Srilianz ❤👀
බේබි මාලි
_________________ !
අන්තිම ඕවරේට ලකුණු 7 යි
ඉයන් බිෂොප්ගෙ උස් හඩින් ලස්සනට කියනවා
අවුරුදු 19 ක පතිරණ අවසාන ඕවරේ යොමු කරන්නේ කියල
විකට් එක පිටිපස්සේ ඉන්නේ
ඉන්දීය ක්‍රිකට් වංශකතාවේ බගවත් ගීතාව
වීර මහේන්ද්‍ර
එයාගෙ අන්තිම තුරුම්පුව වෙන්නේ අපේ බේබි මාලි
දෝනිගේ කැප්ටන්සියට සෙල්ලම් කරල
අන්තිම ඕවරයක් දාන්න දෙනව කියන්නෙ ඒක පිස්සුවක්
______________________________________ !
පොඩි එකා බෝල් කරද්දී
මාලි බෝල් කරනවා සේම පට්ටම ෆීලින් එකක් තියෙන්නේ
පාරක් වදිද්දී දාන ලස්සන හිනාව
උබ අපිට හොරෙන්ම මාලිංගව
ඇස් ඉස්සරහට ගෙනත් දෙනව වගේ තෙරේනවා
අද එයාට එයාගෙ ටාගඩ් එකට යන්න බැරි වුණා
ඒත් දවසක එයා මාලි වගේ බැටාලට අමුම අමු හිසරදයක් වෙයි
ප්‍රශර් එකත් එක්ක ලස්සනටම බෝල් කරල
සෙල්ලම් කරන ටීම් එකට සාදාරණයක් කරයි
" දවසක චෙන්නායි නුවර චිදම්බරම් ක්‍රීඩාංගණයේ
අස්සක් මුල්ලක් නෑර
පතිරණ 99
වෙනුවෙන් මුලු ක්‍රීඩාගාරයම කෑමොර දේවි ”
අනාගතය එහෙම්පිටිම්ම ලියන්න තියෙනව කොල්ලො
ඉස්සරහට යමන් ! මේක ආරම්භයක් විතරයි !