Sanduni
Sanduni
රතුමල් වැටුනු ගවුමේ රැළි අග දිස්නේ..
දත්ටික සුදුයි ගවුමට වැඩියෙන් මැණිකේ..
අල්ලලා බැලුව ගැස්මට නාඩිත් වැටුනේ..
එනවද ඇවිත් නැළවෙන්නට ගස් සෙවණේ..
කවිය: අනුරුද්ධ, February 2023
හිනාද නංගි..මොකද උඹට ආතල් ද..
එහෙම ඇහෙයි රැග් එක මැද්දෙන් සද්ද..
අඩනු එපා දුවනු එපා උස්සන් රෙද්ද..
එහෙම තමයි කැම්පස්වල දන් නැද්ද..
කවිය: අනුරුද්ධ, March 2023