ගා/හත්තක මහා විද්‍යාලය
දැනුම ලබා දිනුම ගෙනෙමු..
ගා/හත්තක මහා විද්‍යාලය
දැනුම ලබා දිනුම ගෙනෙමු..
ආයුබෝවන්...!
දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ නියාගම කොට්ටාශයට අයත් ගා/හත්තක මහා විද්‍යාලය අවුරුදු එකසිය විසි දෙකක සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන පාසලකි. ප්‍රදේශයේ අනෙකුත් පාසල් අතරින් සෑම අංශයකින්ම ඉතා ඉහළ දක්ෂතා පෙන්නුම් කරන හත්තක මහා විද්‍යාලය අවට ගම්මාන රාශියක දරුවන්ගේ නැණ නුවණ ඔපමට්ටම් කිරීමේ පුරෝගාමී පාසලක් බවට පත්වී හමාරයි. නිරතුරුව දරුවන්ගේ නැණ නුවණ මෙන්ම ඔවුන්ගේ දක්ෂතා ඔපමට්ටම් කිරීම සඳහා කැපවී කටයුතු කරන පාසලේ ගරු විදුහල්පති ස්වාමීන් වහන්සේ සහ කාර් ය මණ්ඩලය මෙහිදී සුවිශේෂී කාර්යභාරයක් සිදුකරනු ලබයි. ගුණ නැණ බෙලෙන් යුක්ත දරුවකු පාසල තුළින් බිහි කිරීමේ පරමාර්ථය පෙරදැරි කරගත් හත්තක මහා විද්‍යාලය සැමදා තම වගකීම ඒ වෙනුවෙන් නොපිරිහෙලා සිදු කරන බව මෙහිදී සපථ කළ යුතුය
පුවත් හා විශේෂාංග
සීතල උදුවප් මසයේ ඒ අපුරු උදූල සඳ නැවත හත්තක විදු බිමට පයාන්නට නියමිතයි. ඒ අපූර්වත්වය විදින්නට රසකාමී ඔබට සෙනෙහසින් ඇරයුම් කරමු...
ජයග්‍රහණ
ගා/හත්තක මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඒ.එස්. මෙන්සිත් පුතණුවන් 2025 වසරේ සමස්ත ලංකා නව නිපැයුම් හා රොබෝ තාක්ෂණ තරගාවලිය සඳහා තම ස්ව නිර්මාණය ඉදිරිපත් කොට එහි එම කාණ්ඩයේ දෙවන ස්ථානය දිනා ගත්හ.
ගා/හත්තක මහා විද්‍යාලයේ සංගීත අංශයේ සිසු දරු දැරියන් 2025 සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලිය සඳහා ඉදිරිපත් ව අප පාසලේ වාදක කණ්ඩායම ඉන් දෙවන ස්ථානය ලබා ගන්මින් පාසලට කීර්තතියක් අත් කර දුන්හ.
දකුණු සිප්කෙත රන් අස්වැන්නක අබිමන් ඇගයුම ඔස්සේ අප පාසල 2020 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව සාමාන්‍ය පෙළ විභාගයේ සමත් ප්‍රතිශතය ජතික මට්ටම ඉක්මවීම හේතුකොටගෙන ලබා ගත් ජයග්‍රහණය ඇගයූ අවස්ථාව
වර්තමාන විදුහල්පති