DINUSHA
DINUSHA
මේ සුදු කෙල්ල මා නම් පෙර දැකලා නැති..
සුදු උන හැටි ඇයි කියලා දෙන්න බැරි..
අන්දරේට වැඩිය කපටි නැතුව ඇති..
කට වහගෙන ඔහොම ඉද්දි හරිම ගති..
කවිය: අනුරුද්ධ, February 2023
දග නම් හොදයි හුරතලයට හුරු වීම...
රුව නම් හොදයි සිරිකත මෙන් දිස් වීම...
නෙත නම් හොදයි ඉගිබිගි පා රැවටීම...
සහනය තමයි ඇය නැන්දගෙ දුව වීම…
කවිය: යසස්ශ්රී, February 2023
දිලිසෙන නයන නිල්මිණි කැට දෙකක් වගේ..
සියුමැලි සිනා මුව කෝමල සෙනෙහේ නැගේ..
අම්මව හොයන අසරණ ගොන් පැටියා වගේ..
අවිහිංසකයි මේ ආදරේට නිමක් නැතේ..
කවිය: අනුරුද්ධ, February 2023