පිවිසුම් පිළිවෙත


කුරැසියේ ලකුණ


පියාණන් වහන්සේගේ ද පුත්‍රයාණන් වහන්සේගේ ද ශුද්ධාත්මයාණන් වහන්සේගේ ද නාමයෙන්.

ආචාරය


අප සමිඳාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත්, දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයත්, ශුද්ධාත්මයාණන් වහන්සේගේ සහභාගිකමත්, ඔබ සියල්ලන් සමග පවතීවා.

හෝ:

අප පියාණන් වන දෙවියන් වහන්සේගෙන් සහ සමිඳාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ලැබෙන සාමයත් වරප්‍රසාදයත් ඔබ සමග පවතීවා.

හෝ:

සමිඳාණන් වහන්සේ ඔබ සමග වන සේක්වා. සැදැහැවත්හු පිළිතුරු දෙති.


➕➕➕➕➕➕➕➕


පශ්චාත්තාප වීම


සහෝදර සහෝදරියෙනි, මෙම දිව්‍ය පූජා යාගය සිදු කිරීමට අප නිසි ලෙස සූදානම් වන පිණිස අපි අපේ පව් සිහිකර කමාව අයැද සිට්මු.


ඒ මාගේ වරදින් ය, මාගේ වරදින් ය, මාගේ මහත් වරදින් ය.

එහෙයින් භාග්‍යවන්ත නිත්‍ය කන්‍ය මරියතුමියගෙන් ද සියලු සුරදූතයන්ගෙන් හා ශුද්ධවන්තයන්ගෙන් ද මාගේ සහෝදර සහෝදරියනි ඔබගෙන් ද උදෙසා, අපගේ සමිඳාණන් වන දෙවියන් වහන්සේට යාච්ඤා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි.


හෝ

අහෝ සමිඳාණනි, අපට කරුණා කළ මැනව.
- මක්නිසාදයත්, අප ඔබ වහන්සේට විරුද්ධව පව් කළ බැවිනි.

අහෝ සමිඳාණනි, අපට ඔබ වහන්සේගේ කරුණාව පෙන්නුව මැනව.
- ඔබ වහන්සේගේ ගැලවීම අපට දානය කළ මැනව.


හෝ

සිත් තැවුල් වූවන් සුවපත් කිරීම සඳහා එවනු ලැබූ, සමිඳාණනි, කරුණා කළ මැනව.
- සමිඳාණනි, කරුණා කළ මැනව. 

පව්කරුවන් කැඳවා ගැනීම සඳහා වැඩම කළ, ක්‍රිස්තුනි, කරුණා කළ මැනව.
- ක්‍රිස්තුනි, කරුණා කළ මැනව.

පියාණන් වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටිමින්, අප වෙනුවෙන් මැදහත් වන, සමිඳාණනි, කරුණා කළ මැනව.
- සමිඳාණනි, කරුණා කළ මැනව.


සර්වබලධාරි දෙවියන් වහන්සේ අපට කරුණාකර, අපගේ පව් කමා කර, සදා ජීවනයට අප පමුණුවන සේක්වා.
- ආමෙන්.

➕➕➕➕➕➕➕


සමිඳාණනි, කරුණා කළ මැනව.
- සමිඳාණනි, කරුණා කළ මැනව.

ක්‍රිස්තුනි, කරුණා කළ මැනව.
- ක්‍රිස්තුනි, කරුණා කළ මැනව. 

සමිඳාණනි, කරුණා කළ මැනව.
- සමිඳාණනි, කරුණා කළ මැනව.


මහිම ගීතිකාව


අති උත්කෘෂ්ට මණ්ඩලයෙහි දෙවියන් වහන්සේට මහිමය ද
මිහිපිට සුසිත් දනන් හට සාමය ද වේවා.


පිවිසුමේ යාච්ඤාව

අපි යාච්ඤා කරමු


➕➕➕➕➕➕➕➕


දේව වචනයේ පිළිවෙත


පළමු ප්‍රකාශනය



පිළිතුරු තෙහෙලි ගීය


දෙවන ප්‍රකාශනය



සුපුවත් ජය නද


ශ්‍රී සුබාරංචිය ප්‍රකාශනය




ධර්ම දේශනාව


➕➕➕➕➕➕➕➕


විශ්වාස ලක්ෂණය


එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි.

එකම සමිඳාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. උන් වහන්සේ සැම කලටම පෙර පියාණන් වහන්සේගෙන් ජනිත වූ සේක. උන් වහන්සේ දෙවිඳාණන්ගෙන් දෙවිඳාණෝ ද ආලෝකයෙන් ආලෝකය ද සැබෑ දෙවිඳාණන්ගෙන් සැබෑ දෙවිඳාණෝ ද වන සේක.ජනිත වූ නමුත්, මවනු පියාණන් වහන්සේ සමග සමභවත්වයෙන් යුතුව නොලැබ, උන් වහන්සේ වැඩ සිටින සේක. උන් වහන්සේ මගින් සියල්ල මවන ලද්දේ ය. මිනිස් අප උදෙසා ද අපගේ ගැලවීම උදෙසා ද ස්වර්ගයෙන් බැස උන් වහන්සේ වදාළ සේක. තවද ශුද්ධාත්මයාණන් වහන්සේ කෙරෙන් කන්‍ය මරියාවන්ගෙන් මාංශ ගත වී, උන් වහන්සේ මනුෂ්‍යයා වූ සේක. උන් වහන්සේ අප උදෙසා, පොන්සියු පිලාත් යටතේ කුරුසියේ ඇණගසනු ලැබ, මරණ වේදනා විඳ උකුත් වී, තැන්පත් කරනු ලැබූ සේක. ශුද්ධ ලියවිලි පරිදි, උන් වහන්සේ තුන්වන දා උත්ථාන වූ සේක. උන් වහන්සේ ස්වර්ගාරෝහණව, පියාණන් වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටින සේක. ජීවතුන් ද මළවුන් ද විනිශ්චය කරන පිණිස, ද උන් වහන්සේ මහිමාන්විතව නැවත වඩින සේක. උන් වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේ ය. 

සමිඳාණන් ද ජීවදායකයාණන් ද වන ශුද්ධාත්මයාණන් වහන්සේ කෙරෙහි ද මම විශ්වාස කරමි. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයාණන් වහන්සේගෙන් නික්මෙන උන් වහන්සේ, පියාණන් වහන්සේ හා පුත්‍රයාණන් වහන්සේ සමග එකම වන්දනාවත් මහිමයත් ලබන සේක. උන් වහන්සේ දිවැසිවරුන් මගින් කථා කළ සේක.

එකම වූ ද, ශුද්ධ වූ ද, කතෝලික වූ ද, අපෝස්තලික වූ ද, සභාව කෙරෙහි මම විශ්වාස කරමි.
පව්කමාව සඳහා එක ම බව්තිස්මයක් ඇති බව මම විශ්වාස කරමි.
මළවුන්ගේ නැවත නැගිටීම ද මතු පැමිණෙන සදාතන ජීවිතය ද මම බලාපොරොත්තු වෙමි. ආමෙන්.


➕➕➕➕➕➕➕➕


චතාරික කාලයෙත්, පාස්කු කාලයෙත්,
අපෝස්තුළුවරුන්ගේ විශ්වාස ලක්ෂණය උච්චාරණය කළ හැකිය.

අහස පොළොව මැවූ සර්වබලධාරි පිතාවන දෙවියන් වහන්සේ කෙරෙහි ද, 

ශුද්ධත්මයණන් වහන්සේ කෙරෙහි ද
සාන්ත කතෝලික සභාව කෙරෙහි ද
සාන්තුවරයන්ගේ සමෝස ධර්මලාභය කෙරෙහි ද
පාප ක්ෂමාව කෙරෙහි ද
මාංශ උත්ථානය කෙරෙහි ද
අනන්ත ජීවිතය කෙරෙහි ද
මම විශ්වාස කරමි. ආමෙන්.


විශ්වාසකයන්ගේ යාච්ඤාව



➕➕➕➕➕➕➕➕


ස්තෝත්‍ර යාගික පිළිවෙත


සහෝදර සහෝදරියනි, මාගේ සහ ඔබගේ යාගය සර්වබලධාරි දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාච්ඤා කරන්න.


පඬුරු මත යැදුම

අපි යාච්ඤා කරමු


ස්තෝත්‍ර යාගික යැදුම


සමිඳාණන් වහන්සේ ඔබ සමග වන සේක්වා.
- ඔබ සමග ද වන සේක්වා.

ඔබගේ හදවත් ඔසවන්න.
- සමිඳාණන් වහන්සේ වෙත ඔසවා සිටිමු.

අපගේ දෙවිඳාණන් වන සමිඳාණන් වහන්සේට ස්තුති කරමු.
- ය යෝග්‍ය හා යුතු වන්නේය.



විශ්වාසයේ අභිරහස.


අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු


හෝ

හෝ


➕➕➕➕➕➕➕➕


උන් වහන්සේ මගින් ද
උන් වහන්සේ සමග ද
උන් වහන්සේ කෙරෙහි ද
සර්වබලධාරි දෙවි පියාණනි,
ශුද්ධාත්මයාණන් වහන්සේ හා සමග
එක් ව වැඩ වසන්නා වූ ඔබ වහන්සේට,
සකල ගෞරවයත්, මහිමයත්, සදහට ම අත් වේවා.
- ආමෙන්.


➕➕➕➕➕➕➕➕


දිව බොදුන් පිළිවෙත



සමිඳාණනි, සියලු අයහපතින් අප මුදාගන්නා මෙන් ද... අපගේ ගැලවුම්කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු.
- මක්නිසාදයත්, රාජ්‍යය ද බලය ද මහිමය ද සදහට ම ඔබ වහන්සේගේ ය.

"සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි" යි ස්වකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් සමිඳාණනි, ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා, ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා, ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි, එම සභාවට දයාන්විතව සාමයද, සමගිය ද දානය කළ මැනව. ඔබ වහන්සේ සදහට ම, වැඩ වසන සේක. රජකම් කරන සේක. 


සමිඳාණන් වහන්සේගේ සාමය ඔබ සමග නිතර ම පවතීවා.

අපි එකිනෙකාට සාමය පතමු.


මෙන්න දේව බැටළුපෝතකයාණෝ, මෙන්න ලොවේ පව් හරන තැනැන් වහන්සේ, උන් වහන්සේගේ භෝජනයට ආරාධනා ලද්දෝ භාග්‍යවන්තයෝය.

ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරය.
- ආමෙන්.


දිව බො‍දුනට පසු යාච්ඤාව

අප යාච්ඤා කරමු



සමාප්ත පිළිවෙත


සමිඳාණන් වහන්සේ ඔබ සමග වන සේක්වා.

සර්වබලධාරි දෙවි මහෝත්තමයාණන් වන ➕ පියාණන් වහන්සේ ද ➕ පුත්‍රයාණන් වහන්සේ ද ➕ ශුද්ධාත්මයාණන් වහන්සේ ද ඔබ ආශීර්වාද කරන සේක්වා.
- ආමෙන්


රාජගුරු ප්‍රසාදීන් වහන්සේ පවත්වන දිව්‍ය පූජා යාගයේදී


සමිඳාණන් වහන්සේ ඔබ සමග වන සේක්වා.

සමිඳාණන් වහන්සේගේ නාමය ආරාධිත වේවා.

අපගේ ආධාරය සමිඳාණන් වහන්සේගේ නාමයෙහි ය.

සර්වබලධාරි දෙවි මහෝත්තමයාණන් වන පියාණන් වහන්සේ ද ක පුත්‍රයාණන් වහන්සේ ද ෂු ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ ආශීර්වාද කරන සේක්වා.


ආශීර්වාදය


දිව්‍ය පූජාව අවසානයි. සුබාරංචිය රැගෙන යන්න.


හෝ

යන්න, සමිඳාණන් වහන්සේගේ සුබාරංචිය ප්‍රකාශ කරන්න.


හෝ

සාමයෙන් යන්න. ඔබගේ ජීවිතයෙන් සමිඳාණන් වහන්සේ මහිමයට පත් කරන්න.


හෝ

යන්න, සාමය රැගෙන යන්න