මගේ අංකය-CPC/UCN/01/05/2023
නාවලපිටිය නගර සභාව,
නාවලපිටිය.
2023-01-31
ගරු සභාපතිතුමා/ලේකම්තුමා,
නාවලපිටිය නගර සභාව.
aBYn#wr ìgNn pøk#SN vzöwzv - 2023 පළමු කාර්තුව (ජනවාරි)
ආදායම් අංශය.
Ø ජයතිලක ක්‍රිඩාංගන සංකිර්ණය
නාවලපිටිය ජයතිලක ක්‍රීඩා සංකිර්ණයේ පහසුකම් ලබා දිමේ ගාස්තු අය කිරීම් පිළිබද පරීක්ෂා කිරිමේ දී පහත පරිදි හිග මුදල් අයකර ගැනීමට පවතින බව අනාවරණය විය.
2019 වර්ෂයේ පැවති දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලට අදාළව ක්‍රීඩා අධ්යක්ෂ,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව,කොළඹ 07 නමින් රු.980640.00ක හිග මුදලක් අයවීමට ඇත.
2021 වර්ෂයේ නාවලපිටිය Up Country Lions ක්‍රීඩා සමාජයට ක්‍රිඩාංගන පහසුකම් සැලසීමේ දී රු.266100.00ක හිග මුදලක් අයවීමට ඇත.
2022 වර්ෂයේ පාසැල් ජුඩෝ හා බොක්සිං තරඟ පැවැත්වීමට අදාලව පළාත් පාලන අධ්යක්ෂ(මුදල්),පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව,මහනුවර නමින් රු.20500.00 ක හිග මුදලක් අයවීමට ඇත.
නිර්දේශ.
01. පවතින හිග මුදල් කඩිනමින් අයකර ගැනීම සදහා වගකිව යුතු පාර්ශව වෙත විධිමත්ව දැනුම් දීම සිදු කල යුතු අතරම හිග මුදල් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කල යුතුයි.
අභ්‍යන්තර විගණන නිලධාරි,
එච්.ජි.එන්.එස්.බි. හරංගල.
මගේ අංකය-CPC/UCN/01/05/2023
නාවලපිටිය නගර සභාව,
නාවලපිටිය.
2023-02-24
ගරු සභාපතිතුමා/ලේකම්තුමා,
නාවලපිටිය නගර සභාව.
aBYn#wr ìgNn pøk#SN vzöwzv
ගිණුම් අංශය
Ø ගෙවිම් වවුචර් පරික්ෂා කිරීම- 2022 -සැප්තැම්බර්
2022 වර්ෂයේ අවසන් කාර්තුවේ සැප්තැම්බර් මස ගෙවිම් වවුචර් පරීක්ෂා කිරිමේ දී හදුනාගත් අඩුපාඩු පහත පරිදි ඉදිරිපත් කරමි.
වවුචර් අංකය
දිනය
අඩුපාඩු පිළිබද විස්තරය
1396
2022.09.14
ගෙවිම් ලබන්නා අත්සන් තබා නොමැත.(මුද්දරය මත)
1390
2022.09.13
ගෙවිම් සදහා ඉල්ලිම් ලිපියේ අනුමැතිය සදහා ලේකම්/සභාපතිතුමාගේ අත්සන් තබා නොමැත.
1389
2022.09.13
ගෙවිම් සදහා ඉල්ලිම් ලිපියේ අනුමැතිය සදහා ලේකම්/සභාපතිතුමාගේ අත්සන් තබා නොමැත.
1388
2022.09.13
ගෙවිම් සදහා ඉල්ලිම් ලිපියේ අනුමැතිය සදහා ලේකම්/සභාපතිතුමාගේ අත්සන් තබා නොමැත.
1371
2022.09.08
වාහන සේවා කිරීම සදහා ඉල්ලිම් ලිපියේ අනුමැතිය සදහා සභාපතිතුමාගේ අත්සන් තබා නොමැත.
1370
2022.09.08
වාහන සේවා කිරීම සදහා ඉල්ලිම් ලිපියේ අනුමැතිය සදහා සභාපතිතුමාගේ අත්සන් තබා නොමැත.
1368
2022.09.08
වාහන සේවා කිරීම සදහා ඉල්ලිම් ලිපියේ අනුමැතිය සදහා ලේකම්/සභාපතිතුමාගේ අත්සන් තබා නොමැත.
1367
2022.09.08
වාහන සේවා කිරීම සදහා ඉල්ලිම් ලිපියේ අනුමැතිය සදහා ලේකම්/සභාපතිතුමාගේ අත්සන් තබා නොමැත.
1366
2022.09.08
වාහන සේවා කිරීම සදහා ඉල්ලිම් ලිපියේ අනුමැතිය සදහා ලේකම්/සභාපතිතුමාගේ අත්සන් තබා නොමැත.
1359
2022.09.07
ත්‍රි රෝද රථය කුලියට ලබා ගැනීම සදහා කල ඉල්ලීම් ලිපියේ අනුමැතිය නොමැත.
1354
2022.09.07
සභික දුරකථන දිමනා ගෙවිමේ ඉල්ලිම් ලිපියේ අනුමැතිය ලාබාගෙන නොමැත.
1353
2022.09.07
සභික දිමනා ගෙවිමේ ඉල්ලිම් ලිපියේ අනුමැතිය ලාබාගෙන නොමැත.
1347
2022.09.06
ටි. චන්ද්‍රිකාද සිල්වා මිය පුස්තකාලාධිපති තනතුරේ රාජකාරි ආවරණය කිරිමේ දිමනා ගෙවිමට ඉල්ලිමේ ලිපියේ අනුමැතිය ලබාගෙන නොමැත.
1345
2022.09.06
ඒ.වි. හංසනි කාවින්ද්‍යා මෙනවියගේ ප්‍රායෝගික පුහුණු දීමනා ගෙවිමේ ඉල්ලීම් ලිපියේ අනුමැතිය ලබාගෙන නොමැත.
1341
2022.09.06
ගෙවිම් ලබන්නා අත්සන් තබා නොමැත.(මුද්දරය මත)
1317
2022.09.01
රැදවුම් මුදල් නිදහස් කිරිමට ඉල්ලිම් ලිපියේ අනුමැතිය ලබා නොමැත.
(අඹගමුව මුස්ලිම් සොහනට යන මාර්ගයේ කාණුව හා පදික වේදිකාව ඉදිකිරිම)
නිර්දේශ.
01. ගෙවිම් සිදු කිරිමට පෙර ඉදිරිපත්කර ඇති ඉල්ලිම් ලිපිවල නියමිත අනුමැතිය ලබා ගත යුතු අතර ගෙවිම් සිදු කිරිමේදි ගෙවිම් ලබන්නාගේ අත්සන විධිමත්ව ලබාගත යුතුය.
අභ්‍යන්තර විගණන නිලධාරි,
එච්.ජි.එන්.එස්.බි. හරංගල.
මගේ අංකය-CPC/UCN/01/05/2023
නාවලපිටිය නගර සභාව,
නාවලපිටිය.
2023-05-31
ලේකම්/පරිපාලන නිලධාරි,
නාවලපිටිය නගර සභාව.
aBYn#wr ìgNn pøk#SN vzöwzv
සංවර්ධන අංශය.
Ø ඉඹුල්පිටිය ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබන ඉඩම පවරා ගැනීමේ කටයුතු සිදු කිරීම
නාවලපිටිය නගර සභාවේ හා පස්බාගේ කොරලේ ප්‍රාදේශිය සභාවේ කසල කළමනාකරණය කිරිමේ මධ්‍යස්ථානය වශයෙන් පවත්වාගෙන යනු ලබන ඉඹුල්පිටිය වත්ත ඉඩමෙහි අක්කර 05ක් නාවලපිටිය නගර සභාවට පවරා ගැනීමට අදාල කටයුතු කරගෙන ගොස් ඇත. මෙහිදි 2011/07/15 දින අදාල ඉඩමේ පිඹුරු අංක 1086 හි කැබලි අංක 01 (අක්.05) සදහා තක්සේරු අත්තිකාරම් මුදල් ලෙස රු.200000/-ක මුදලක් 2011.07.13 දින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මහනුවර කාර්යාලය වෙත LRC/1 No 260508 කුවිතාන්සිය මගින් ගෙවා ඇත. ඒ අනුව අදාල ඉඩම සදහා ගෙවිය යුතු තක්සේරු මුදල ලබා ලෙද ලෙස අධ්යක්ෂ/ඉඩම් පැවරීම,ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව,කොළඹ 07 වෙත ඉල්ලීම සිදුකර ඇතත් මේ දක්වා එම කටයුතු අවසන් වී නොමැත.අදාල ඉඩම් කොටසට අමතරව තවත් අක්කර 05ක ඉඩම් කොටසක් කසල කළමණාකරණය සදහා ලබා දෙන ලෙසත් ඉල්ලීම් සිදුකර ඇත.
අදාල ලිපිගොනුව 2020 වර්ෂයෙන් පසු යාවත් කාලීන වී නොමැති අතර කඩිනමින් අදාල ආයතන වෙත ඉඩම පවරා ගැනීම සදහා ඉල්ලීම් සිදුකර ඉඩම පවරා ගැනීමේ කටයුතු කඩිනමින් සිදු කල යුතු බව කාරුණිකව වාර්තා කරමි.
අභ්‍යන්තර විගණන නිලධාරි,
එච්.ජි.එන්.එස්.බි. හරංගල.
මගේ අංකය-CPC/UCN/01/05/2023
නාවලපිටිය නගර සභාව,
නාවලපිටිය.
2023-06-14
ලේකම්/පරිපාලන නිලධාරි,
නාවලපිටිය නගර සභාව.
aBYn#wr ìgNn pøk#SN vzöwzv
සංවර්ධන අංශය.
Ø ගලි රථයේ ආදායම් බලපත්‍රය ලබා නොගැනීම.
නාවලපිටිය නගර සභාවට අයත් ගලි බවුසරය 2019 වර්ෂයේ අලුත් වැඩියා කටයුත්තක් සදහා යොමුකර නැවත 2022 වර්ෂයේ මාර්තු මස සභාවට රැගෙන විත් තිබෙන අතර එම රථයේ ආදායම් බලපත්‍රය 2020 වර්ෂයෙන් පසු ලබාගෙන නොමැත. එම රථයේ අදායම් බලපත්‍රය කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකල යුතු බවත් අදායම් බලපත්‍රය ලබා ගන්නා තුරු සේවා සැපයිමේ කටයුතු සදහා එම වාහනය යොදා ගැනීම නුසුදුසු බවත් කාරුණිකව වාර්තා කරමී.
Ø 52-6572 අංක දරණ කැබ් රථයේ අයිතිය සභාවට පවරා ගැනීම
ඉහත අංක දරණ රථය මධ්‍යම පළාත ප්‍රධාන ලේකම් මගින් සභාවට ලබා දී ඇති අතර එහි අයිතිය සභාව නමට ලබා ගැනීමේ කටයුතු කඩිනමින් සිදුකල යුතු බව කාරුණිකව වාර්තා කරමී.
අභ්‍යන්තර විගණන නිලධාරි,
එච්.ජි.එන්.එස්.බි. හරංගල.
මගේ අංකය-CPC/UCN/01/05/2023
නාවලපිටිය නගර සභාව,
නාවලපිටිය.
2023-07-04
ලේකම්/පරිපාලන නිලධාරි,
නාවලපිටිය නගර සභාව.
aBYn#wr ìgNn pøk#SN vzöwzv
ගිණුම් අංශය.
Ø තැන්පත් ලේඛනය.
තැන්පත් ලේඛනයේ මාස 06ට වැඩි තැන්පත් තිබෙන බව නිරික්ෂණය විය.
නිර්දේශ.
01. මාස 06ට වැඩි තැන්පත් අදාල පාර්ශව වෙත නිදහස් කිරිම හෝ විධිමත්ව ආදායමට ගැනීම සිදුකල යුතුය.
Ø සේවක ණය ලේඛනය
සේවක ණය ලේඛනයේ පහත පරිදි ණය ශේෂයන් අයකර ගැනීමට තිබෙන බව නිරීක්ෂණය විය.
නිර්දේශ.
01. ණය ලිපි ගොනු පරික්ෂාකර ඇප කරුවන්ගෙන් ණය අයකර ගැනීමට පියවර ගත යුතුය.
02. ස්ථාන මාරු ලබා ඇති නිලධාරින්ගේ ණය ශේෂයන් ගෙන්වා ගැනීමට පියවර ගත යුතුය.
නිලධාරියාගේ නම
තනතුර
අයවීමට ඇති ශේෂය රු.
01. ඩබ්.ජී.ඩී. ද සිල්වා
----
203,882.00
02. එස්.කේ.බී.එම්.අභයසිරි
වැඩ අධිකාරී
828.00
03. එම්.එස්.අබේරත්න
මහජන සෞඛ්‍ය පරීක්ෂක
6,563.00
04. එම්.ටී.එන්.ගුණවර්ධන
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී
109.70
05. ඩබ්.යූ.ජේ.අත්තනායක
කළමණාකරන සහකාර
232,030.00
06. ආර්.එම්.ඒ.යූ.රත්නායක
කළමණාකරන සහකාර
197,792.00
07. ඒ.එම්.කේ.පී.බණ්ඩාර
තාක්ෂණ නිලධාරී
52,096.00
08. එම්.ධර්මලිංගම්
22,496.00
09. එම්.බාලක්‍රිෂ්ණන්
2,825.57
10. ඒ. සෙල්වරාජ්
2,950.00
11. එම්.ධර්මලිංගම්
සෞඛ්‍ය කම්කරු
22,496.00
12. එම්.බාලක්‍රිෂ්ණන්
සෞඛ්‍ය කම්කරු
2,825.57
13. ඒ. සෙල්වරාජ්
සෞඛ්‍ය කම්කරු
2,950.00
14. එම්. කාමිල්
මුරකරු
53,821.13
15. ඒ. අමරාවතී
සෞඛ්‍ය කම්කරු
1,750.00
16. කේ. එම්.සුමනසිරි
මුරකරු
10,971.13
17. එම්. සුදර්ශන
1,214.23
18. බී. ඒ. සුනිල් ප්‍රියදර්ශන
සෞඛ්‍ය කම්කරු
6,667.79
19. ඩී. එස්. පී.ලලිත් කුමාර
වාහන පිරිසිදු කරන්නා
13,131.12
20. ජී. එම්. එස්.හුසේන්
5,250.00
21. එම්. රාෆීස්
මුරකරු
1,750.00
22. ඉමේෂා දිල්හානි
පෙර පාසල් පාලිකා
1,100.00
23. ඒ. තම්බිරාජා
සෞඛ්‍ය කම්කරු
3000.14
24. පී. එස්.ආරුමුගම්
සෞඛ්‍ය කම්කරු
8,600.00
25. ටී. දේවරාජ්
සෞඛ්‍ය කම්කරු
10,000.00
26. සරත් ඒකනායක
සෞඛ්‍ය කම්කරු
2,900.00
27. එම්. ඒ. සී.ප්‍රියංකර
සෞඛ්‍ය කම්කරු
4,500.00
28. වී. ගනේෂන්
1,500.00
29. බී. එම්.නවුෆර්
කර්මාන්තකම්කරු
186.78
30. කේ. පී. යානුක අචින්ත
සෞඛ්‍ය කම්කරු
11,150.00
31. ටී.කේ.ජනක
සෞඛ්‍ය කම්කරු
1,250.00
32. කේ.මුරුගන්
සෞඛ්‍ය කම්කරු
141,498.00
33. ටී.කේ.සුජිත් ප්‍රදීප් කුමාර
සෞඛ්‍ය කම්කරු
141,050.00
34. ටී.කේ.ජනකප්රදීප්
සෞඛ්‍ය කම්කරු
6,200.00
35. ඒ. ජී. රූබිකාන්ත
රථ වාහන පාලිකා
28,203.25
36. එන්. පී.ධර්මදාස
සෞඛ්‍ය කම්කරු
3,488.00
37. ඒ. ආර්.සුබර්දින්
ක්රිඩාභූමි කම්කරු
14,012.00
38. ඩබ්. ඒ.ප්‍රේමදාස
ක්රිඩාභූමි කම්කරු
2,477.20
39. ඒ. මුනියන්ඩි
සෞඛ්‍ය කම්කරු
400.00
40. එම්. මුරුගයියා
සෞඛ්‍ය කම්කරු
2,383.00
41. ඊ. ආනන්ද වනිගදේව
ලිපිකරු
4,497.00
42. එච්. ඒ. ජී.කුමාරගේ
ආයුර්වේද වෛද්‍ය නිලධාරී
3,824.00
43. ජේ. පෙරියන්
885.00
44. ඒ. ජී. නන්දනී
රථ වාහන පාලිකා
1,272.50
45. ආර්. ජී. මාලනී
සෞඛ්‍ය කම්කරු
44,067.00
46. එම්. ජී.ඥානදාස
සෞඛ්‍ය කම්කරු
62,815.00
47. යූ.සුගතපාල
සෞඛ්‍ය කම්කරු
69,328.00
48. ඩී.ජී. සෝමාවති
සෞඛ්‍ය කම්කරු
101,857.00
එකතුව
1,516,843.11
ආදායම් අංශය
Ø රථ වාහන නවතා තැබිමේ ගාස්තු අය කිරීම.
රථ වාහන නවතා තැබිමේ හිග මුදල් අයකර ගැනීම සදහා දැනුවත් කිරිමේ වැඩසටහනක් සිදුකර තිබුණු අතර ඒ අනුව හිග මුදල් ගෙවිම සදහා ලබා දී තිබු සහන කාලය අවසන් බැවින් හිග මුදල් අයකර ගැනීමට නීතිමය පියවර ගත යුතුය. එමෙන්ම සභාවේ රථ ගාල් තුල ලියාපදිංචි වී ඇති රථ සම්බන්ධව තොරතුරු විධිමත්ව නොමැති බව නිරීක්ෂණය විය.
නිර්දේශ.
01. මේ දක්වා ගෙවිම් සිදුකර නොමැති අය සදහා නිතීමය කටයුතු සිදුකර හිග මුදල් අයකර ගැනීම සිදුකල යුතුය.
02. එක් එක් රථය පිළිබදව හා අයිතිය පිළිබදව තොරතුරු ඇතුළත් ලිපි ගොනු රථගාල් අනුව සකස් කර විධිමත්ව තොරතුරු තබා ගැනීමට පියවර ගත යුතුය.
අභ්‍යන්තර විගණන නිලධාරි,
එච්.ජි.එන්.එස්.බි. හරංගල.
මගේ අංකය-CPC/UCN/01/05/2023
නාවලපිටිය නගර සභාව,
නාවලපිටිය.
2023-09-11
ලේකම්/පරිපාලන නිලධාරි,
නාවලපිටිය නගර සභාව.
aBYn#wr ìgNn pøk#SN vzöwzv
නගර සභා පෙර පාසල - ජයතිකලක ක්‍රීඩාංගනය
Ø 2023- අගොස්තු මස ජල බිල්පත සම්බන්ධවයි.
ජයතිලක ක්‍රීඩාංගනයේ පිහිටා ඇති නගර සභා පෙර පාසලේ 2023 වර්ෂයේ අගෝස්තු මස ජල බිල්පත අනුව රු.97711.67 ක් ජල පාරිභෝජනය සදහා ගෙවීමට සිදුව ඇත.මාසිකව රු.2000/-ට ආසන්න අගයක් ගනු ලබන ජල බිල්පත අසාමන්‍ය ලෙස වැඩි වී තිබීම පිළිබදව පෙර පාසල් භාර පාලිකාවන්ගෙන් විමසීම සුදුසු අතර කාර්මික නිලධාරි මගින් මේ පිළිබද වාර්තාවක් හා පරික්ෂා කිරීමක් සිදු කිරීම සුදුසු බව කාරුණිකව වාර්තා කරමී.
අභ්‍යන්තර විගණන නිලධාරි,
එච්.ජි.එන්.එස්.බි. හරංගල.
මගේ අංකය-CPC/UCN/01/05/2023
නාවලපිටිය නගර සභාව,
නාවලපිටිය.
2023-10-27
ලේකම්/පරිපාලන නිලධාරි,
නාවලපිටිය නගර සභාව.
aBYn#wr ìgNn pøk#SN vzöwzv
Ø පෞද්ගලික ලිපි ගොනු පරීක්ෂාව
නගර සභාවේ කනිෂ්ඨ සේවක ලිපි ගොනු පරික්ෂා කිරිමේදි වෛද්‍ය වාර්තා ලබා නොගෙන සේවයේ ස්ථිරකර ඇති ලිපි ගොනු නිරීක්ෂණය වු අතර එම ලිපි ගොනුවල අඩුපාඩු කඩිනමින් සකස්කර ගැනීමට කටයුතු කල යුතුය.
Ø ජයතිලක ක්‍රීඩාංගනය
ජයතිලක ක්‍රීඩාංගනයේ පිහිටා ඇති කාය වර්ධන මධ්‍යස්ථානයේ ව්‍යායාම් උපකරණ විශාල ප්‍රමාණයක් මේ වන විට අලුත් වැඩියා කල යුතු මට්ටමේ පවතින බව නිරීක්ෂණය විය. මේ හේතුවෙන් කාය වර්ධන මධ්‍යස්ථානයට පැමිණෙන සාමාජික පිරිස අඩු වී ඇත. කාය වර්ධන මධ්‍යස්ථානයට පැමිණෙන සාමාජික පිරිස වැඩිකර ගැනීම සදහා අලුත් වැඩියාකල හැකි උපකරණ අලුත් වැඩියා කර නවීන ව්‍යායාම් උපකරණ මිළදි ගැනීම සිදුකල යුතුය.
එමෙන්ම නේවාසිකාගාරයේ බිම් මහලේ ගොඩගසා තිබෙන අබලි ගොඩනැගිලි උපකරණ අනෙකුත් ද්‍රව්‍ය භාන්ඩ සමීක්ෂණය සදහා ඉදිරිපත්කර වෙන්දේසි කිරීම හෝ සුදුසු ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කල යුතු බව කාරුණිකව වාර්තා කරමි.
Ø වරිපනම් තක්සේරු ලේඛන පරීක්ෂා කිරීම.
වරිපනම් තක්සේරු ලේඛන පරීක්ෂා කිරිමේ දි නව වරිපනම් අංක ඇතුළත්කරීම හා විධිමත්ව අනුමත වෙනස්කම් සිදු කිරීමේ දී විෂය නිලධාරි හා ආයතන ප්රධානිගේ අත්සන තැබීම සිදුකල යුතු බව පෙන්වා දෙන අතරම පැන්සලෙන් ඇතුළත්කර ඇති වරිපනම් අංක නිරීක්ෂණය වු බැවින් එවි කඩිනමින් විධිමත්කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකල යුතුය.
Ø තොග ගබඩාව පරීක්ෂාව.
ගබඩාව මගින් නිකුත් කරනු ලබන උප පත්‍රිකා නිකුත් කිරීමේදි නිකුත් කර ඇති උපපත්රිකා නැවත භාර නොගෙන නිකුත් කර ඇති අවස්ථා නිරීක්ෂණය වු බැවින් එම උප පත්‍රිකා කඩිනමින් ගබඩාවට ලබා ගැනීමට කටයුතු කල යුතුය. ගබඩාවෙහි ප්‍රධාන දොරටුව අලුත් වැඩියාකල යුතු මට්ටමේ පවතින බැවින් එය කඩිනමින් අලුත් වැඩියා කිරීමට කටයුතු කල යුතුය.
අභ්‍යන්තර විගණන නිලධාරි,
එච්.ජි.එන්.එස්.බි. හරංගල.