අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම

බැංකු මන්කොල්ලයක් අතරතුර මන්කොල්ල කරු අන කරනවා "හෙල්ලෙන්න එපා කවුරුවත්".සල්ලි අයිති රජයට.ඔබේ ජීවිතේ අයිති ඔබට ඉතින් ඔබ නිහඩව අනට කීකරු වෙනවා..


මේකට කියන්නේ මනස වෙනස් කිරීමේ කලාව..


මේ අවස්තාවේ කාන්තාවක් පොලබවන සුලු ආකාරයෙන් බිම වැතිරිලා ඉන්නවා..මන්කොල්ලකරු කෑ ගහනවා "ඔයිට වඩා සන්වර වෙන්න.අපි ඇවිත් ඉන්නේ මන්කොල්ලයකට මිසක් දූශනයකට නෙවෙයි." .


මේකට කියන්නේ වුර්තීය නිපුනත්වය.ඔබ පුහුනු කල දේට මිස අන් දේකට ඔබ අවදානය නොදීම...


මන්කොල්ල කරුවෝ කොල්ලය නිම කර නිවසට ගිය පසු එහි බාල කොල්ලකරු හයේ පන්තියට පමනක් පාසල් ගිය වැඩිමහල් කොල්ලකරුගෙන් අහනවා "අයියේ අපි කොච්චර ගත්තද ගනිමු ".,වැඩිමහල් කොල්ලකරු උස් ස්වරයෙන් අහනවා "උබ ඔච්චර මෝඩද" "මෙතන හුගක් සල්ලි තියෙනවා.මේක ගනින්න ගොඩක් වෙලා යනවා.හෙට උදේ නිවුස් වලට හරියට ගාන කියයි.".


මේකට කියන්නේ වුර්තීය අත්දැකීම..

අද දිනයේ වුර්තීය අත්දැකීම් කුසලතා සහතියකට වඩා වටිනවා..


මන්කොල්ල කරුවෝ බැන්කුවෙන් ගියාට පස්සේ බැන්කු කලමනාකරු බැන්කු අද්‍යක්ශකට කියනවා ඉක්මනින් පොලිසියට කතා කරන ලෙස..බැන්කු අද්‍යක්ශක කියනවා "ටිකක් ඉන්න" "අපි මේකෙන් මිලියන 10 ගමු අපිට. අරගෙන අප් කලින් අරන් තියෙන මිලියන් 70 එයට එකතු කරමු.." "අපි අපේ වැරදි වහගන්න හොද අවස්තාවක් කරගමු.".

මේකට කියන්නේ රැල්ලට පිහිනීම....බොර දියේ මාලු බෑම..

බැන්කු අද්‍යක්ශ කියනවා


 "හැමදාම උනත් කොල්ල කනවා නම් මරු " මේකට කියන්නේ මැරුනත් සැපයි..

පුද්ගලික සතුට ඔබේ රැකියාවට වඩා වැදගත්.....


ඊලග දවසේ ප්‍රවුර්ති වලට කියනවා බැන්කු මන්කොල්ලයෙන් මිලියන් 100 හොරකම් කර ඇති බව..මන්කොල්ල කරු කොච්චර ගැන්නත් ඔහුට එන්නේ මිලියන් 20 යි.මන්කොල්ලකරුවන්ට හොදටම කේන්තියි..


 "අපි අපේ ජීවිත පරදුවට තියලාත් ගත්තේ මිලියන් 20යි..බෑන්ක් මැනේජර් කිසිම අවුලක් නැතුව මිලියන් 80 ක්ම අරන්...

ඒකෙන් පේන්නේ උගතෙක් වෙන එක හොරෙක් වෙනවට වඩා ලාභයි කියලා..


ඒකට කියන්නේ උගත් කම රත්තරන් වලටත් වඩා වටිනවා........


බැන්කු කලමනාකරු සතුටෙන් හිනා වෙනවා.කොටස් වෙලදපොලේ ඔහුගේ අලාභ ඔහුට පියවගන්න පුලුවන් වුනා..

මේකට කියන්නේ අවස්තාවෙන් ප්‍රයෝජන ගැනීම...


අවදානමට නිර්භීත වූ දැන් ඇත්තටම කවුද සැබෑ මන්කොල්ල කරු..?


( උපුටාගැනීමකි ,අයිතිය මුල් හිමි කරුට )