කිතුණු ගී පොතෙන්:
1 එව් අප තොස / 2 අහස ඔබේ / 5 යමු යමු / 6 දෙව්ඳු පුදට / 11 පිණිබිඳු සැලෙනා / 15 පොඩි පොඩි / 17 උපදිනවා / 20 මංගල සිරියෙන් / 21 හිරැ පායන / 22 ගයමු වයමු / 23 පුදසුන වෙතට / 24 නිල් ගුවනේ / 27 අලුත් ඉරක් / 28 දහසක් සිතුවිලි / 30 එක සිතින් / 32 දෙවි සමිඳුන් / 36 සමිඳුන් පුදන්න
අපේ ගීතිකා පොතෙන්:
ආරම්භය සමිඳුන්වේ / සමිඳුන් මැව්ව / පසසමි සමිඳේ / එමි මම හිමි සඳුනේ / ජීවනයේ සමිඳා
ගීතිකා එකතුව
➕ පියාණන්ගේද, ➕ පුත්‍රයාණන්ගේද, ➕ ශුද්ධාත්මයාණන්ගේ ද තාමයෙන්,
ආමෙත්.
අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත්, දෙව් පියාණන්ගේ ප්‍රේමයත්,ශුද්ධාත්මයාණන්ගේ සහභාගිකමත් ඔබ සියල්ලන් සමග පවතීවා.
ඔබ සමග ද පවතීවා.
සහෝදර සහෝදරියෙනි, මෙම දිව්‍ය පූජා යාගය සිදු කිරීමට අප නිසි ලෙස සූදානම් වන පිණිස අපි අපේ පව් සිහිකර කමාව අයැද සිටිමු.
සියලු බලැති දෙවියන් වහන්සේට ද, සහෝදර සහෝදරියෙනි ඔබට ද, මා පව් කළ බව කියම්. සිතින්, වචනයෙන්, ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙෙම්. ඒ මාගේ වරදින් ය. මාගේ වරදින් ය. මාගේ මහත් වරදින් ය. එහෙයින් භාග්‍ය වත් නිත්‍ය කත්‍ය මරිය තුම්ය ද සියලූ සුරදූතයන් හා ශුද්ධවන්තයන් ද මාගේ සහෝදරවරුනි, ඔබ ද මා උදෙසා අපගේ ස්වාමින් වත දෙව්යන් වහන්සේට යාච්ඤා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි.
සියලු බලැති දෙව්යන් වහන්සේ අපට කරුණාකර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා.
ආමෙන්.
ස්වාමිනි,කරුණා කළ මැනව
ස්වාමිනි, කරුණා කළ මැනව.
ක්‍රිස්තුනි,කරුණා කළ මැනව
ක්‍රිස්තුනි,කරුණා කළ මැනව.
ස්වාමිනි,කරුණා කළ මැනව
ස්වාමිනි, කරුණා කළ මැනව.
ස්වර්ගයෙහි දෙවියන් වහන්සේට මහිමය වේවා.
මෙලොවෙහි උන්වහන්සේගේ දයාව ලත් දනන් හට සාමය වේවා. දෙවි ස්වාමිනි, ස්වර්ගීය රජාණනි, සියලු බැලැති දෙවිපියාණනි, අපි ඔබට ප්‍රශංසා කරමු. ඔබගේ ගුණ වර්ණනා කරමු. ඔබට වන්දනා කරමු. ඔබගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබගේ මහත් මහිමය නිසා ඔබට ස්තුති කරමු. ඒකජනිත පුත්‍ර වූ ස්වාමිනි, ජේසු ක්‍රිස්තුනි, දෙවි ස්වාමිනි, දේවාජබාලකයාණනි, පියාණන්ගේ පුත්‍රයාණනි, ලොවේ පව් හරින ඔබ අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින ඔබ අපගේ යැඳුම පිළිගත මැනව. පියාණන්ගේ දකුණු පසෙහි වැඩ සිටින ඔබ අපට කරුණා කළ මැනව. ශුද්ධාත්මයාණන් සමඟ දෙවිපියාණන්ගේ මහිමයෙහි වැඩ වසන්නාවූ ජේසු ක්රිස්ත්නී, එකම ශුද්ධවූ තැනැන් වහන්සේ ඔබය. එකම ස්වාමීන් වහන්සේ ඔබය. එකම පරමෝත්තමයාණන් වහන්සේ ඔබ ය. ආමෙන්.
අපි යාච්ඤා කරමු
පියතුමා: ස්වර්ගයට හා පොළොවට අධිපති දෙවි ස්වාමිනී, මෙලෝ මවා සුරකින දෙවිඳාණනී, ඔබවහන්සේගේ මහෝත්තම භාවය පසසන ජනතාව ඔබවහන්සේට කරන අවනත අයැඳුමට සවන් යොමු කළ මැනව. අප ජීවිත කාලයේදී මෙලොව සියළු ජනතාව සාමයෙන් පුරවාලුව මැනව.
මෙකී දේ ඔබ හා ශුද්ධාත්මයාණන් සමඟ එකම දෙවියන්ව සදහටම වැඩසිටින්නා වූද, රජකම් කරන්නා වූද, ඔබගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා.
ජනතාව: ආමෙන්
පියතුමා: සර්වබලධාරී දෙවි සමිඳුනි, ඔබවහන්සේගේ පිතෘක ප්‍රේමය කිසි විටෙක නිෂ්ප්රභා කළ හැකි කවරෙක් වන්නේ ද! සියළු අනතුරු සහිත මාර්ගයන් අපෙන් ඳුරුකර අපේ දෛනික කාර්යයන් ඵලදායි වන්නට සලසන මෙන්, අපි ඔබවහන්සේගෙන් අවනතව අයැද සිටිමු. මේකී දේ ඔබ හා ශුද්ධාත්මයාණන් සමඟ එකම දෙවියන්ව සදහටම වැඩසිටින්නා වූද රජකම් කරන්නාවූද ඔබගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමින් ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදේසාම අපට ලැබේවා.
ජනතාව: ආමෙන්
පියතුමා: අනන්ත කරැණාබර දෙවි ස්වාමිනි, සෑම විපතින් අප මුදාලනමෙන් සියලු බලැති ඔබ වහන්සෙගෙන් අයැද සිටමු. මෙලස ආත්මීක හා ශාරීරක උපද්රාවයන්ගෙන් මිදි සිත් සැනසීමෙන් යුතුව මෙලොව දිවි ගෙවමින් ඔබවහන්සේගේ රාජ්‍යයේ සම්පත සෙවීමට අපට මඟ සැලසුව මැනව.
මෙකී දේ ඔබ හා ශුද්ධාත්මයාණන් සමඟ එකම දෙවියන්ව සදහටම වැඩසිටින්නා වූද, රජකම් කරන්නා වූද, ඔබගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා.
ජනතාව: ආමෙන්
එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහස හා පොළොවද පෙනෙන නොපෙනෙන සියල්ල ද මවා වදාළ සියලු බලැති පියාණන් කෙරෙහි විශ්වාස කරමි.
දෙවියන් වහන්සේගේ ඒක ජනිත පුත්‍රයාණන් ද එකම ස්වාමින් ද වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලට ම පෙර පියාණන්ගෙන් ජනිත වූ සේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝ ද ආලෝකයෙන් ආලෝකය ද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝ ද වන සේක. ජනිත වූ නමුත් මවනු නොලැබ පියාණන් සමග එකම භවත්වය ඇතිව උන්වහන්සේ වැඩ සිටින සේක. උන්වහන්සේ හේතුකොටගෙන සියල්ල මවනු ලැබුවේය. මිනිස් අප උදේසා ද අප ගැලවීම උදේසා ද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාල සේක. ශුද්ධාත්මයාණන් වහන්සේගේ අනුභාවයෙන් කන්‍ය මරියාවන්ගෙන් මිනිස් බව ගෙන උන්වහන්සේ මනුෂ්‍යයා වූ සේක. තවද උන්වහන්සේ අප උදේසා පොන්සුයු පිලාතු යටතේ කුරුසියෙහි ඇණ ගසනු ලැබ, මරණ වේදනා විඳ, උකුත් වී තැන්පත් කරනු ලැබු සේක. ශුද්ධවු ලියවිලි පරිදි උන්වහන්සේ තුන් වනදා උත්ථානවු වූ සේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන්ගේ දකුණු පසෙහි වැඩ සිටින සේක. ජීවතුන් ද මළවුන් ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩින සේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය.
පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයාණන් වහන්සේගෙන් හා නික්මෙන සමිඳාණන් ද ජීවදායකාණන් ද වූ ශුද්ධාත්මයාණන් වහන්සේ කෙරෙහි ද විශවාස කරමි. උන්වහන්සේ පියාණන් ද පුත්‍රයාණන් ද සමඟ එකම වන්දනාවත් මහිමයත් ලබන සේක. උන්වහන්සේ දිවැසිවරුන් මගින් කථා කළ සේක.
අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන එකම ශුද්ධවූ කතෝලික සභාව කෙරෙහි ද විශවාස කරමි. පව් කමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මළවුනගේ නැවත නැඟිටීම ද මතු පැමිණෙන සදා ජීවතය ද බලාපොරොත්තඬ වෙමි.
ආමෙන්.
පියතුමා: දෙවියන් වහන්සේගේ ගැලවීමදායක ප්‍රේමයට සියලු මනුෂ්‍යයන් ඉදිරියෙහි සාක්ෂි දරන පිණිස, දෙවියන් වහන්සේගේ වචනයට සවන් ඳුන් අපි, ශුද්ධ වූ සභාව උදෙසා ද, මුඵ ලෝක වාසීන් උදෙසා ද, එකම පවුලක් වන මේ ගුරුවසමේ සියල්ලන් උදෙසා ද යාච්ඤා කරමු.
ජනතාව: ස්වාමිනි, අප කරන යාච්ඤා අසා වදාළ මැනව.
මළු ලෝකයෙහි ශුද්ධ වූ සභාවට සාමය හා එක්සත්කම දානය කර, එම සභාව ලෝක වාසී සියලු මනුෂ්‍යයන් හට දීප්තිමත් ආලෝකයක් වන පිණිස,
අප රටෙහි සමෘද්ධිය හා අවංක සමාදානය නිතර ඇතිවීම සඳහා මේ රට පාලනය කරන්නන් හට නිසි මඟ පෙන්වා දෙන පිණිස,
නොයෙක් විපත්ති වලින් පීඩිතව ඳුක් විඳින්නන් හට ඔබගේ ආරක්ෂාව පිහිට හා සැනසීම විගස ලැබෙන පිණිස,
මේ මීසමේ සියලු දෙනා උත්ථාන වූ ජේසු තුමන් සමඟ ඒකාබද්ධ වී අන්‍යොන්‍ය සහෝදර දයාවෙන් යුක්තව ජීවත් වන පිණිස,
පියතුමා: අපගේ සරණය හා ශක්තිය ද වන දෙවි ස්වාමිනී, ප්‍රේම කිරීමට ඔබ විසින් උගන්වනු ලබන ශුද්ධ වූ සභාව දැන් ඔබට ප්‍රේමයෙන් කරන යාච්ඤාවලට සවන් දුන මැනව. පක්ෂපාතකමින් අප ඉල්ලන දේ නොවරදවා අපට දුන මැනව. මෙකී දේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදේසාම අපට ලැබේවා. ආමෙන්
කිතුණු ගී පොතෙන්:
107 කල්වාරියේ / 108 බාර ගන්න / 116 අපගේ පඬුර වේ / 117 සාර කෙතෙ / 118 මල් සුවඳේ / 122 පුදසුනේ / 126 ජෙසුනි මගේ / 130 සුවඳ මල් / 131 මල් පහන් / 134 හද බැති / 137 මට ආසයි / 138 ලබා ඔබේ / 141 පැතුම් ලොවක් / 146 තෙල් මල් / 148 මලක සුවඳ / 157 සාදුකාර දී
අපේ ගීතිකා පොතෙන්:
පුදමි ඔබට / ළමා අපෙන් /
ගීතිකා එකතුව
පියතුමා: සහෝදරවරුනි, මාගේ සහ ඔබගේ යාගය සියලු බලැති දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාච්ඤා කරන්න.
ජනතාව: ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහා ද, අපටත් තමන් වහන්සේගේ මුළු ශුද්ධවූ සභාවටත් ප්‍රයෝජන වනු සඳහා ද ඔබගේ හස්තවලින් ඔවුන් වහන්සේ මේ යාගය පිළිගන්නා සේක්වා.
පියතුමා:
සදාතන දෙවි පියාණෙනි,
ඔබවහන්සේගේ පුත්‍රයාණන්ගේ දිව්‍යමය යාගයේ සමරුව වන මේ පරිශුද්ධ පිළිවෙත අපගේ ගැළැවීමේ මහා සලකුණ බව අපි විශ්වාස කරමු. එහෙයින් එම දිව්‍ය අභිරහසෙහි නිතර යෝග්‍ය පරිදි සහභාගි වීමට අපට වරම් දානය කරන ලෙස අවනතව, ඔබවහන්සේගෙන් ඉල්ලා සිටිමු මෙකී දේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාද අපට ලැබේවා.
ජනතාව: ආමෙන්.
පියතුමා:
සදාතන දෙවි ස්වාමිනිණි, ඔබවහන්සේගේ පිතෘක ප්‍රේමය කෙරෙහි විශ්වාසය තබන අපි, මෙම පුද පඬරු ද රැගෙන ඔබවහන්සේ වැඳ පුදා ගන්නට මෙහි පැමිණියෙමු. ඔබවහන්සේගේ වරප්රසාදයන් බහුලව අප වෙත දානය කළ මැනව. මේකී දේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා.
ජනතාව: ආමෙන්.
පියතුමා: ස්වාමින් වහන්සේ ඔබ සමඟ වන සේක්වා.
ජනතාව: ඔබ සමඟ ද වන සේක්වා.
පියතුමා: ඔබගේ සිත් යොමු කරන්න.
ජනතාව: ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු.
පියතුමා: අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු.
ජනතාව: එය යෝග්‍යවූ ද යුතුවූ ද ක්‍රියාවකි.
පරිශුද්ධ පියාණෙනි, ඔබවහනසේගේ ප්‍රේමනීය පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් සැම කල්හි ද, සැම තැන්හි ද, අප ඔබවහන්සේට ස්තුති ප්‍රශංසා කිරීම සැබැවින් ම යෝග්‍ය ය, යුතුය, සාධාරණ ය, ගැළැවීම දායක ය.
ඔබවහන්සේ සියලු දේ මැවූයේ, ඔබවහන්සේගේ වාක්යාණන් වන ඔවුන්වහන්සේ හේතුකොටගෙන ය. අප මුදා ගන්නා ගැළැවුම්කරුවාණන් වශයෙන් ඔබ වහන්සේ එතුමාණන් අප වෙත එවූ සේක.
ඔවුන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගේ අනුභාවයෙන් මිනිස් බව ගෙන කන්‍ය මරියාවන් ගෙන් උපන් සේක. ඔබවහන්සේගේ කැමැත්ත ඉටු කරමින් ඔවුන් වහන්සේ කුරුසියෙහි දෑත් විහිදා අදික වේදනා විඳ, මරණයට පත්වී, මරණය පරාජය කොට, උත්ථානය ප්‍රකාශ කරමින් අප සැම පරිශුද්ධ ජනතාවක් වශයෙන් ඔබවහන්සේට හිමි කර ඳුන් සේක.
එහෙයින් සුරඳුතයන් සහ සියලු ශුද්ධවන්තයන් ද සමඟ අපි ඔබවහන්සේගේ මහිමය එක් හඬින් මෙසේ ප්‍රකාශ කරමු.
ජනතාව: සුවිශුද්ධය, සුවිශුද්ධය. ලෝකාග්‍ර දෙවි සමිඳොනෝ සුවිශුද්ධය
අහසත් පොළොවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ.
ස්වර්ගයෙහි ජය ශ්‍රී වේවා.
ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩින උතුමාණෝ භාග්‍යවත් ය.
ස්වර්ගයෙහි ජය ශ්‍රී වේවා!
එසේය ස්වාමිනි, ඔබවහන්සේ සැබැවින් ම සුවිශුද්ධ ය.
සියලු සුවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය.
එහෙයින් ඔබවහන්සේගේ ආත්මයාණන් ගේ අනුභාවයෙන්
මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අයැදිමු.
අප එසේ යදිනුයේ මේ පඬුරු අප උදෙසා අපගේ ස්වාමින් වන
+ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ + ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධීරයත් බවට පත්වනු සඳහාය.
ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර,
පූපය රැගෙන ඔබවහන්සේට තුති පුදමින්,
එය කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළ සේක.
ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න.
සැබැවින් ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි.
රාත්‍රි භෝජනය වැළඳූ පසුව, ඔවුන් වහන්සේ එසේම කුසලාන ද රැගෙන
නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළ සේක.
ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න.
සැබැවින් ම මෙය අභිනව වූ ද අනන්ත වූ ද ගිවිසුමේ මාගේ රුධීර කුසලානයි.
පව් කමාව සඳහා ඔබ උදෙසා ද සියලු මනුෂ්‍යයන් උදෙසා ද එය වගුරනු ලබන්නේ ය.
මා සිහි කිරීම පිණිස මෙය සිඳු කරන්න.
පියතුමා: අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු.
ජනතාව: ස්වාමිනි, ඔබවහන්සේ උකුත් වූ සේක.
ස්වාමිනි, ඔබවහන්සේ උත්ථාන වූ සේක.
ස්වාමිනි, ඔබවහන්සේ නැවත වඩින සේක.
පියතුමා: එහෙයින් පියාණෙනි, ඔවුන් වහන්සේගේ මරණය ද උත්ථානය ද සිහිපත් කරමින් ජීවන දායක පූපය ද, ගැළැවීම දායක කුසලාන ද අපි ඔබවහන්සේට පුද කරමු. ඔබ හමුවෙහි සිටිමින් ඔබට සේවය කරන්නට සුඳුස්සන් වශයෙන් සැළකීම ගැන අපි ඔබවහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත්, ශ්‍රී රුධිරයටත් සහභාගි වන්නා වූ අප සැම ශුද්ධාත්මයාණන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව අයැද සිටිමු.
ස්වාමිනි, මුළු ලොවෙහි පැතිර පවත්නා ඔබවහන්සේගේ ශුද්ධවූ සභාව සිහිකළ මැනව. ෆ්‍රැන්සිස් නමැති අප පොඳු පියාණන් ද ............... නමැති අප රදගුරුතුමන් ද, සකළ පූජක පිරිස ද සමඟ ද, එම සභාව දයා ගුණයෙන් පිරිපුන් වන්නට සළසනු මැනව.
(මෙලොවින් ඔබවහන්සේ වෙත :අද කැඳවා ගත්............ නමැති ඔබවහන්සේගේ දාසයා/දාසිය ද සිහි කළ මැනව. ප්‍රසාද ස්නාපනයේදී පාපයට නැසෙමින් ඔබවහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණයට සහභාගි වූ ඔහු/ඇය, ඔවුන් වහන්සේ සමඟ සදා ජීවිතය සඳහා නැවත නැගිටින්නට සළසනු මැනව.)
උත්ථානයේ බලාපොරොත්තුව ඇතිව මිය ගිය අපගේ සහෝදර සහෝදරියන් ද, ඔබවහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනෙකුත් සියල්ලන් ද සිහි කර ඔබවහන්සේගේ ශ්‍රී වත මඬලේ ආලෝකය වෙතට ඔවුන් පිළිගත මැනව.
අප සියල්ලනට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍ය මරියාවන් ද, භාග්‍යවත් ජුසේතුමන් ද, භාග්‍යවත් අපෝස්තුළුවරුන් ද, සෑම කාලයන්හිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවි ගෙවූ සියලු ශුද්ධවන්තයන් ද සමඟ සදා ජීවනයට සහභාගි වීමට අපවත් සුඳුස්සන් කල මැනව. තවද ඔවුන් හා සමඟ ඔබවහන්සේට ප්‍රශංසා කිරීමට ද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමට ද ඔබවහන්සේගේ පුත්‍රවූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව.
ඔවුන් වහන්සේ මඟින්ද, ඔවුන් වහන්සේ සමඟ ද, ඔවුන් වහන්සේ කෙරෙහි ද සියලු බලැති දෙවි පියාණෙනි, ශුද්ධාත්මයාණන් හා සමඟ එක්ව වැඩ වසන්නා වූ ඔබවහන්සේට සකළ ගෙෳරවයත් මහිමයත් සදහට ම අත් වේවා!
ජනතාව: ආමෙන්.
පියතුමා: ගැළැවීමදායක අණ පණතින් ප්‍රගුණ වී දේව උපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ යාච්ඤා කරමු.
ජනතාව: ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි, ඔබවහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබවහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබවහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් මෙලොවෙහි ද ඉටු වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදි ද කමා කළ මැනව. පාප අවස්ථාවනට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදා ගත මැනව.
පියතුමා: ස්වාමිනි, සියලු අයහපතින් අප මුදාගන්නා මෙන් ද, අපගේ මෙම ජීවිත කාලයෙහි අපට සාමය දෙන මෙන් ද අපි ඔබවහන්සේගෙන් අයැදිමු. එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ, නිරතුරුම පවින් මිදී, සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැළැවුම්කරුවාණන් වන ජේසුස් ක්රීස්තුන් වහන්සේ නැවත පැමිණිමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු.
ජනතාව: මක්නිසාදයත්, රාජ්‍යය ද, බලය ද, මහිමය ද සදහට ම ඔබ වහන්සේගේය.
පියතුමා: "සාමය ඔබ සමඟ තබා යමි, මාගේ සාමය ඔබට දෙමි"යි ස්වකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනි, ඔබවහන්සේ අපගේ පාපයන් නොතකා, ඔබවහන්සේගේ සභාවේ විශ්වාසය සළකා ඔබවහන්සේගේ කැමැත්ත පරිදි එම සභාවට සාමය ද, සමගිය ද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබවහන්සේ සදහටම වැඩ වසන සේක. රජකම් කරන සේක.
ජනතාව: ආමෙන්.
පියතුමා: ස්වාමින් වහන්සේගේ සාමය ඔබ සමඟ නිතරම පවතීවා.
ජජනතාව: ඔබ සමඟ ද පවතීවා.
පියතුමා: අපි එකිනෙකාට සාමය පතමු.
ජනතාව: එකිනෙකාට සාමය පතන්න.
ලොවේ පව් හරණ දේවාජබාලකයාණෙනි,
අපට කරුණා කළ මැනව.
ලොවේ පව් හරණ දේවාජබාලකයාණෙනි,
අපට කරුණා කළ මැනව.
ලොවේ පව් හරණ දේවාජබාලකයාණෙනි,
අපට සාමය දානය කළ මැනව.
පියතුමා: මෙන්න දේවාජබාලකයාණෝ, මෙන්න ලොවේ පව් හරණ තැනැන් වහන්සේ, අජබාලකයාණන්ගේ භෝජනයට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය.
ජනතාව: ස්වාමිනි, ඔබවහන්සේ මා තුළට වඩින්නට මම සුඳුස්සෙක් නොවෙමි.
එහෙත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුව වන්නේ ය.
පියතුමා: අපි යාච්ඤා කරමු.
1. ස්වර්ගයීය පියාණෙනී, ඔබ වහන්සේගේ ප්‍රේමය ඔබ ශුද්ධාත්මයාණන් මගින් අප හදවත්තුල වගුරුවාලුව මැනව. එකම පූපයකට සහ මිදියුෂට පංගුකාරවුණු අප හට එක්සිත්ව හා සමගියෙන්ද ඔබවහන්සේට සේවය පුදන්නට වරම් ඳුන මැනව.
මෙකී දේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා.
ජනතාව: ආමෙන්.
2. ඔබ ශ්‍රී කුමාරයාණන්ගේ ශ්‍රී ශරීරයෙන් හා ශ්‍රී රුධීරයෙන් අප පෝෂ්‍ය කළ දෙවි සමිඳාණනී, ඔබ වහන්සේගේ ශුද්ධාත්මයාණන් මගින් අප මෙහෙයවන ලෙස උදක්ම ඉල්ලා සිටිමු. මුවින්, වදනින් පමණක් නොව අප මුළු දිවියෙන්ම ඔබ වහන්සේට සැබෑ ප්‍රශංසාව හිමි කරමින්, ඔබ වහන්සේගේ ස්වර්ග සම්පත්තිය භුක්ති විඳිනු සඳහා අප හැම හේතුවන්තයන් කළ මැනව.
මේ කී දේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදේසාම අපට ලැබේවා.
ජනතාව: ආමෙන්.
පියතුමා: ස්වාමින් වහන්සේ ඔබ සමඟ වන සේක්වා.
ජනතාව: ඔබ සමඟ ද වන සේක්වා.
පියතුමා: සියලු බලැති දෙවි මහෝත්තමයාණන් වන + පියාණෝ ද පුත්‍රයාණෝ ද ශුද්ධාත්මයාණෝ ද ඔබ ආශිර්වාද කර, ආරක්ෂා කරණ සේක්වා.
ජනතාව: ආමෙන්
පියතුමා: යන්න, දෙවියන් වහන්සේගේ සාමය හා ආදරය රැගෙන යන්න.
ජනතාව: දෙවියන් වහන්සේට ස්තෝත්ර වේවා.
ජනතාව: + සාන්ත කුරුසියේ අඩයාලමෙන් + අපගේ සතුරන්ගෙන් අප ගළවා දේවා, + අපගේ දෙවි ස්වාමිනි, + පිතාගෙත්, පුත්‍රයාගෙත්, ස්ප්‍රීතු සාන්තුගෙත් නාමයෙන්. ආමෙන්.
කිතුණු ගී පොතෙන්:
252 සමිදුන් හට / 255 ලෝකෙට දෙන්න / 256 ඔබ අප කැව්වා / 257 සාමයේ ප්‍රීතියේ / 259 තුති පුදම් / 261 සාමයේ මිහිර / 264 අප දිවි දෙරණට / 267 දෙවිඳුන් හඳුනන්නේ / 268 තණ්හාවෙන් බොඳවු / 271 සාමයේ ජීවිතේ / 273 සාම මිහිර
අපේ ගීතිකා පොතෙන්:
ඔබ තෝරාගත් / දස මස මා ඔබේ / බාලයන් මා වෙතට / නවමු පණක් ලබලා