Change language : English
වැඩසටහනට සම්බන්ධ වන්න මෙතැන click කරන්න →
Change language : English
උතුම් නිර්මල සම්බුද්ධ ධර්මයේ සත්‍යතාවය සිය ඥාණයෙන් සහ ප්‍රඥාවෙන් විනිවිද දැක පසක් කර ගැනීමට අවස්ථාව උදා කර දීම, අන්තර්ජාලය ඔස්සේ සිදු කරන මෙම භාවනා වැඩසටහන්වල අරමුණයි.
ලොවට උදා වී ඇති මේ බියකරු වකවානුවේදී පවා ඉස්මතු වී එන්නේ තථාගත ධර්මයේ දුක්ඛ ආර්ය සත්‍යයයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක්ඛ, දෝමනස්ස, ශෝක, පරිදේව, උපායාස, ප්‍රියෙහි විප්පයෝග, අප්රියෙහි සම්පයෝග, යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛයයි. සැකෙවින්ම පංච උපාදානස්කන්ධයම දුකයි.
දුක්ඛ සමුදය ආර්ය සත්‍යය කුමක්ද? දුක්ඛයේ ඇතිවීම හෙවත් සමුදය සිදු වෙන්නේ තණ්හාව නිසාය. තණ්හාව තෙවෑදෑරුම් වෙයි; එනම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා.
දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය කුමක්ද? දුක්ඛයේ නැතිවීම හෙවත් නිරෝධය සිදු වෙන්නේ තෙවෑදෑරුම් වූ මේ තණ්හාව සහමුලින්ම නැතිකිරිමෙනි.
දුක නැති කිරීමේ පිළිවෙත කුමක්ද? දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යයයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති සහ සම්මා සමාධියයි. ඓශ්චර්යය භාවයෙන් අතුල නිර්වාණයට පමුණුවන ඒකායන මාර්ගය -- ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයයි.
මෙම භාවනා වැඩසටහන් වල පරමාර්ථය වන්නේ ඒ උතුම් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමට සියළු දෙනාටම අවස්ථාව උදා කර දීමයි. මෙම මහගු අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඒ උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගනිත්වා!
සියළු දෙනාටම උතුම් වූ නිර්වාණාවබෝධය ලැබේවා !
තෙරුවන් සරණයි !