ඉතාලියේ වෙරෝනා නගරයේ පදිංව් අසිත සමරවික්‍රම මහතා, රුචිනි මහත්මිය හා ඉදුමිණි සහන්යා පවුලේ සැම විසින්.
...............පුණ්‍යවන්ත කටයුත්ත කල සැමට කරනෙමි තුතිමල්........................
බුලත්සිංහල,කිරිමැටිවලකඩ,එම්බරගල, ශ්‍රී සම්බෝධි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධීපති දිවයිනටම සාමවිනිසුරු පුජ්‍යපාද ලංකාතිලකේ අරියධම්ම හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් බුලත්සිංහල නගරයේ දුගී දරුවන් උදේසා 2023 වර්ෂයේ ශිෂ්‍යත්ව හපණුන් වෙනුවෙන් තෑගි වව්චර් බෙදාදීම විහාරාධීකාරි පුජ්‍යපාද තලහගම සුගුණ ස්වාමින් වහන්සේ විසින් සිදුකරන අවස්ථාව.
ඉතාලි,වෙරෝනා නගරයේ සම්මා සති භාවනා මධ්‍යස්ථානයට අනුබද්ධ මෙත්තා ළමා හා සමාජ සංවර්ධන පදනමේ අපි ශ්‍රී ලාංකීක දු දරුවන් වෙනුවෙන් උපකාරයක කරන්නට ඔබෙන් කල ඉල්ලීමට ආධාර උපකාර කරමින් ශක්තියක්වු සැමට අපේ ගෞරවණීය උපහාරයි මේ.
We, the Metta Children and Social Development Foundation, affiliated with the Samma Sati Meditation Center in Verona, Italy, offer this respectful tribute to all those who supported our request to help Sri Lankan children.
මෙම විහාරස්ථානය ආරම්භක අවස්ථාවේ දී බෝධින් වහන්සේ පමණක් මෙම ස්ථානයේ රෝපණය වී තිබුණි. ඉන් පසුව 2023 මැයි මස 10 වන දින වාද්දුව මොල්ලිගොඩ පදිංචි ව්‍යාපාරික ජයනි ප්‍රනාන්දු මහත්මිය, චන්දන ප්‍රනාන්දු මහතා, එම්.ඩී. ලීලාවතී මැතිණියන්, විදුෂි, තරුෂි යන පවුලේ පිංවතුන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිවූ චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් පැලදවීම හා නිරාවරණය කිරීමත්, අප විහාරස්ථානයේ බෝ මළුව හා බෝධි ප්‍රාකාරය පිළියන්දල මොරටුව පාරේ 'රුවන්' හි පදිංචිව සිට නැසීගිය එච්.ඩි. රණසිංහ පියාණන්ට පිං පිණිස දූ-දරුවන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදි කර සම්බුද්ධ ශාසනයට සාදවා පුජාකරන ලදී.
මෙම බෝධින් වහන්සේ වටා ඉදිකරන ලද රන්වැට සඳහා දෙස් විදෙස්හි ජිවත්වන පිංවතුන්ගේ ධන පරිත්‍යාගයෙන් සකස් කර පුජාකරන ලදී.
මෙම විහාරස්ථානය 2011 මැයි මස 17 වන දින ඩබ්ලිව්. එල්. ලීලාරත්න මහතාගේ මුලිකත්වයෙන් ප්‍රදේශවාසි පින්වතුන්ගේ සහභාගිත්වයෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩම කරවා එම්බරගල බෝධීන් වහන්සේ අභියස තැන්පත් කර ප්‍රදේශවාසී ජනතාවට වන්දනාමාන කිරීම සදහා නිර්මාණය කරන ලදී.
ශ්‍රි සම්බෝධි දහම් පාසලේ දරුවන් තම දහම් අධ්‍යාපන කටයුතු සිදුකරන ලද්දේ දුෂ්කරවයි.එම අඩුව දුටු මොරටුව ,මොරටුමුල්ලේ ජනක ලී බඩු වෙළඳ ව්‍යාපාරික හා සමාජ සේවකයෙකු වන ජනක සොයිසා මැතිතුමන් හා පවුලේ සැමදෙනා විසින් ඩෙස්පුටු සාදවා දැහැමි සමාජයක් ගොඩගන්න අප ගන්නා උත්සහයට ලබාදුන් අතරම, විහාරස්ථානයේ ප්‍රයෝජනයට ඇවසිව තිබු ලී බඩු සුදානම්කර පුජා කරන ලදි.
බුලත්සිංහල කිරිමැටිවලකඩ ශ්‍රි ජාතියන්තර මධ්‍යස්ථානයේ අලුතෙන් ඉදිකරනු ලබන එම්බරගල වන අරණේ භාවනා කුටියට මුල්ගල් තැබීමේ මහෝත්සවය 2023 අගෝස්තු 23 සිදුකරන අවස්ථාවන් කිහිපයක්.
අප විහාරස්ථානයට ඇතුළු වන ස්ථානයේ ආරම්භකර ඇති දැනට ඉතිරි වැඩ කරගැනීමට නොහැකව තිබෙන ප්‍රථිමා වහන්සේගේ ඉතිරි වැඩ නිමකර ගැනීමට රැපියල් 10,0000 ක මුදලක් වැයවේ. එහි කටයුතු නිමකරගැනිම සදහා ලෝකවාසි ඔබ සැමගේ ආධාර උපකාර අපගේ ගිණුමට යොමුකර වට්සැප් කිරීමෙන්ද, ඊටත් වඩා පැමිණ මෙහි සත්‍ය අසත්‍ය දැක බලා උපකාර කරන්නේනම් වඩාත් සුදුසුවේ. එසෙත් නැතිනම් අපගේ විහාර සංවර්ධන අරමුදල නමින් දායක සභාව ආරම්භ කර ඇති ගිණුම් අංකයට බැරකරන්න. තෙරුවන් සරණයි.
විස්තර දැන ගැනීම සදහා:- බෞද්ධ මධ්‍යස්ථානාධීපති හිමි, විහාරාධිකාරි හිමි +94710389741, උප සභාපති +94718285980/ලේකම් +94764963995, පංසල +94342250940
Email: Lankathilakaariyadhamma@hotmail.com
sirsambodhiwiharasthanaya@gmail.com
බුලත්සිංහල ලංකා බැංකු ශාඛාව
ගිණුම් අංකය: 75759961
H/s Sri sambodhi buddhist center, Embaragala.
0773309356 හරහා Whatsapp වැඩි විස්තර විමසිය හැක.