CHAthuri
CHAthuri
කිරි සුදු මූණ මැද ජබ්බු ගෙඩි නහය..
රැළි රැළි හැට්ටේ දෙපසින් බොත්තම් අටය..
ඇයි බැම මොකෝ උඩ ආච්චි වාගේය..
ආසන පටි නැතිනිසා ආ..මේ දඩ කොළය..
කවිය: අනුරුද්ධ, February 2023
යන එන ගුවන් පාලම හරි හරියට ගැස්සේ..
බැලුවම අහක කාවද ලස්සන දැක්කේ..
නන්විධ පියුම් රෑටයි නින්දට යන්නේ..
අහසේ නොසිට සඳ ඇයි පහළට බැස්සේ..
කවිය: අනුරුද්ධ, February 2023
ගැස්සෙයි කියා බිය වනු කිම අයියණ්ඩිය ලඟ ඉන්නේ
බැලුවම අහක මවගේ පියකරු රුවමයි මම දැක්කේ
සේපාලිකා කඩුපුල් හෙම රෑ නොවෙදෝ පුබුදින්නේ
සඳ බැස නොවේ ඒ නුඹ මගෙ රුව දැක රැවටී ඇත්තේ
පිළිතුරු කවිය: චතුරි, February 2023