Song Title - Dewliye (දෙවිලියේ )
Artist Name - Kawinda Kawshalya Bandara
Author Name - Rukshan Tharindu
Song Title - Dewliye (දෙවිලියේ )
Artist Name - Kawinda Kawshalya Bandara
Author Name - Rukshan Tharindu
Date of issue - 2023 / 03 /14
Lyrics -
Title දෙවිලියේ
හසරැලි කඳුලක පොඟවා තෙමිලා නැහැවිලා..........
සුළඟේ නෑසුනිදෝ සුසුමන් කී වේදනා.......
ප්‍රේමයේ නිම් සොයා යමු කියා.......
කී නුඹෙ නෙතු සදා පියවිලා //
පෙර වගේ නෙත් සළා නුඹ සිනාසේවි නම්.....
ආදරේ කෑගසා නුඹෙ නමින් ගයමි මා......
රැය ගෙවෙයි මතකයේ.....
සිර වෙලා තනිවෙලා....
නෙතු ගොළුයි ඒ වුණත්....
ලස්සනයි තව ඔයා.....
දෙව්ලියේ......
නුඹ දුටු මල් මාවත ලඟ හිඳලා.....
මන්දාරම් හවසක මග බැලුවා.....
සුරඟන ලොව කොහෙ හෝ නුඹ ඉඳලා....
හිනැහෙවී යැයි මා දෙස බලලා....
නුඹ මා අද දෙලොවක තනිවීලා....
කඳුලක සිසිලස මට හුරු කෙරුවා....
පෙම් කවියක මුලකුරු නුඹ ලියලා....
නැවතුම් තිත නොතියා යළි හැරුණා....
පෙර වගේ නෙත් සළා නුඹ සිනාසෙවි නම්.....
ආදරෙ කෑගසා නුඹෙ නමින් ගයමි මා.....
තරු පවා සඳ වටා නැළ වෙනා......
නුඹෙ සිනා හද පුරා රැව්දෙනා.....
2023 / 03 / 13
1.41am
~ රුක්ෂාන් ~
Your review is very important to me for my future works. Please take a minute of your precious time to review the song written for you.
Last date to accept lyrics editing - 2023 /03/21