢🦎🦃🐟🐠🐡️🐚🦀🦐🦑🐌🦋🐛🐙🐜🐝🐞🦗🕷️🦜🦟
වෙනත් පරිසරවල නැති විවිධ ජීවින් කඩොලාන පද්ධති නිජබිම් කරගෙන සිටිති. කඩොලාන පද්ධතිය වෙනස් කිරීමෙන් එහි ජෛව විවිධත්වයට පමණක් නොව එම පරිසරයේ ඇති භෞතික තත්ත්වයෙනුත් වෙනස් වීමකට ලක්වෙයි. එම වෙනස් වීම් කලපු ඔස්සේ ගංඟා ඔස්සේ පස් සොදාහරිමින් දූපත් පිටින් ගිලගැනීමට තරම් ප්‍රභලය.
කඩොලාන , කොරල් පර , මුහුදු පැළෑටි එකම පරිසර පද්ධතිය ක් ලෙස වෙරළාශ්‍රිත පරිසරය ආරාක්ශා කරයි.
ඉඳින් මෙයට වසර ගණනාවකට පෙර 40,000 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් කරමින්, 5000 කට ආසන්න පිරිසක් අතුරුදන් කරමින් ඇතිවූ දරුණුතම සුනාමි ව්‍යසනය සිහි ගන්වා ගන්වා ගෙන කඩොලාන පරිසරය සුරැකිය යුතුය.🌊
නොසලකාහැරි කඩොලාන වනාන්තර යළි නගාසිටවනු වස් ගොඩනැගුණු 🌱PAT🌳 කඩොල්☘️ ව්‍යාපෘතිය 🌱Plant A Tree🌳 අපි මේවන විටත් අරඹා ඇත්තෙමු.
රත්ගම කලපුව , අම්බලන්ගොඩ කලපු ආශ්‍රිතව කඩොලාන සිටුවීම් , නිරීක්ෂණය කිරීම් , දැනුම සන්නධ කරගැනීම් වල නිරත වූ 🌱Plant A Tree🌳 අපි සාම්ප්‍රදායික කඩොලාන සිටුවීම් ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට ගොස් වඩා කාර්යක්ෂම අයුරින් කඩොලාන ව්‍යාප්ත කිරීම පිළිබඳ ව අවධානය යොමු කරමින් සිටිමු.✨️
🍀එහි එක් වෑයමක් ලෙස PAT සහෘදත්වය ශ්‍රී ලංකාවේ විශාලතම ස්වාභාවික විල වන බොල්ගොඩ විල පාදක කොටගෙන නුදුරු අනාගතයේ කඩොලාන ව්‍යාප්ත කිරීමේ අරමුණින් ඊට පහසු සහ වේගවත් ක්රමෝපායන් සොයමින් සිටිමු. එහි පළමු පියවර ලෙස ලණුවක ඇමිණූ මුල් ඇදුණු කඩොල් පැළ ලණුවේ කෙළවර ගලක් ගෙට ගසා විල් ඉවුර ආසන්නව ස්ථානගත කිරීම් කරමින් මෙම නව ක්‍රමය අත් හදා බැලීමට කටයුතු කළෙමු.🍂
🍃මෙම ක්‍රමය සාර්ථක වුවොත් එකවර දස දහස් ගණින් කඩොලාන ව්‍යාප්ත කිරීමට හැකිවනු ඇත.
මෙම ක්‍රමය අසාර්ථක වුවොත් වෙනත් තවත් අලුත් විදි අත් හදා බලමින් PAT කඩොල් ජාතික ව්‍යාපෘතිය තවදුරටත් ඉදිරියට ගෙනයන්නට අපි නොපසුබට වෙමු.‼️
පාඨක ඔබගේ නව්‍ය අදහස් , යෝජනා , චෝදනා බලාපොරොත්තු වෙමු.✨️
ස්තූතියි .🍃
🌱Plant A Tree🌳
මිහිමව සනසා මනුලොව සරසා
Fill the Google Form Above !
1️⃣Just put your name
2️⃣ Put contact Number
3️⃣Then Select 1st choice 2nd Choice and the 3rd choice
That's all!
Roles of team leaders !
පිරිස පවත්වාගෙන යාම
පිරිස ගොඩනැගීම
සමගිය ගොඩනැගීම
සාමාජිකයන් ගේ දත්ත ගොනුව පවත්වාගෙන යාම හා ගොඩනැගීම.
පිරිසේ යෝජනා චෝදනා ගැටළු ආරවුල් වලට ඇහුන්කන් දීම හා විසඳුම් ලබාදීම
ප්රතිලාභ සුදුසු පරිදි බෙදාදීම
සියලු කටයුතු සම්බන්ධයෙන් සාමාජික පිරිස දැනුවත් කිරීම
සභාපතිත්වය හා පිරිස අතරත් සාමාජික පිරිසේ සියලු දෙනා අතරත් අනයෝන්‍ය සම්බන්ධය උදෙසා සහය වීම හා සම්බන්ධීකරණය.
පිරිස ධෛර්ය වත් කිරීම
පිරිස ක්‍රමවත් ව නිරීක්ෂණය කිරීම(Monitor)
පිරිස නිරන්තර විශ්ලේෂණය කිරීම
පසුබසින සාමාජිකයන් නැවත අවැසි රිද්මයට පමුණුවාලීමට ඔවුනට සහාය වීම.
සංවිධානය ට පරිබාහිර මුත් සාමාජිකයින් ගේ ජීවන ගැටළු පුද්ගලික ගැටළු ප්‍රශ්ණ අභියෝග පිළිබඳ අවශ්‍ය පමණින් දැනුවත් වීම හා අන්‍යයන් සුදුසු පරිදි ඒ පිළිබඳ ව දැනුවත් කිරීම.
2) National Locations Coordinator
පැළ සිටවන භූමි සම්බන්ධීකරණය
පැළ සංරක්ෂණ භූමි සම්බන්ධීකරණය
ඉඩම් හා වනාන්තර භූමි සම්බන්ධ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමග සම්බන්ධතා ගොඩනැගීම
පැළ සිටුවිය හැකි ස්ථාන ජාතික මට්ටමෙන් සෙවීම හා ඒවායේ තොරතුරු රැස්කිරීම(හිමිකරු,භූමි ප්‍රමාණය,සුදුසු ශාක,...) හා ඒවා සිතියම් ගත කරගැනීම
පැළ/රුක්/වනාන්තර සංරක්ෂණය කළ යුතු සහ හැකි ස්ථාන හඳුනාගැනීම ඒවායේ තොරතුරු රැස්කිරීම(හිමිකරු,භූමි ප්‍රමාණය,සුදුසු ශාක,...) හා ඒවා සිතියම් ගත කරගැනීම
3) Secretary
සංවිධානයේ සියලු ලිපි ලේඛන ගොඩනැගීම හා පවත්වාගෙන යාම
සියලු හමු (Meetings) වල වාර්තාවන් තබා ගැනීම
සියලු මුද්‍රිත හා විද්‍යුත් ලිඛිත කටයුතු (Blogs,Captions,...etc)
මහ සභා රැස්වීමේදී වර්තාව ඉදිරිපත් කිරීම
4) Nucleus God/Goddess
පැළ සාදන සියළු දෙනාම සම්බන්ධීකරණය
සියළු පැළ එකතු පැළ වර්ග , ප්‍රමාණ පිළිබඳ දැනුවත්ව සිටීම
පැළ සෑදීම උදෙසා පිරිස උනන්දු කිරීම
බීජ බැංකුව භාරව සිටීම
බීජ එකතුකිරීම ගබඩා කර තබාගැනීම හා සුදුසු පරිදි බෙදාදීම
පැළ හා බීජ වර්ග හැඳිනීම හා ඒ පිළිබඳ දැනුම සහිතවීම
ස්වභාවයෙන් ම සෑදී ඇති විවිධ පැළ ඇති ප්‍රදේශ දැන සිටීම
විවිධ බීජ වර්ග ලබාගතහැකි ස්ථාන දැන සිටීම
පැළ හා බීජ සම්බන්ධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සංවිධාන , පුද්ගලයන් සමග සම්බන්ධතා ගොඩනැගීම
5) Tech God/Goddess
සියලුම තාක්ෂණික කටයුතු සඳහා මැදිහත්වීම
තාක්ෂණික ගැටළු වලදී මැදිහත් වීම
සීමාවක් නොමැති අතර සංවිධානයේ සියලුම තාක්ෂණය යොදාගැනෙන අවස්ථා සඳහා ඉදිරිපත් වේ මූලකත්වය දෙයි සහයවේ.
විශේෂයෙන් ම මාර්ගගත සහ ශාරීරිකව සිදුකරන හමුවීම් , සම්මන්ත්රණ ආදී සියලුම කටයුතු වලදී තාක්ෂණික සහය ලබාදේ.
මුලින්ම ගොඩනැගෙන PLANT කණ්ඩායම් අතර අවසාන කණ්ඩායම T අකුරෙන් හඳින්වෙන Tech කණ්ඩායම යි එනිසා
VG කණ්ඩායම් ගොඩනැගෙන තෙක් ඔවුන්ගේ කාර්යයන් Tech කණ්ඩායම විසින් හැකිපමණින් සිදුකරයි.
6) Media Coordinator
සියළුම ප්‍රවර්ධන කටයුතු
විද්‍යුත් හා විද්‍යුත් නොවන සියළුම ප්රචාරක කටයුතු භාරවන්නේ මෙම කණ්ඩායමටයි.
සමාජයේ නව පිරිස් වෙත PAT හඳුන්වාදීම.
ගෝලීය සමාජයේ විවිධ පිරිස් වලට අවස්ථානුරූපීව PAT හඳුන්වාදීම.
සියලුම ආකාරයේ සමාජ මාධ්‍යවල සිදුකෙරෙන ප්‍රචාරණය.
තවද සංවිධානයේ ප්‍රතිරූපය(Profile) ගැන සැලකිලිමත් වෙමින් එය ආරක්ෂා කරමින් ප්‍රවර්ධන කටයුතු සිදුකළ යුතුය.
7) God/Goddess Innovative
නවෝත්පාදන චින්තනය
සියලුම ආකාරයේ නවෝත්පාදන සිදුකිරීම
සාමාජිකයින් මුහුණපාන විවිධාකාර ගැටළු සඳහා නවෝත්පාදන තුළින් විසඳුම් සෙවීම
සංවිධානය විසින් සිදුකරන හා ප්‍රවර්ධනය කරන නවෝත්පාදන සියල්ල සඳහා කැපවී කටයුතු කිරීම
8) Camera Director
සියලුම චායාරූප ගතකිරීම් හා වීඩියෝ ගත කිරීම්.
සංවිධානයේ සියළු කටයුතු සඳහා කැමරාකරණය
නිර්මාණශීලී කැමරාකරණය
සංවිධානයේ අරමුණු වලට අනුකූලව කැමරාකරණය,චායාරූප සම්බන්ධ වැඩසටහන්, ව්‍යාපෘති දියත් කරලීම සඳහා උත්සුක වීම.
9) God/Goddess Nature
දැනුම එකතුකිරීම
ගස් , පැළ , බීජ , ගස් ආශ්රිත නිෂ්පාදන , වනාන්තර , ස්වභාවධර්මය ආදී ලෙස සීමාවක් නැතිව එනමුත් ක්‍රමවත් විවිධ ක්‍රමවේද යොදාගනිමින් දැනුම එක් රැස් කිරීම සම්බන්ධ ව ප්‍රධානීත්වය දරයි.
ගවේෂණය (Research) තුළින් දැනුම රැස් කිරීම
දැනුම සුදුසු අවස්ථා වල සුදුසු පිරිස් සඳහා සුදුසු ලෙසින් බෙදාහැරීම
පොදු සමාජය දැනුවත් කරලීම හා ඒ සඳහා උපක්‍රම හා වැඩසටහන් සංවිධානය
දැනුම කාර්යක්ෂම ව එක්රැස් කිරීම ක්‍රමවත් ගොනුකිරීම නිර්මාණශීලි භාවිතය.
10) Sir/Madam Standards
සංවිධානයේ අරමුණු හා සාමාජිකයන් ගේ ආරක්ෂාව හා සුභසිද්ධිය සිතමින් සංවිධානයේ සියළු සම්මතයන් හා ප්‍රමිති ගොඩනැගීම
සම්මතයන් හා ප්රමිතීන් පවත්වාගෙන යාම
සංවිධානයේ සම්මතයන් හා ප්රමිතීන් අනුව සියලු කාර්යයන් සිදුවේදැයි නිරීක්ෂණය පරීක්ෂණ ය හා විමසීම
අඩුපාඩු ඇත්තේ නම් සුදුසු ප්‍රතිකර්ම යෙදීම, යෙදවීම
ක්‍රමවත්ව කෙරෙන වැඩපිළිවෙළ වල් නිර්මාණය
යම් කාර්ය්යක් නිශ්චිත කාල පරිච්ඡේදය කට වරක් නැවත නැවත සිදුකරන ලෙසට කාර්යයන් ගොඩනැගීම
11) Video Editing God/Goddes
සියලුම වීඩියෝ සංස්කරණය කිරීමේ කටයුතු.
You tube , Tiktok channels පවත්වාගෙන යාම.
12) Graphic God/Goddess
සියලුම වීඩියෝ නොවන ග්‍රෆික් නිර්මාණ පිළිබඳ වගකීම
සංවිධානයේ විවිධ කාර්යයන් සඳහා නිර්මාණශීලි ග්‍රෆික් නිර්මාණ අදාළ කාලය ඇතුළත නිමකර ලබාදීම
විද්‍යුත් මෙන්ම භෞතික කලා නිර්මාණ ද අවශ්‍ය අවස්ථාවල ඊට මූලිකත්වය ගෙන ක්‍රියා කිරීම.
13) Treasurer
සංවිධානයේ සියලුම මූල්‍ය ගනුදෙනු පිළිබඳ වගකීම
සංවිධානයේ ගිණුමේ මුදල් සම්බන්ධව වගකීම
මූල්‍ය ගනුදෙනු වාර්තා තබාගැනීම
අරමුදල ගොඩනැගීම
අරමුදල ගොඩනැගීම උදෙසා උපක්‍රම හා වැඩසටහන් හඳුන්වාදීම
වියදම් කරන මුදල් කාර්යක්ෂම ව වියදම් කිරීම පිළිබඳ දැඩි අවධානය යොමු කිරීම
මහා සභා රැස්වීමේදී මූල්‍ය වාර්තාව ඉදිරිපත් කිරීම
14) Mr/Miss Explorer
සංවිධානයේ පවතින සියලුම ආකාරයේ කටයුතු,කාර්යයන් කරගෙන යාම උදෙසා සංවිධානයේ පවතින ක්‍රමවේද වලට අමතරව ලොව ඇති තව අනෙක් ක්‍රම සොයා බලා සංවිධානය ට හඳුන්වාදීම.
සංවිධානය උදෙසා නව මංපෙත් හඳුන්වාදීම
සුභවාදී හා ධෛර්ය වන්ත ලෙස නව ක්‍රියාදාමය න් ඇරඹීම.
15) God/Goddess Web
සංවිධානයේ වෙබ් පිටුවට අදාළව සියලු කටයුතු මෙහෙයවීම
අනෙකුත් වෙබ් සමාජ වෙත සංවිධානය ගෙන යාම, ප්‍රවර්ධනය
Team of HCR - Galle
සැයු. ගාල්ල දිස්ත්‍රික්කයේ ද ඉහත කණ්ඩායම් සඳහා නායකයින් තෝරාගැනෙන අතර එවිට ඉහත පරිදිම කාර්යයන් හා වගකීම් දිස්ත්‍රික්කය ඇතුළත ක්‍රියාත්මක කිරීමේ නායකත්වය ඔහු/ඇය දරයි.
PAT KADOL Mission 01 Succeeded !
ThankYou All !
🌱Plant A Tree🌳- 2023 කඩොල් ව්‍යාපෘතියේ ආරම්භය සනිටුහන් කරමින්,
M01 - අම්බලන්ගොඩ දෙල්දූව ආරණ්‍යය සේනාසනය පාදක කරගනිමින් *ජුලි 22,23* දෙදිනේදී අති සාර්ථකව නිමාවට පත් වුණු බව 🌱Plant A Tree🌳අපි සතුටින් දැනුම් දෙමු.
මෙහිදී අප විසින් ආරණ්‍ය සේනාසනය චෛත්‍යය පිළිසකර කිරීම හා හුණු පිළියම් කිරීම, කඩොල් පැළ 60ක් රෝපණය කිරීම හා කඩොලාන වනාන්තර නිරීක්ෂණ කිරීම සිදු කරන ලදී.
මෙහිදී 🌱Plant A Tree🌳 සභාපති නිරෝධ ප්‍රභාෂ්වර මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ කඩොල් ජාතික ව්‍යාපෘතියේ හි සම්බන්ධීකාරක සහෘද තාරක රන්දුනු , අයෝද්‍යා සත්සරණි හා කවිඳු පේෂළ, KadolM01 සම සම්බන්ධීකරණයෙන් සන්දරු වීරසේකර හා චතුමිණී ගවේෂිකා ගේ නායකත්වයෙන් Nagenahiru Nature Foundation සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය විය.මේ සදහා නිරෝධ,තිවාරා,සන්දරු, පේෂල,අයෝද්‍යා,චතුමිණි,තාරක,අයේෂා,නවෝද්,නලින්ද, ලකල්,ඉන්දූප හා වරුණි ලකීෂා යන සහෘදයන් සහභාගි විය.
මෙහිදී කඩොල් පැළ සදහා දායකත්වය ලබාදුන් Nagenahiru Nature Foundation හි සභාපති ලාල් එමැනුවෙල් මහතා ඇතුලු කාර්යමණ්ඩල යටත් ව්‍යාපෘතිය සාර්ථකව සිදු කිරීම සදහා දායකත්වය ලබාදුන් දෙල්දූව ආරණ්‍යය සේනාසනයේ නායක ස්වාමින් වහන්සේ ඇතුලු අනෙකුත් සියලුම ස්වාමින්වහන්සේලාටත් දායක සභාවටත්, අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමිය හසන්ති නිරෝෂනි මහත්මියට හා පරිසර අංශයේ නිළධාරි රුමේෂා මහත්මියටත්
🌱A🌳 අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙමු.
මෙම කටයුත්ත සාර්ථකව පැවැත්වීමට මූල්‍යමය දායකත්වය සැපයූ J.W.M.විජේසූරිය මි.ය., වෛද්‍ය ඩිල්ශාන් ද සිල්වා, වෛද්‍ය පුෂ්පිකා චන්ද්‍රසේකර, වෛද්‍ය මංජුලා ධර්මසේකර හා K.A. රමණී මි.ය. බෙහෙවින්ම ස්තුති වන්ත වෙමු.
මේ වෙනුවෙන් නන් අයුරින් සහාය දැක්වූ සියලුම දෙනාට අපගේ ගෞරවාන්විත ස්තුතිය.
සටහන් කරන ලද්දේ 🌱Plant A Tree 🌳 ලේකම්,
තිවාරා රත්නායක
#PlantATree
#Savenature
🌱Plant A Tree 🌳
මිහිමව සනසා-මනුලොව සරසා
Election for HCR-Galla
ජන්ද අපේකෂක සහෘදයින් සතර දෙනෙක් ඉදිරිපත් වී සිටින අතර ඔවුන් සතරදෙනටම පොදු නොවන ලක්ෂණ අනුව තෝරාගත් නිර්ණායකයන් ඔස්සේ මනාප ලබාදිය හැක. සරලව කියතොත් එක් ප්‍රශ්ණයකට එක පිළිතුරක් ලකුණු කිරීමෙන් එම නිර්ණායකය උදෙසා ඔබේ මනාපය ලබාදුන්නේ වේ. සහෘදයින් සතර දෙනාගේම පොදු ලක්ෂණ නම් ; ආසන්නතම නගරය ගාල්ල නගරයයි, PAT සඳහා නවක සහෘදයින් වේ එනිසා කිසිදු පෙර අත්දැකීම් , නායකත්වයන් PAT තුළ හොබවා නැත. දෙදෙනෙක් කාන්තා දෙදෙනෙක් පිරිමි. මනාප ලබාදීම ජූලි 20 රාත්‍රී 10.00 සිට ජූලි 22 සෙනසුරාදා උදෑසන 10.00 දක්වා විවෘතව පවතී. ජන්ද ප්‍රථිඵල ජූලි 22 සෙනසුරාදා රාත්‍රී 9.15 පැවැත්වෙන PAT WGM තුළදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. මෙය PAT හි පැවැත්වෙන පළමු ජන්ද විමසුම බැවින් PAT Whatsapp සමූහ වල සිටින සියලුම දෙනාගේ ( PAT Welcome සමූහය ද ඇතුළුව ) ජන්ද වලංගු චන්ද ලෙස සැලකේ. PAT සමූහ තුළ නොසිටින Whatsapp අංක සහ එකම Email ලිපිනයකින් දෙවරක් ලබාදෙන ජන්ද අවලංගු ජන්ද වේ.
Head Coordinator Galle සඳහා ජන්ද විමසුම පිළිබඳ
(About the Election of Head Coordinator Galle )
ජන්දවිමසුම
ජන්දවිමසුම පැවැත්වෙන්නේ අපේක්ෂකයින්ගේ නම් සඳහන් නොකරමින් වන අතර නිර්ණායක කිහිපයක් (පහත දක්වා ඇත.) පදනම් කරගනිමින් ඔවුන්ට මනාප පළ කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.
උදාහරණයක් ලෙස අපේක්ෂකයින් තිදෙනෙක් සිටී නම් ඔවුන්ව A , B ,C, ලෙස නම් කෙරෙන අතර පළමු නිර්ණායකය උපන් වසර සඳහා තිදෙනාගෙම A) 2001 B)2000 C)2003 ආදී ලෙස දැක්වේ නම් යම් ජන්ද දායකයෙක් B) තෝරාගතහොත් එම තෝරාගැනීම "උපන් වසර" නිර්ණායක උදෙසා මනාපය B හට ලබාදීමක් වෙයි. මෙලෙස ජන්දදායකයින් විසින් සියලු නිර්ණායක උදෙසා මනාප ලබාදිය යුතු අතර එක් එක් නිර්ණායකය යටතේ ස්වාධීනව A , B C අතරින්
තමන් කැමති ඕනිම ගුණාංගයකට මනාපය ලබාදිය හැක.
මනාප ගණනය
නිර්ණායක සියල්ලටම එකම අගයක්(Weight) ලැබෙන්නේ නැත. එක් එක් නිර්ණායක සඳහා වෙනස් වෙනස් අගයන් ලැබෙනු ඇත. එක් පුදගලයෙක් ට එක් නිර්ණායකයක් උදෙසා ලැබුණු මනාප ගණන එම නිර්ණායක යේ අගයෙන් ගුණ කිරීමෙන් එම නිර්ණායකය උදෙසා එම අපේක්ෂකයාගේ ලකුණු ගණනය වේ. මෙසේ එක් අපේක්ෂකයෙක්ට සියලු නිර්ණායක උදෙසා වන ලකුණු ගණනය කිරීමෙන් ජන්දවිමසුම තුළ ඔහු/ඇය ලබාගත් මුළු ලකුණු ගණනය කරනු ලැබේ.
අපේක්ෂකයෙක් ට ලබාගත හැකි උපරිම ලකුණු
🌱Plant A Tree🌳 සියලුම ජන්දවිමසුම් වල අපේක්ෂකයෙක්ට ලබාගත හැකි උපරිම ලකුණු ගණන 100කි.
100 සැකසෙන්නේ 1000 ට සෑදූ ලකුණු ගණන 10 න් බෙදීමෙනි.
ලකුණු 1000 සැකසෙන්නේ මෙසේය ;
(ජන්දදායකයින් ගණන) * (නිර්ණායක අගයන්වල එකතුව) = 1000
ඒ අනුව ජන්දවිමසුම අවසානයේ 1000, ජන්දදායකයින් ගණනින් බෙදීමෙන් නිර්ණායක අගයන් වල එකතුව ලබාගෙන සංවිධානයේ අරමුණු පදනම් වූ ප්‍රමුඛතාව මූලික කරගෙන නිර්ණායක උදෙසා අගයන් වෙන් කිරීම සිදුවේ.
නිර්ණායක
2023 ජූලි 20 බ්‍රහස්පතින්දා රාත්‍රි 10 සිට පැවැත්වීමට නියමිත ගාල්ල දිස්ත්‍රික්කයේ HCR සඳහා වන ජන්දවිමසුම සඳහා පහත නිර්ණායක දැනට යෝජනා වී තිබේ.
මේ නිර්ණායක වෙනස්වීමට හෝ අලුතෙන් එක්වීමට හෝ ඒ පිළිබඳ කුමන හෝ අදහස් ඇත්නම් Feedback අංශය හරහා දන්වන ලෙස ඉල්ලා සිටිමු.
1)උපන් වසර/Birth Year
2)PAT සමග එක්වූ දිනය / Joining Date with PAT
ගම(ආසන්නතම නගරය) / Hometown
3)PAT හි පෙර දැරූ තනතුරු / Previous Positions held in PAT
4)PAT හි වර්තමානයේ දරමින් සිටින තනතුරු / Positions holding in PATat present
5)විශ්ව විද්‍යාලය හා පාඨමාලාව / University & the course
6)PAT ව්‍යාපෘති හා මෙහෙයුම් සඳහා සහභාගිත්වය / Participation for PAT Projects & Missions
7)නායකත්ව ගුණාංග (ප්‍රශ්ණ ඊට දුන් පිළිතුරු තක්සේරු අනුව පෙර තක්සේරු කළ)
/ Leadership Quality ( Evaluated by a previous questionnaire )
8)පෙර පැවැත්වූ චන්දයන් හීදී මනාප ගැනීමේ ප්‍රතිශතය / Popularity Rate in previous Elections
9)PAT තුළ නොවන වෙනත් නායකත්ව දැරීම්,අත්දැකීම් / Leadership experiences in outside PAT
10)අපේක්ෂකයාගෙ දැක්ම / The Vision of the Candidate
The Story of PAT LOGO
Plant A Tree Logo is a brand new idea of Nirodha Prabhashwara the Founder & President of Plant A Tree.
The 24 spikes of lion mane depicts the 24 practices of "Arya Ashtangika Magga" which the pathway for liberation from suffering taught by Supreme Samma Sam Buddha.
The Golden Circle which is separate mane from inner green surface depicts the unity , equality, endless strive of the organization.
The Golden Bo leave depicts the blessings of Buddhism to the Volunteering Organization.
Green inner(filling) surface is used to depicts the main colour (green) of the Organization.
The Plant A Tree name is mounted on the middle of the logo in a graphical way using a plant emoji and a tree emoji.
The motivation of all PAT members "For You & For Me" the Plant A Tree motto is placed on the bottom of the green surface curvely.
Although this logo idea is a brand new purely created idea still PAT logo is not a intellectual or branded property.
The PAT logo should be included all the components of it without any mutations.
Most importantly the PAT logo can be used only under the acknowledge of Plant A Tree President.
Plant A Tree is a volunteering platform working for the betterment of the world. "Console the Earth Adorn Humanity " is our Mission and we strive continuously to reach our goals for the sake of all the living beings of Mother Earth