Change language : English
වැඩසටහනට සම්බන්ධ වන්න මෙතැන click කරන්න →
Change language : English
භාවනා වැඩසටහනට මා සූදානම් විය යුත්තේ කෙසේද?
ඔබට බාධා අවම කරගත හැකි නිහඬ කාමරයක සිටීමට වග බලා ගන්න. භාවනා අතරතුර භාවිතා කිරීමට සුව පහසු ආසනයක් හෝ භාවනා කොට්ටයක් සූදානම් කරගන්න. සටහන් පොතක් සහ පෑනක් තබා ගැනීම භාවනා පිළිබඳ සටහන් ගැනීමට උපකාරී වේ. විවේක කාලය සඳහා ඔබට අවශ්‍ය ආහාරයක් කල්තියා සූදානම් කර තබා ගන්නා ලෙසත් අපි යෝජනා කරමු.
මට සෑම දිනකම සහභාගී විය නොහැකි නම් කුමක් කළ යුතුද?
ඔබට හැකි පමණින් සහභාගී වන්න. භාවනා අනුපිළිවෙලින් සකස් කර ඇති අතර පෙර දේශනා මත ක්‍රමානුකූලව ගොඩ නගා ඇත. එබැවින් ඔබ මුල සිටම සෑම දිනකම සහභාගී වන්නේ නම් හොඳම ප්‍රතිඵල අපේක්ෂා කළ හැකිය.
පිරිවැයක් තිබේද?
නැත, මෙම වැඩසටහන සියලුම සහභාගී වන්නන් සඳහා නොමිලේ ලබාදෙන ධර්ම දානයකි.
මට පැන නැගෙන ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගත හැක්කේ කෙසේද?
වැඩසටහන පිළිබඳව ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම්, ඉදිරි වැඩසටහන් පිටුවේ ඇති තොරතුරු භාවිතාකර අපව අමතන්න. (මෙම පිටුව පහළ ලින්ක් එක ඇත)