ශ්ලේස්මක ජ්වරය (influenza) සහ කොරෝනා
සුශ්‍රැත සංහිතාව.. එක්ව හැසිරීම ස්පර්ෂය නි:ශ්වාස වාතය එක්ව ආහාර ගැනීම ආදී කරුණු නිසා මිනිසෙකුගෙන් මිනිසෙකුට බෝවන රෝග සමුදායක් පෙන්වා දී ඇත. අධර්මය හේතුවෙන් වායුගෝලය දූශිත වීමද ඒ තුළින් ජනපද ශූණ්‍ය වන වසංගත රෝග සම්බන්ධව විස්තරක් චරක සංහීතාව පෙන්වයි. බෞද්ධ සාහිත්‍ය තුළ විශාලා මහනුවර අමුසොහොනක් බවට පත්කළ අහිවාතක රෝගයද ජනපදෝධ්වංශික රෝගයකි.
එය ඉතිහාසයේ පැරණිතම වාර්තාව ලෙස දැක්විය හැකිය.
සිරිසග බෝ රජු සමයේදී ඇස් රතුවී ජ්වරය ප්‍රධාන කොටගත් රක්තාක්ෂමාරක නම් වූ රෝගයකින් ලක්වැසි ජනයා දාස්ගණනින් මිය ගොස් ජනපද ශූණ්‍ය වූ බව අත්තනගලුවංශය සදහන් කරයි.
ප්‍රතිශ්‍යාව සහිත උණ ප්‍රධාන ලක්ෂණය කරගත් දින 2-3 ට සීමාවූ තුන්දා උණ වසංගතයක් සම්බන්ධවද වාර්තා දක්නට ඇත.
ලෝක ඉතිහාසය තුළ බරලතලතම influenza වසංගතය පැතිරී ඇත්තේ 1918-1919 වර්ෂවල දීය. ඊට ප්‍රථමද මෙවැනි තත්ත්වන් ඇති වී තිබූ බව ශ්‍රී ගණාථසේන පඩිතුමා පවසා ඇත. 1892 වර්ෂයේ දී Pfeiffer නම් විද්‍යඥයා මෙම වසංගතයේ ජීවානුව සොයාගත් බව දක්වයි. 1918 වර්ෂයේදී මිනිස් ජීවිත දෙකෝටි දස ලක්ෂයක් (21000000) බිළිගත් උණ වසංගතය ලොව පුරා පැතිරී ඇත. පලමු ලෝක සංග්‍රාමයට වඩා මෙය බරපතල වී ඇත. මිනිසුන් පමණක් නොව සතුන් පවා මීට ගොදුරු වූ බව දක්වයි. 1918 අග සහ 1919 මුල් මාස වල ලංකාව පුරාද මෙම වසංගතය පැතිරී ගොස් ඇත. එහිදී මැවැල්ලේ වෛද්යාචාර්ය තුමා සාර්ථක ප්‍රතිකාර පද්ධතියකින් රෝගීන් සුවකළ බව දක්වයි.
වායුගොලයේ පාවෙන වායුවාහික ජීවාණුව (virus) මෙම වසංගතයට හේතුවන බව බටහිර වෛද්‍ය විද්‍යාව සොයාගෙන ඇති අතර එය ආශ්වාස වාතය මගින් නාසා මගින් ද මුඛ මගින් ද ශරීරගත වේ. 1918 ,1919 වසංගත ත්ත්වයේ බරලතල කම නිසා රෝගකාරකය සොයා පර්යේෂණ කිරීමෙන් පොදු ප්‍රතිශ්‍යාව බෝ කරන (common cold virus) ජීවාණු හා විශේෂ වු රෝග බෝ කරන A,B,C යන ජීවාණු සෝයාගෙන ඇත. වසර තුන හතරකට වරක් මෙවැනි වර්ගයේ ජීවාණු නිසා වසංගත තත්ත්වයන් පැතිරී යන බවට තොරතුරු ඇත.
1957 පෙබරවාරී මාසයේ චීනයෙන් ආරම්භ වූ ආසියාතික තුන්දා උණයැයි වසංගතයක් (Asian influenza) මැයි මස මැද භාගයේදී ඇමරිකාව ද ලංකාව ආදී පෙරදිග රටවලට ද පැතිරී ගොස් ඇත. එම තත්ත්වය ලංකාවේ කොරියන් ප්ලූ ,චීන උණ, මලයා උණ ආදී නම් භාවිතා කර ඇතත් එය චීනයෙන් ආරම්භ වූ තත්ත්වයකි. මෙම රෝග ත්ත්තයවන් සදහා කාළගුණ හා සෘතු විපර්යාසයන්ද සෘජුව බලපා ඇති බවට තොරතුරු ඇත.
නිධාන හා රෝග ලක්ෂණ වල තොරතුරු අනූව පැතිරෙන සෑම වාරයකම එක හා සමාන රෝග ලක්ෂණ නොපෙන්වා ඇත. සිරුරේ අපහසුව හිසරදය අත්පා වල වේදනාව ආහාර අරුචිය වමනය මෙන්ම ජ්වරය (99°-101) දක්වා වර්ධනය වීම සිදුවේ. නාඩිය වේගවත් වීම, හා දහදිය දැමීම, සොටු දියර ගැලීම, පපුවේ වේදනාව හා කැස්ස මෙහිදී බහුලව දැකිය හැකිය. ජීවාණුව ශ්වාසනාලයට ඇතුලුවීමේන් පසුව ස්වර යන්ත්‍රය ශ්විස නාලිකා මෙන්ම එහි ශාඛානුශාඛා ද පෙනහළු ද අක්‍රාන්ත කරයි. ස්වර යන්ත්‍රය ප්‍රදාහය වීමෙන් සුළු කරදර කාරී කැස්ස ද සමහර රොගීන්ට නාසයේ ශ්ලේස්ම දරාව ඉදිමී නාසය ඇහිරී කටින් හුස්මගැනීමට පවා සිදුවේ. ඒ තුළින් උගුර වියලී කරදරකාරී කාසය හටගනී. වයස්ගත රෝගීන් ගැන මෙහිදී විශේෂ සැළක්ල්ලක් දක්වා ඇත. ඒ ඔවුන් හට බ්‍රොන්කෝ නියුමොනියාව හා පුප්පුස ප්‍රදාහයට (නියුමෝනියා) ගොදුරුවීම ඊට හේතුවයි.
වර්තමානය වන විට සමස්ථලෝක ප්‍රජාවට ප්‍රබල තර්ජනයක් බව චීනයෙන් ආරම්භ වූ කොව්ඩ් වෛරසය ආසාදිතයන් තුළ දක්නට ලැබෙන නිධාන හා රෝග ලක්ෂණ අතර සමාන බවක් දක්වයි. කාලානුරෑපීව භාවිතාවන නාමයන් වෙනස් වුවද එකම ස්වරූපයෙන් මෙම වසංගත තත්ත්වයන් නැවත නැවත මතුවීම සිදුවන බවක් පෙනේ.වර්තමානයේ ඇතිවී ඇති ජනපදදෝධ්වංසන තත්ත්වය හමුවේ ඉතිහාසයේ තොරතුරු ඉතා වැදගත් වේ.
ආර්.ඩී සෙනෙවිරත්න
ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී
සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය
නහර ගැට ගැසීමේ රෝගය සඳහා ආයුර්වේදීය සාර්ථක ප්‍රතිකාර ක්‍රම
නහර ගැට ගැසීමේ රෝගය සමාජයේ බහුලවම දක්නට ලැබෙන රෝගයකි .ආයුර්වේදීය වෛද්‍ය විද්‍යාවේ දී මෙය "ශිරා ග්‍රන්ථි ,සිරා ජාල "ලෙස හඳුන්වයි .මෙම රෝගී තත්ත්වය නිසා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම පීඩා විඳින අතර වයෝවෘද්ධ භාවයත් සමග ඉස්මතු වීම දක්නට ලැබෙන තත්වයකි .නමුත් යම් යම් හේතු මත ,යම්කිසි කාලසීමාවලදී ස්ත්‍රී පාර්ශවයට මෙය ඇතිවීමේ වැඩි නැඹුරුතාවයක් දැකිය හැක .විශේෂයෙන්ම ගර්භණී අවධිය මීට කදිම නිදසුනකි .මෙම තත්ත්වය නිසි පරිදි නිසි කාලයේ දී හඳුනාගත හොත් කාලයේදී හඳුනාගතහොත් සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝගයකි .
මෙම තත්ත්වය බහුලවම පාදවල සම මතුපිටින් දැකගත හැකි වුවද විශේෂයෙන් පහළට නැඹුරු වී ඇති අවයව වල ද මෙවැනි නෙරාඒම දැකගත හැක .මෙම තත්ත්වයේ බාහිරින් පෙනෙන සිරා ජාලවල මෙන්ම අභ්‍යන්තර රුධිර කේශනාලිකා වල ද ඇති විය හැක .
ශිරා ග්‍රන්ථි ඇතිවන ආකාරය
ශරීරයේ රුධිර සැපයීම සඳහා ප්‍රධාන නාල වර්ග දෙකක් වන අතර ධමනි හා ශිරා යනු එම නාල වර්ග වෙයි .ධමනි මඟින් ශරීරය පුරා පිරිසිදු රුධිරය බෙදා හරින අතර අපිරිසිදු රුධිරය හෘදය වස්තුව වෙත පිරිසිදු කිරීම සඳහා නැවත රැගෙන එනුයේ ශිරා මගිනි .මෙහිදී ධමනි සඳහා රුධිරය ගෙන යාමට හෘද වස්තුව මගින් සංකෝචන හා ප්‍රසාරණ තුළින් ඒ සඳහා උපකාර කළ ද ශිරා වලට එවැනි පීඩනයක් නොලැබේ .මෙහිදී සිරා වන ඇති කුඩා කපාට හා අවට මාංශපේශි වල ක්‍රියාකාරිත්වය මත පහල සිට ඉහලට රුධිරය ගෙන ඒම සිදුවේ .මේ ක්‍රියාවලිය සඳහා ශිරා වල බිත්ති වල ශක්තිමත් බව,කපාට වල ශක්තිමත් බව හා මාංශ පේශීන් මාංශපේශී නිසි ක්‍රියාකාරීත්වය උපකාරී වේ.
නමුත් ශිරා නාල වලට නිසි ලෙස පිරිසිදු කිරීමට රුධිරය ගෙන යාමේ අපහසුතා මත රුධිරය එම තැන එකතු වීම සිදුවේ .එවිට එතැන්හි අපිරිසිදු රුධිරයේ රැස්වීම වන අතර ධමනි මඟින් පිරිසිදු රුධිරය ගෙන ඒමද සිදු නොවේ .එවිට එම ස්ථාන දුර්වල වේ .ඒ අනුව ශිරා වල බිත්ති වල දුර්වලතාවය හෝ ශිරා වල වන කපාට දුර්වල තාවය හෝ අවට මාංශපේශි වල දුර්වලතාවය මත එම රැස් වූ රුධිරය ගැටයක් ලෙස පිටතට පෙනී ශිරා ග්‍රන්ථි හෙවත් නහර ගැට ගැසුණු ස්වරූපය බාහිරින් පෙනෙන්නට පටන් ගනී .
ශිරා ජාල ඇති වීමට හේතු
ශිරාවල රුධිරය ඉහළට ගෙන යාමට බාධා කරන සාධක මේ සඳහා ප්‍රධාන වේ .
1. අධික තරබාරු බව.
2. අධික වේලාවන්හි සිටගෙන සිටින අය
3. උදරය තුළ තුළ පහළ කොටස් වල වන අවරෝධතා
උදාහරණ
මල බද්ධය
ගර්භනී අවස්ථාව
4. ජානමය තත්ත්වය
සහජයෙන් ම ශිරා බිත්ති වල හෝ කපාට වල දුර්වලතා ඇතිවේ.
නහර ගැට ගැසීමේ රෝගී ලක්ෂණ
මුල් අවස්ථාවේදී මකූළුදැල ස්වරූපයෙන් (spider veins)සන්ධි ආශ්‍රිතව දක්නට ඇති අතර එවිට රෝගියාට තදබල අපහසු තාවයක් නොදැනේ .නමුත් කාලයත් සමග විවිධ අපහසුතා ඇති විය හැක .
1. පාදවල හිරි වැටීම හා දැවෙන බව
2. කෙන්ඩ වල වේදනාව
3. පාදවල වේදනාකාරී බව හා ඉදිමීම
4. පාදවල අවලක්ෂණ වීම හා දුර්වර්ණ වීම
5. තදබල ලෙස රුධිර ගැලීම
6. සුව නොවන තුවාලයක් පැවතීම
සුවිශේෂී ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම
බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව බොහෝ විට බොහෝ විට ශල්‍යකර්ම වලට යොමු වන අතර නමුත් එම තත්වය නැවත නැවත ඇතිවීම සිදුවේ .නමුත් ආයුර්වේදී ප්‍රතිකාර මඟින් 100% ඉතා සාර්ථකව සුව කළ හැකි බව සනාථ වී ඇත .ආයුර්වේදීයව රෝගයක් සඳහා ප්‍රතිකාර කිරීමට පෙර එහි සාධ්‍ය අසාධ්‍ය තාවය පිලිබඳ අවබෝධයක් ගත යුතුය.ඒ අනුව
1. සාධ්‍ය
2. කෘචජ සාධ්‍ය
3. අසාධ්‍ය
ලෙස අවස්ථා තුනක දී හඳුනා ගත හැක.
සාධ්‍ය යනු පහසුවෙන් සුව කළ හැකි මුල් අවස්ථාවයි .අපහසුවෙන් සුව කළ හැකි අවස්ථාව කෘචජ සාධ්‍ය අවස්ථාවයි .කාලය ගත ගතවීමත් සමඟ රෝගී තත්ත්වය වැඩි වී අසාධ්‍ය මට්ටමට පැමිණේ .එම නිසා ප්‍රතිකාර කිරීම අවස්ථානුකූලව හඳුනාගැනීම ආයුර්වේදීය වෛද්‍යවරයා විසින් සිදුකල යුත්තකි .
ප්‍රතිකාර කිරීම ආකාර දෙකකි .
1. ඖෂධීය ප්‍රතිකාර
2. ශල්යජ ප්‍රතිකාර
ඖෂධීය ප්‍රතිකාරවලදී රෝගියාට අභ්‍යන්තරව පිත් සමන ,රක්ත ශෝධන ,ඉදිමුම් හර ඖෂධ සුදුසුකම්ලත් දක්ෂ වෛද්‍යවරයා විසින් ලබාදෙයි .
ශල්යජ ප්‍රතිකාර වල දී' ' රක්ත මෝක්ෂණය' ප්‍රධාන ප්‍රතිකාර ක්‍රමයක් වන අතර එය එක්තරා අවස්ථාවකදී පමණක් භාවිතා කරයි .ආයුර්වේදීයව පිත් දෝෂ සමන අවස්ථාවකදී රෝගියාගේ ස්වභාවය හා රෝගයේ අවස්ථාව අනුව වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලබන ප්‍රතිකාරයකි .
රක්ත මෝක්ෂණය ප්‍රධාන ආකාර කීපයක් තිබුණද කූඩැල්ලන් යොදා කරන රක්ත මෝක්ෂණය බහුලවම භාවිත වන්නකි .මෙහිදී විෂ රහිත විශේෂිත කූඩැල්ලන් මගින් රුධිරය උරා බීමක් සිදු කරවා සිදු කරවා ස්ථානිකව අපිරිසිදු රුධිරය ඉවත් කිරීමක් සිදු කරයි .මෙම ප්‍රතිකාරය සමගම සමඟම ස්ථානිකව රුධිර නාල ශක්තිමත් කිරීමට ,රුධිර නාල වල වන කපාට ශක්තිමත් කිරීමට හා අවට මාංශ පේශිවල ශක්තිමත් ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම අපේක්ෂා කරයි .මෙහිදී ප්‍රධානවම ස්ථානිකව රැස්වී පවතින අපිරිසිදු රුධිරය සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුයි .එය නිසි ලෙස සිදු නොවූ විට නැවත නැවත නහර ගැටගැසීම් ඇති වේ .කූඩලු ප්‍රතිකාරය වර්තමානයේ පර්යේෂණවලින් පවා සාර්ථක බව ඔප්පු කර ඇති ප්‍රතිකාර ක්රමයකි .
මීට අමතරව නහර ගැට ගැසුණු ස්ථානවල ස්ථානික හා ආලේපන වර්ග කිහිපයක් ද මේ සමග දක්වමි .
* දාස්පෙතියා දළු අමු කහ කැබැල්ලක් සමඟ ඇල් දියෙන් අඹරා ආලේප කර වෙලා තැබීම.
* අක්කපාන කොළ එළඟි තෙලින් අඹරා ස්ථානිකව ලේප කිරීම.
* ස්ථානිකව කොහොඹ දළු අමු කහ නිදිකුම්බා තැම්බූ වතුරෙන් මඳ උණුසුමින් පාද තැවිම සිදු කිරීම.
මෙකී ප්‍රතිකාර ක්‍රම වුවද නිසි පරිදි වෛද්‍ය උපදේශයක් මත රෝගයේ ස්වභාවය හා රෝගියාගේ ස්වභාවය අනුව යොදාගත යුතු බව ද සිහි කළ යුත්තකි .
පථ්‍ය අපථ්‍ය දේ
ආයුර්වේදීයව රෝගයක් සුව වීම සඳහා ආහාර විහරණ ඖෂධ යන තුනෙහිම ප්‍රවේශම් සහගත වීම වැදගත්ය .එම නිසා නහර ගැටගැසීමේ රෝගයට හේතු කාරණා වන කාරණා වලින් ඈත්වීම විය යුතුය .
1. නිසි පරිදි ආහාර පාලනය තුළින් තරබාරු බව අඩු කිරීම.
2. මාංශපේෂි තද වන ආකාර ඇඳුම් පැළඳුම් භාවිතයෙන් වැළකීම.
3. නිරන්තර සම්බාහනය කිරීම.
4. එක තැනක වාඩි වී නොසිට නිතර වියායාම ක්‍රමවල ක්‍රම වල නිරත වීම.
5. උෂ්නාධික පිත් කෝප කර ආහාරපාන භාවිතය අවම කිරීම හෝ වැලකීම.
මේ ආකාරයට නහර ගැට ගැසීම හෙවත් ශිරා ග්‍රන්ථි රෝගය සුළු රෝගී අවස්ථාවක් සේ සලකා ප්‍රතිකාර නොකර සිටීම නුසුදුසුය ;එහෙයින් ජීවිත අවදානමක් ද ඇති නිසාය .මෙහි දී ශ්‍රී දී ශ්‍රී ලංකා වල රුධිරය දිගින් දිගටම එක්රැස් වී රුධිර කැටි (blood clot) ඇතිවීම සිදු සිදුවිණ අතර මෙවැනි රුධිර කැටියක් රුධිර නාල ඔස්සේ ගලා ගොස් මොළයට රුධිර සපයන නාලයක සිරවීමෙන් ආඝාතය වැනි දරුණු රෝගී තත්ත්වයන්ට ද පත් විය හැක .එම නිසා නිසි අවස්ථාවේදී හඳුනා ගෙන සුදුසුකම්ලත් සුදුසු ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙත යොමු වීමෙන් ශිරා ගන්ථි යන රෝගී තත්ත්වය නිට්ටාවටම සුවකර ගත හැකි ය.
කාර්යභාර වෛද්‍ය නිලධාරි
වෛද්‍ය බි.එන්. අබේසේකර
ග්‍රාමීය ආයුර්වේද රෝහල බතලයාය .