පාසල් ගීතය
පාසල් ගීතය
දින දින දෙස බස රැස නංවා - මොහඳුර බිඳ විදු එළි දල්වා
අප හද ඔද තෙද බැති නැංවූ - හත්තක මහ විදුහල් මෑණී...
නිල් ලොව දුටු නෙත් ලොවම සරන්නට - වැලි කැට ගැරු අත් දෙරණ දරන්නට
දක්නට හැම මිනිසකු කය දුවනා - රතු ගණ රුධිරය එකවාගේ
අප නෙත් පෑදූ අප සිත් සෑදූ - ඔබ පා නමදිමු හද බැතිනී...
යුගයෙන් යුගයට දරුවන් දිනු විට - ගුණයෙන් දැනුමෙන් හැඟුමෙන් පිරිපුන්
සුරුවන් විරුවන් පඬුවන් බිහි කොට - ඔබ අප දෙරණට සෙත දේවා
අප නෙත් පෑදූ අප සිත් සෑදූ - ඔබ පානමදිමු හද බැතිනී...