හද බැති තුති මල් පොකුරු තිලිණ කොට
පුදදෙමු ඔබ හට දෙව් සමිදේ
මෙතෙක් ගෙවී ගිය අපේ දිවිය තුළ
ලැබූ දීමනා සමරමිනේ //
ඔබේ වචනයෙන් ඔබේම දහමෙන්
අපේ දිවිය සරු වී වැඩුණේ
ඔබේ බැල්ම තුළ රැකවරණය තුළ
අපේ ගමන නිසි මං ගැනුණේ //
නිමක් නොමැති ආදර කරුණාවේ
උණුසුම ඔබගෙන් අප ලැබුවේ
සොයුරු පෙමේ රන් දමින් වෙළෙන්නට
දෙන්නැ වරම් නිරතුරු සමිඳේ //
ම්නිස් ශ්‍රමය පිලිබිඹු කර දක්වන
පූපය මිදියුෂ ඔබට පිදේ
නව ජීවනයට අප ඔසොවන්නට
දිවමන් සමිඳුන් සිරුර ලැබේ //
ලොවේ පාප අඳුර නසන
සුර එළියෙන් ලොව පුබුදන
අජ බාලක ජේසු සමිඳුනේ
අප වෙත ඔබෙ කරුණා සිත
යොමු කරනු මැනේ
ලොවේ පාප අඳුර නසන
සුර එළියෙන් ලොව පුබුදන
අජ බාලක ජේසු සමිඳුනේ
අප වෙත ඔබෙ කරුණා සිත
යොමු කරනු මැනේ
ලොවේ පාප අඳුර නසන
සුර එළියෙන් ලොව පුබුදන
අජ බාලක ජේසු සමිඳුනේ
අප වෙත ඔබෙ සුර සාමය
නිතින දෙනු මැනේ
මා මව්නී අති ප්‍රේමනීය
මේ ලෝකේ මගේ ආධාර
ශෝකේ මා නිති සන්තෝෂය
යාක්ච්නාවේ මව සුන්දර
ම යක්ච්නා අසනු දයාවෙන්
මා මව්නී සිට ස්වර්ගයෙන්
ආරක්ෂා කරනු පාපයෙන්
මා මුදා සැ ම ශෝකයෙන්
අන්ධ වූ අප ආලෝකය
දුර්වල අප ආධාර
පාපිවූ අපගේ පිහිටය
මා මව්නි අති පෙම්බර