අදටත් ප්රියතමයා_____________________!
"මාල නෑ
වලලු නෑ
ටැටූ නෑ
කොණ්ඩේ පාට කරලා නෑ
කොටින්ම කියනවනම් බොරු සෝබන කැටයම් මොකුත් නෑ,
බඩු කේස් නෑ
බීලා චාටර් වෙලා නෑ
ක්ලබ් ගානෙ ගහින් නෝන්ඩි වෙලා නෑ
ගෑනු කේස් නෑ
අඩුම අම්පයර් කෙනෙක් එක්කවත් බහින් බස් වෙලා නෑ "
හැබැයි අදටත් මිනිස්සුන්ගෙ ආදරෙන් අඩුවක් නෑ
මොකද අදටත් ගැලවුම්කරුවා ඔහුයි
නැංගුරම ඔහුයි,
කකුල් කඩාගෙන ගිහින් හරි රට දිනවලා දෙන ජවය අදටත් නොම්බර 69 ජර්සිය සතුයි
200ක් ගහගන්න බැරි උනා එක ලකුණයි මදි උනේ,
සංගා මීට කලින් දෙපාරක් දුන්න දුකම අද උබ අවුට් උනාම දැනුනා
හැබැයි ගහපු 199 ද්විත්ව ශතකයකට වඩා වටිනවා ඇන්ජි