කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගෝවින්න කොබවක කිරිමැටිවලකඩ එම්බරගල සුන්දර කදු මුදුන තුළ ඉදිකරන ලදී.මෙම විහාරස්ථානය W.L ලීලාරත්න මහතාගේ නිර්මාතෘත්වයෙන් හා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් ප්රාදේශීයවාසීන්ගේ ජාතික ආගමික කටයුතු සදහා ආරම්භ කරන ලදී.
2011 ජූලි මස සිට පූජ්‍ය ලංකාතිලකේ අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් විහාරස්ථානයේ ජාතික ආගමික කටයුතු කිරීමට වැඩම කරන ලදී.
2013 වර්ෂයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායික විහාරස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට උන්වහන්සේට දායක පින්වතුන් විසින් සඟසතු කර පූජා කරන ලදී.
ශ්‍රී සම්බෝධි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ බුලත්සිංහල ප්‍රාදේශීය මහා ලේකම් කොට්ඨාශයට අයත් කිරිමටිවලකඩ එම්බරගල කදූ මස්තකයෙහිය. මෙහි ජිවත් වන ජනතාව ඉතා දුෂ්කරව ගොවිතැන් බතින් ජිවිත්වන ජනතාවකි. විහාරස්ථානය කොබවක බුලත්සිංහල ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 5 ක් පමණ ගම්මානය තුලට ප්‍රවිෂ්ට විය යුතුය. සුන්දර ගල්තලාවක් මත වන රක්ෂිතයක් තුල බණ භාවනායෝගීව ජීවිත ගත කිරීමට කැමති භික්ෂුන් වහන්සේලාට මෙන්ම ගිහි ප්‍රජාවට බණ භාවනා යෝගීව කටයුතු කිරීමට සුදුසු වන පියසකි. අපේ වෑයම ලෝකවාසී සැමට පැමිණ ආධ්‍යාත්මික සුවය සලසා ගත හැකි තපෝ වනයක් බවට මෙය පත්කිරීමයි. ඒ සදහා අප මුහුණ දෙන ගැටළු නිරාකරණය කර ගැනීමට ලෝකවාසී සියලු දෙනාගේ උපකාර බලාපොරොත්තු වෙමි.
අප විහාරස්ථානය පිහිටා තිබෙන්නේ දුෂ්කරතා රාසියක් මධ්‍යයේය. ස්ථිර ආදයම් මාර්ගයක් නැති දායක පිරිසක් මැද සම්බුද්ධ ශාසනයට එම්බරගල රක්ෂිත භූමි භාගයක් තුල වන සෙනසුන්සක් ලෙස සකස්කර ලෝකවාසි ජනතාවගේ සිත්සුවපත් කරන ස්ථානයක් ලෙස වැඩිදියුණු කරගැනීමට ඔබ සැමගේ ආධාර උපකාර අපගේ මෙම ගිණුමට බැරකරන මෙන් ඉල්ලා සිටිමි.
බුලත්සිංහල ලංකා බැංකු ශාඛාව
ගිණුම් අංකය: 75759961
H/s Sri sambodhi buddhist center, Embaragala.
0773309356 හරහා Whatsapp වැඩි විස්තර විමසිය හැක.