උපදේශන යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න නිසි ලෙස අවබෝධ කරගත යුතුය. මනුෂ්‍ය චර්යාව වෙනස් කර ගැනීමේ අරමුණින් එය විශ්ලේෂණය කිරීමට සහ තේරුම් ගැනීමට මනෝවිද්‍යාත්මක මූලධර්ම භාවිත කිරීම උපදේශනයයි. එය ජීවිතය පුරා පැනනඟින විවිධ තීරණාත්මක, එසේම වැදගත් අවස්ථාවන්ට මුහුණදීමේ හැකියාව සහ ශක්තිය වර්ධනය කරගැනීමට සහායවන ක්‍රියාවලියකි. මෙම ක්‍රියාවලිය වර්තමාන තත්ත්වය දක්වා වර්ධනය වීමට දශක නවයක් පමණ ගතවූ අතර සායනික මනෝවිද්‍යාව, දර්ශනය, අවප්‍රමාණ මනෝවිද්‍යාව වැනි විෂයන්ගේ සංවර්ධනයද බෙහෙවින් බලපෑවේය
අපට උපදේශනය අවශ්‍ය වන්නේ ඇයි?
අතීතයේ තිබූ සරල ජීවන රටාව බොහෝ වෙනස්කම්වලට ලක්ව තියෙනවා. අප රට තුළ සිදුවූ සමාජ ආර්ථික පෙරළිය මිනිසා තුළ මානසික ගැටලු සහ මානසික රෝගාබාධ රැසක් නිර්මාණය කර තිබෙනවා. විවිධ හේතුන් නිසා නූතන සමාජයේ වෙසෙන බොහෝ පුද්ගලයන් මානසික රෝගීන් බවට පත්ව තිබෙනවා. ආතතිය, ක්ලමතය, විශාදය ආදී මානසික රෝග බොහොමයකින් ඔවුන් පීඩා විඳින අතර ඇතැමුන් මානසික ගැටුම් සහ මානසික ගැටලු නිසා සෞඛ්‍ය පිරිහී ගිය තත්ත්වයකට ලක්ව සිටිනවා. පාසල් ළමුන් ප්‍රසිද්ධියේ ම කරනු ලබන ප්රචණ්ඩ කි‍්‍රයා විශ්ව විද්‍යාල සිසුන්ගේ නොයෙකුත් ගැටුම් ආදිය මීට නිදසුන් වශයෙන් දක්වන්න පුළුවන්. මෙසේ ඇති වී තිබෙන සමාජ පරිහානිය පුද්ගලයා සහ සමාජය කෙරේ බලපානු ලබන්නේ ඉතාමත් අහිතකර ආකාරයකින්. එහෙයින් සමාජ අසහනය තුරන් කරලීමට නිසි ක්‍රමවේදයක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. මනෝ විද්‍යාත්මක උපදේශනය තුළින් සිදු කරනු ලබන්නේ එම කි‍්‍රයාවලියයි. තමාට ගැටලුවක් පැන නැඟුන විට ඇතිවන සිත් තැවුල සහ අයහපත් මානසික සෞඛ්‍ය තත්ත්වය නිසා එය විසඳ්‍රගන්නා ආකාරය පිළිබඳ පුද්ගලයාට එතරම් වැටහීමක් ඇතිවන්නේ නැහැ. එබැවින් තමන්ට කුමනාකාරයේ ගැටලුවක් තිබුණ ද එය විසඳ්‍රගැනීම සඳහා ඔබ විධිමත් උපදේශනයකට යොමුවීම ඉතා වැදගත් කරුණක්.